ආත් අම්මාගේ පාඩම 196...........අපිව මුනගැස්වූ වෛද්‍යවරයා තාත්තාගේ යහලුවෙක් විය. ඔහු අපේ දෙවෙනි දින උත්සවයට පැමිණ සිටි බව ඔහු දකිනවිට මතක් විය.....සුරන්ජිත් ඔහුට ඩොක්ට අන්කල් යනුවෙන් පැවසීම නිසා ඔහු මේ පවුල සමග ළඟින් ඇසුරුකරන බව තේරුනි.....දැන් මොකක්ද ප්‍රශ්නෙ ....ඔහු සුරන්ජිත්ගෙන් ඉංග්‍රීසියෙන් ඇසුවේය....ඔහු ඉංග්‍රිසියෙන්ම විස්තර කරන්ට විය.....ඉන්පසු ඔහු මගෙන් ප්‍රශ්න කිහිපයක් ඉංග්‍රීසියෙන් අසන්ට විය. මේවනවිට මට තරමක් දුරට ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට හැකියාව ලැබී තිබුනි....මා හැකි අයුරින් උත්තර දුන්නත් සමහර වෛද්‍යවිද්‍යාත්මක වචන නොදැන සිටීම ගැටලුවක් විය. සුරන්ජිත් ඒවා හරිගස්සමින් කතාකරන්ට විය. ඉන් අනතුරුව ඔහු මාව පරීක්ෂා කරන්ට විය. මගේ කුස මිරිකමින් පරීකෂා කිරීමෙන් අනතුරුව මගේ ඉනෙන් පහලට රෙද්දක් එලූ ඔහු කුමක්දෝ උපකරනයක් ඇතුලු කල බව තේරුනි....ටික වේලාවක් පරීක්ෂා කල ඔහු.....පේන්න නම් මොකුත් ගැටලුවක් නෑ.....ස්කෑන් එකක් කරල බලමු.....කී ඔහු මාව ස්කෑන් පරීක්ෂණයකට යොමුකලේය......එම ස්කෑන් පරීක්ෂණය ඔහු විසින්ම සිදු කරන්ට විය.....මම කොල්ලෙක් වෙලා හිටිය හින්ද මොනව හරි අඩුවක් තියෙනවද දන්නෙ නැ....ඔහු මගේ කුස මතුපිට උපකරනයක් තබමින් මොනිටරය දෙස බලනු දුටු මා සිතුවෙමි.....සුරන්ජිත්ද මා අසල කුතුහලයෙන් යුතුව බලාගෙන සිටියේය....ඔහු උපකරනය නොයෙක් ස්ථානවල තබමින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව.....සුරන්ජිත් දෙස බලා....ප්රශ්නය පේන්නෙ නෑ පුතා....සිනාවෙමින් කීවේය.....එහෙනම් මමත් අනිත් අය වගේම ගෑනියෙක්....අනේ මාව මේවගෙ අංගසම්පූරන ගෑනියෙක් කලාට ආත් අම්මටයි...කට්ටඩි අංකල්ටයි පින්දෙන්න ඕනැ.....මා සතුටින් යුතුව කල්පනා කලෙමි.....සුරන්ජිත් මගේ අත ආදරයෙන් අල්ලා සතුටු සිනාවක් පලකලේය.....මේ දුව ගෙනම් වරදක් පේන්නෙ නෑ.... මට පුතාගෙ ස්පර්ම්ස් පරීක්ෂා කරල බලන්න ඔනැ .....ඔහු ඉංග්‍රීසියෙන් කීවේය.
මම කිව්ව නේද මගේ දුවට කිසිම ගැටලුවක් නෑ කියල....අපි ගෙදර ගොස් විස්තර පවසනවිට අම්මා සතුටින් කීවාය...සුරන්ජිත්ගෙ රිපෝට් එක ආවහම මොකක්ද ගැටලුව කියල හරියටම කියන්න පුලුවන්වෙයි....මා පැවසුවෙමි.....දිනකින් පමන සුරන්ජිත්ගේ වාර්තාව ලැබුනු බවත් එහි ගැටලුවක් නොමැති බවත් තාත්තා දුරකතනයෙන් කතා කර පැවසූ බව අපි සේවය කරන කාර්යාලයේදී සුරන්ජිත් මා සමඟ පැවසුවේය....මොකක්ද දැන් අපිට තියෙන ප්‍රශ්නෙ ....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි....මටත් හිතාගන්න බෑ චතුරිකා අපි තව ටිකක් බලමුකො.....ඔහු පැවසුවේය.
ඔයාල හිත කලබල කරගන්න එපා නංගි. ඔහොම ඒව වෙනව....ඉදල ඉදල එක පාරට හම්බවෙනව....ඒ හින්ද ඉවසගෙන ඉන්න.....නයෝමි අක්කා පැවසුවාය....ඒක තමයි දුවේ මාත් මේ කියන්නෙ ඕව ගැන කල්පනා නොකර සතුටින් ඉන්න කියල...අම්මා පැවසුවාය......අපි මේ ගැටලුව අමතක කරමින් අපේ රාජකාරී කටයුතුවල නිරත්වූ අතර සමාජ සේවා කටයුතුද කරගෙන යන්ට වුනෙමු. එහෙත් මගේ පුංචි අම්මා නැන්දා සහ සුරන්ජිත් ගේ නෑදෑයන් දරුවන් ගැන අසන විට මට ඒවාට දීමට උත්තර නොමැතිවිය......බබාල හම්බවෙන එක කල්දාන්න කියල.... දුව එහෙම ඔය එක එක පෙති වර්ග එහෙම ගන්න එපා ....අන්තිමට....දරුවො නැතිම වෙයි.....දිනක් නැන්දා...පවසනවිට මට ඇය ගැන තරහක් මෙන්ම දුකක්ද ඇතිවිය....බලන්නකො සුරන්ජිත් අපිට දරුවො නැති එක ගැන අපේම ගෙදර අයට නැති අමාරුවක්නෙ.....අනිත් අයට තියෙන්නෙ......මා සුරන්ජිත් ට කීවෙමි.....ඔහොම තමා චතුරිකා මිනිස්සුන්ගෙ හැටි....ඔයා ඕව ගනන් ගන්න එපා....ඔහු මාව තුරුලට ගෙන මගේ හිස අතගාමින් කිවේය....
මේ අතර අපි විශාල පුන්‍ය කටයුත්තක් ආරම්භ කරතිබුනි.....අම්පාර පලාතේ ගමක පිහිටි විහාරස්ථානයක් විය....එම පන්සල ගැන අපිට පැවසුවේ අප ආයතනයේ සේවය කරන සේවක මහතෙක්විසිනි. අපි ඔහු සමග එම පන්සලට ගියෙමු....ඔහු පැවසූ පරිදිම එහි තිබුනේ කුඩා ආවාස ගෙයකි.....පැරනි බෝදියක් වටා ගරා වැටුනු තාප්පයක් තිබුනු අතර මල් පූජාකිරීමට තිබුනේ ගල්වලින් තැනූ ලෑල්ලකි.....අපි එහි වැඩවසන ස්වාමීන් වහන්සේව මුන ගැසුනු පසු උන්වහන්සේට වැද පැදුරක් එලා වාඩිවුනෙමු.....මෙහෙ ඉන්න ගොඩක් අය ජීවත්වෙන්නෙ ගොවිතැන් කරල....අපිට දානෙනම් අඩු නැතුව හම්බවෙනව ඒත් මහත්තය.......මේ අහිංසක මිනිස්සුන්ට සිල්ගන්න බනක් භාවනාවක් කරන්න ධර්ම ශාලාවක් නෑ.......බලන්න අතන තියෙන මඩුවෙ තමයි ඔක්කොම කරන්නෙ.. ....හරි අපහසුවෙන් තමා ඕකෙ ඉන්නෙ.....මේ ව්හාරස්තානයට තව ගොඩක් අඩුපාඩු තියනව තමා.... මහත්තය....ඒත් ඔක්කොටම ඉස්සෙල්ල තියෙන්න ඕනැ.... එන අයට ඉන්න තැනක්..... පැවසූ වුන්වහන්සේ අපිව ධර්ම ශාලාව දෙසට එක්ක යන්ට විය.....එය කනුහිටවා පොලතු සෙවිලිකල බන මඩුවක් විය වටේට කටුමැටි ගැසූ තාප්ප්යකින් වටකර තිබුනු අතර පොලවට මැටි තවරා තිබුනි.....උපාසක අම්මල සිල්ගත්තම රෑටත් මේකෙ තමා ඉන්නෙ සත්තු සර්පයොත් එනව මහත්තය.....මේක හොදට හදන්න බඩුවලට විතරක් ලක්ශ දහයක් පහලොවක් යනව.....බඩු තිබුනොත් මේ ගමේ අය ඉදිරිපත්වෙලා මේක හදා ගනියි.....උන්වහන්සේ පවසන්ට විය......මේ නෝනටයි මහත්තයටයි පුලුවන්නම් පුලුවන් උදව්වක් කරන්න.....ඒක ලොකූ පින්කමක් මහත්ත්යෝ.....උන්වහන්සේ පැවසුවේය.....මේක හදන්න පටන්ගන්න අපේ හාමුදුරුවනේ....අපි මුදල් දෙන්නම්.....සුරන්ජිත් පොරොන්දුවිය.....ඒක බොහොම හොද වැඩක් මහත්තය....එහෙනම් මම මේකට යන බඩුවල වියදම් බලල දන්වන්නම්.....එදා ස්වාමීන් වහන්සේ පොරොන්දු වූ පරිදි එයට ලක්ශ පහලවක පමන මුදලක් වියදම් වන බව දන්වා එවා තිබුනි.....මගේ ආදායමින් ලක්ෂ පහක් ද...සුරන්ජිත් සහ අම්මා ලක්ෂ පහ බැගින් දමා පන්සලටට යැවුවෙමු.....මේ වෙනවිට එම දර්ම ශාලාව සාදා නිමවා ඇති බවත් එය විවුර්ත කිරීම ලබන ඉරුදින යොදාගෙන ඇති බවත් අපිට දන්වා එවාතිබුනි..... .
No comments:
Post a Comment