වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 18............වසන්තිටනම් යාලුවො ටිකක් සෙට්වෙලා වගේ.....මා ළඟට පීනගෙන ආව වික්‍රම ඇහුව.....අපි වසන්ති අක්කට කිව්ව අයියෙ අපිත් එක්ක හිටියම අයිය තරහ වෙයි කියල.....නංගි කෙනෙක් වික්‍රමට කිව්ව......ඒකට මොකද....වසන්ති අක්කටත් සෙල්ලම් කරන්න ඔයාල වගේ නංගිල නෑනෙ.....පැවසුව ඔහු අපි ළඟින් ඈතට පිහිනගෙන ගියා......වික්‍රම එහෙම කිව්වම නංගිලාට දුක හිතිලද කොහේද ඔක්කොම එක්ක මාව බදාගත්ත.....මොකද ලමයිනේ කරන්නේ ඔය අක්කට නිදහසේ නාගන්න දෙන්න.... නාමින් හිටිය වයස පනහක විතර ගෑණු කෙනෙක් තරහෙන් වගේ කියනව ඇහුන...නෑ ඇන්ටී අපි මේ අක්කත් එක්ක සෙල්ලම කරනවා.....එක්කෙනෙක් කිව්ව.....කමක් නෑ ඇන්ටී.....නංගිල සෙල්ලමටනෙ....කිව්ව මම එයාල දිහාට වතුර ගැහුව.....දැන් දවල් වෙලා කෑමට යමු නේද...වික්‍රම කතාකලා....සුරංගනාවියන් වගේ මාව වටකරගෙන ඉන්න නංගිලාව දාල ගොඩට එන්න මට දුක හිතුන.....මට මතක්වුනා සුරංගනා කතාවල පුංචි සුරංගවියො වටකරගෙන ඉන්න ලස්සන සුරංගනාවිය. මමත් දැන් ඒවගේ සුරංගනාවියක්ද......මට හිතුන..... අක්ක යනවද.... එක්කෙනෙක් දුකෙන් වගේ ඇහුව.....තව චුට්ටක් ඉන්න අක්කෙ අපිත් තව පොඩ්ඩකින් ගොඩට යනව....තව නංගි කෙනෙක් කිව්ව.....තව පොඩ්ඩක් මෙයාල එක්ක ඉදල එන්නම් ඔයා ගිහින් ඇදුන් මාරු කරගන්න වික්‍රම .....මම කිව්ව. මම ගොඩක් මේවගෙ පිහිනුම් තටාක වල නාල තිබුනට අදවගේ සතුටින් සැහැලුවෙන් නෑව දවසක් මගෙ සිතට ආවෙ නෑ. ඒකට හේතුව මේ දඟකාර ලස්සන නංගිල ටික හින්දයි කියල මට හිතුන. නංගිලාට මාව නැතුව බැරිවෙලා... මටත් දැන් නංගිලා නැතුව බෑ වගේ.....මම ඔව්න් සමග සෙල්ලම් කරමින් කල්පනා කලා....ටික වෙලවකින් ඔවුන් ගොඩට යනකොට මාත් ගොඩට ගියා.....නංගිලත් එක්ක ඇදුන් මාරුකරන කාමරේට ගිය මම නාන ඇදුම් ගලවල අපේ කාමරේට යන්න සාමාන්‍යය විදියට ඇදගත්ත....අපේ කාමරේ ඇදුම් ටික තියෙන්නෙ....ඒ හින්ද මේ විදියට ඇන්දෙ.....මම ඇඳුන් මාරුකරන ගමන් නංගිලාට කිව්ව. ඔවුන් එකිනෙකාට විහිලු කරගනිමින් ඇදුන් මාරුකර ගත්ත........අක්කල දැන්ම ගෙදර යනවද....නංගි කෙනෙක් ඇහුව...නෑ නංගි කාමරෙට ගිහින් හොද ඇදුමක් ඇදගෙන ඇවිත් කෑම කාල හවස් වෙලා යන්නෙ....මම කිව්වම....අපිත් එහෙම තමයි නේද පියුමි.....ඇය යෙහෙලියෙක් අමතා කීවාය.....
මම කාමරේට යනකොට වික්‍රම ඇදුම් මාරුකරගෙන ඇදේ ඇලවිලා හිටිය.....සොරි වික්‍රම මම පරක්කු වුනාට....මම කිව්ව.....ඒකටනම් ප්‍රශ්නයක් නෑ....මම මේ කල්පනා කලේ....මගෙ මහන්සියෙන් වැඩක් තියෙනවද කියල.....ඔහු කිව්ව....ඒ මොකක්ද....මම පුදුමයෙන් වගේ ඇහුව....මම මේ දවස්වල ගොඩක් මහන්සිවෙන්නෙ ඔයා වෙනුවෙන්නෙ.....මට අද තෙරුනා මොකටද මම මේතරම් මහන්සි වෙන්නෙ කියල.....ඔහු කිව්ව...අනේ සොරි වික්‍රම.... මට ඒ නංගිලත් එක්ක සෙල්ලම් කරන්න ආශ හිතුන ඒකයි එයාල එක්ක හිටියෙ....නැතුව ඔයාව මග හැරල ගියා නෙවෙයි.....මම බයෙන් වගේ කිව්ව.....ඒක ගැන නෙවෙයි ලමයො මම කිව්වෙ.....එහෙනම් ....මම ප්රශ්නාර්තව ඇහුව.....මම දැක්ක ඔයා අද ගොඩාක් සන්තෝස වෙනව....ඔයයි මමයි ආස්සරේ කරන්න පටන් ගත්තෙ අපි ස්කෝලෙ යන කාලෙ ඉදම්මනෙ...ඒත් මම දැක්කෙ නෑ ඔයා අද තරම් සතුටින් හිටිය දවසක්.....කිව්ව ඔහු....ඔයාට මතකනම් කියන්න බලන්න වසන්ති.... ඔයා අද තරම් සතුටුවුන දවසක්......ඔහු ඇහුව....අනේ මන්ද.....මම ටිකක් කල්පනා කරල එහෙම දවසක් මතකයට ආපු නැති හින්ද කිව්ව......ඒකනෙ බබෝ මාත් කියන්නෙ.....ඔහු කිව්ව.....එහෙනම් ඔයා මම වෙනුවෙන් මහන්සිවෙලා වැඩ නෑ කියල කිව්වෙ මොකද....මම ඇහුව.....ඇයි මම ඔයාගෙ ඔය සතුට නැති කරන්නෙ....ඔහු එයට පිලිතුරුවශයෙන් ඇහුව....ඔයා මට සලකන කොට කොහොමද මගේ සතුට නැති වෙන්නෙ.....මම අදත් මේවගේ සතුටු වෙන්නෙ ඔයා හින්දනෙ.....මම පැවසුව. ....මට හිතෙනව වසන්තී... ඔයා මේතරම් සතුටින් ඉන්නෙ ඔයා කෙල්ලෙක් උනාට පස්සෙ කියල.......ඇයි මම ඔයාගෙ ඒ සතුට වලක්වන්නෙ......මම මහන්සිවෙලා කොහොමහරි ඒබේත හොයා ගෙන ඒ බේත ඔයාට දුන්න කියමුකො ඊටපස්සෙ ඔයාව අයෙත් පිරිමියෙක් වෙයි.....ඒකට මම මේදවස්වල කොයි තරම් මහන්සි වෙනවද කියල ඔයා දන්නවද.....ඔයාට කෙල්ලෙක් වෙලා මේතරම් සතුටින් ඉන්න පුලුවන්නම් ඇයි මම මේ බෙහෙත හොයාගන්න මේතරම් මහන්සි වෙන්නෙ..... කෙනෙකුගෙ ගැහැනු පිරිමි කම නෙවෙයි වසන්ති වටින්නෙ හිතේ සතුට... සන්තුෂ්ඨි පරමං ධනං.....ඒ කියන්නෙ සතුට පරම ධනයයි කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ ඒකයි.
No comments:
Post a Comment