වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 4......................මට හිතෙන්නෙ වික්‍රම කසාද බඳින්නෙ නැති එක හරි.....ගෑනු කියන්නෙ කිසිම විශ්වාසයක් නැති අය.....මටත් දැන් කසාද තියා ගෑනුත් එක්ක කතාකරන්නවත් එපා වුනා.....මම වික්‍රම දිහා බලාගෙන කල්පනාකලා.
මේවිදියට මාස කීපයක් ගතවුනා. දවසක් මම බීම එකක් බොන්න හිතාගෙන කුස්සියෙ තිබුන සීතකරනය ඇරල බැලුවම පොඩි බෝතලයක දාල තිබුනු බීම වර්ගයක් දැක්ක.ඒත් ඒ බෝතලේ මම දැම්ම එකක් නෙවෙයි.....වික්‍රම බීම එකක් හදල මේකෙ දාලවගේ...සිතුව මම...ඒක අතට අරගෙන බැලුව....කහපාටට පෙනුන ඒ බීම වර්ගයෙන් ටිකක් දිව ගාල බැලුව....පැනි රසක් දැනුන හින්ද ඒ ටික බීගෙන් බීගෙන ගියා.....තිබහ නිවුන මම රාත්‍රී ආහාරය පිලියෙල කරන්න පටන්ගත්ත...මචන් මම අද අලුත් සොයාගැනිමක් කලා....අපි රෑකෑම ගන්න අතරෙ වික්‍රම සතුටින් කිව්ව....ඒ මොකක්ද.....මම ඇහුව.....අපේ ඇගේ තියෙනවනෙ ක්‍රෝමසෝම කියන දෙයක් ඒව වෙනස් කරන්න පුලුවන්......ඔහු සිනාසෙමින් කිව්ව.....ඉතින් ඕව වෙනස්වුනා කියල වැඩක් තියෙනවද.....මම ඇහුව.....උබට ඕව තේරෙන්නෙ නෑ බන්.....ඒක ලොකු සොයාගැනීමක්....ඔහු ආඩම්බරයෙන් කිව්ව.....වික්‍රම මොනව හොයාගත්ත කිව්වත් මට එයා කියන ඒව තේරෙන්නෙ නැති හින්ද තේරුනා වගේ හූමිටි තිය තියා අහගෙන හිටිය.
මචන් මම ඒ පෝමියුලා එක හදල ප්‍රිජ් එකට දැම්ම....මොකද ඒක සෙන්ටිග්‍රේඩ් විස්සට පහලින් තියන්න ඕනැ.....කිව්ව ඔහු කෑම කාල ඉවරවෙලා අත හෝදගෙන.....කවදාවත් නැතුව කුස්සියට ගිහින් සීතකරනය ඇරිය.....එයා මොකක්ද හොයනව මම බලාගෙන හිටිය......මම එතෙන්ට ගියා....කෝබන් මේකෙ දාල තිබුන පොඩි බෝතලේ....උබ ඒක කොහෙන් හරි අරන්තිබද......අර කහපාට බීම වර්ගයක් දාල තිබුන බෝතලේද.... මම ඇහුව.....අන්න හරි ඒක තමයි.....ඔහු කිව්ව.....මචන් ඒ බීම එක මාර රසයි බන්....මොනවයෙන්ද හැදුවෙ......මම ඇහුව.....මම එහෙම ඇහුවම එයා මාදිහා පුදුමයෙන් බලල ....උබ ඒක බිව්වද.....ඔලුවෙ අතගහගෙන ඇහුව.....ඉතින් උබට තව බීම එකක් හදාගෙන බොන්න පුලුවන්නෙ....ඕකට හිත අවුල්කරගන්න දෙයක් නෑනෙ......මම කිව්ව.....ඒක බීම එකක් නෙවෙයි බන් මම අලුතින් හොයාගත්ත පෝමියුලා එක.....ඒකෙ තිබිනෙ ඒ මිශ්‍රනය.....ඒක බීම එකක් නෙවෙයිද....බියට පත්වී ඇහුව මම මචන් මට මොකක් හරි වෙයිද.....ඇහුව......මගෙ ලැබ් එකේ ප්‍රිජ් එක කැඩිල හින්ද මේකෙ දැම්මෙ....මම හිතුවෙ නෑනෙ උබ කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව ඕක බොයි කියල....ඔහු මට දොස් කියන්ට වුනා......සොරි මචන් ....දැන් මොකද කරන්නෙ....මට මොනව හරි වෙයිද....මා කලබලයෙන් වගේ ඇහුව.....ඕක තාම ටෙස්ට් කරලත් නෑ බන්.... මොකද වෙන්නෙ කියල බලමු.....ඔහු කිව්වම මට තවත් බය හිතුන....මචන් මාව මැරෙයිද බන්.....මම බයෙන් ඇහුව.....මැරෙන්නෙනම් නෑ.....ඒත් මොකද වෙන්නෙ කියල බලමු.....ඔහු කිව්ව.
පහුවදා නැගිට්ටට පස්සෙ මට මොනවහරි වෙලා තියෙනවද කියල බැලුව. ඒත් කිසි දෙයක් වෙලා තිබුනෙ නෑ....උදෙන් උයල කෑමත් අරගෙන වැඩට ගියා.....මේ වික්‍රමගේ පිස්සු වැඩ හින්ද තව පොඩ්ඩෙන් මාත් බය වෙනව....මෙයා දැන් කොච්චර කාලෙක ඉදන් අලුත් දේවල් හොයනවද ඒත් තාම බැරිවුනානෙ.....මේකත් ඒවගෙ එකක් තමා.....එයා කිව්ව වගේ මට මොනව හරි වෙන්න එපායෑ.....කෝ මට මොකුත් වෙලා නැනෙ.....මම කල්පනා කලා.
කෝබන් මට මොකුත් වෙලා නැනෙ....හවස වික්‍රම ගෙදර ආවහම ඇනුම් පදයක් විදියට කිව්ව......මේ වැඩෙත් හරියන්නෙ නැද්ද දන්නෙ නෑ බන්....ඔහු දුකෙන්වගේ කිව්ව.....හැබැයි ඒ බීම එකනම් මාර රසයි.....අපි ඒ බීම එක හදල වෙලද පොලට දාමු හොද ඉල්ලුමක් තියෙයි......මම ඔහුට විහිලු කලා....මම ඔය පෝමියුලා එක හොයාගත්තෙ බොහොම අමාරුවෙන් ....උඹ ඒක විහිලුවට ගත්තද.....ඔහු තරහෙන් වගේ කිව්වම.....සොරි මචන්.. කිව්ව මම ඔහුගෙන් සමාව ගත්ත.ඊට පස්සෙ මම එයා කරන පරීක්ෂණ වලට මම විහිලු කරන්න ගියෙ නෑ.
No comments:
Post a Comment