ආත් අම්මාගේ පාඩම 180.............නැන්ද ඔයාට කිව්ව නේද පෝරුව අවසානයේ දුන්න සුදු රෙද්ද ඔයාගේ බෑක් එකට දාගන්න කියල....ඒ ඇයි දන්නවද......නයෝමි අක්කා ඇසුවාය....නැන්දා එය බෑගයට දානවා යනුවෙන් පැවසුවද එයට හේතුව මා මෙතෙක් දැනසිටියේ නැත....ඇත්තටම දන්නෙ නෑ අක්කෙ.....මා ඇයදෙස ගැටලුසහගත ලෙස බලා ඇසුවාය......ඔය රෙද්ද ඔයාල නිදගන්න ඇදට එලාගන්න....ඔයාගෙ කන්යා පටලෙ ඉරුනාම එතැනින් රුධිරය පිටවෙනව ඒව ගෑවෙන්න තමයි ඔය රෙදි කෑල්ල දාන්නෙ. ලේ ආව කියල බයවෙන්න එපා ඒක ටිකකින් නවතිනව.....ඔය වෙලාවට ඕව තේරෙන්නෙත් නෑ නංගි .....ඇය සිනාසෙමින් පැවසුවාය....අම්මෝ.....අක්ක කියනවිදියට කෙල්ලෙක් උනාම මේවෙලාවට කොච්චර දුක් විදින්න වෙනවද...මම නිමල් වෙලා හිටියනම්......කිසි ගැටලුවක් නෑනෙ.....කිසිබයක් නැතුව සතුටුවෙන්න තිබුන...හ.. මා ඇය පැවසූ දේවල් සම්භන්දව බියෙන් මෙන් කල්පනා කරන්ටවුනෙමි...මොකද කල්පනාකරන්නෙ මම කියපු දේවල් වලට බය හිතුනද....පැවසූ නයෝමි අක්කා....බයවෙන්න එපා කෙල්ලෙ...... ඕව හිත හිතා ඉන්නෙ නැතුව ඔයාල හොදට සතුටුවෙන්න. එතකොට කිසිදෙයක් තේරෙන්නෙ නෑ .....ඇය මගේ බිය තුරන්කරමින් පැවසුවාය.
අද දිනඩ් මට ගීත කිහිපයක් ගැයීමට සිදුවිය. මගේ නැදැයන් මට හොදින් ගීගැයීමට හැකිබව දැන ගත්තේ ඉන්පසුය. අපි පිටවී යනවිට අක්කට මෙන් කිසිවෙක් මා වෙනුවෙන් අඩන බවක් නොපෙනුනි.....අම්මා සහ අක්කා ඉතාමත්ම සතුටින් සිටින බව දුටුවෙමි.....නැන්දා සහ පුංචි අම්මා සමග මා එතරම් ඇසුරක් නොතිබුනු නිසා ඔව්න්ටද මා ගෙදරින් ගියා කියා හැගීමක් නැත. මගේ අම්ම තාත්තා සිටියානම් අද ඔවුන් දුක්වෙනු නොඅනුමානය ඒත් ඔවුන් සිටියානම් මා තවමත් නිමල්ය.....කොල්ලො ගෙදරින් යන්නෙ නෑනෙ... ඒ හින්ද එයාල අඩන්නෙත් නෑ....ආත් අම්ම හිටියනම් සමහරවිට අඩන්න ඉඩ තිබුන...එයත් අඬනව නෙවෙයි මම එයා එපා කියද්දි ගෑනු කම තෝරගත්ත කියල තරහෙන් ඉදියි.....මා කල්පනා කරන්ට වුනෙමි.
සියලුම නෑදැයන්ගෙන් සහ යහලු යෙහෙලියන්ගෙන් සමුගත් අපි මධුසමය ගත කිරීම සඳහා මංගල රථයෙන් පිටත්වූවෙමු....අපි සමග අපේ නිවසේ පිරිස පැමිනි අතර අනිකුත් අය නිවෙස් බල යන්ට විය....අපිට මදුසමය ගත කිරීම සදහා දින පහක පමන කාලයක් තිබුණි.....පලමුවෙන්ම ගියේ බෙන්තොට පෙදෙසේ සුවිසල් හෝටලයකටය........එය මුහුද අයිනේ පිහිටා තිබුනු නිසා අමුතුම සුදරත්වයක් සිතට දැනුනි.....මා ඇද සිටි මංගල ඇදුම සහ ආභරන අක්කා ගේ සහ නයෝමි අක්කාගේ උදවුවෙන් ඉවත්කර ඔවුන්ට රැගෙන යාමට දුන්නෙමි....මම කියපුව මතක තියාගන්න ඒත් කිසිදේකට බයවෙන්න එපා නංගි...නයෝමි අක්කා මගේ මුහුන සිපගෙන සමුදෙමින් කීවාය. අපි ඔව්න්ගේ දෙපා නැමද ඔවුන්ට සමුදුන්නෙමු. ඔවුන් ආපසු ගිය පසු මා දුහුල් රෙද්දෙන් මසා තුබුනු අලුත්ම නයිට් ගවුමක් ඇදගත්තෙමි.....මේ වනවිට සුරන්ජිත් සරමකින් සහ කමිසයකින් සැරසී සිටියේය.....දැන් අපි දෙන්න විතරයි කෙල්ලේ.....ඔහු මාව දෑතට වඩාගෙන පැවසුවෙය මා ඔහුගේ ගෙල වටා අත දමා.....දැන් මාව අයිති ඔයාටයි අයියේ.....කීවෙමි....ඔහු මාව ඇද උඩින් තබා මගේ මුහුන සිපගන්ට වූවේය....අපිට දැන් රතුකට්ට පන්නන්න පිලුවන්.....ඔහු මාව සිපගනිමින් කීවේය...මේ... මේ... පොඩ්ඩක් ඉන්න ඔය රතුකට්ට පන්නන්න ඉස්සෙල්ල සුදු රෙද්දක් තියෙනව..... ඒක එලාගන්න කියල නයෝමි අක්ක කිව්ව....මා ඔහුගෙන් ඉවත්වෙමින් පැවසුවෙමි....ඔක්කොටම ඉස්සෙල්ල අපි නාගෙන ඉම්මු....නාගෙන තේ එකක් එහෙම බීල ටිකක් සැනසිල්ලෙ ඉදගෙන රතුකට්ටෙ පන්නමුකො.....ඔහුට එතරම් හදිසියක් නොමැති බව දැනගත්තේ ඔහු එසේ පවසන විටය.....එහෙනම් නාගෙන ඉම්මු නේද මටත් හරි මහන්සියි අයියෙ....මා කීවෙමි....අම්මෝ අර නිලමෙ ඇදුම ඇදගෙන ඉන්න ගියාම එපාවෙනව..කී ඔහු...ඔයාට ඔය මංගල ඇදුම ඇදගෙන ඉන්න කොට අපහසුවක් දැනුනෙ නැද්ද... ඇසුවේය....අනේ නෑ අයියෙ මමනම් හරි ආසාවෙන් ඒ ඇදුම් ඇදගෙන හිටියෙ....පැවසූ මා....ඔසරිය කියන්නෙ මගෙ ආසම ඇදුමනෙ.....කීවෙමි....ඔසරියට ඔයා හරි හැඩයි....මාත් හරි ආසයි ඔයා ඔසරිය ඇදගෙන ඉන්නව දකින්න.....ඔයා අද ගොඩාක් ලස්සනට හිටිය.....පැවසූ ඔහු මාව නැවත සිපගන්ට විය....මා කොට්ටය මත හිස තබාගෙන මාව ඇති තරම් සිපගැනීමට ඉඩදුන්නෙමි.....ඔයත් ලස්සනයි ඔයාගෙ හිතත් ලස්සනයි මගෙ කෙල්ලෙ....මේ දෙකම ලස්සන අය මේලෝකෙ හරිම අඩුයි....ඔහු පවසන්ට විය....ඔයා වෙනුවෙන් මට කෙල්ලෙක් වෙන්න වාසනාව ලැබුන.... මගෙ රත්තරන් අයියේ....මා ඔහුගේ මුහුන තදින් සිපගනිමින් පැවසුවෙමි....
ඔහු නාන කාමරය තුලට ගොස් නාගෙන නාගෙන අවසන්වූ පසු මා ද නාගෙන එම ගවුමම ඇදගත්තෙමි....මා එනවිට සුරන්ජිත් කලිසමකින් සහ ටී සර්ට් එකකින් සැරසී සිටින බව දක්නට ලැබුනි....මේ කොහේ යන්නද මා පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....ඔයත් හොද ගවුමක් දාගෙන එන්න මේ වෙලාවට මුහුද හරි ලස්සනයි පොඩ්ඩක් එලියට ගිහින් තේටිකක් බීල එමු....ඔහු පැවසුවෙය.....අලුත් ගවුමක් ඇහගත් මා ඔහු සම්ග මුහුදු වෙරලට ගොස් එහිතිබුනු ආසන වල වාඩිගත්තෙමු .....සුලු වේලාවකින් හෝටලයේ වේටර් වරයා අපිට කිරිකෝපි ගෙනත් දුන්නේය.....අපි ඒවා පානය කරමින් ආදරය ගැන සහ පරිසරයේ සුන්දරත්වය ගැන කතා කරමින් සිටියෙමු.....
No comments:
Post a Comment