Sunday, July 29, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 25...............කොහොමද වික්‍රම... බැලුව අය හොදයිද.....ඉරිදා රාත්‍රී වෙනකොට ගෙදර ආව වික්‍රමගෙන් ඇහුව....වැඩක් නෑ අනේ...ඔහු ගනනකටවත් නොගෙන කිව්ව.....ඒ මොකද.....මම ඇහුව.....මගේ හිතේ තියෙන එක්කෙනාට කිට්ටු කරන්න පුලුවන් එක්කෙනෙක් වත් එතැන හිටියෙ නෑ.....ඔහු තවදුරටත් කිව්ව....ඔයා කැමති කොයි වගේ කෙනෙක්ටද වික්‍රම..... මම ඇහුව.....මම ආදරේ කරන මම කැමති කෙනාව කවදාවත් මට ලැබෙන්නෙ නෑ වසන්ති.....ඒ හින්ද ඒ ගැන අහල වැඩක් නෑ....ඔහු දුකෙන් වගේ කිව්ව.....එතකොට ඔයා කසාද බදින්නෙ නැද්ද.....මම ඇහුව.....මම දන්නෙ නෑ වසන්ති මට ඔය ගැන කල්පනා කරල වැඩකුත් නෑ.....කිව්ව ඔහු......මට දැන් තියෙන ගැටලුව ඔය කසාද නෙවෙයි....ඔයාව ඔය උගුලෙන් ගලව ගන්න එක.....කලබලයෙන් වගේ කිව්ව ඔහු රසායනාගාරය තුලට ගියා. වික්‍රම කැමති වික්‍රම ආදරේ කරන එක්කෙනා කවුද. ඒ මම වෙන්න බැරිද....කල්පනා කල මා......ඒත් මටනම් බෑ..හැමදාම ගැනියෙක් විදියට ජීවත් වෙන්න මටනම් බෑ......මට ආයෙත් හිටපු තත්වෙට පත්වෙන්න ඕනැ.....මම හිතන්නවුනා.
                 දැන් ගෙදර ගොඩක් වැඩකරන්නෙ චිත්‍රා හින්ද මම කම්මැලි කමට එක්ක මිදුලෙ මල්වර්ග වගාකරන්න පටන්ගත්ත.දවසක් මම මල්වලට සාත්තු කරකර ඉන්න කොට ගැහැනු කෙනෙක්  අවුරුදු පහලොවක දසයක විතර ඇති ලස්සන ගැහැනු ලමකුත් එක්ක පැමිනියා. එම තැනත්තිය තරමක් තරබාරු තැනත්තියක්වූ අතර නව මෝස්තරයේ වටිනා සායකින් සහ බලවුසයකින් සැරසී සිටිනු දක්නට ලැබුනු අතර ඇගේ මුවතුල පියකරු සිනහවක් තිබුන. ඇය සමග පැමිනි තරුනියද නව විලාසිතාව්කට ගැලපෙන ගවුමකින් සැරසී සිටියා...ඩොක්ට වික්‍රම ඉන්නවද....ඇය මගෙන් ඇහුව..... එයා එනකොට පහ හය විතර වෙනව....මම කිව්ව.....එහෙනම් තව ටිකකින් එයි දැන් හතරනෙ වෙලාව....ඇය අතබැදි ඔරලෝසුව දිහා බලල කියල.....මේ ඩොක්ට වික්‍රමගෙ නෝන වෙන්න ඇති......මගෙන් ඇහුව.....මට දැන් නෑ කියන්නත් බෑ ඔව් කියන්නත් බෑ.....නෑ කිව්වොත් මාව හොරෙන් තියාගෙන ඉන්නකෙනෙක් කියල හිතයි...ඒක වික්‍රමට හොද නෑ කියල හිතුව මම.....හිසෙන් ඔව් කියල ඔලුව වැනුව.......අපි මෙච්චර කල් දන්නෙ නෑනෙ....ඩොක්ට වික්‍රමට මේ තරම් ලස්සන නෝන කෙනෙක් ඉන්නව කියල....එයා ඇක්ට් කරන්නෙනම් තනිකඩයෙක් විදියට......සිනාසෙමින් කිව්ව ඇය....ඔයානම් අපිව අදුනන්නෙ නැතුව ඇති.....මගෙ නම මැටිල්ඩා....මේ මගෙ දුව....පියුමි......අපි ඉන්නෙ අන්න අරගෙදර..අසල තුබුනු නිවසක් පෙන්නල කිව්ව ඇය.....ඔයා දන්නෙ නැති උනාට අපි අසල්වැසියො.... කිව්ව......එන්න මිසිස් මැටිල්ඩ ගේ ඇතුලට.... ඉන්පස්සෙ මම ඇයව නිවස තුලට එක්ක ගිහින් ඉදගන්න කිව්ව.....චිත්‍රා මේ නෝනලාට තේ බොන්න ලෑස්ති කරන්න.....චිත්‍රාට කිව්ව මම ඔව්න් අසලින් වාඩිවුනා.....අනේ ඇත්තට නිකමටවත් ඩොක්ට අපිට හැගෙව්වෙවත් නෑනෙ.....කසාද බැදල නෝන කෙනෙක් ඉන්නව කියල.....ඇය ඔහු කෙරෙහි අමනාපයෙන් මෙන් කිව්ව.....මිස් ගෙ නම මොකක්ද අනතුරුව ඇය ඇහුව .....වසන්ති.....මම උත්තරදුන්න.....මිස් වසන්ති.....අපි මේ ආවෙ...අපේ මේ දුවගෙ.....පහලොස්වෙනි උපන්දිනේ තියෙන්නෙ ලබන සෙනසුරාද......අපි පොඩි පාටියක් ගන්නව ඒකට ආරාධනා කරන්න ආවෙ.....අපේ පාටි එකට මිස් එන්නම ඕනැ....ඇය කිව්ව...... අපි තේබීල කතාකරකර ඉන්නකොට වික්‍රම ආව....ආ මිස් මැටිල්ඩා මොකද මේ පැත්තේ......වික්‍රම ඇයව දැක්ක හැටියෙම ඇහුව.....ඩොක්ට අපිට නිකමටවත් කිව්වෙ නෑ නෙද....ඩොක්ටට මෙච්චර ලස්සන නෝන කෙනෙක් ඉන්නව කියල.....ඇය වික්‍රමට පැවසුවා.ඔහුට කියාගන්න දෙයක් නැතුව මා දිහා බලල සිහින් සිනාවක් මුවතුල රදවාගෙන ඔහු ගේ කාමරය තුලට ගියා.සුලු වෙලාවකින් ආපසු ආව ඔහු.....ඉතින් මොකද මිස් මැටිල්ඩා මේ පැත්තෙ ආවෙ.... ඇහුව......ලබන සෙනසුරාදා අපේ මේ දුවගෙ උපන්දින පාටිය.....එදා හවසට එන්න....හැබැයි වෙනද වගේ නෝනවනම් ගෙදර තියල එන්න එපා....නෝනව එක්කගෙනම එන්න ඕනැ......ඇය කිව්ව.....ඔහු මොකුත් නොකියා හිස වනනව දැක්ක.
                  මාර උගුලකටනෙ අපිව අහුවුනේ.....ඇය ගියාට පස්සෙ වික්‍රම කිව්ව....ඒ මොකද......මම ඇහුව.....ඒ බර්ත් ඩේ පාටියට ඔයාටත් කතා කලානෙ....දැන් එයාල හිතාගෙන ඉන්නෙ අපි දෙන්න කසාද බැදල කියල...මම දැන් මොකද කරන්නෙ.....ඔහු හිසට අත තියාගෙන කිව්ව..... අපි නොගිහින් ඉම්මු එතකොට හරිනෙ.....මම කිව්ව.....එහෙම කරන එකත් හරි නෑනෙ...වසන්ති.....එයාල අපේ අසල්වැසියො....ඔහු පැවසුවා.....  .....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: