ආත් අම්මාගේ පාඩම 189...............පසුදින උදෑසනම අපි බදුල්ල බලා පිටත්වුනෙමු. එම ගමනේ දී ඉතාමත් සුන්දර ස්ථානයක් වන රාවණා ඇල්ල නැරඹීමට ලැබුණි. එම ස්ථානයේ ටික වේලාවක් ගත කල අපි බදුල්ලට ළඟා වනවිට සවස් විය. එම හෝටලයේ නාන තටාකයක් තිබුනු අතර එහි නෑමට සුරන්ජිත් යෝජනා කලේය. මෙතෙක් කල් මා මෙවැනි තටාක වලට බැස ස්නානය කර පුරුද්දක් නොතිබුනි. එදා වගේ චීත්තෙ ඇදගෙන තමා නාන්න වෙන්නෙ.....මා කීවෙමි....එයට සිනාසුනු ඔහු....ස්විමින් ෆූල් වල නාන කොට ඒව ඇදගෙන නාන්නෙ නෑ ...ඒවට අදින්න වෙනම ඇදුම් තියෙනව.....අර ගෑණු ළමයි කට්ටියක් ඇඳගෙන ඉන්නෙ අන්න ඒව.....සුරන්ජිත් ඔවුන්ව පෙන්වා කීවේය.....ඕවගෙ ඇදුම්... ශික්....මට එපා... ඔක්කොම එලියෙ....ලැජ්ජාවෙ බෑ...මා කීවෙමි.....ගැහැනු අය මේවයෙ නාන කොට ඔහොම තමයි නාන්න ඕනැ....නැතුව නාන්න දෙන්නෙ නෑ.....ඔහු කී විට අනේ එහෙනම් මට බෑ.....මා පැවසුවෙමි.....එහෙනම් කලිසමක් අරන්දෙන්නම් ඒක ඇදන් නාන්න..ඒකට උඩින් බලවුස් එකක් ඇන්දම හරිනෙ....ඔහු කීවෙය...මට බෑ කලිසම් අදින්න....මාකී විට ටික වෙලාවක් කල්පනා කල ඔහු....ඇන්දම සාය වගේ පේන ඒව තියෙනව නේද ඒකට කැමතිද....කලිසමක් වගේ නැතුව සායක් වගේ පේනවනම් කමක් නෑ.....මා කීවෙමි.....අපි එවැනි ඇදුමක් හොයමින් බදුල්ල නගරයේ සාප්පු කිහිපයකට ගියෙමු....අවසානයේ එවැනි එකක් හමුවිය...හෝටලයට පැමිනි මා එය ඇද බැලිවෙමි...එහි කකුල් අතර එකට මූට්ටුකර තිබුනත් සායක් මෙන් දිස්විය....මා එයද එයට උඩින් විනිවිද නොපෙනෙන බලවුසයක් ද ඇදගත්තෙමි....පිරිමින් නාන විට අදින කලිසමක් ඇදගත් සුරන්ජිත් මා සමග තටාකයට බසින්ට විය.....ඔයාට පීනන්න පුලුවන්ද ඔහු ඇසුවේය....පුලුවන් ඒත් ගොඩක් කාලෙකින් පීනුවෙ නෑ.....මා එසේ පැවසුවේ නිමල් ලෙස සිටි දිනවල වැවුවල සහ ඇලවල පිහිනා පුරුදු බැවිනි. එහෙත් මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු පිහිනා නොතිබුනු නිසා හිතට බියක් ඇතිවිය.....සුරන්ජිත් මාව අතහැර පිහිනීමට පටන්ගත්තේය....ඔහු පලපුරුදු පුහිනුම් කරුවෙකු ලෙස පිහිනා යනු ප්‍රීතියෙන් යුතුව බලා සිටියෙමි...එන්න ඔහු මට අඩගැසුවේය....මා බයෙන් මෙන් පිහිනීමට පටන් ගත්තෙමි.....පුදුමයකට මෙන් මට පෙර මෙන් පිහිනීමට හැකි බව තේරුනි. මා පිහිනාගෙන ගොස් ඔහුව බදාගත්තෙමි. පීනන්න බෑ කිව්වෙ බොරුනෙ ඔය පීනුවෙ අගේට ....ඔහු මාව බදාගෙන පැවසුවේය.....ගොඩ කාලෙකින් හින්ද ටිකක් බය හිතුන මා කීවෙමි.....අපි දෙදෙනා පිහිනමින් සහ වතුර ගසා ගිනිමින් සෑහෙන වේලාවක් විනෝදයෙන් ගතකර ගොඩට පැමිනියෙමු.
හෝටල් කාමරය තුලට ගිය අපි ඇදුම් මාරුකරගෙන....නැවත එලියට ගොස් අවට සිරි නැරඹන්ට වුනෙමු.....ඒ අතර තුර ඔහුගේ දුරකතනය නාද විය....ඔව් අක්කෙ බදුල්ලට ආව.....අනිද්ද උදෙන්ම පිටත්වෙනව.....ඔව් අක්කෙ තාත්තට කියන්න.....මට ඇසුනේ ඔහු කතා කරන හඩ පමනි.....මගෙ ලගම ඉන්නව අක්කෙ දෙන්නම්....ඔහු මට දුරකතනය දුන්නේය.....අක්කේ...සතුටින් කී මා....අපි දැන් බදුල්ලෙ හෝටලේක ඉන්නෙ....මා කීවිට.....කොහොමද හොදයිද.....ඇසුවාය....ශෝක් තැන අක්කෙ.....අපි ස්වීමින් පූල් එකේ නාල දැන් එලියට වෙලා ඉන්නව....මා කීවෙමි.....මොනව කලත් කමක් නෑ ආයෙත් සෙම වැඩිවෙයි පරිස්සම් වෙන්න.....ඇය කීවාය....අපේ අම්මට ඔයත් එක්ක කතාකරන්න ඕනැලු.....කී ඇය අම්මාට දුරකතනය දුන්නාය.....කොහොමද මගේ සුදු දුවේ....ඇය ආදරයෙන් කතා කලේය....හොදින් ඉන්නව අම්මෙ.....මා කිවිට ඔයාට ආයෙත් සෙම වැඩිවුනාද.....ඇසුවාය.....එහෙම එකක් නෑ අම්මෙ....මේ අක්ක කියනව ඇහුන ...සෙම හදාගන්න එපා කියල ඒකයි ඇහුවෙ.....ආ ඒ අපි මෙහෙ ස්වීමින් ෆූල් එකේ නෑවනෙ අම්මෙ....ඒකයි අක්ක කියන්න ඇත්තෙ.....ඔය මම කිව්වෙ ...අපේ පොඩි පුතාට මම කියන දේ තේරෙන්නෙ නෑනෙ....පුතාට පෝන් එක දෙන්න.....ඇය සැරෙන් මෙන් කීවාය.....මා ඔහුගේ අතට එය දුන්නෙමි.....ඇය කියන දේ අසාගෙන සිටි ඔහු.......එහෙම එකක් නෑ අම්මෙ.....එයා හොදට ඉන්නව....අසනීපයක් තියෙනවනම් එයාට නාන්න කියන්නෙ නෑනෙ අම්මෙ.....ඔහු පැවසුවේය.....ඔහුගේ වචනවලින් මාව පිහිනුම් තටාකයට බැස්සුවාට අම්මා ඔහුට දොස් කියන බව තේරුනි....ටික වෙලාවක් කතා කල ඔහු නැවත මගේ අතට දුරකථනය ලබාදුනි.....මගෙ දුවේ....ඔයාල මොනව කලත් කමක් නෑ ගොඩක් පරිස්සම් වෙන්න ඕනැ.....මට මගේ පුතාවගේ තමා ඔයත් ඔයාල පරිස්සම් වෙන්න මගෙ දුවේ.....කී ඇය අක්කාට දුරකතනය දුන්නාය.....අම්ම දොස් කිව්වට කමක් නෑ .....ඔයාල විනෝද වෙන්න නංගි ඒත් පරිස්සමින්.....ඇය පැවසුවාය.
දුරකතනය විසන්ධි කල පසු....මා දෙසබැලූ සුරන්ජිත්.....අම්ම හිතාගෙන ඉන්නෙ ඔයා මලක් කියලනෙ.... එහෙම උනොත් මට ඔයාගෙ ඇගට අත තියන්නවත් බෑ....ඔහු සිනාසෙමින් කීවිට.....ඇයි ඒ.... මා ඇසුවෙමි.....ඔයාට රිදෙයි කියල.....ඔහු මාගේ අත තදින් අල්ලාගෙන පැවසුවේය.
පසුදින උදෙන්ම මුතියංගණ විහාරයට ගොස් වැද පුදාගෙන දුන්හිඳ ඇල්ල බලා පිටත්වූවෙමු....එයට පිවිසෙන ස්ථානයට ගිය අපිට එතරම් සෙනඟක් නොමැති බව දුටුවේ අද සතියේ දිනයක් බැවිනි. ඇල්ලට ලඟාවීම සඳහා පටු පාරක් දිගේ සෑහෙන දුරක් ගමන්කිරීමට සිදුවිය....එදා ලෝකාන්තෙ ගියාවගේද දන්නෙ නෑ .....මා සුරන්ජිත්ගේ අතේ එල්ලී පැවසුවෙමි.....එච්චර අමාරු නෑ...... කී ඔහු....එදා වගේ නෙවෙයිනෙ අද මට ඔයාව වඩාගෙන යන්න වුනත් අවසර තියෙනවනෙ.....ඔහු සිනාසෙමින් කීවේය.......එදානන් මගේ අතින් අල්ලන්නත් බය වුනා නේද.....ඒවුනාට මට තේරුනා ඔයාට මගේ අතින් අල්ලන්න ඕනැ උනා කියල....මා කීවෙමි.....ආ මට විතරද ඔයාට ඕනැ උනේ නැද්ද.....ඔහු ඇසුවේය..ලැජ්ජාවෙන් සිනාසුනු මා.....අක්ක හිටියෙ නැත්නම් අපි දෙන්නටම ඒක හීනයක් විතරක් වෙන්න තිබුන නේද .... ඇසුවෙමි....
No comments:
Post a Comment