ආත් අම්මාගේ පාඩම 198............එයාලටත් අවුරුදු ගානක් යනකන් දරුවො හිටියෙ නෑ....පස්සෙ නැන්දම්ම මෙයාට කියල ගෙදරින් යන්න කියල....ඉතින් ගියාද ...මා ඇසුවෙමි.....ගියා ඒ ගියෙ බුදු හාමුදුරුවො හම්බවෙන්න.....ඉතින් මොකද කිව්වෙ...මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි....නැගනිය ආපහු ගෙදර යන්න...කිව්වලු...ඉතින් එයා ආපහු ගියා.....ටික දවසක් ගියාම එයාට දරුවෙක් හම්බවෙන ලකුණු පහල වුනා.....ඔහු එසේ කීවිට.....ඒ දවස්වලනම් මේවගෙ ගැටලුවක් විසද ගන්න බුදු හාමුදුරුවොවත් හිටිය....දැන් කාට කියන්නද.....මා දුක් බරව කීවෙමි..... බුදු හාමුදුරුවො නැති වුනාට උන්වහන්සේ දේශනා කරපු ධර්මයයි බුද්ද පුත්‍රයොයි.....තාම ඉන්නව දුවේ.....ඔයා බයවෙන්න එපා....අම්මා කීවාය......ඊට පස්සෙ දරුවො කීදෙනෙක් හම්බවුනාද කියල දන්නවද.....ඔහු ඇසුවේය......දන්නෙ නෑ...මා කීවිට....මම අහල තියෙන්නෙ තිස් දෙකක් කියල. .....අම්මා කීවාය....අම්මෝ තිස් දෙකක්.....මා පුදුමයෙන් යුතුව ඇසුවෙමි.....ඔව් චතුරිකා....දාසය වතාවක් නිවුන් දරුවො.....ඔක්කොම පුත්තු.....ඔහු සිනාසෙමින් කීවේය.....තිස් දෙකක් කෙසේ වෙතත් එක්කෙනෙක් වත්.....මා කීවෙමි....එක්කෙනෙක් නෙවෙයි දුවේ මටනම් හිතෙනෙ ඔයාට හතර පස්දෙනෙක් වත් හම්බවෙයි කියල.....අම්මෝ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද.....එහෙනම් මාත් හොඳ අම්ම කෙනෙක්....මා සතුටින් කීවද....මට ඒවගේ වාසනාවක් තියෙනවද....කනගාටුව සිත තුල ඇතිවිය....අපි නිවසට පැමිනෙන විට රෑවී තිබුනි...අපි අතර මගින් රාත්‍රී ආහාරය ගත් නිසා ගෙදර පැමින නින්දට ගියෙමු.
කොහොමද නංගි ගිය ගමන.....පසුදා නයෝමි අක්කා ඇසුවාය....ශාලව හොදට හදල තිබුන අක්කෙ....ගමේ අය අපිට ගොඩාක් පින්දුන්න...එයාලට හරිම සන්තෝසයි.....ඒ පන්සලේ මල් පූජ කරන්නවත් හරියට තැනක් නෑ අක්කෙ අපි කල්පනා කලේ තව ටික දවසකින් ඒකත් හදල දෙන්න.....මා කීවිට....නංගිල කියන්න මාත් ඒකට දායක වෙන්නම්.....ඇය කීවාය.
මසක් පමන ගතවිය. එදින මා සුපුරුදු පරිදි පාන්දර නැගිට තේ පිලියෙල කිරීම සදහා කුස්සිය දෙසට ගියෙමි.....මේ වනවිට කුස්සියේ වැඩකරන මාගරට් වතුර රත්වීමට තබා තිබුනු බැවින් එය හොදින් උතුරමින් තිබුනි....පිටි ටික විශාල ජෝගුවට දැමූ මා එයට උතුරමින් තිබුනු ජලය වත්කිරීමට සූදානම් වනවිටම....වමනය යන ගතියක් දැනුනු නිසා වතුර භාජනය ආපසු තබා....කට අතින් තදකර ගත්තෙමි.....මොකද පුන්චි බේබි.....මාගරට් අසනවිට ඔක්කාරය තදින් දැනුනු නිසා ඉක්මනින් මිදුලට බැස්සෙමි.....එවිටන වමනය යන්ට ගත් නිසා මාගරට් මාව අල්ලා ගෙන වටපිට බලන්ට විය....තන්ගච්චී.....ඉක්මනට ලොකු මැඩම්ට ගිහින් කිහන් පුංචි බේබිට සනීප නෑ කියල....අපප්පා ...පුල්ලෙයාර් ශාමිනේ... අපේ චූටි බේබිට මොකද උනේ.....ඇය සුපුරුදු පරිදි දෙවියන්ට කියන්ට විය....මේ මෙතැන කියවන්නෙ නැතුව ඉක්මනට ගිහින් ලොකු මැඩම් එක්ක වරෙන්.....මාගරට් ඇයට සැරෙන් කතාකරන්ට වූවාය.....ලොකු නෝනා... ලොකු නෝනා....පොඩි මාත්තියා....කියමින්...ඇය නිවස තුලට දුවනු දුටුවෙමි.....සුලු මොහොතකින් අම්මා මා අසලට එනු දුටුවෙමි.....ඇයි මගෙ දුවේ මොකද උනේ ..අම්මා නයිටිය පිටින්ම පැමින මා අල්ලාගෙන ඇසුවාය.....වමගෙ ගියා අම්මෙ....ඊයෙ රෑ බිත්තර ඔම්ලට් කෑවනෙ ඒක අගුන වෙන්න ඇති..... බඩ අත ගාමින් කී මම කෝපි ටිකක් බිව්වම හරියයි.....පැවසූවෙමි....එයට සිහින් සිනාවක් පලකල අම්මා....ඔය අමාරුව කෝපි බිව්වට අඩුවෙන්නෙ නෑ දුවේ.....මට හිතෙන්නෙ තව මාස ගානක් යයි....ඇය සිනාසෙමින් තව දුරටත් කීවාය.....එවිටම තාත්තාද අපි අසලට පැමිනියේය.....මොකද වත්සලා.....ඔහු ඇසුවේය.....මොකුත් කරදරයක් නෑ මහත්තය දුවට වමනෙ ටිකක් ගියා.....ඇය සිනාසෙමින් කීවාය.....ඒකද.... සිනාසෙමින් පැවසූ ඔහු.... මුත්‍රා පරීක්ෂා කලාම හොයාගන්න පුලුවන්....අද එනකොට මම බෝතලයක් ගෙනත් දෙන්නම් හෙට උදෙට මුත්‍රා සාම්පලයක් දෙන්න....ඔහු ඉංග්‍රීසියෙන් කිවේය. දැන් අඩුයි අම්මෙ අසල කරාමයෙන් මුහුන කට සෝදගෙන පැවසූ මා.....අම්ම යන්න මම තේටික හදාගෙන එන්නම්...මා පැවසූවිට.....දුව දැන් කාමරේට යන්න...තන්ගච්චි තේටික ගෙනෙයි...කී ඇය මාව කැදවාගෙන කාමරය තුලට ගියාය.....පොඩි පුතා තාම නිදිද.....ඔයාගෙ නෝනට වමනෙ යනව දන්නෙත් නෑ නේද....ඇසුවාය.....ඒ මොකද.... කලබලයෙන් ඇදේ වාඩිවුනු ඔහු ඇසුවේය.....මගෙන්ද අහන්නෙ.....ඔයාගෙ වැඩ තමා...සිනාසෙමින් කී ඇය කාමරයෙන් පිටවූවාය.....මොකද මගෙ වස්තුවෙ උනේ ඔහු මාව තුරුලට ගෙන ඇසුවේය.......මම විස්තර කීවෙමි....එහෙනම් අපේ වැඩේ හරි වගේ.....ඔහු සතුටින් කීවේය....තාත්ත කිව්ව හෙට මූත්‍රා සාම්පලයක් දෙන්න කියල.....මා ඔහුගේ සිරුරට ආදරයෙන් තුරුලුව කීවෙමි...තාත්තා වැඩ ඇරී එනවිට කුඩා කුප්පියක් ගෙනැවිත් තිබුනු අතර හෙට උදේට මතක ඇතුව මේකට මුත්‍රා සාම්පලයක් දෙන්න.....ඔහු එය මගේ අතට දෙමින් පැවසුවේය...
No comments:
Post a Comment