Monday, August 13, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 59............මම ඒ බෙහෙත් පෙත්ත බොන්න කලින් නංගිගෙ මුහුණ දිහා බැලුව . ඇය කොට්ටෙත් තුරුලු කරගෙන හොඳටම නිදි....පෙත්ත බීම මදකට නැවැත්වූ මම ඇය ගාවට ගිහින් ඇයගේ මුහුණට වැටිල තිබුන කෙස්රොදවල් කිහිපය මුහුනෙන් අයින් කරල හෙමින් සැරේ මුහුන සිපගෙන ඇගේ අහිංසක සුරතල් මුහුන දිහා ටිකවෙලාවක් බලා හිටිය. මම මේ බෙහෙත් පෙත්ත බීල ආයෙත් කොල්ලෙක් උනොත් මේවගෙ නංගිගෙ මුහුන දිහා බලා ඉන්නෙ කොහොමද? නිතරම සිපගන්නෙ කොහොමද? නංගි මාත් එක්ක ඉන්න කොට කොච්චර සන්තෝසෙන්ද ඉන්නෙ. මම මේක බිව්වොත් එයාගෙ සතුට සම්පූරනයෙන්ම නැතිවෙලා යයි නේද?....මම මෙසේ සිතමින් මා කොල්ලෙක් බවට පත්වූ පසු ඇය දුකෙන් අඬන්න ආකාරය මැවී පෙනෙන්න පටන්ගත්ත.....නංගි විතරක් නෙවෙයි....අම්මත් කැමති මම මේ විදියට ඉන්නවනම්...අයියත් මාව කෙල්ලෙක් උනා කියල අකමැති නෑ කියල තේරෙනව.වික්‍රම උඩින් නොපෙන්නුවට එයත් කැමති මම මේ විදියටම ඉන්නවට කියල සමහර වෙලාවට එයා කියන ඒවයෙන් එයාගෙ හැසිරීම්වලින් තේරුනා....ඇයි මම ආයෙත් කොල්ලෙක් වෙන්න මේතරම් කැමති.....මට ගැටලුවක් ඇතිවුනා....මේ ගැහැනු ජීවිතය කලින් එකට වඩා හොද නැද්ද? ...මට මේ ජීවිතේ වදයක් උනාද? .....මම දැන් ගෑනියෙක් වෙලා අවුරුදු දෙකකටත් වැඩියි...මට ගැහැනු කම හොදනෑ කියල තේරුනෙත් නෑ... වදයක් කියල තේරුනෙත් නෑ....එත් මාසෙකට සැරයක් ගැහැනුන්ට වෙන දේවල් වෙන හින්ද තරමක කරදරය තියෙනව...දැන් ඒකට පුරුදුවෙලා හින්ද ඒක ගානකුත් නෑ....කෙල්ලෙක් උන මුලදිනම් සමාජයට මුහුන දෙන්නෙ කොහොමද කියල ලැජ්ජාවක් බයක් ඇතිවුනා....ඒත් දැන් ගෙදර අය මාව කෙල්ලෙක් හැටියට පිලිඅරගෙන ඉවරයි..ඉතින් මම මොකටද කෙල්ලෙක් උනා කියල ලැජ්ජවෙන්නෙ.මට පේන්නේ ඒ ඔක්කොමල්ල ඉස්සරට වඩා මට ආදරෙයි. කියල....විශේසයෙන් අම්මයි නංගියි එයාලගෙ පුදුම කැමත්තක් තියෙන්නෙ මාව කෙල්ලෙක්වුනාට.කොල්ලකාලෙ වගේ නෙවෙයි.. මම ලස්සන කෙල්ලෙක්වුන හින්ද ටිකක් පරිස්සම් වෙන්න වෙනව. ඒත් වික්‍රම වගේ පිරිමියෙක් ගාව ඉන්න මොකටද බයවෙන්නෙ....එයා මාවෙනුවෙන් පනවුනත් දෙනව කියල මම දන්නව....මාව කෙල්ලෙක් උනාට පස්සෙ ලොකු වග කීමකුත් නෑ.....වික්‍රම මට ඕනැ දේවල් කරල දෙනව....මාව ආයෙත් කොල්ලෙක්වුනොත් වික්‍රමට මගේ නඩත්තුව බාර දෙන්න බෑ......මට ආයිත් වෙන්නෙ....කොහෙන් හරි රස්සාවක් හොයාගන්න......අයියනම් අම්මත් එක්ක කිව්ව මට කඩයක් දාල දෙන්නම් කියල.....ඒ වුනාට මට අයියට වගේ බිස්නස් වැඩ තේරෙන්නෙ නෑ....කඩේ බන්කොලොත් උනොත් මට යන එනමන් නැතිවෙයි....ඇයි මේතරම් ප්‍රශ්න තියාගෙන මම ආයෙත් කොල්ලෙක් වෙන්නෙ.
                   හැමදාම මම මේ විදියට හිටියොත් මම දන්නව වික්‍රම මාව බාරගන්නව කියල.....වික්‍රම කියන්නෙ හොද කෙනෙක් කියල මම හොදටම දන්නව.....මම ආයෙත් කොල්ලෙක් උනොත් අපි දෙන්න අතරෙ යාලුකමක් විතරක් ඉතුරුවෙයි....ඒවුනාට මට බැරිද එයාගැන ඊට වඩා දෙයක් හිතන්න.....මම දැන් කෙල්ලෙක් පරන යාලුකම අමතක කරල කෙල්ලෙක් විදියට කල්පනා කලොත් ඇයි මට බැරි එයත් එක්ක ජීවත්වෙන්න.
                   මම බේත් පෙත්ත අතේ තියාගෙන මේ විදියට කල්පනා කරකර ඉන්න කොට...නංගිට ඇහැරුනා....ඇය මා දිහාබලල.....අක්ක තාම නිදි නැද්ද ඇහුව.....තාම රෑවෙලා නැති හින්ද නින්ද යන්නෙ නෑ නංගි මම කිව්ව.....දැන් මගෙත් හිස කැක්කුම අඩුවෙලා වගේ.....ඇය ඇදේ වඩිවෙලා කිව්ව....මම ඇයව මගේ පපුවට තුරුලු කරගෙන හිස අතගාන්න ගත්ත....මම පෙත්ත අතේ තියාගෙන අතමිට මොලවගෙන හිටිය හින්ද .....මොකද මේ අත මිට මොලවගෙන...ඇය කිව්ව....මොකුත් නෑ නංගි ....මම අත මිටමෙලවිල තවත් තද කරගෙන කිව්ව....මොනවද ඇය වැරෙන් මගේ ඇගිලිටික දිහැරීමට උත්සාහ කලා..... මොකුත් නෑ කියමින් එම පෙත්ත ඇගෙන් වසන් කිරීමට උත්සාහ කලා.....ඒත් ඇගෙන් බේරෙන්න බැරිවුනා.....කමක් නෑ බලපුවාවෙ මම නංගිට මේ බේත ගැන ඇත්තම කියනව.....මම කල්පනා කලා..
Transgender body swap ගේ ඡායාරූපය

No comments: