Thursday, August 23, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 82 (අවසාන කොටස)...............ඔය ඉන්නෙ ඉස්සර හිටිය ලසන්ත මිසක් වෙන කවුරුවත් නෙවෙයි අම්මෙ....වික්‍රම කිව්ව. .....අම්ම හදන කිරි හොදිත් එක්ක කොස් කන්න මම දැනුත් කැමතියි අම්මෙ....ඒ දවස්වල අම්ම කජුදාල හදල දෙන අලුව අපිදෙන්න එක්ක රසකරකර කනව නේද වික්‍රම.......වික්‍රම ගෙදර එන්නෙ නැතිකාලෙ මම අම්මලව බලන්න මෙහෙට ඇවිත් .වික්‍රම ගැන විස්තර කියනකොට අම්ම වික්‍රමට දොස් කිව්ව මට මතකයි.....ඇයි අම්මට මතක නැද්ද අපි වික්‍රමට ගෑනු ලමයෙක් බලන්න කෑගල්ලෙ පැත්තෙ ගියා...මම ඒ ගෑනු ළමයනම් ලස්සනයි කිව්ව කියල වික්‍රම මට ඒ ලමයව ජෝඩු කරන්න හැදුව මතකද.....මම මේ විදියට අතීත සිද්ධි එකින් එක විස්තර කරනකොට අම්ම මා දිහා පුදුමයෙන් වගේ බලා ඉන්නව දැක්ක.......ඈ දුවේ ඇත්තට ඔයා එදා හිටිය ලසන්ත පුතාමද.....ඇය ආයෙත් ඇහුව.....ඔව් අම්මෙ අපි මොකටද අම්මට බොරුකියන්නෙ මම ඒ ලසන්තම තමයි.....මම අම්මගෙ අතින් අල්ලගෙන කිව්ව.....ඒ වෙලවෙ මාව තුරුලුකරගත්ත අම්ම......අනේ මගේ දුවේ ඒ ලසන්ත පුතා මගේම දුව වෙලා මා ගාවටම අවිත්නේ.....කියමින් මගේ මුහුන සිපගන්න පටන්ගත්ත.  ඔයාගෙ ගෙදර අය මොකද කිව්වෙ ඔයාට මෙහෙම උනා කියල දනගත්තම....අම්ම ඇහුව.....මුලදි මටත් ලැජ්ජ හිතුන.....පස්සෙ එයාල මම මේ විදියට ඉන්නවට ගොඩක් කැමති උනා..මම කිව්වම......ඔයා වගේ ලස්සන කෙල්ලෙක්ට කවුද දුවේ අකමැති.....ඇය සිනාසෙමින් කිව්ව.
          මගේ මේ විස්තරය වික්‍රමගෙ තාත්තටයි මල්ලිටයි අම්ම කියල තිබුන.....ඒත් මේ රහස අපේ පවුල් දෙක අතර තුල පමණක් තබා ගැනිමට අපි සැමෝම එකඟවුනා.....
            අම්ම මගේ ඇත්ත තත්වය ගැන දැන ගත්තට පස්සෙ පෙරට වඩා ඇය මට ආදරේ බව ඇගේ හැසිරීම් වලින් සහ කතාබහෙන් දැනගත්ත...එයා කවදාවත් මට ලේලි කෙනෙක් විදියට සැලකුවෙ නෑ....එයා කිව්වෙ මම එයාගෙ දුවෙක් කියල......
             ඇ දුවේ දුවව වෙනස්වෙන්න පටන් ගත්තම දුවට මොකද හිතුනෙ.....දවසක් අම්ම ඇහුව....මට බය හිතුන අම්මෙ මේ විදියට ගෙවල් වලට මූනදෙන්න බැරිවෙයි කියල....වික්‍රම කිව්ව ආයෙත් හිටපු තත්වෙට පත්වෙන්න බේතක් හදල දෙන්නම් කියල....ඉතින් හදල දුන්නද......ඇය ඇහුව.....ඒක හදන්න මාව මේ තත්වෙට පත්වෙලා අවුරුදු දෙකක් විතර ගියා අම්මෙ.....එතකොට මට මේ ගැහැනු ජීවිතේ හොදට හුරුවෙලා තිබුණේ.....ඒත් මට හිතුන ආයෙත් ලසන්ත වෙන්න ඕනැ කියල......ඒ හින්ද මම වික්‍රමට බලකලා ඒ බේත හදල දෙන්න කියල.....ඉතින් හදල දුන්නද.....ඇය නැවත ඇහුව.....ඔව් අම්මෙ.....මම කිව්වම......ඉතින් බිව්වෙ නැත්තෙ?.....ඇය ඇහුව....මම ඉස්සර ඉදම්ම දැනගෙන හිටිය අම්මෙ වික්‍රම කාවවත් කසාද බදින එකක් නෑ කියල...මම කිව්වම...ඒක ඉතින් අපි ඔක්කොමල්ල දැනගෙන හිටියනෙ.....අම්ම කිව්ව......ඒත් අම්මෙ.....මාව ගෑණු ළමයෙක් උනාට පස්සෙ මට තේරුණා වික්‍රමගෙ හිතේ මාගෙන අදහසක් තියෙනව කියල.....මට මතකයි එයා දවසක් කිව්ව එයා බදිනවනම් බදින්නෙ මම වගේම එක්කෙනෙක් කියල...එයා එහෙම කියල....මට ඒ වාසනාව නෑ කියල දුක් උනා.....ඒ මොකද දුක්වුනේ අම්ම ඇහුව.....එයා දැනගෙන හිටිය මම කවද හරි ආයෙත් ලසන්ත වෙනව කියල.....මම කිව්වම.....ඒ ඉතින් බේත බිව්වොත්නෙ.....ඇය කිව්ව......මට ඒවෙලාවෙ ඕනැකම තිබුනෙ බේත බොන්නනෙ අම්මෙ......මම කිව්වම.....බිව්වනම් අපරාදෙ.... කම්මුලේ අත තියාගෙන කිව්ව ඇය.....ඉතින් ඇයි බොන්න හිතුනෙ නැත්තෙ...... ඇහුව.....මට තේරුනා අම්මෙ මම ආයෙත් ලසන්ත වුනොත් වික්‍රම ගොඩක් දුක් වෙනව කියල.....ඒ වෙනකොට මගෙ හිතෙත් ගෑණු කෙනෙක් පිරිමියෙකුට තියෙන ආදරෙත් ගොඩනැගිල තිබුනෙ.....ඊට හපන්නෙ අම්මෙ... මගෙ නංගිත් මට ආයෙත් පිරිමියෙක් වෙන්න එපාම කිව්වනේ.....ඒ ඔක්කොම හිතල ඒ බේත හදල දුන්නත් මම ඒව බිව්වෙ නෑ අම්මෙ.....ඔයා ගත්ත තීරනේනම් හොඳ තීරනයක්....කිව්ව අම්ම.....ඉතින් ඔයාගෙ අම්ම කැමතිවුනාද ඔයා ආයෙත් ලසන්ත නොවී ඔයවිදියටම ඉන්න ගත්ත තීරනේට....එයත් කැමත්යි අම්මෙ අයියත් මොකුත් කිව්වෙ නෑ.....එහෙනම් ඉතින් ගැටලුවක් නෑනෙ....කිව්ව අම්මා.....කොහොමින් කොහොමින් හරි ලසන්ත පුතා අපේම දුවෙක් වෙලා අපිලගටම ආව ......සතුටින් කිව්ව....
            දවසක් මගෙ ළඟට ආව අම්මා...  මම මේ දුවගෙන් නිකමට අහන්නෙ........ ලැජ්ජාවෙන් මෙන් කිව්ව.....මොකක්ද අම්මෙ......දුව කැමති ඒ ඉස්සර ජීවිතේටද මේ ජීවිතේටද......එයට සිනාසුනු මම.....අම්ම අහන්නෙ පිරිමි ජීවිතෙද ගැහැනු ජීවිතේද හොද කියලනෙ.....කිව්ව මම.....පොඩි පොඩි කරදර තිබුනත් අම්මෙ මටනම් හිතෙන්නෙ ගෑනු ජීවිතේ හරිම සුන්දරයි කියල.....අනේ මන්ද මමනම් හිතාගෙන හිටියෙ පිරිමි කවදාවත් ගෑනු වෙන්න කැමති නෑ කියල.....අම්ම කිව්වම......ඒක ඉතින් පිරිමියෙක් වෙලා කාලයක් ඉදල ගැනියෙක් වෙලාම බලන්න ඕනැ අම්මෙ.....මම කිව්ව......ඒ කියන්නෙ ඔයාට වගේ ආයෙත් පිරිමියෙක් වෙන්න හිතෙන්නෙ නෑ කියලනෙ......කිව්ව අම්ම....දැන් බලාගෙන යනකොට ගැනුකමෙත් වැරැද්දක් නෑ...කියල සිනාසුනා....
              ටික කාලෙකට පස්සෙ නංගි ගෞරව  උපාධීයක් එක්ක විශ්වවිද්‍යාලයෙන් පිටවුනා.......අක්කෙ ඔයා මගේ අක්ක උන හින්ද තමයි මට මේ ඔක්කොම ලැබුනෙ..උපාධි උතසවය දවසෙ ඇය මාව බදාගෙන කදුලු පෙරමින් කිව්ව....ඊට පස්සෙ එයාට සිස්සත්වයක් ලැබිල ඇමරිකාවෙ ගියා.....එයාව නැවැත්වුවේ වික්‍රමගෙ යාලුවෙකුගෙගෙදරක......නංගිව ගිහින් ඇරලන කොට මාත් ඇමරිකාවේ ගියා..... වික්‍රමට එහෙ වෛද්‍ය සභාවෙන් දක්වන සැල කිල්ල මම එහෙ ගියාමයි දැනගත්තෙ.....ඔක්කොම කියන්නෙ වික්‍රමට එහෙ නවතින්න කියල.....අපිට ඇමරිකාවෙ පදිංචිටට කැමති වෙන්න විතරයි තිබුනෙ.....ඒත් වික්‍රම නිතර තමන්ගෙ රට ගැන හිතපු කෙනෙක් හින්ද එයාට ඕනැවුනේ ලංකාවට සේවය කරන්න. මේ වෙනකොට මගෙ අයියත් කුරුනෑගල නගරයේ ලොකු රෙදි සාප්පුවක් පටන් අරන්තිබුන.
              නංගි ගිහින් ටික දවසකින් පිරිමි ලමයෙක් එක්ක යාලුවුනා කියල නංගි කිව්ව..... එයාගැන හොයල බලනකොට එයත් කුරුණෑගල පලාතෙම කෙනෙක්....හොදයි කියල දැනගත්ත අපි...නංගිට කැමැත්ත දුන්න.....ලගදිම එයාලගෙ උත්සවය ගන්න ලංකාවට එනව කියල නංගි කිව්ව.
               අපේ පවුලට වාසනාව උදාවුනේ මාව ගැහැණු ළමයෙක් බවට පත්වුන හින්ද කියල හැමෝම කියන්න ගත්ත. වික්‍රමගෙ ගෙදර අයත් කිව්වෙ වික්‍රමටත් කසාදයක් බැදගෙන හොද පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන් වුනේ මාව ගැහැනියෙක් උන හින්ද කියල.
          අපේ සමාජයේ අය මොනව කිව්වත් ගැහැණියෙක් වෙනව කියන්නෙ මොනතරන් වාසනාවක්ද කියල මටත් හිතුන.....
    ......................අවසානයි.....................
Transgender body swap ගේ ඡායාරූපය

No comments: