වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 53.............මේ ඉරිදාට නංගිට ආපසු ගෙදර යෑමට කාලය පැමින තිබුන.....පාන්දර පහට පමන පිටත්විය යුතුයයි වික්‍රම පැවසුවේ අපිට ආපසු පැමිනිය යුතු නිසාය....නංගී මෙහි සිටි කාලය තුල....ඇයසමඟ විනෝදයෙන් සහ කෙලිදෙලෙන් ගත කල ආකාරය මගේ සිතෙන් කවදාවත් බැහැර නොවන බව මට සිතුන....ඇය බැගයට ඇදුම් දමන විට මෙහි එනවාට වඩා ඇදුම් සංඛ්‍යාවක් එකතු වී තිබුණ. එයට හේතුව අපි විටින් විට ඇයව ඇදුම් සාප්පුවලට එක්ක යෑමයි. මට වඩා ඇයට වියදම් කලේ වික්‍රම බව ඇයද දැන සිටියා.....වික්‍රම අයිය හරි හොඳයි අක්කෙ.....එනේ එයා අපේ කරගන්න පුලුවන්නම්.....දවසක් නින්දට යනකොට නංගී පවසනවා මතක් වුනා.....එහෙත් මගේ දැඩි බලා පොරොත්තුව ආපසු හිටිය තත්වෙට පත්වීම හින්ද ...ඇගේ එම බලාපොරොත්තුව සිහිනයක් පමනක් වේ යයි මට සිතුනා.
ඉරිදා පාන්දර තුනට විතර ඇහැරුනු අපි ගෙදර යෑම සඳහා සූදානම් උනා....නංගී කඩෙන් ගත්ත අලුත්ම ගවුමක් ඇදගෙන හැඩ බලන්ටවුනා....හැඩ බැලුව ඇති ඉක්මන් කරල ලැස්තිවෙන්න නංගි ..මම කිව්වම...වික්‍රම අයිය තාම නැද්ද මන්ද.....නංගි කිව්ව......පිරිමින්ට ලෑස්ති වෙන්න එච්චර වෙලා යන්නෙ නෑ නංගි ....ගැහැනු අපිටයි වෙලා යන්නෙ....මම කිව්ව.....ච්ත්රත් එක්ක යනව කිව්ව නේද....නංගි ඇහුව.....එයා ලෑස්තිවෙයි....මම කිව්ව....අපි ලෑස්ති වෙලා එලියට එනකොට චිත්‍රාත් සාරියක් ඇදගෙන සූදානම්වෙලා හිටිය....නංගි නිධානයක් හම්බවෙලා වගේ සන්තෝෂයෙන් පරිඝණකය බහාලූ පෙට්ටිය වාහනයට දැමීමට රැගෙන ආව.....වික්‍රම කිව්ව වගේ අපිට පාන්දර පහවෙනකොට පිටත්වෙන්න පුලුවන්වුනා. උදෑසන තේ බීල ගෙදරට යනකොට නවය විතර වුනා....වික්‍රම ගියගමන්ම වගේ පරිඝණකය සවිකරන්න පටන්ගත්ත.....එය ක්රියාත්මකකර පරීක්ෂා කරල වික්‍රම එය පාවිච්චි කරන මූලික දැනුමක් නංගිට ලබා දුන්න.....වික්‍රමයි නංගියි මේක කරන අතරතුර මමයි අම්මයි දවල්ට කාල යන්න බත් උයන්න පටන්ගත්ත චිත්‍රත් හිටිය හින්ද එයාවත් අපිට උදවුකරගන්න පුලුවන්වුනා....
දවල්ට කැම ගත්තට පස්සෙ අපි ආපහු යන්න සූදානම් උනාම නංගි එදාවගේ මාව තුරුලුකරගෙන අඩන්න පටන්ගත්ත....නංගි කොම්පියුටර් පන්ති යන්න පටන්ගත්තහම ඔය පාලුව අඩුවෙයි.... මම ඇයගෙ හිත සනසවමින් කිව්ව...අම්මගේ දෙපා වන්ද මම වාහනයේ වාඩිවුනා....අපි ආපහු පිටත්වෙනකොට සවස දෙක විතරවුනා.
පහුවදා ඉදන් නංගි පරිඝණක පන්ති යනව කියල දුරකතනයෙන් කතාකරල කිව්ව....මාස දෙකක් විතර ගතවුනා.....නංගිගෙ උසස්පෙල ප්‍රතිඵල පිටවෙලා කියල ආරංචිවුනා. ඇයගේ ප්‍රතිපල ඇහුව වික්‍රම කිව්වෙ නංගිට විශ්වවිද්‍යාලයකට ඇතුල්වෙන්න පුලුවන් වෙයි කියල. නංගි විභාගෙ පාස්වුනා කියල කිව්වම මම නංගිට කිව්ව මොනවහරි තෑග්ගක් දෙන්නම් කියල......අනේ අක්කෙ මට වෙන මොකූත් එපා මට එකම එක තෑග්ගක් දෙන්න...නංගි කිව්ව.....ඒ මොකක්ද මම ඇහුව.....මට අක්කව හැමදාම අක්ක කරගන්න ඉඩදෙන්න.....ඇය එහෙම ඉල්ලුවම මට කරකියාගන්න දෙයක් නැතිවුනා.....එයට පිලිතුරු වශයෙන් හා නංගි කිව්වෙ මගේ හිතට එකඟව නෙවෙයි කියල මට තේරුනා.....
මාස කිහිපයකින් පස්සෙ නංගිව කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා තියෙනව කියල නංගි මට කිව්ව.....මම මේ ආරන්චිය වික්‍රමට කිව්වම....එයා ගොඩක් සතුටුවුනා....දැන් නංගිට වෙන කොහේවත් ඉන්න ඕනැ නෑනෙ මෙහෙ ඉදන්ම කැම්පස් යන්න පුලුවන්නෙ.....වික්‍රම කිව්ව.....අනේ මන්ද වික්‍රම මම නම් ඒ වැඩේට කැමති නෑ....මම කිව්ව....ඒ මොකද....මා ගැන සැකයිද....ඇහුව.....අනේ එහෙම එකක් නෙවෙයි වික්‍රම දැන් ඔයා මටත් කන්න දෙනව මගෙ හැමදෙයක්ම බලන්නෙත් ඔයයි...ඒ අතරෙ නංගිත් ආවොත් ඔයාට තවත් කරදරයක් නේද......මම ඇහුව.....අයියෝ... ඕකද ගැටලුව....ඔයාගෙ පවුලෙ ඔක්කොම ඇවිත් මෙහෙ ඉන්නකො....මට ඔයාල ඔක්කොටම වුනත් සලකන්න පුලුවන්.....ඔහු කිව්ව....ඒ වුනාට මගෙ හිතට හරි නෑනෙ.....හරි නැත්නම් හරි කරගෙන නංගිට මෙහෙට එන්න කියන්න....වික්‍රම සිනාසෙමින් කිව්ව.
අම්මෙ දැන් නංගිව කොහෙද නවත්වන්න හිතගෙන ඉන්නෙ.....අම්මට කතාකල මම ඇහුව....මම කිව්ව දුව ගාව නවත්තමු කියල....ඒවුනාට අයිය කියනව.....වික්‍රමට තවත් කරදරයක් කියල වෙන කොහේ හරි බෝඩිමක් හොයන්න ඕනැ කියල....ඒ වුනාට වික්‍රම කියනව අම්මෙ.... නංගිව මෙහෙ නවත්තගන්න කියල..මම කිව්වම...ඔයා වික්රමගෙන් ඇහුවද.....අම්ම ඇහුව.....අනේ නෑ අම්මෙ එයා හිතලමයි කිව්වෙ.....මමත් ඒකට විරුද්ධ උනා...ඒ සැරේ වික්‍රම මට දොස් කියන්න ගත්ත.....එහෙනම් අයියට මේක කියල බලමු නේද දුවේ ....අම්ම කිව්ව.
No comments:
Post a Comment