Tuesday, August 14, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 64..............අපි මෙහෙම කතාකරන අතරතුර වික්‍රම මගේ අතින් අල්ලගෙන සෙමින් පිරිමදින්න ගත්ත......මම මෙහෙම කිව්වට ඔයාට කවද හරි කරගත්ත මෝඩවැඩේ කියල හිතෙයිද දන්නෙ නෑ....ඔහු තරමක් දුකෙන් වගේ කිව්ව.....මොකක්ද මෝඩවැඩේ.....මම ඇහුව....දිගටම ගැනියෙක් වෙලා ඉන්න තීරණය කරපු එක.....ඔහු කිව්ව....ඒක මෝඩවැඩක් නෙවෙයි වික්‍රම මට හිතෙන්නෙ මේක තමයි මම ගත්ත හොඳම තීරනේ කියල.....මම එහෙම කියන කොට ඔහු මගේ අත තදින් මිරිකුව.....මටත් මුලදි හිතුන ගෑනියෙක් විදියට ජීවත් වෙන එක කරදරයක් කියල දැන් තමයි තේරෙන්නෙ ගැහැණු ජීවිතය මොනතරම් සුන්දරද කියල.....මම ඔහුගේ අත උඩින් අනිත් අත තියල කිව්ව...ඔහු මට මිදි ගෙඩියක් කවා මගේ මුහුන සිපගත්තා.
                 මම කාමරයට යනකොට නංගි පරිඝණකය ගාව ඉන්නව දැක්ක. අක්කේ මට අම්මට කියන්න ආරංචියක් තියනව.....මා දිහාබලල සතුටින්  කිව්ව.....මොකක්ද මම ඇහුව.....අක්ක හැමදාම අක්ක වෙලා ඉන්නව කියල තිරනය කලා කියල.....ඇය කිව්ව.......ඒක නෙවෙයි නංගි වික්‍රම අයිය කිව්ව මගේ උප්පැන්න සහතිකේ වෙනස් කරන්න වෙනව කියල.....මම කිව්වම....ඒකත් ඇත්තනේ.....කිව්ව නංගි කොහොමද ඒක කරන්නෙ කියල ඇහුව....ඒක වික්‍රම අයිය කරයි.....එයා කිව්ව ඒකට දානන නමක් හදාගන්න කියල.....මම කිව්වම දබර ඇගිල්ල කම්මුලේ තියාගෙන ඇස්දෙක උඩට හරවාගෙන සුලු වෙලාව කල්පනා කල ඇය...නෙතුලි මිතුනි සදලි.....මේ වගේ නම් කිහිපයක් කියාගෙන යන්නවුනා.....හරියන්නෙ නැ....කොලයක් අරගෙන ලියන්න ඕනැ....කිව්ව ඇය පයිල් කවරයක් ඇතුලෙ තිබුන කොලයක් ඇදල ගත්ත....නංගි නම්ටිකක් ලියල දෙන්නකො....එතකොට අපිට ලස්සන නමක් තෝරගන්න පුලුවන්.....මම කිව්ව.....වික්‍රම අයියත් කැමති එකක්නම් ගොඩක් හොඳයි නේද අක්කේ ඇය ඇහුව...හ්ම්ම්...කිව්ව මම....නංගි ගාව තියෙන ඕලු නවකතා පොත අතට අරගෙන කියවන්න ඇදේ ඇලවුනා.....අක්කේ අක්කත් හරියට ඔය පොතේ ඉන්න ඕලු වගේ.....නංගි මා දිහා බලල කිව්ව....ඒ මොකද....මම ඇහුව....එයත් හරි අහිංසකයි හරි හොදයි.....එයාටත් අක්කටවගේ ලොකූ සල්ලි කරයෙක් බදින්න ලැබුන....ඇය කිව්ව....ඒ වුනාට ඔලු හරියට දුක් විදිනව නේද....මම ඇහුව.....ඔව් අක්කෙ අක්කත් දුක් වින්දෙ.....ඇය කිව්ව....ඒකවද්ද.....මම ඇහුව......අක්ක අයිය කාලෙ මේතරම් සතුටින් හිටියෙ නෑනේ....ඇය සිනසෙමින් කිව්ව.....නංගි කියන එකෙත් ඇත්තක් තියෙනව...මම පිරිමියෙක් වෙලා හිටිය කියල මට මොකක්ද ලැබුන සතුට.....හැමදාම උදෙන් ඇහැරිලා උයන්න වුනා ඊටපස්සෙ වැඩට යන්න උනා....ආයෙත් ගෙදර ඇවිත් ගෙදර වැඩ කරන්න වුනා.....මට මේව කරන්න උනේ වික්‍රමගෙ ගෙදර ඉන්න හින්දයි...එයා කන්න බොනන දුන්න හින්දයිනෙ....මාව කෙල්ලෙක් උනාට පස්සෙ සස්සාවට යන්න ඔනැවුනෙත් නෑ....චිත්‍රාව එක්ක ආව හින්ද එච්චර වැඩකරන්න මහන්සි වෙන්න උනෙත් නෑ...අනිත් එක වික්‍රම මගෙ හැමදෙයක්ම හොයල බලන්න ගත්ත......දැන් මම කොයිතරම් සැහැල්ලුවෙන් සතුටින්ද ඉන්නෙ...මට නංගිටත් මේවගේ උදවු කරන්න පුලුවන්වුනේ මාව කෙල්ලෙක්වුන හින්දනෙ.....මම කල්පනා කරන්න ගත්ත....
              රෑ කෑමෙන් පස්සෙ නංගි අම්මට දුරකතනයෙන් කතාකරනව ඇහුන.....අම්මේ ගෑනු ලමයෙකුට දාන්නෙ ලස්සන නමක් කියන්නකො.....කාටවත් නෙවෙයි අම්මෙ මේ අක්කට......අක්කට තාම බබාල නෑ අම්මෙ ඒකට තව කල්තියෙනවනෙ....අම්ම ඇහුව දේට පිලිතුරු දුන්න ඇය.....අක්කගෙ අලුත් උපැන්න සහතිකෙට දාන්න නමක්....ඇය කිව්ව.....ඒ බේත හදල අක්කට දීල අම්මෙ....එයා කියනව දැන් ඒව ඕනැ නෑ කියල......මේ විදිය ඉස්සරට වඩා හොදයිලු.....එකනෙ අම්මේ....අපි ඔක්කොම කැමතියි.....අක්කගෙනෙ කැමත්තක් තිබුනෙ නැත්තෙ.....ඔන්න අක්කත් දැන් ගෑනු කමට කැමතිවෙලා.......නංගි සිනාසෙමින් කියනව ඇහුන.....
            පහුවදා වික්‍රම වැඩට යන්න ලැස්තිවෙලා මට කතා කලා....ඒවෙනකොට නංගි කැම්පස් යන්න ගෙදරින් පිටවෙලා හිටියෙ. මම එයා ගාවට ගියාම එයා මාව තුරුලු කරගෙන මුහුන සිපගන්න ගත්ත..මම එයාගෙ පපුවට තුරුලුවෙලා සුලුවෙලවක් ඔහුගේ උනුසුම විදගත්ත.......මම අදම ඔයාගෙ මැඩිකල් රිපෝට් එක හදන්න පටන්ගන්නව.....කිව්ව ඔහු වැඩට යන්න පිටත්වුනා......වික්‍රම හවස ගෙදර ආවෙ නංගි ගෙදර ආවට පස්සෙ......එයා ඇදුන් මාරුකරගන්න කාමරේට ගියහම මම නංගිත් එක්ක නම් තෝරන්න පටන්ගත්ත.....ටික වෙලාවක් ගතවුනා....වසන්තී.....යනුවෙන් වික්‍රම  මට කතාකරනව ඇහුන.....අන්න අක්කට කතාකරනව....නංගි කිව්ව.....මොකටද දන්නෙ නෑ....කියල යන්න හැදුවම.....දැන් එයාට අක්ක නැතුව බැරුව ඇති......නංගි සිනාසෙමින් කිව්ව....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: