Thursday, August 2, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 36................වික්‍රම ගියාට පස්සෙ මම කාමරේට ගියා. මා දැන් මෙහාට ආවෙ මාස ගානකට විතර පස්සෙ.....ඒත් කාමරේ හැඩිවෙලා තිබුනෙ නෑ....අම්ම නිතර අතුගානව ඇති කියල හිතුව.......දාල ගිය සමහර කලිසම් සහ කමිස තාම රාක්කවල තිබුන .....දැන් මට පිරිමි ඇදුමක් ඇන්ද කාලයක් මතක නෑ....ඒවා දිහා බලාගෙන කල්පනාකලා...නංගිටයි අම්මටයි දෙන්න ගෙනාව තෑගි පාර්සල් දෙක අරගෙන එලියට ගියා.....එතකොට අම්මයි නංගියි සාලයෙ කතාකරකර ඉන්නව දැක්ක....තෑගි පාර්සලේ අම්මට දීල ඇයට වැන්ද....ඇය මාව නැගිට්ටවල මගෙ මුහුන සිපගත්ත....නංගිට සැන්ට් කුප්පිය දුන්න මම ඇයව තුරුලුකරගෙන ඇගේ මුහුන සිපගත්ත....ඇයද මගේ මුහුන සිපගන්නවුනා.....මම ආයෙත් කාමරේට ගිහිල්ල ගෙනා ඇදුම් ටික එලියට අදිනකොට කනගාවින් චූස් ගාල සද්දෙකුත් එක්ක සුවදක් ආවහින්ද ඒපැත්ත බැලුව.....අක්ක දුන්න සැන්ට් එකනම් හරිම සුවඳයි ඇය මගේ ඇගට තවත් සැන්ට් පහරක් එල්ල කරමින් කිව්ව....ඕක මට ගහන්න නෙවෙයි දුන්නෙ ඔයාට.....මම කිව්ව....මම එහෙම කිව්වම ඒක පෙට්ටියට දාල වහල මාදිහා හුරතල් විදියට බලා හිටිය.....මොනවද බලන්නෙ....මම ඇහුව.....අක්කගෙ ලස්සන.....කිව්ව ඇය පිස්සියෙක් වගේ මගේ ඇගේ එල්ලිලා මටත් දැන් ලස්සන අක්කියෙක් ඉන්නව කිව්ව......මේ මොකද මේ.....අම්මගෙ කටහඬ ඇහුන හින්ද නංගි මාව අතහැරිය....ඇය....මටත් දැන් ලස්සන අක්කියෙක් ඉන්නව අම්මෙ.....සතුටින් කියන්න ගත්ත....මම එහෙ ගිහින් ඇවිත් ඔයාගෙ විස්තර කිව්වම ඔයාව බලන්න ඕනැ කියල මෙයාගෙන් බේරෙන්න බැරුව හිටියෙ....අම්ම කිව්ව....මම සිනාසෙමින් ගවුමක් අරන් දිග ඇරල බලනකොට ඒකෙ කොනකින් අල්ලගත්ත නංගි අනේ අක්කටනම් ලස්සන ගවුන් තියෙනව....කිව්ව....ගෙදර තව ඇදුන් තියෙනව හෙට යන්න හිතාගෙන ආව හින්ද දෙක තුනයි ගෙනාවෙ මම කිව්ව......ඒවත් ලස්සන ගවුන් වෙන්න ඇති....නංගි ඇහුව....ඔව් දුවේ වික්‍රම අයිය මෙයාට ලස්සන ලස්සන ඇදුම් අරන්දීලනෙ.....අම්ම කිව්ව....මම ගෙනා අනිත් ඇදුනුත් දිග හැරල බලනකොට නංගි ඒව ආසාවෙන් අතගාල  බලනව දැක්ක......නංගි කැමතිද මේ ඇදුම්වලට.....මම ඇහුව....මට ඕවගෙ වටිනාඒව අදින්න වාසනාව නෑනෙ......ඇය කනගාටුවෙන් වගේ කියන කොට මට ඇය කෙරෙහි දුකක් ඇතිවුනා.....නංගි මේටික ගන්න...යනකොට ඇදගෙන යන්න එකක් තිබුනොත් ඇති...මම කිව්ව.....අක්කට කරදර කරන්න එපා දුවේ....එයාට මේ සතියටවත් අදින්න ඇදුම් නෑ කිව්වනෙ....අම්ම කිව්ව....ඒක තමා අක්කට නෑනෙ මේව ඕනෙ නෑ.....නංගි කිව්ව......ඔයාගෙ ඇදුන් දෙන්නකො මට ඒව අදින්න පුලුවන්නෙ....මම කිව්ව.....අක්කට අදින්න තරම් ලස්සන ඇදුමක් මාගාව නෑ අක්කෙ.....ඇය දුකෙන් වගේ කිව්ව......යමු බලන්න නැද්ද කියල මම කිව්ව.....දෙන්න එක්ක ඇදුම් ප්‍රශ්නෙ විසඳා ගන්නකො මම යනව බත් බෙදන්න.....කිව්ව අම්ම කාමරෙන් කුස්සියට ගියා.....නංගි මාව එක්කගෙන ඇගේ කාමරය තුලට ගියා....නංගි ලොකු ලමයෙක් උනාට පස්සෙ අත්‍යාවශ්‍ය දේකට හැරෙන්න මේ කාමරේට ඇවිත් තිබුනෙ නෑ ....ඒවගෙම නංගිත් මගෙ කාමරෙට ආවෙ නෑ.....අද කිසි ගානක් නැතුව ඇය මගේ කාමරේට ආව මම ඇගේ කාමරේ ඇතුලට ගියා.....මම දැන් ඇගේ අක්කාවීම එයට හේතුව බව මට තේරුනා. 
              ඇයට තිබුනු ඇදුම් එකින් එක මට පෙන්වන්න වුනා.....මා ගාව තිබෙන ඇදුන් තරම් වටින්නේ නැති උනත් ලස්සන ඇදුන් කිහිපයක් තියෙන බව දැක්ක......අක්ක මේකෙන් ඕනැ ඇදුමක් අරන් ඇදගන්න ඇය කිව්ව.....අර රතුපාටට හුරු ගවුම අරන්දෙන්න...මම කිව්ව ...අයියෝ අක්කේ ඒක ගොඩේ කෙල්ලො අදින ඇදුමක්නේ....මමත් දැන් ඒක අදින්නෙ නෑ....මම ඒකට ආසයි දෙන්නකො බලන්න....මම කිව්වම ඒක මට දුන්න.....මම ඒ ගවුමත් අරන් කාමරෙට ගිහින් ඇදගෙන ආව ඇදුම් ගලවල ඒ ගවුම ඇදගත්ත.....ශා අක්කට මගෙ ඇදුම් ගානටම තියෙනවනෙ...සතුටින් කිව්ව නංගි දැන් අක්කත් ගොඩේ කෙල්ලෙක් වගේ වෙලා ....දුකෙන් වගේ කිව්ව..... මම මේ ගවුමට කැමතියි නංගි..... කිව්ව මම ඔය ගවුන් වලින් එකක් ඔයා තියාගන්න.....මම කිව්වම.....ඔය ඇත්තමද... කිව්ව ඇය.....මගෙ හොද අක්කී කියල මගෙ මුහුන ඉඹලා ගවුමක් අරගෙන කාමරේට දුවගෙන ගියා.....
                පුතේ කෑම කන්න එන්න කියමින් කාමරේට ආව අම්ම කෝ අක්ක කියල මගෙන් ඇහුව.....මම ඇය දිහා බැලුවම ....මම හිතුවෙ මේ ඔයාගෙ නංගි කියල.....නංගිගෙ ගවුමක්නෙ ඇදගෙන ඉන්නෙ.....සිනාසෙමින් කිව්ව අම්මා....එන්න බත් කන්න කිව්ව.....නංගී එන්න කෑම කන්න....කියමින් මම නංගීගෙ කාමරේ ඇතුලට ගියාම ඇය මම දුන්න ගවුම ඇදගෙන් සතුටින් හැඩබලනව දැක්ක....කෙල්ලන්ට ඉතින් ලස්සන ඇදුමක් දැක්කම ඊට වැඩිය  දෙයක් නෑ.....මම ඇය දිහා බලාගෙන කල්පනා කලා. දැන් මම ලස්සනයි නේද අක්කෙ ඇය මගේ දිහා බලල ගවුම පෙන්වමින් ඇහුව......ගොඩක් ලස්සනයි....මම කිව්ව......නංගි ඒ ගවුම පිටින්ම කෑමකන්න ගියා.....මොකද මේ අක්කගෙ ගවුමක් නේද ඇදගෙන ඉන්නෙ....අම්ම ඇහුව.....මේක අක්ක මට දුන්නනේ.....ලස්සනයි නේද.....ඇය සතුටින් කිව්ව.....අක්කට මේ සතියට අදින්න ඇදුන් නැතුව ඉන්නව මෙයා ඒකත් අරගෙන.....අම්ම ඇයට දොස් කිව්ව.....ගැටලුවක් නෑ අම්මෙ මමයි දුන්නෙ....මට අදින්න නංගිගෙ ඇදුම් තියෙනවනෙ.....මම කිව්ව....  මම නංගිගෙ ගවුම ඇදගෙන ඉන්නකොට පොඩිකාලෙ සිද්දියක් මතක් වුනා....  

No comments: