වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 56..........අම්මත් අලුත් සාරියක් ඇඳගෙන මනමාලියෙක් වගේ ඉන්නව දෑක්ක මම.....අද අම්ම හරිම ලස්සනයි.....කිව්ව.....එතකොට චිත්‍රා වතුර පුරවපු පුංචි කලයකට මිදුලෙ තියෙන සමන් පිච්ච මල් වැලෙන් මල් කොහිපයක් දාල.....මගෙ අතට දීල නංගි දොට්ට බහින කොට මේක අරන් ඉසරහට එන්න කිව්ව.....ඇඉ ඒ....මම මෙවගෙ වැඩක් මීට ඉස්සර කරල නැති හින්ද ඇගෙන් ඇහුව....සුබ ගමනක් යනකොට මැඩම් හොදදෙයක් ඉස්සරහට හම්බවෙන්න ඕනැ......ඔය පිරුනු කලේ අරන් යනකොට මැඩම්ගෙ සිරියාවන්ත කමත් එක්ක පුංචි නෝනට ගොඩක් සුබවෙයි.....ඇය කිව්ව.....වික්‍රම වාහනය ගත්ත......මම කලෙත් අරගෙන මිදුලට බැස්ස......නංගියි අම්මයි දොට්ට බහිනකොට මම කලෙත් අරගෙන....ඇය ඉස්සරහට ගියා......නංගි අහිංසක සිනාවක් දාගෙන මම ලගට ආවම...මම ඇයට ආශීර්වාද කරල මුහුනෙයි හිසෙයි වතුර ටිකක් ගැව.
මම වෙනද වගේ ඉස්සරහ අසනයෙන් වාඩිවුනා....අම්මයි නංගියි පිටිපස්ස ආසනයට ගියා......දැන් ආපහු එනකොට කැබ් එකකින් ගෙදර එන්න.....මේ සල්ලි තියාගන්න ඒකට ගෙවන්න....ඔහු මට රුපියල් දාහෙ කොලයක් දික්කරල කිව්ව.....එපා වික්‍රම මාගාව තියෙනව....මම එය ප්‍රතික්ෂේප කරමින් කිව්ව.....විකාර නැතුව ඕක තියාගන්න ලමයෝ.....වික්‍රම කිව.....අකමැත්තෙන් උනත් මට ඒ සල්ලි ගන්න වුනා.....අපිව කොළඹ විශ්වවිදයාලය ගාවින් බැස්සුව වික්‍රම වැඩට ගියා......අපි යනකොට අලුත් ලමයි ගොඩක් ඇවිත් හිටිය.....ටික වෙලාවකින් අලුත් ලමයින්ට විතරක් එහි තිබුනු ශාලාවක් ඇතුලට එන්න කිව්ව.....නංගි එහෙනම් යන්න අපි ගේට්ටුව ගාව ඉන්නම් .....කිව්වම ඇය අලුත් ලමයි එක්ක ඇතුලට ගියා.... අම්ම අනිත් ළමයින්ගෙ අම්මල කිහිප දෙනෙක් එක්ක කතාකරනව දැක්ක හින්ද මම ඔව්න්ට ටිකක් දුරින් හිටිය.....මා ළඟට ආපු පිරිමි ලමයි දෙන්නෙක්....අලුත් එක්කෙනෙක්ද ඇහුව....නෑ අපේ නංගිත් එක්ක ආවෙ...මම කිව්වම..මාත් එක්ක සිනාසුනු ඔව්න් මා පසුකර යනගමන්...කවුද බන් ඒ නංගි හොයාගෙන යන්න වටිනව.....අක්ක වගේම ලස්සන ඇති.....කියනව ඇහුන.....සැහෙන වෙලාවක් ගතවුනාට පස්සෙ නංගි තවත් ගැහැණු ලමයි කිහිප දෙනෙක් එක්ක අපිගාවට එනව දැක්ක.....මොකද උනේ...මම ඇහුව....අම්මත් අපිගාවට ආව.....පොටෝවගයක් ගන්න තියෙනව අයි ඩී හදන්න ඕනැලුනෙ......තව එක එක ඒවට සල්ලි ඕනැවෙනව ...නංගි අම්මට කිව්ව....කීයක් විතරද අම්ම ඇහුව.....පන්සීයක් විතර දෙන්නකො අම්මෙ....නංගි කිව්ව....අම්ම සල්ලි හියනකොට මම අතේ තිබුනු පර්ස් එක ඇරල පන්සීයක් ඇයට දෙන්න හැදුව.....අක්ක තියාගන්න මම අම්මගෙන් ඉල්ලගන්නම්.....අම්මගෙන් සල්ලිගත්ත ඇය.....මට හවස් වෙනකන් එන්න බැරිවෙයි අක්කෙ....ඔයාල යන්න.....එතකොට දුවට කන්න...අම්ම ඇහුව.....කැන්ටිමක් තියනවලුනෙ ඒකෙන් කන්න පුලුවන්.....ඇය කිව්ව.....එතකොට ඔයා ආපහු එන්නෙ කොහොමද.....මම ඇහුව.....ඒකනම් ප්‍රශ්නයක් තමයි....වටපිට බැලූ ඇය කිව්ව.....අපි තුන වෙනකොට මෙතෙන්ට එන්නම් ඔයා මෙතෙන්ට එන්න......මම කිව්ව....හරි අක්කෙ මෙතෙන්ටම එන්නම් කිව්ව.....
අපි කුලී රථයක නැගල ආපහු ගෙදර ගියා.....දවල්ට කෑමගත්ත අපි දෙන්න ආපහු තුනවෙන කොට විශ්වවිද්‍යාලය ගාවට ගියා...නංගි ගැහැනු ළමයි කීපදෙනෙක් එක්ක එතනට ඇවිත් හිටිය.....අපිව දැක්ක ඇය....යනව විනීතා....කිව්ව ඇය ඔව්න් අතරින් අපිගාවට ආව......එක දවසයි යාලුවො කීදෙනෙක් ද....අම්ම සිනාසෙමින් ඇහුව...එහෙම තමයි නේද නංගි යාලුවොත් ඉන්න ඕනැ.....මම කිව්ව..
යනගමන් ඇයව චායාරූප ගන්න එක්ක ගියා....ඒව ගත්තට පස්සෙ අපි ආපහු ගෙදරගියා......අම්මෝ අක්කේ අද යන්තන් බේරිලා ආවෙ...බෑග් එක මේසෙ උඩින් තියල කිව්ව......ඒ මොකද....මම ඇහුව....රැග් එක අක්කේ.....ඇය කිව්ව.....හෙට ඉදන් හොදට කන්න වෙනව....ඇය කිව්ව.....එකෙකුට දෙන්නෙකුට ගැහුවනම් හරිනෙ......මෙහෙ ඉදන් ඕව කිව්වට එහෙදි ඕව බෑ.....ඇය සිනාසෙමින් කිව්ව.
අම්මට ගෙදර යන්න ඕනැ කිව්ව හින්ද ...පහුවදා පාන්දරම ඇයව පිටකොටුව බස් නැවතුම් පලට ඇරලවල බසෙකේ නංවලා ගෙදර ආව....නංගිට විශ්වවිද්‍යාලයට යන්න ලේසිම බස් එක කියල දුන්නම එයාට ඒකෙ යන්න එන්න පුලුවන් වුනා.
නංගි ඇවිත් සතියක් විතර ගතවුනාට පස්සෙ වික්‍රම අපට ජංගම දුරකතන දෙකක් ගෙනත් දුන්න....ඔන්න ඔය දෙන්න මේක පාවිච්චි කරන්න. එතකොට බය නෑනෙ.....අක්කටයි නංගිටයි ඕනැ දෙයක් කතාකරගන්න පුලුවන්නෙ.....ඒ දෙක අපිට දුන්න වික්‍රම කිව්ව......මෙකනම් ලොකු දෙයක් අක්කෙ ....නංගි සතුටින් කිව්ව.....ඊට දින කිහිපයකට පස්සෙ ගෙදර දුරකතනය හරහා අන්තර් ජාල පහසු කම් ලබා දුන්න හින්ද ....නංගිගෙ වැඩවලට තවත් ලෙසිවුන බව ඇය කිව්ව....මෙතෙක් කල් මෙම පහසුකම ලබාගෙන තිබුනේ වික්‍රමගේ පරිඝණකයට පමනයි....අක්කටත් දැන් ඕනැ දෙයක් බලාගන්න පුලුවන් කිව්ව නංගි මටත් ඒවා පාවිච්චි කරන ආකාරය කියා දුන්නා.....
No comments:
Post a Comment