Tuesday, August 21, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 77...........නැකතට පිටත්වූ අපි පළමුව ගියේ ඡායාරුප ගතකරන ස්ථානයටය. අපි යනකොටත් වික්‍රම උඩරට නිළමේ ඇඳුමෙන් සැරසිලා ඔහුගේ යාලුවො තුන්දෙනත් එක්ක ඉන්නව දැක්ක එයාලත් හිටියෙ නිලමෙ ඇදුමෙන් සැරසිලා......මාත් ඉස්සර විදියට හිටියනම් මටත් අදින්න වෙන්නෙ ඔයවගේ නිලමෙ ඇදුමක්නෙ.....කල්පනාකලා..... ඒ උනාට මට මේ ඇඳුම හොඳයි ......සිතුන මට මනමාලියෙක් වෙන්න ලැබීමගැන සතුටක් ඇතිවුනා....අපිව නොයෙක් අකාරයට ඡායාරුප ගතකල පසු වික්‍රමට පෙර අපි උත්සව ශාලාව දිහාට ගියා.....අපි ගිහින් ටිකවෙලාවකට පස්සෙ වික්‍රමගෙ පිරිස ශාලාව කිට්ටුවට ආව ඔව්න්ව උඩරට නැටුමකින් කැදවාගෙන ඇවිත් උත්සව ශාලාවට ඇතුලුවූප් පසු ජයමන්ගල සහ පිලිගැනීමේ ගීතයෙන් පිලිගත්තට පස්සෙ....උත්සව ශාලාවට ඇතුලුවුනා.....අපේ අම්මයි අයියයි....ඔහුගේ නෑදෑ හිතවතුන් පිරිස පිලිගන්නා අයුරු දැකගැනීමට ලැබුන.....
                   කවි ගායනා මැද අපිදෙන්නා පෝරුවට නැග්ගාට පසු අශ්ඨක කීම ආරම්භ කලා......පිරිමියෙක් වෙලා ඉපදිලා අංගසම්පූරන ගැහැණු බව ලබාගෙන පෝරුවට නැග්ග පලවෙනි කාන්තාව මම වෙන්න ඇති.....අශ්ඨක ගායනා අතරතුර මම කල්පනා කලා.
                  අද රාත්‍රියේ තායිලන්තය බලා යන හින්ද කෑමෙන් පස්සෙ අපිට ඇදුම් මාරුකරගැනීමට සිද්දවුනා.....මට ලස්සන ගවුමක් ඇන්දවූ අතර......වික්‍රම කලිසමකින් සහ කෝට් එකකින් සැරසුනා.....මගේ ගෙදර අයගෙන් සමුගන්නාවිට මගේ හිතට විශාල දුකක් ඇතිවුනා.....මම අම්මව බදාගෙන අඩන්න ගත්ත.....නංගිත් මාව තුරුලුකරගෙන අඩන්න ගත්ත......මේ ඔකොටම වඩා මාගැන දුක තියෙන්නෙ නංගිට බව තේරුන මම ඇයව තුරුලුකරගෙන.....අනේ මගේ සුදු නංගියේ මම ආයෙ එනවනේ.....නංගි අඩන්න එපා....මම ඇගේ හිත සනසමින් කතාකලා......මම පිරිමියෙක් වෙලා හිටියනම් මේවගේ පිරිසක් ඉස්සරහ කදුලු පෙරාගෙන අඩන්න පුලුවන්ද.....මටත් දැන් අනිත් ගෑනුන්ට වගේ ඕනැ තැනක අඩන්න පුලුවන්.....ගැහැනුන්ට පමනක් උරුමවූ එම වාසනාව ගැන හිතමින් මගේ මුහුනේ කදුලු පිසදාගත්ත......සියල්ලගෙන් සමුගත්ත අපි කටුනායක බලා පිටත්වුනා.....
                   ගුවන් යානයකින් ගමන් කරල නැති මට මෙය අලුත්ම අත්දැකීමක් වුනා. ගුවන්තොටුපලට ආධුනකයෙක් වූ මට වික්‍රමගේ සහයෝගය වැදගත්වුනා.....බැන්කොක්වලින් බහිනකොට රෑවෙලා තිබුන හින්ද අපි කෙලින්ම ගියේ හොටලයට....අපේ කාමරේ තිබුනෙ තට්ටු තිස්ගානක් උඩ හින්ද හමතැනම විදුලු බුබුලුවලින් දැල්වුන ගොඩනැගිලි දැකගන්න ලැබුන.....ගියගමන් ඇදුම් මාරුකරගත්ත අපි....දෙන්න එක්කම නාගෙන නිදාගන්න ගියාම වික්‍රම මාව තදින් තුරුලුකරගත්ත හින්ද තවතවත් ඔහුට තුරුලුවුනා. ඒත් මම හිතගෙන අවෙ කාමරේට ආවගමන් වික්‍රම මට ඉන්නදෙන එකක් නෑ කියල. දහවල් තිස්සේ තිබුනු මහන්සිය හින්ද වික්‍රම හිතන්න ඇති මට කරදර කරන්න හොද නෑ කියල.....ඒත් මට මහන්සියක් නෑ කියන්න හදලත් එයාටත් මට වගේම මහන්සි ඇතිනෙ කියල මොකුත් කියන්නෙ නැතුව ඔහුට තුරුලු වෙලා ඇස්දෙක පියාගත්ත......ටිකවෙලාවකින් මට තේරුනා වික්‍රම ඇදෙන් වාඩිවුනා.....මමත් නැගිටල වාඩිවුනා.....මොකද වික්‍රම... මම ඇහුව.....ඊයෙ රෑ ඉදන් නිදිමරල මහන්සි වෙලානෙ ඕයා ඉන්නෙ....ඔයා නිදාගන්න පැටියෝ.....ඔහු මගේ මුහුන සිපගනිමින් කිව්ව......ඇයි වික්‍රම ඔයා නැගිට්ටෙ...මම ඇහුවම.....මට නින්ද ගියෙනැ...ඔහු කිව්ව.....ඇයි ඒ....මම ඇහුව.....අනේ මම දන්නෙ නෑ චාරුකා...... මට මේ වෙලාවෙ ඔයාට කරදර කරන්න හිතෙන්නෙ නෑ......ඔහු කිව්ව....මට කරදරයක් නෑ වික්‍රම ඔයාට මොනවද ඔනැ.....මම ඇහුව.....ඔයාට අමාරු නැත්නම් මට ඔයාව ඕනැ.....එතකන් මට නින්දයන එකක් නෑ.....ඔහු කිව්ව....මට අමාරුවක් නෑ වික්‍රම....මම ඔහුගේ ගෙල බදාගෙන කිව්ව.....ඔහු මගේ හිස කොට්ටය මත තියල සිපගන්න පටන්ගත්ත......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: