Saturday, August 4, 2018
වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 43................තේ බීල ඉවරවෙලා මුහුන හෝදන්න පටන්ගත්තම නංගිත් මාගාවට ආව.....දැන් අක්කට හරි ලෙසියි නෙද.....නංගි මා දිහා බලල ඇහුව.....ඒ මොකද මම ඇහුව.....දැන් රැවුල කපන්න ඕනැ නෑනෙ....මම දකිනව අයිය රැවුල කපපු සමහර දාට මුහුනත් කපාගෙන ඉන්නව......සිනාසෙමින් කිව්ව ඇය දැන් කපාගන්න ඕනැ නෑ කිව්ව....ඒ වුනාට මේ කොන්ඩෙ පීරන්න ගියාම එපාවෙනවනෙ.....මම කිව්වම.....ඕකත් මහ වැඩක්ද අක්කෙ....අක්කට පීරගන්න බැරිනම් මම පීරල දෙන්නම්......ඇය මගෙ කොන්ඩෙ දිහා බලල කිව්ව......අක්ක කොන්ඩෙ වවන්න ගත්තෙ වෙනස්වෙන්න පටන්ගත්ත දවස්වල ඉදලද....නංගි මුහුන හෝදන ගමන් ඇහුව.....ඔව් නංගි මම කපන්න හැදුවම වික්‍රම අයිය එපා කිව්වනෙ.....කෙල්ලෙක් උනාම කොන්ඩෙ කැපුවාම කැතයි නේද නංගි ....මම ඇහුව.....ඒකනෙ...අක්ක තවත් ලස්සන වෙලා තියෙන්නෙ ඔය කොන්ඩෙ හින්දනෙ.....නංගි කිව්ව.
කමරේට ගිහින් ඇදුම් මාරු කරගන්න ලැස්තිවෙනකොට නංගි ඇගේ ගවුමක් අරගෙන මා ගාවට ආව.....අක්කට මේ ගවුම ලස්සන ඇති....මේක ඇදල බලන්නකො....ඇගේ ගවුම මට දීල කිව්ව....මම ඒක අදින්න පටන්ගන්න කොට නංගි මාගාවින් ගියා....මම ඒක ඇදගෙන කන්නාඩියෙන් බැලුවම.....නංගි කිව්ව එක ඇත්ත කියල තේරුනා.....මම ඒක ඇදගෙන කාමරෙන් එලියට ගියාම නංගිත් සායකුයි බ්ලවුස් එකකුයි ඇදගෙන හිටිය. ඒත් සාය හුඟක් කොට බව දැක්ක මම....කාගෙද නංගියේ ඔය සාය.....ඇහුව......මගේ...කිව්ව ඇය ලස්සනයි නේද ඇහුව.....පොඩි කෙල්ලෙකුටනම් ලස්සනයි....මම හිනාවෙවී කිව්ව.....ඇයි...ඇය ඇහුව....ඕක ඇන්දට වැඩිය හොදයි නිකන් හිටියනම්... කිව්ව මම.....යට සාය ඇදලත් නෑ නේද...ඒක පේන්න තිබුන නැති හින්ද ඇහුව......ගෙදර ඉන්නකොට යට ඇදුම් මොකටද අක්කෙ....ඇය ඇහුව..... මොනවද නංගී..... ඔයා පපුවට ඇදලත් නෑනේද..... ඇගේ පපුව අතගාල ඇහුව මම..... අනේ නංගියේ ඔයා ලස්සන ගෑණු ලමිස්සියෙක් නේද. ...ගැහැණු ළමයි ලස්සනට ගවුරවයක් ඇතිවෙන්න ඇද පැලදගෙන ඉන්න ඕනැ නේද....ඇහුව......අක්ක ඉස්සරනම් මට ඕව කියන්න අවෙ නෑ දැන් අක්ක කෙනෙක් වෙලා මට නීති දාන්නත් එනව....ඇය තරහෙන් වගේ කිව්ව....කොල්ලන්ට ඕව කියන්න බෑ...ඒවුනාට මාත් දැන් ඔයාවගේ කෙල්ලෙක්....මට දැන් ඔයාගෙ අඩුපාඩු පේනව....කියන්නත් පුලුවන්....මම කිව්ව. ...අයිය කෙල්ලෙක් වෙලා මට හරි වාතයක් වුනානෙ....නංගි මට බැන බැන කාමරේ ඇතුලට යනව දැක්ක....එතකොට අම්ම අපි ළඟට ආව......මොකද දුවේ නංගි බැන බැන යන්නෙ.....ඇය නංගි යනදිහා බලල මගෙන් ඇහුව.....බලන්නකො අම්මෙ කොට සායක් ඇදගෙන ඉන්නව මටනම් ලැජ්ජාවෙ බෑ....මම බැන්න......මම ගේ අතුගාන ගමන් කිව්ව.....මාත් කියනව දුවේ....කෝ අහන එකක්ද....කිව්ව අම්ම කුස්සිය දිහාට ගියා....
අයිය තාමත් ඇහැරිලා නෑ කියල මට තේරුනා. අද සදුදා හින්ද කඩේ වහන දවසක් කියල පස්සෙ මට මතක්වුනා. මම අතුගාමින් ඉන්න කොට නංගි වෙන සායක් ඇඳගෙන මා ගාවට ඇවිත්.....සාය අත්දෙකෙන් අල්ලල දැන් හරිද කියල ඇහුව..ඒක දනහිස ගාවට චුට්ටක් උඩින් තිබුන හින්ද ගැටලුවක් නෑ කියල තේරුනා....මම ඇදගෙන ඉන්න ගවුමෙ සායත් දනහිස ගාවටයි තිබුනෙ..මෙහෙට එන්න මම කොස්ස අතේ තියාගෙන කතාකලා....ඇය මාගාවට ආව........මම ඇය ඇදගෙන හිටිය සාය උස්සල යටට සායක් ඇද ගෙනද කියල බැලුව.....දැන් හරි...මම කිව්වම....ඕක විතරක් නෙවෙයි මේ බලන්න කියල ඇය සාය තව ටිකක් උඩට උස්සල යට කලිසම පෙන්නුව.....හරිහරි....මම සිනාසෙමින් කියන කොට මේ බලන්න කියල ඇඳගෙන හිටිය බ්ලවුස් එකේ බොත්තමක් පන්නල බ්රෙසියරයත් පෙන්නුව.....හරි හරි ඔයා මගෙ හොද නංගිනෙ...කිව්ව මම නංගි ගාවට ගිහින් මුහුන ඉඹල එයාගෙ මුහුන මගෙ පපුවට තුරුලු කරගෙන සුලුවෙලාවක් හිටිය.....මම ගේ ඇතුලනම් අතුගෑව....නංගි මිදුල අතුගාන්නකො....මම කිව්ව.....අම්මනෙ වෙනදට අතුගාන්නෙ.....නංගි කිව්ව....ඒ වෙනදටනෙ.....මේ ගේ අතුගාල මාත් එන්නම් දෙන්න එක්ක අතුගාමු මම කිව්ව.....අක්කත් එනවනම් එන්නම් ඇය සතුටින් කිව්ව....මම ගේ අතුගාල ඉවර උනාට පස්සෙ නංගිත් එක්ක මිදුල අතුගාන කොට අක්කත් මිදුල අතුගාන්නෙ අපේ අම්ම අතුගානව වගේනෙ.....මම රටාවකට අතුගානකොට නංගි කිව්ව....මෙහෙම තමයි අතුගාන්නෙ ... කිව්ව මම නංගිත් මේ විදියට අතුගාන්න පුරුදුවෙන්න..... කිව්ව.වික්‍රමගෙ ගෙදර මිදුල වගේ නෙවෙයි අපේ ගෙදර මිදුල ලොකුවට තියෙන හින්ද අම්ම ඉස්සරත් මට කියනව මිදුල අතුගාල දෙන්න කියල ....මම එහෙම අතුගාල තමයි මේවගෙ අතුගාන්න පුරුදු වුනේ. .....නංගිත් මම වගේ අතුගාන්න උත්සාහ කරන බව මට තෙරුනා....
අද අයිය ගෙදර ඉන්න හින්ද එයත් අපිත් එක්ක කෑම ගත්ත....නංගි මේටිකේ ගෙදර නිකන් ඉන්න එකේ. මොකක් හරි කලොත් නරකද.....මම අයියට ඇහෙන්න එක්ක ඇහුව......මට කොම්පියුටර් කෝස් එකක් කරන්න ආසයි අක්කෙ.....ඒවුනාට අම්ම ගනන් ගන්නෙ නෑනෙ.....නංගි දුකෙන් වගේ කිව්ව.....අයිය කෑම ගන්න ගමන් කල්පනා කරනව දැක්ක.....ඕවට වියදම් යනවනෙ නංගි අම්මටත් සල්ලි තියෙන්න ඕනැනෙ....මම කිව්ව.....කීයක් විතර යයිද නංගි අයිය ඇහුව.....කෝස් එකටම පනහක් විතර යනව...තව කොම්පියුටරයක් ගන්නත් ඕනැ.....නංගි කිව්ව.....මා ගාවත් සල්ලි ටිකක් ඇති නංගි... මම නංගිට කොම්පියුටරයක් අරන්දෙන්නම්.........මම කිව්වම....අක්කටයි අයියටයි කරදර කරන්න එපා දුවේ එයාලත් අමාරුවෙන්නෙ ඉන්නෙ.....අම්මා කිව්ව....එක සැරේම ඔක්කොම ගෙවන්න ඕනැද ......අයිය ඇහුව.....නෑ අයියෙ ටිකටික ගෙවන්න පුලුවන්....නංගි කිව්ව..මටත් මේදවස්වල සල්ලි හිරවෙලා ඒත් කමක් නෑ කිව්ව ඔහු...හරි ඒක මම දෙන්නම්කො.....කිව්ව....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment