Thursday, August 9, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 55............ඉරිදා දහය වෙනකොට නංගි අම්මත් එක්ක අයියගෙ වාහනේ ආව....නංගිගෙ පරිඝණකය දාපු පෙට්ටිය අයිය උස්සගෙන ආව අතර නංගි ඇදුම් බෑගය අරගෙන ගේ ඇතුලෙන් තියල ආපහු ගිහින් එයාගෙ රෙදි බෝනිකත් වඩාගෙන ඇවිත් බෝනික්ක මගෙ අතට දුන්න දීල රෙදි බෑග් එක කාමරේ ඇතුලට අරගෙන ගියා...අයිය ලොකු බෑග් එකක් අරන් ඇවිත් මේටික කුස්සියට ගෙනියන්න කියන්න නංගි.... කිව්ව.....මේ මොනවද....වික්‍රම..... අයියගෙන් ඇහුව....පහේ ටිකක්.... කිව්ව අයිය ආපහු වාහනේ දිහාට ගිහින් හාල් ගෝනියක් ගෙනල්ල තිබ්බම....මොනවද සුරංග මේ කරන්නෙ.....මෙහෙ ඕනැතරන් මේව තියෙනව.....මීටපස්සෙ එහෙම මේව ගේන්නෙ නෑ....කිව්ව වික්‍රම ....ඔන්නම් ගමේ ගොඩේ හැදෙන ඒව අරන් එන්න ....කිව්ව.....දැන් අයියයි අම්මයි අදයි හෙටයි මෙහෙ ඉන්නව නේද.....මම ඇහුව.....මම අද ආපහු යනව නංගි...... අම්මනම් දවස් දෙකතුනක් ඉදියි.....අයිය කිව්ව.....අම්ම හෙට මාත් එක්ක කැම්පස් එකට යනවනෙ ....අක්කෙ....නංගි කිව්ව....ඔවු දුවේ......අදයි හෙටයි මෙහෙ ඉදල අනිද්ද යනව.....අම්ම කිව්ව. චිත්‍රා අපි සැමටම කෑම පිලියෙල කරන හින්ද. දවල්ට කෑම කාල යන්න කියල අයියට කිව්ව....චිත්‍රා කෑම හදනකන් වික්‍රම... අයියත් එක්ක ලැබ් එක ඇතුලට ගියා....මම අම්මගෙ කාමරේ පෙන්නලා නංගිත් එක්ක මගෙ කාමරේ ඇතුලට ගියා....ඔයාගෙ ඇදුන් ටික මේකට දාගන්න නංගි ....මම ඇයට අල්මාරියේ අස්කල කොටස පෙන්නුව.....නිතර අදින ඒව මේ රාක්කෙට දාන්න.....ඇයට ඇදුම් රාක්කයද පෙන්වලා කිව්ව...මම බෝනික්කව නංගි නිදාගන්න කොට්ටෙ ගාවින් තිබ්බ.....නංගි බෑග් එකේ තිබුන ඇදුම් ටික එලියට අදින්න ගත්ත ....ඇයගෙ පොත් ටික කුත් වෙන බෑග් එකක ගෙනත් තිබුන මම දැක්ක....මම ඒවටික එලියට අරගෙන එයාට වෙන්කල මේසෙ උඩින් තිබ්බ.....එයාගෙ කොන්ඩකටු සුවද විලවුන් පනා කන්නඩි වගේ හැමදෙයක්ම ඒකෙ තිබුන.....මේව මෙහෙ උස්සගෙන ආවෙ මොකටද නංගි මෙහෙන් ගන්න තිතිබුනනෙ ....මම ඒව මේසෙ උඩින් තියන ගමන් ඇහුව.....එහෙ තිබුනයි කියල අම්ම ඕව පාවිච්චි කරන එකක්යෑ.....කිව්ව නංගි..... අක්කටත් ඔන්නම් ඕව පාවිච්චි කරන්න......කිව්ව.....නංගි එහෙම කිව්වම නංගි දැන් කොයිතරම් වෙනස්වෙලාද...ඉස්සර එයගෙ ඒව අයියටයි මටයි අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ.....දැන් කියනව එයාගෙ ඕනැ එකක් ගන්න කියල......මෙයානම් පුදුම කෙල්ලෙක්.....මම කල්පනා කලා.
නංගි ඇදුම් එකින් එක අල්මාරියේ අඩුක්කරල.....ඇදුන් මාරුකරගන්න මම ඉස්සරහම ඇදගෙන හිටිය බලවුස් එක ගැලෙව්ව....එයා දිහා බැලුව මම.....නංගි ඇදුන් මාරුකරගන්න.... කියල කාමරෙන් පිටවෙන්න හදනකොට.....ඇයි... අක්ක හිටියට කමක් නෑ.....දැන් ඔයා ඉස්සර වගේ කොල්ලෙක් නෙවෙයිනෙ.....මගෙ අක්කනෙ....නංගි බ්රෙසියර් එක අයින් කරන ගමන් කිව්ව....ඇයි ඕක ගලවන්නෙ.....මම ඇහුව.....මේක අලුත් එක.. වෙන එකක් ඇදගන්නව....ඇය කිව්ව......නංගිගෙ පියයුරු දෙකත් මගෙ වගේමයි කියල...ඇය බ්රෙසියරය අයින් කලාම පෙනුන....මම කොල්ල කාලෙ මේව දකින්න කොච්චර ආසද....දැන් නිකමටවත් බලන්න හිතෙන්නෙ නෑ...ඒවුනාට මාව ආයෙත් කොල්ලෙක් උනොත්නම් බලන්න හිතෙයි.....මම කල්පනා කලා......මම චිත්‍රා මොකද කරන්නෙ කියල බලල එන්නම්.....නංගි ඇදුම් මාරුකරගෙන මේ පොත්ටිකත් පිලිවෙලට තියගන්නකො කියල.....කුස්සිය දිහාට ගියා.....ඒ වෙනකොට ඇදුම් මාරු කරගෙන හිටිය අම්ම කුස්සියට ගිහින් චිත්‍රාත් එක්ක කතාකරනව දැක්ක....කෝ නංගි.....අම්ම ඇහුව....කාමරේ අම්මෙ එයාගෙ බඩුටික අස්කරනව......මම කිව්ව....මේ වෙනකොට චිත්රා අපිට තේ ලෑස්තිකරල තිබුන හින්ද.....මම ගිහින් වික්‍රමට කතා කරල අයියත් එක්ක තේ බොන්න එන්න කිව්ව....නංගිත් මම එහෙදි දුන්න ගවුමක් ඇදගෙන කුස්සිය දිහාට එනව දැක්ක......කොහේ යන්නද....අම්ම නංගි දිහා හොදට බලාගෙන ඉදල ඇහුව.....කොහේවත් යන්න නෙවෙයි.....නංගි කිව්ව.... හොද ගවුමක් ඇදගෙන ඉන්න හින්ද ඇහුවෙ....අම්ම කිව්ව.....එහෙ වගේ නෙවෙයිනෙ අම්මෙ මෙහෙ....මෙහෙ කොළඹ ...ලස්සනට ඇදගෙන ඉන්න ඕනැනෙ...නංගි ඇදගෙන ඉන්න ගවුමේ සාය අතින් කරකවමින් කිව්ව.
දහවල් ආහාරයෙන් පස්සෙ ටිකක් වෙලා ඉදල අයිය ආපහුගියා. වික්‍රම නංගිගෙ පරිඝණකය ආයෙත් හයිකරල දුන්න.....කොහොමද නංගි ඔයාගෙ කෝස් එක.....වික්‍රම කාමරෙන් ගියාට පස්සෙ මම ඇහුව......තව ටිකක් තියෙනව අක්කෙ ඒක ටික ටික කරන්න කියල එයාල කිව්ව.....පස්සෙ නිවඩුවෙලාවක....ගිහින් සම්පූරණ කරනව.....ඇය කිව්ව....දැන් මට මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්....ඇය සතුටින් කිව්ව. ඉසල්ල වගේ අද රෑ නංගි නිදාගත්තෙ මා ගාව ......අද ඉදන් වික්‍රම බේත හොයාගන්න කාලෙ වෙනකන් නංගි මාගාව නිදාගනියි කියල කල්පනා කල.
පහුවදා උදේ නංගි විශ්වවිද්‍යාලයලයට යන්න ලෑස්තිවුනා....මාත් ඔවුන් සමග යන්න සූදානම් උනා...අලුත් ගවුමක් ඇදගත් නංගි පයිල් කවරෙකට හිස් කොල කිහිපයක් දාගෙන බෑග් එකට දාගත්ත. අද ලෙක්චර් නැතිවෙයි නංගි..... අදනෙ ඇතුලු කරන්නෙ.....හැබැයි රැග් එකටනම් අහුවෙයි...මම කිව්ව....මාව රැග්කරන්න ආවොත් මම බලාගන්නම්කො....නංගි චන්ඩියෙක් වගේ....කිව්ව.....

Transgender body swap ගේ ඡායාරූපය

No comments: