Sunday, August 5, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 44................ අපි එහෙම පොරොන්දු උනහම සතුටට පත්වුන නංගි අයියගෙ මුහුන සිපගෙන ...තැන්කිව්...අයියෙ කියල ඉදුල් අතින් මගෙ මුහුණ බදාගෙන සිපගත්ත....මොකක්ද ඔය කරන්නෙ....අක්කගෙ මුනුන පුරාම අතේ තිබුන ඉදුල් ගෑව නේද......අම්ම කිව්ව....නංගි මගේ මුහුන දිහා බලල.....අනේ සොරි අක්කේ කියල මුහුනෙ ඉදුල් ටික පිහදාන්න ගත්ත.....වැරදි වැඩ කරල දැන් සොරි කියනව....අම්ම නංගිට බනින කොට....නංගි වැරදි වැඩක් නෙවෙයිනෙ අම්මෙ කලේ නංගිට ආව සතුටට ඕව මතක්වෙන්නෙ නැතුව ඇති.....මම කිව්ව. කොයි වෙලාවටද අක්කෙ ටවුමට යන්නෙ....නංගි ඇහුව.....හවසට යමු...මම කිව්ව......අද සඳුදා ටවුමෙ කඩවල්නම් වහල....මොකටද යන්නෙ.....අයිය ඇහුව. ....අක්කට මොනවද බඩුවගයක් ගන්නලු.....නංගි කිව්ව....අක්කට ඕනැ ඒව මේ ළඟ කඩෙත් තියෙන්නෙ.....දෙන්න එක්ක ගිහින් අරන් එන්න.....අම්ම කිව්ව.....එහා හන්දියටනම් මම යනව ඔන්නම් මත් එක්ක යන්න පුලුවන් එහෙ කඩ ඇරල......අයිය කිව්ව. එහෙනම් අයියත් එක්ක යමුනේද ....අක්කේ....ඇහුව නංගි අයිය දැම්ම යනවද ඇහුව.....තව පොඩ්ඩකින් යනව...ඔහු කිව්ව. ....පුතා එහෙගිහින් පරක්කු වෙලා එනවනම්....නංගිලා එක්ක යන එක ප්‍රශ්නයක් නේද.....අම්ම ඇහුව.....එච්චර වෙලා යන්නෙ නෑ අම්මෙ.....ඔන්නම් පැයක් විතර යයි....අයිය කිව්ව.....එහෙනම් එක්ක යන්න...... අම්ම කිව්ව.
                  අපිදෙන්න ලෑස්ති වෙලා එනකොට....අයිය වාහනේට නැගල හිටිය....මම වෙනද යන්නෙ අයියත් එක්ක ඉස්සරහ ආසනයේ....ඒත් අද මම කෙල්ලෙක් හින්ද පස්සෙ ආසනයට  ගියා.....අක්ක යන්න ඉස්සරහට....නංගි කිව්ව....නෑ නංගි යන්න ඉස්සරහ....ඔයා අයියගෙ නංගි කියල ඕනැ කෙනෙක් අදුනනවනෙ.....මාව දැන් කවුරුවත් අදුනන්නෙ නැති හින්ද ඔක්කොමල්ල බලයි...අයියත් එක්ක යන කෙල්ල කවුද කියල......මම කිව්වම ඒකත් ඇත්තනෙ...... කිව්ව නංගි ඉදිරි අසුනෙන් වාඩිවුනා.....ටවුමෙ කඩයක් ගාව නවත්තපු අයිය....මම මෙහාට  යනව ඔයාල ඕනැ දිහාක ගිහින් පැයක් ඇතුලත එන්න ඕනැ ...කිව්ව.....මම මට අවශ්‍ය ෆෙම්ස් පැකට් කිහිපයක් ගත්ත.....ඊට පස්සෙ නංගි මාව කොම්පියුටර් කඩයකට එක්ක ගිහින් තිබුනු ඒවයේ ගන්නන් අහන්න ගත්ත.....නංගි මෙහාට වඩා කොළඹ ලාබයි....මම ඔයාට එහෙන් එකක් අරන් දෙන්නම්....ඇයට සෙමින් කිව්ව.....දැන් අක්ක මෙහෙ ඒවයෙ ගාන දැනගත්තනෙ.....නංගි කිව්ව.....ඊලගට මාව එක්ක ගියේ කාන්තාවන්ට අවශ්‍යය උපකරන තියෙන කඩේකට....ඇය කොන්ඩෙට ගහන ඒව කිහිපයක් ගත්ත ...මම ඒවට මුදල් ගෙව්වහම ගෙදර ගියාම අම්මගෙන් ඉල්ලල දෙන්නම් කිව්ව.....ඕනෙ නෑ නංගි එච්චර ගානක් ගියෙ නෑනෙ....මම කිව්ව.....ඒක නෙවෙයි නංගි අද හවස අපි කුරහන් හැලප ටිකක් හදමුද.....ඇහුව.... ඒවනම් රසයි... කිව්ව ඇය...අක්කට පුලුවන්ද ඇහුව....මම චිත්‍රත් එක්ක හදල තියෙනව.....එහෙ පොඩි කැන්ද ගහක් තියෙනව ඒකෙන් කොල ටිකක් කඩාගෙන හැදුව....මෙහෙනම් ඕනැ තරම් කැන්ද කොල තියෙන්නෙ....නංගි කිව්ව.....අපි ඒකට අවශ්‍යය කුරක්කන් පිටි ආදිය අරගෙන වාහනේ තියෙන තැනට ගියා.....ඒත් අයිය ඇවිත් හිටියෙ නෑ....අපි එතැන ඉන්නකොට අපේ ලොකු බාප්ප එනව දැක්ක....මම ඔහුව අදුනන්නෙ නැතුව වගේ හිටිය.....ඔහු මගේ නංගි දැකල ළඟට ආව.....මේ මම ඔයාගෙ යාලුවෙක් කියන්න.....මම නංගිට සෙමින් කිව්ව.....දුව කොහේද යන්නෙ.....ඔහු ඇහුව....අයියත් එක්ක බඩුවගෙයක් ගන්න ආව බාප්පෙ.....ඇය කිව්ව.....මේ යාලුවෙක් වෙන්න ඇති...මා දිහා බලල නංගිගෙන් ඇහුව.....ඔව් බාප්පෙ යාලුවෙක්.....මාත් මේ වැඩකට ආව....යන්නම් දුව.... කියල ඔහු ගියා....තව ටික වෙලාවකින් මගෙ පන්තියෙ හිටපු යාලුවෙක් යනව දැක්කත් ඔහුත් එක්ක කතා කරන්න බැරිහින්ද නිකන් හිටිය......දැන් මම කෙල්ලෙක් වෙලා හින්ද පරන යාලුවො නෑදෑයො කවුරුවත් මාව අදුනන්නෙ නෑ.....මම කොහොමද එයාලට කියන්නෙ මාව කෙල්ලෙක් වෙලා කියල ....මම කල්පනා ලලා.....ටික වෙලාවකින් අයිය ආව...ගන්න ඕනැ ඒව ගත්තද අපෙන් අහල දොරවල් ඇරල දුන්න.
                 ගෙදරට ගියාට පස්සෙ අයිය වාහනයේ පිටුපස ඇරල බරට බෑගයක් ගත්ත....අයිය උයන්න අවශ්‍යය දේවල් අරන් කියල මට හිතුන....මම ඇඳුන් මාරුකරල කුස්සියට යනකොට අම්ම උයන්න සූදානම් වෙලා කියල දැක්ක.....අයිය මස් වගයක් ගෙනල්ල දුව ඒක කපන්න ඕනැ....අම්ම පිහියක් අතේ තියාගෙන කිව්ව.....කෝ දෙන්න අම්මෙ මම කපන්නම්.... මම කිව්ව...... දුවට තේරෙනවද ඇය ඇහුව.....එහෙදි මමනෙ අම්මෙ මේව කලේ....මම කිව්ව....ටික වෙලාවකින්....නංගිත් කුස්සියට ආව.....මොනවද කන්න තියෙන්නෙ කියල බලන්නද ආවෙ....අම්ම ඇයගෙන් ඇහුව......අපි හවසට රස කෑමක් හදනව නේද අක්කෙ...මම මේසෙ උඩ තියාගෙන මස් කපනකොට.....නංගි පිටිපස්සෙන් මගෙ බෙල්ල බදාගෙන කිව්ව.....මොනවද....අම්ම ඇහුව.....කුරක්කන් හැලප ටිකක් හදන්න බඩු ගෙනාව අම්මෙ.....මම කිව්ව.....එයට සිනාසුනු අම්මා.......අයියත් එයාගෙ අලුත් නංගිට හොදට කන්න දෙන්න කියල පහේ ගොඩක් ගෙනල්ල....කිව්ව....එතකොට පරන නංගිට ....නංගි ඇහුව.....

No comments: