Tuesday, August 7, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 50........කාලෙකට පස්සෙ රාත්‍රී කෑමටික හදන්න වුනේ මටයි....උයල ඉවරවෙලා..........අයිය ගෙදර ගිහින් කියල හිතුන නිසා රෑ අටට විතර ගෙදරට ඇමතුමක් දුන්න.....අයිය කතා කලා......අපි දෙක විතර වෙනකොට ආව කිව්ව මම අම්මට දෙන්න කිව්ව....අම්ම කතාකලා....දෙක වෙනකොට ආව අම්මෙ..... කිව්ව මම.....නංගි තාම අඩනවද ඇහුව...ඔයා ගියාට පස්සෙ කාමරෙට ගිහින් ඇඩුව....දැන්නම් ඉන්නව....අම්ම කිව්ව....දවස් දෙක තුනක් යනකොට ඔය දුක අඩුවෙයි....මම කිව්ව..... අනේ මම දන්නෙ නෑ දුවේ....එයා බයේ ඉන්න ඔයා ආයෙත් අයිය වෙයි කියල....අම්ම කිව්ව....කෝ නංගී. දෙන්නකො.....මම කිව්ව......අනේ අක්කේ.... කිව්ව නංගී.... ඔයා අර බේත බිව්වද ඇහුව.....මොන බේතද.....මම ඇහුව.....ඔයාව ආයෙත් අයිය වෙන බේත....ඇය කිව්ව....අයියෝ ඒක තාම නෑ නංගි ....ඒක කවද හදයිද කවද දන්නෙ නංගි.... එතකන් මට මේ විදියටම තමා ඉන්න වෙන්නෙ......මම කිව්ව....හැදුවත් බොන්න එපා අක්කේ.....මට අක්ක ඕනැ....නංගි කිව්ව.....හරි හරි....මම ඇයව සනසමින් කිව්ව....කොම්පියුටරයක් බැලුවද අක්කෙ.....ඇය එයද මතක් කරමින් ඇහුව.....අදනෙ ආවෙ නංගි ...හෙට ඉරිද හින්ද කඩ වහලනෙ....අනිද්ද තමා යන්න වෙන්නෙ....මම කිව්වම.....මගෙ හොද අක්ක කියනව ඇහුන.
               වික්‍රම ඔයා කොම්පියුටර ගැන දන්නව නේද.....රාත්‍රී කෑම ගන්නා අතර තුර මම වික්‍රමගෙන් ඇහුව. ඇයි ඒකක් ගන්නද....ඔහු ඇහුව....නෑ අනේ නංගිට ....එයා කොම්පියුටර් පන්ති යන්න හදනව....අයිය පොරොන්දු වුනා ඒකට ගස්තු ගෙවන්නම් කියල.....මගේ අතෙත් සල්ලි පොඩ්ඩක් තියෙන හින්ද මම කිව්ව කොම්පියුටර් එකක් අරන් දෙන්නම් කියල.....හොද එකක් ගන්නනම් බෑ සාමාන්‍යය එකක් වත් අරන්දෙනව.....මම කිව්ව......අපි සදුදට යුනිටි ප්ලාසා එකට ගිහින් බලමු.....වික්‍රම පොරොන්දු වුනා.
              පහුවදා චිත්‍රා එනව කිව්ව වගේම සවස දෙක විතර වෙනකොට ආපහු ආව.....චිත්‍රට මෙහාට හොයාගෙන එන්න බැරිවෙයිද දන්නෙ නෑ කියල සර් කිව්ව....ඇය ගෙදරට ආ හැටියෙම මම කිව්ව.....ලේන් එකේ නම දන්න හින්ද ගැටලුවක් උනේ නෑ මැඩම්.... බොරැල්ල ටවුමෙන් ත්‍රී වීල් එකකට නැගල ලේන් එකේ නම කිව්වම මෙහාටම එක්ක ආව.....ඇය සිනාසෙමින් කිව්ව.....කීයක් ගත්තද....පොඩි ගානක් ගත්ත මැඩම්....ගැටලුවක් නෑ.... කියාගෙන ඇදුම් බෑක් එකත් උස්සගෙන ඇගේ  කාමරේ දිහාට ගියා.....දවල්ට කෑවද.....මම ඇහුව.....ඔව් මැඩම් පිටකොටුවෙන් බැහැල...මාලු පාන් ගෙඩියක් කෑව.....දවල්ට උයපුව ඇති...අපි කෑව චිත්‍ර කන්න.....මම කිව්ව.....දැම්ම ඕනැ නෑ පස්සෙ කන්නම් කියාගෙන.....කමරේ ඇතුලට ගියා.
                 ඇදුම් මාරුකරගෙන හිටිය චිත්‍රා අඹ ගෙඩිවගයක් කුස්සියෙ මේසෙ උඩින් තියල.....අඹ ගෙඩි වගයක් හම්බවුනා මැඩම්.....දැක්ක ගමන් මැඩම්ව මතක්වුනා.....මම අඹ කන්න ආසබව දන්නා ඇය කිව්ව....වැඩිය ඉදිලනම් නෑ මැඩම්....හෙට අනිද්ද වෙනකොට ඉදෙයි...මම ඒව අල්ලල බලනකොට කිව්ව......මොනවද මේ අඹ ගැට....අපි ළඟට ඇවිත් ඇහුව වික්‍රම .....මැඩම්ට තාම අඹ ගැට කන්න ආශාවක් ඇවිත් නෑ ....හිනාවෙවී කිව්ව.....අනේ නෑ සර්....මේව හෙට අනිද්ද වෙනකොට ඉදෙයි.....චිත්‍රා බයාදු ලෙස කිව්ව.
              පසුදින සවස වික්‍රම වැඩ ඇරිල ආව ගමන් යුනිටි ප්ලාසා එකට යන්න කතාකලා....මම ලැස්ති වෙලා....චිත්‍රා අපි ගිහින් ඉක්මනට එනව.....රෑට උයල තියන්න.....කිව්ව මම වික්‍රමගෙ වාහනේට නැග්ග. ....වික්‍රම කඩ කිහිපයකින් කොම්පියුටර් බලන කොට.... හොදම එකක් ඕනැ නෑ වික්‍රම .....සාමාන්‍ය එකක් ගම්මු....මම මෙහෙම කිව්වෙ මගේ අතේ ඒතරම් මුදලක් නැති හින්ද.....බාල ඒව වැඩක් නෑ වසන්ති....ටිකක් හොද එකක් අරන්දෙන්න.....ඔහු කිව්වම....මේ වික්‍රමට තේරෙන්නෙ නෑනෙ....මට එච්චර මුදලක් වියදම් කරන්න අමාරුබව.....එයාගෙ හිතේ.... එයාට වගේ මටත් ඕනැ තරම් සල්ලි තියෙනව කියල.....මම ඔහු ගැන තරහෙන් යුතුව කල්පනා කලා....පනස් දාහකට අඩු එකක් ගම්මු....වික්‍රම....මම ඔහුට බලකලා.....මේක හොදයි වසන්ති.....හැත්තැ පහයි කියනව.......තව විසිපහයිනෙ වැඩිවෙන්නෙ.....මේක ගම්මු ඔහු කිව්ව......ඒක ඇහුවම මට හීන්දාඩිය දාන්න ගත්ත.....මම හිතාගෙන හිටියෙ තිහකට හතලිහකට එකක් අරන්දෙන්න.....දැන් හැත්තෑ පහක් කියනව......මම මොනවද දෙයියනේ දැන් කරන්නෙ.....ඔය සල්ලි ටික මේකට වියදම් කලොත්.....මම ආපහු කොල්ලෙක් උනොත් ලැජ්ජ නැතුව වික්‍රමගෙන් ඉල්ලන්න පුලුවන්ද.....මොකක් හරි රස්සාවක් කරනකන් සල්ලි තියෙන්න ඕනැනෙ....දැන් මගෙ අතේ සල්ලි නෑ කිව්වොත් එයා දෙයි....හැමදාම වික්‍රමගෙන් වියදම් කරවන්න පුලුවන්ද.......මම කල්පනා කලා....මොනවද තව කල්පනා කරන්නෙ මේක ගම්මු.....ඔහු කිව්ව.....දැන් ඉතින් මොනව කරන්නද අතේ තියෙන සල්ලි ටික වියදම් උනාට පස්සෙ එන විදියකට මුහුන දෙනව....හිතුව මම .....අත් බැග් එකේ තිබුනු බැංකු කාඩ් එක අතට ගත්ත.....  
   ..  Transgender body swap ගේ ඡායාරූපය

No comments: