වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 68......................ලබන ඉරිදට දිනය දාගන්න කියල අපෙ අම්ම කිව්ව......අපි රෑ කෑම ගත්තට පස්සෙ වික්‍රම කිව්ව.....ඔයා ඇහුවද.....ඔව් දැන් ටිකකට ඉසෙල්ල අම්මත් එක්ක කතාකලා.....ඔහු කිව්ව.....එහෙම්නම් අක්කට සාරියකුත් ගන්න ඕනැ නේද......අපි ළඟ හිටිය නංගි ඇහුව.....අපි හෙටම සාරියක් ගම්මු...වික්‍රම කිව්වම...සාරිය විතරක් අරගෙන හරියන්නෙ නෑනෙ....සාරි ජැකට් එකකුත් මහගන්න වෙනවනෙ.....නංගි කිව්ව.....අපේ ගේ ළඟ මැටිල්ඩා මහනවලුනෙ මට පුලුවන් එයාට කියල මහගන්න.....මම කිව්වම.....ඒ කවුද.....වික්‍රම ඇහුව.....ඇයි අනේ ජයසෙකර මහත්තයගෙ නෝනනෙ....මම මතක් කලා.....දැන් අක්කගෙ යාලුවොත් මෙහෙ ඉන්නවනෙ....නංගි සිනාසෙමින් කිව්ව.....එයා විතරක් නෙවෙයි.....ශ්‍රියානි...මාලි...මගෙ යහලුවො තමයි.... මම කිව්ව.
පසුදා හවස අපි සාරි බලන්න ගියා. ඒ යනකොට නංගිවත් එක්කගියෙ ලස්සන සාරියක් තෝරගන්න හිතගෙන. සාරි තියෙන සාප්පුවකට ගිය අපි එකින් එක තෝරන්නවුනා....අක්කේ මෙක හොදයි වගේ.....නංගි සාරියක් මගේ ඇගට තියල කිව්ව.....අවසානයේ සාරියක් තොරගත්ත ඒක ටිකක් ගනන් වැඩිබව පෙනුනත් වික්‍රම කිව්ව ඒක ගන්න කියල.....අපි ඒකට හරියන යට සායකුත් ගත්ත....
ගෙදර ගියගමන් අපි ගියේ මැටිල්ඩා හොයාගෙන.....අනේ කාලෙකින්නෙ දැක්කෙ....කිව්ව මැටිල්ඩ මාව බදාගෙන මගෙ මුහුන සිපගත්ත....මේ කවුද....නංගි දිහා බලල ඇහුව.....මේ මගෙ නංගි.....නංගිත් අක්කවගේ ලස්සනයි කියල ඇයවත් බදාගෙන සිපගත්ත.....එන්න ඩොක්ට.....කිව්ව ඇය ඇතුලට කතාකලා....අපි ආවෙ මිසිස් මැටිල්ඩා සාරි ජැකට් එකක් මහගන්න ලබන සිකුරාද වෙනකොට ඕනැ සෙනසුරාදා උත්සවයකට යන්න තියෙනව.....මම සරිය ඇය අතට දීල කිව්ව....දෙන්නම් ..කිව්ව ඇය අසල්වැසියො උනාම ඉක්මනට කරල දෙන්න ඕනැනෙ....සාරිය පරීක්ෂා කරමින් කිව්ව.....සාරියකටද ඔසරියකටද මහන්නෙ.....ඇය ඇහුව.....ඔසරියකට මහමු නේද අක්කෙ......නංගි කිව්ව....ඒක හොඳයි ඔයාගෙ ඇඟ හැඩ හින්ද ඔසරිය ඇන්දම ගොඩක් ලස්සනට හිටියි..... කිව්ව ඇය මගේ මිනුම් ගන්න පටන්ගත්ත.....අත් දෙක ටිකක් දිගට දාමු නෙද.....ඇය ඇහුව....කමක් නෑ මම කිව්ව....ඇයට මිනුම් දුන්න අපි ආපහු ගෙදර ආව....
අක්කෙ දැන් වික්‍රම අයියල ඔයාව බලන්න ආවම අපි අයියලට කෑමක් දෙමු නේද.....අපි රෑ නිදාගන්න යනකොට නංගි ඇහුව....එහෙනම් අම්මට කියන්න වෙනව.....කිව්ව මම....නංගි අම්මට කියන්නකො...මම කිව්ව.
සිකුරාද නංගි ගෙදර ආව ගමන් මැටිල්ඩගෙ ගෙදර ගියා....මහල තියෙන්නෙ.....ඇදල බලන්න වෙයි.....කිව්ව ඇය.....සාරි ජැකට් එක මා අතට දුන්න.....මේක අදින්න මම ඇදගෙන ඉන්න බ්ලවුස් එක ගලවන්න ඕනැ බව දන්න මම වටපිට බැලුව....මෙහාට ඇවිත් මාරුකරගන්න ඇය කාමරේට අඩගැහුව....මම නංගිත් එක්කම කාමරයට ගියේ.....මම කවදාවත් මෙවගෙ ඇදුමක් ඇදල නැති හින්ද නංගිගෙ උදවු ලබාගන්න....මම බ්ලවුස් එක ගැලෙව්වට පස්සෙ නංගි සාරි හැට්ටයේ අත මගේ අතට ඇතුලු කලා.....අනිත් අතත් ඇතුලු කරල ඒක පපුවට ඇන්දෙව්ව.....කටු කිහිපයක් ගැහුවට පස්සෙ පපුවට හිරයි වගේ තේරුන හින්ද.....ටිකක් හිරයි වගේ නේද කියල නංගිගෙන් ඇහුව...ටිකක් පරීක්ෂා කරල බැලුව නංගි හිර නෑ අක්කෙ....සාරි ජැකට් ඔහොම තමයි...අක්කට හුරු නැති හින්ද හිර වගේ දැනෙන්න....හුරුවෙනකොට හරියයි. අත්දෙක නම් පොඩ්ඩක් බුරුල් වගේ ඒක තව පොඩ්ඩක් තද කරගත්තොත් ලස්සනයි කිව්ව නංගි මේ බව මැටිල්ඩට කිව්ව.....ඔව් නංගි කියන එක හරි තව පොඩ්ඩක් තද කරමු...ඇය කිව්ව. මම ඒක ගලවල දුන්නට පස්සෙ හත් දෙක හරිගස්සන්න පටන්ගත්ත....පස්සෙ ඇදල බැලුවම....දැන් හරි කියල නංගි කිව්ව..... අපි ඒකත් අරගෙන ගෙදර ආව....දැන් හෙට උදෙම්ම යන්න ඕනැ නේද.....ඇහුව නංගි බෑග් වලට අපේ ඇදුම් අසුරන්න පටන් ගත්ත....ඒක නෙවෙයි නංගි දැන් චිත්‍රා හිතාගෙන ඉන්නෙ අපි දෙන්න බැදල කියල....දැන් හෙට එයාවත් එක්කයන්න වෙනවනෙ....මොනවද එයාට කියන්නෙ...මම නංගිගෙන් ඇහුව.....අපි මෙහෙම කියමු.....ටිකක් කල්පනා කල නංගි කිව්ව.....මෙහෙම හිටියට ඩොක්ටගෙ ගෙදරින් කැමති නෑ... දැන් එයාල කැමති වෙලා හින්ද මගුල තින්දු කරගන්න එනව කියල කියමු....ඇය කිව්ව.....ඒක හරි.....මම කිව්ව....අක්ක ඕව මොකුත් කියන්න යන්න එපා මම කියන්නම්....නංගි පොරොන්දුවුනා...
පහුවදා උදෙන්ම අපි ගෙදර යනකොට වික්‍රම මට අරන්දීල තියෙන රත්තරන් බඩු ඔක්කොම අරන් ගියේ එයාල එනකොට ලස්සනට සැරසිලා ඉන්න ඕනැ හින්ද....
No comments:
Post a Comment