වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 52..............අම්මල ටිකදවසක් මෙහෙ ඉදල යන්න ....මම අම්මට කිව්ව.....බෑනෙ දුවේ අයිය විතරනෙ ගෙදර ඉන්නෙ......එහෙනන් නංගිට ටිකදවසක් මෙහෙ ඉන්න කියල අම්ම යන්න.....මම යෝජ්නා කලහම.....කොම්පියුටර් පන්ති ගන්න තියෙන්නෙ.....ඊලග සතියෙ නෙවෙයි ඊටත් පස්සෙ සතියෙ ඉදලනෙ අම්මෙ......අක්ක කියනව වගේ මම එතකන් මෙහෙ ඉන්නම්.....නංගි කිව්ව.....ඒකට අම්ම මොකුත් කිව්වෙ නෑ.
හවස වික්‍රම ගෙදර ආවහම අම්මල ආව එකගැන එයා ගොඩක් සතුටුවුනා.....අම්මලට ගෙදර ඉන්න කියල වික්‍රම මාත් එක්ක සුප මාර්කට් එකට ගිහින් ගොඩක් පහේ හත්තෙ එයාලට හොදට සලකන්න ඕනැ හින්ද කියල මට හිතුන.....මට වියදම් කරනව මදිවට දැන් මගෙ ගෙදර අයටත් වියදම් කරන්න වෙලානෙ කියල මට කල්පනා වුනත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
සෙනසුරාදා අම්මව පිටකොටුවෙන් ගෙදර යන්න බස් එකේ නංවලා අපි නංගිත් එක්ක පාක් එක පැත්තෙ ගියා....නංගි මෙහෙ ඇවිත් තිබුනෙ නැති හින්ද ගොඩක් සතුටු වෙනව දැක්ක......අක්කේ ඔයත් කැමති නැද්ද අන්න අරවගේ වික්‍රම අයියට තුරුලුවෙලා කතාකරකර ඉන්න....බංකුවක් උඩ තුරුලුවෙලා ඉන්න පෙම්වතුන් දෙන්නෙක් පෙන්නල මගෙන් ඇහුව.....මේ විකාර කතා නොකිය යනවද යන්න.....මම කිව්වම.....අක්කට එහෙම වාසනාවක් නෑනෙ කියල මාගාවින් ඈත්ට ගියා........සැහෙන වෙලාවක් උද්‍යානයේ ඇවිදිමින් ඉඳල ....ගෙදර ගියා.....යනකොට චිත්‍රා දවල් කෑම උයල තිබුන......
නංගි හිටිය හින්ද මට මේදවස්ටිකේ කිසිම පාලුවක් දැනුනෙ නෑ....ඇයගේ දඟකාර හැසිරීම ගෙදරදි වගෙම මෙහෙදිත් පෙනෙන්ට තිබුන....ඇයට තිබුනු එකම හිතේ අමාරුව උනේ මාව නැවත අයිය කෙනෙක් වෙයිකියන එක ගැනයි කියල මට හිතුන. වික්‍රමට නිවාඩු තියෙනවෙලා වට අපි නංගිත් එක්ක චිත්‍රපටි පවා බලන්න ගියා..ඒ එක්ක ගිය මුල්ම දවසෙ....ඔන්න අක්කෙ වික්‍රම අයිය ගාවින්ම වාඩිවෙන්න ඕනැ....නංගි මට කිව්ව.....නැතුව වෙන කොහේ වාඩිවෙන්නද නංගියෙ.....මම කිව්ව....අපි වාඩිවෙන්න ඉස්සෙල්ල නංගි වික්‍රමගෙ කනට කරල මොනවද කියනව මම දැක්ක.......ඒකට සිනාසුනු වික්‍රම....අනේ මන්ද නංගි අක්ක ඒවට කැමති නෑනෙ සිනාසෙමින් කියනව ඇහුන....මොනවද....මම ඇහුව....මේ අපේ කතාවක්....නංගි කිව්ව....දැන් ඔය දෙන්න අතරෙත් කතා තියෙනවද....මම ඇහුව....නැතුව වික්‍රම අයිය දැන් මගේ අයිය වගේනෙ කියල....මගෙ මස්සිනා....මගෙ කනට කරල කියල හිනාවුනා.....මට මොකුත් කියන්න බැරුව කනෙන් අල්ලල මිරිකුව.....ඌයි රිදෙනව....මම ඇයට රිදෙන්නෙ නැති වෙන්න මිරිකුවත් නංගි එහෙම කිව්ව....රිදෙනවනම් ඕනැ නැති ඒව කියන්නෙ නැතුව ඉන්නව මම කිව්ව.....මොනවද නංගි කියන්නෙ.....වික්‍රම චොකලට් දෙකක් අපිට දීල එයත් එකක් දිගහරින ගමන් කිව්ව....නංගිට දුන්න එකෙන් ටිකක් කාල මට කැවුව.....ඊට පස්සෙ වික්‍රමට කැවුව....වික්‍රමට කවල ආයෙත් මට කවන්න හදනකොට.....මොකද මේ මම ඇහුව....මේක නංගිට කන්නනෙ දුන්නෙ....මම කියල මගෙ එකෙන් කෑල්ලක් කෑවම ....මගෙ එක උදුරල අරගෙන වික්‍රමට කැව්ව.....කපටි කෙල්ල..... මොනව කරනවද.....මන්ද.....මම කිව්වම....නංගි කරපු දේ තේරුම්ගත්ත වික්‍රම..මගෙ එකෙන් කෑල්ලක් කඩාගෙන කාල ඇය දිහා බලල හිනාවුනා.....මම ආයෙත් ඇගේ කන මිරිකලා ආසනයේ වාඩිකරවුව.....එතකොටම.....ශාලාවෙ විදුලි ආලෝකය නිවල සුදු තිරය ඉස්සරහ තියෙන තිරය ඇරෙන්න ගත්ත....මෙහෙ හෝල් හරියට නාට්ටියක් පෙන්නනව වගේනෙ.....තිරයත් ඇරෙනව....ගමේ සිනමා ශාලාවලට ගිහින් පුරුදු නංගි කිව්ව..... ටික වෙලාවකින් චිත්‍ර පටිය පටන්ගත්ත.....නංගි එකපාරටම මගෙ අත අල්ලලා වික්‍රමගෙ අත උඩින් තිබ්බ...මොනව කරනවද මන්ද....මේ නංගිට පිස්සු වික්‍රම.... මම අත ඉක්මනට අරගෙන කිව්ව.....වික්‍රම මොකුත් නොකිය සිනාසුනා....අපි චිත්‍ර පටිය බලල ගෙදර යනකොට රෑවුනා. ආයෙත් චිත්‍ර පටියක් බලන්න යමු අයියෙ....වික්‍රමට කිව්ව නංගි මාත් එක්ක කාමරේට ආව.....මේ වික්‍රම අයියට ඔයාට ෆිල්ම් පෙන්න පෙන්න ඉන්න බෑ....එයාට වැඩ තියෙනව....කාමරේට ඇවිල්ල....ඇදුම් ගලවන ගමන් මම කිව්ව....මොනවද වැඩ.....නිවාඩු දවස්වලට වැඩට යන්නෙ නෑනෙ.....නංගි ඇහුව....ඇයි එයාගෙ ලැබ් එකේ වැඩ.....මම කිව්වම....අර බෙහෙත හොයාගන්න වැඩේද කියල අහල....ඔය බෙහෙත මට පේන්න එහෙම තිබුනොත් .....කුඩුකරල විසිකරනව.....ඇය එසේ කිව්වෙ තරමක තරහකින් කියල මට තේරුණා.
සති දෙහෙකට ආසන්න කාලයක් නංගි අපි එක්ක හිටිය...ඒ කාලෙ ඇය පුදුම සතුටකින් හිටියෙ කියල තේරුනා....අනේ මේ කෙල්ල හැමදාම මෙහෙ තියාගන්න ඇත්නම්....කියල හිතුන....ඒත් වික්‍රම අර බෙහෙත හොයා ගත්තොත් මම එයත් එක්ක ඉන්නෙ කොහොමද.....මම කල්පනා කලා....
No comments:
Post a Comment