Saturday, August 4, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 42...............තේබීල ඉවරවෙලා වික්‍රම යන්න පිටත්වුනා....මේ සතියෙ ඔයාගෙ කෑමටික තමා ප්‍රශ්නෙ..... මම කිව්ව......මම මේසතියෙ කොහෙන් හරි කන්නම් වසන්ති..... ඔයා ඒක ගැන කල්පනා කරන්න එපා....ඔහු පැවසුවා....අපි සැමගෙන් සමුගත් ඔහු වාහනය දිහාට යනකොට මාත් ඔහු එක්ක ගියා....පරිස්සමින් යන්න වික්‍රම.... මම කියනකොට ඔහු මගේ අත අලගෙන මම සිකුරාදා හවසට එන්නම් කියල වාගනය ඉදිරියට ගත්ත. මම මිදුලට වෙලා ඔහු නොපෙනී යනකම්ම බලා සිටිය.
                  වික්‍රම අයිය යනකොට හදවත කඩාවැටෙනව වගේ.......නංගි මා දිහා බලාගෙන කිව්ව.....එහෙනම් මුකුවක්වත් ගහගන්න......මම කිව්ව...මටනෙවෙයි ආක්කට... කිව්ව ඇය..... අම්මේ අක්ක අපිට බොරුනෙ කරන්නෙ....අපිට කියන්නෙනම් වික්‍රම අයිය යාලුවෙක් විතරයි කියල....අදත් දැක්කනෙ දෙන්නගෙ මුකුලුව....ආදරය හංගන්න බෑ අක්කේ....කිව්වම මම අයට ගහන්න හැදුව ඇය දුවන කොට මම ඇය පස්සෙන් එලෙව්ව.....ඇය කාමරේට ගිහින් දොර වහගත්ත හින්ද ...නැවතුනා.
                    නංගි අදත් රාත්‍රියේ මා ලඟමයි නිදා ගත්තෙ.....ඔයා හැමදාම අක්ක ගාව නිදාගන්න පුරුදු වෙලා අක්ක ගියාම මොකද කරන්නෙ......අම්ම ඇහුව... ඇයි අම්ම ඉන්නෙ....ඇය කිව්ව...ඒ වුනාට මම මේ දවස් ටිකේම ඉන්නෙ අක්ක ගාව..... නංගි මාව බදාගෙන කිව්ව....අනේ මන්ද මේ නංගි ඉස්සරට වඩා පුදුම ආදරයනෙ මට තියෙන්නෙ.....මම ඇයව තුරුලු කරගෙන කල්පනා කලා...අක්කගෙන් මම දෙයක් අහන්නද..අම්ම ගියාට පාස්සෙ..නංගි ඇහුව.......මොකක්ද....මම ඇහුව. .....ඇයි අක්කෙ අක්කට ආයෙත් අයිය වෙන්න ඕනැ කියන්නෙ......ඇහුව...ඒක ඉතින් මගෙ  පුරුදු ජීවිතේනෙ....මම කිව්ව.....අක්ක කෙනෙක් වෙලා ඉන්න එක කරදරයක් ද....ඇය ඇහුව......මුලදිනම් කරදරයක් කියල හිතුන දැන් එහෙම දෙයක් නෑ.....මම කිව්ව......අක්ක ඔහොම කිව්වට ගැහැනු ජීවිතේ ටිකක් කරදර තමයි.....ඒවුනාට අක්ක දැන් ගොඩාක් ලස්සන කෙල්ලෙක් වෙලා....ඔයා දිහා ඕනැ තරම් වෙලා බලා ඉන්න පුලුවන්.....ඒ තරම් ලස්සනයි.....ඇය මගේ ඇගිලි අතරට ඇගේ ඇඟිලි දමාගෙන කිව්ව....ඒ වුනාට නංගි මම අවුරුදු ගානක් ජීවත්වුනේ ඒ විදියටනෙ.....මම කිව්වම..... දැන් ඒ විදිය වෙනස් වෙලානෙ අක්කෙ...අලුත් ජීවිතේ පුරුදු කරගන්න..ඇය පිලිතුරු ලෙස පැවසුවා....වික්‍රම අයිය බෙහෙත හැදුවෙ නැත්නම් මේ ජීවිතේට හුරුවෙන්න වෙනව.....මම කිව්ව.....හුරුවෙන්න දෙයක් නෑනෙ දැන් අපිටත් වඩා අක්කට ගැහැණු ජීවිතේ හුරුයිනෙ....නංගි සිනාසෙමින් කිව්ව......දැන් අක්කගෙ පපුවත් අපේ වගේමයි....ඇය මගේ පියයුරු මත අත තියල කිව්ව....බලන්න දෙයක් නෑ දැන් ඒ ඔක්කොම ඔයලගෙ ඒව වගේ තමයි .....මම සිනාසෙමින් කිව්ව.....ආ නංගියේ මට කෙල්ලන්ට තියෙන කරදරේ මතක් කලාමයි මතක් උනේ.....වික්‍රම අයිය මාව එක්කගෙන ආවෙ අද යනව කියලනෙ...මේ සතියෙ ගෙදර ඉන්න කිව්වනම් මම පැකැට් ටිකක් දාගෙන එනවනෙ..........නංගි ගාව ෆෙම්ස් හරි ඊව හරි තියෙනවද......ආ... අක්කට දැන් ඒවත් ඕනැ වෙනවද......පුදුමයෙන් වගේ ඇහුව නංගි ....ෆෙම්ස් පැකට් ටිකක් ඇති....නංගි කිව්ව......නංගිට ඕනැ වෙයිද දන්නෙ නෑ.....මම ඇහුව....මට දැම්ම ඕනැ නෑ අක්කෙ ලගදි උනා...මම දෙන්නම් කී ඇය දැන්ම ඕනැද ඇහුව....නෑ නංගි හෙට ගත්තොත් ඇති මම කිව්ව.....මම අක්කට ආයෙත් අයිය වෙන්න එපා කියල කිව්වට ගෑණු ජීවිතෙත් හරි කරදරයක් නේද අක්කෙ.....ඇහුව.....අනේ නෑ නංගි මට දැන් හුරුවෙලා හින්ද ඒක ගානක් නෑ..... මම කිව්ව.  ....මම කියන්නද නංගි හෙට අපිදෙන්න ටවුමට යමුද එතකොට ඒවත් ගේන්න පුලුවන්නෙ.....මම යෝජනා කලා...නෑ අක්කෙ ඕනැනෑ....මට පස්සෙ ගන්න පුලුවන්නෙ.....අක්කට ඔන්නම් ටවුම පැත්තෙ රවුමක් ගහල එමු.....නංගි සතුටින් කිව්ව.
                 පහුවදා උදෙම්ම නැගිට්ට මම ඊයෙ වගේ කුස්සියට යනකොට අම්ම තේ හදමින් හිටිය....මට අදත් අම්මට ඉස්සෙල්ල ඇහැරෙන්න බරිවුනානෙ..මම කිව්වම...මට පාන්දරම  ඇහැරෙනවනෙ දුවේ ඊටපස්සෙ නින්ද යන්නෙ නෑ......අම්ම කිව්ව.....අම්මගෙ ඇදේ නංගි නැති හින්ද අම්මට පාලු ඇති....ආපෝ දැන් මට නිදහසේ නිදාගන්න පුලුවන්....කියනකොටම නංගි ආව ....මොකද අද උදෙම්ම.....අම්ම ඇගෙන් ඇහුව.....දවල් වෙනකන් නිදාගන්නව කියල අක්ක බනිනවනෙ.....ඇය කොන්ඩෙ අව්ල්කරගනුමින් කිව්ව..... මම නංගිට ඊයෙ විතරයි බැන්නෙ අද නැගිටල.. අනේ පවු.....මට ඇයගැන අනුකම්පා හිතුන.. මම ඇය ලගට ගිහින් හොද නංගි කියල මුහුන අතගෑව.
                    අක්කෙ ටවුම පැත්තෙ යන්නෙ කීයටද....නංගි තේ බොනගමන් ඇහුව....ඒ මොකටද අක්කවත් ඇදගෙන රෝන්දෙ ගහන්න  යන්නද හදන්නෙ....අම්ම ඇහුව.....නෑ අම්මෙ මේ අක්කට....අරව ගේන්න බැරිවෙලානෙ.....නංගි කිව්ව.....මොනවද.....ආක්කගෙ දින ලගයිලුනෙ..... ඒව ගන්නද ඇසූ අම්මා  ඇයි ඔයාගෙ ඉතුරු ඒව නැද්ද ....නංගිගෙන් ඇහුව.....තියෙනව..ඇය උත්තර දුන්න...තියනවනම් අක්කට දෙන්න....ඔයාට දැම්ම ඕනැ නෑනෙ.....අම්ම එහෙම කිව්වම නංගිගෙ දිනත් අම්ම දන්නව කියල මට හිතුන.....ඔයාට කවද්ද දුවේ ඕනැ..... හෙට අනිද්ද වෙනකොට ඕනැවෙයි......මෙහෙම කිව්වම අම්ම මගේ දවසුත් දැනගත්ත කියල තේරුනා......අපි මේ කතා කරන ඒව මම පිරිමියෙක් උනානම් කතාකරනවද......මේව ඉතින් ගැහැනුන්ට ආවෙනික රහස්.....මට හිතුන.
Transgender body swap ගේ ඡායාරූපය
                 

No comments: