Sunday, August 19, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 72.....................අපේ විවාහය කොළඹ තියෙන හින්ද....වික්‍රමගෙ ගෙදර අය ඊට දවසකට ඉසෙල්ල මෙහෙ නවතින්න එනව කියල වික්‍රම කිව්ව......දැන් ඔයාලට කරන්න තියෙන්නෙ.....ඔයයි නංගියි ගෙදර ඉඳන් එනවිදියට ගෙදර ගිහින් සූදානම් වෙලා එන්න....චිත්‍රාත් එක්ක යන්න එයාටත් කියන්න ඔයාල මෙහෙ ඉන්නබවක් එයාලට හඟවන්නවත් එපා කියල......වික්‍රම යෝජනා කලා.....මේ හින්ද...මටයි නංගිටයි චිත්‍රටයි අපේ ගෙදර යන්න සිදුවුනා. නංගිගෙ  ඉගෙනීමේ කටවුතුවලට සුලු පාඩුවක් උනත් ඇය එයට කැමතිවුනා. අපි කසාද දිනේට දවස් හතරක් විතර තියා ගෙදර ගියා. මංගල්‍ය සඳහා මාව ඇන්දවීමට සැලුන් එකක් තෝරාගත්ත. එහෙදි මාවයි නංගිවයි දැන්නවම ඇන්දවන්න ඒකෙ අක්ක පොරොන්දුවුණා. අපේ විවාහ නැකත යෙදී තිබුනේ දහය පහුවෙලා හින්ද දහය වෙනකොට කොළඹට යන්න නියමිතව තිබුන. මේ හින්ද ගෙදරින් පිටත් වීමට නැකතක් සාදාගත් අතර එය යෙදී තිබුනේ පාන්දර පහට විතර. අයියා මේ සදහා නවීන පන්නයේ වාහනයක් කුලියට ගත්ත බව කිව්ව. අපේ සාක්කිය සදහා අපේ පැත්තෙන් අත්සන් කිරිමට අයියාගේ ව්‍යාපාරික යහලුවෙකුට කියල තිබුන. බ්‍රහස්පතින්ද පාන්දර දෙකට විතර ආව සැලුන් එකේ අක්කා නංගිවයි මාවයි අන්දවමින් අපිව හැඩකලා. අපි දෙන්නම හැඩවුනේ ඔසරිවලින්.එදා විකරම මාව බලන්න එනදවසට වඩා ලස්සනට මාව හැඩකරන බව දැකගන්න ලැබුන. එදා යන්තම් ඔසරිය ඇදල වික්‍රම මට මෙච්චර ආශ හිතුනෙ අද කොච්චර ආස හිතෙයිද.....මම හැඩ බලමින් කල්පනාලා.  අම්මත් තනියම ඔසරියක් ඇදගෙන තිබුන. මේ ගමනට චිත්‍රාවත් එක්ක යායුතු නිසා අපි ඇයටත් අලුත් සාරියක් අරන්දීල තිබුන. ඇය එය සාරියක් විදියට ඇදගෙන හිටිය. උදේ පහට අපි ගෙදරින් පිටවුනා. අයියගේ යාලුව එයාගෙ බිරිදත් එක්ක එයාලගෙ වාහනේ එනව කියල තිබුන. මගේ ගැටලුව හින්ද වෙනකාටවත් අපේ කසාදය  ගැන කියල තිබුනෙ  නෑ. උදේ නවය හමාර වෙනකොට අපිට ලියාපදිංචි කාර්යාලය ගාවට යන්න පුලුවන්වුනා. අපි ගිහින් සුලු වෙලාවකින් වික්‍රමගෙ කට්ටියත් ආව. වික්‍රම එක්ක එයාගෙ ගෙදර අයයි වික්‍රමගේ යාලුවො කිහිපදෙනෙකුයි. හැරෙන්න හිටියෙ ඔහුගෙ පැත්තෙන් සාක්කියට අත්සන් කරන්න ආව ඔහුගේ ඉහල නිලදාරියා වන ප්‍රොපෙස විජේසූරියයි පොටෝ ගහන්න එක්ක ඇවිත් තිබුන අයිය කෙනෙකුයි විතරයි.
                  අපේ නැකැත් වෙලාව කිට්ටුවෙනකොට ලියා පදිංචි නිලධාරියා  අපේ කසාදය සඳහා දුවුරුම් ලබාගනිමින් නැකැත් වෙලාවට අත්සන් ලබාගත්ත. මගේ අතිජාති මිත්‍රයාට මගේ මුලු ජීවිතයම භාරවුනා කියල. මට මේවෙලාවෙ හිතෙන්න ගත්ත. ඔහු මට පලදවන්න මුද්දක් ගෙනැල්ල කියල දැකගන්න ලැබුනෙ වික්‍රම මගේ ඇගිල්ල අල්ලගෙන මුද්ද දානකොට.....දැන් මම කොහොමද වික්‍රමට මුද්දක් දාන්නෙ....මම කල්පනාකරනකොට අයිය මගේ අතට පිරිමි මුද්දක් දීල මේක දාන්න කිව්ව......  චායාරූප සිල්පියා අපේ කසාදේ විශේෂ  අවස්ථා  චායාරූප ගතකරන්න පටන්ගත්ත.
                 විවාහයෙන් පස්සෙ අයිය අපිව එක්කගියේ කොළඹ හෝටලයකට.වික්‍රමයි අපේ අයියයි එකතුවෙලා අපේ විවාහය වෙනුවෙන් සුලු උත්සවයක් ලැස්ස්තිකරල තියෙනව කියල දැනගත්තෙ එහෙදි ලස්සනට සරසල තිබුන පොඩි කේක් එකක් කැපුව වික්‍රම මට කැල්ලක් කැව්ව. මාත් කෑල්ලක් කපල ඔහුට කැවුව. අපි මෙහෙම කරනකොට ඔක්කොමල්ල අප්පුඩි ගහල සතුටුවෙනව  දැක්ක. ඒ අතර නංගි මේ ඔක්කොවෙටම වඩා සතුටුවෙනබව දැකගන්න ලැබුන. ඊට පස්සෙ චායාරූප සිල්පියා අපිව විවිධ ඉරියවුවලින් තබමින් චායාරූප ගතකරන්න පටන්ගත්ත අතර මේ නිසා සියලුදෙනාම ඉදිරිපිට අපිට සිප වැලදගැනීමට සිදුවුනා. දහවල් කෑමෙන් පස්සෙ අපි අයියත් එක්ක අප්පහුගෙදර යන්න පිටත්වෙන්න හදනකොට.......අපේ ගෙදර අය ඔයාල එක්කම ගෙදර යනව කිව්ව.....මම ඔයාලව එක්ක එන්න හෙට උදේට එන්නම්.....වික්‍රම කාටවත් නෑසෙන්න මට කිව්ව.....එහෙනම් හෙට අපි ලෑස්තිවෙලා ඉන්නම්....මම කිව්ව.
                 ගෙදර ගිය හැටියෙ මගේ මුහුන කිහිපවරක් සිපගත්ත නංගි අම්මෝ ඇතියන්තම් දැන් තමයි මගෙ ඇගට ලේටිකක් ඉනුවෙ.....නංගි කිව්වම......ඒ ඇයි..... මම ඇහුව.....මම බයවෙලානෙ හිටියෙ.....නංගි කිව්ව......ඇයි වික්‍රම අයිය මාව බදින එකක් නෑ කියලද....මම ඇහුව.....ඒකටමත් නෙවෙයි....ඉතින්....නංගි අද්දමින් කිව්ව.....එහෙනම් වෙනමොකටද.....මම පුදුමයෙන් ඇහුව.....ඒක කිව්වෙ නැතුවට කමක් නෑ.....දැන් ඔක්කොම හරිනේ.....ඇය නියම පිලිතුර නොදී එසේ පැවසුවා.....මොකක්ද ඔයාට වෙලා තිබුන ගැටලුව.....මම ආපහු කොල්ලෙක් වෙයි කියද..ඇහුව මම....එහෙමනම් හිතන්න එපා නංගි කවදාවත් ඒකනම් සිද්දවෙන්නෙ නෑ......මම කිව්ව.....මම දන්නව අක්ක ආයෙත් අයිය වෙන්නෙ නෑ කියල......ඒ වුනාට මම බයේ හිටියෙ වෙන දේකට.....ඇය මාව කුතුහලයට පත්කරමින් පැවසුව.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: