වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 66...........නංගි ගෙදර ආවගමන් මම උපැන්න සහතිකේ පෙන්නුව.....එය කියවල බැලුව ඇය....දැන් මටත් ඉන්නව අක්ක කෙනෙක් කියමින් .......සතුටින් උඩපනින්න ගත්ත..කෑගහන්න එපා චිත්‍රාට ඇහෙයි....මම කිව්වම එය නැවැත්වූ ඇය......දැන් ඉතින් ඔයාට කවදවත් මගෙ අයිය වෙන්න බෑ අක්කෙ.....ඇය මාව තුරුලුකරගෙන කිව්ව....මට ඔයාගෙ අයිය වෙන්න ඕනැත් නෑ.....මම හැමදාම ඔයාගෙ අක්ක....මම කිව්ව....ටිකවෙලාවකට පස්සෙ ආව වික්‍රමටත් ඒක පෙනුව....දැන් ඉතින් ඒකත් හරි...දැන් තියෙන්නෙ ඔයාගෙ හැදුනුම් පත හදන්න....ඔයාගෙ පොටෝත් එක්ක ග්‍රාමනිලධාරිගෙන් සහතික කර ගත්තම ඒකත් දවසින් දෙකෙන් ගන්න පුලුවන්.....ඔහු සතුටින් කිව්ව.....එහෙනම් ගෙදර යන්න වෙනවද.....මම ඇහුව.....ඕනැ නෑ මෙහෙ ග්‍රාමනිලධාරි එක්ක කතාකරල බලන්නම් මම එයාව හොදට අදුනනව....ඔහු කිව්ව...අපි පහුවදාම පොටෝ අරගෙන ඔහු ගාවට ගියා.....මොකද ඩොක්ට මේ පැත්තෙ.....ඔහු ඇහුව.....මේ මම බදින්න ඉන්න එක්කෙනා මෙයාගෙ හැදුනුම්පත හදාගන්න ඕනැ....මෙයා ඒක හදගෙන නෑනෙ......වික්‍රම කිව්ව.....හරි මම හදල දෙන්නම් කිවුව.....සතියක් විතර යනකොට මාව ගැහැනියෙක් කියල හැදුම්පතත් ලැබුන....
දැන් ඔක්කොම හරි චාරුකා මීලගට තියෙන්නෙ අපේ වැඩේ.....වික්‍රම කිව්ව....ඒ මොකක්ද.....මම ඇහුව..ඇයි දන්නෙ නැද්ද....අපි දෙන්නගෙ කසාදෙ....ඔහු කිව්ව. ඊට ඉස්සෙල්ල ඔයාගෙ ගෙදරට කියන්න ඕනැ නේද මම ඇහුව...ඔව් ඒගැන කතාකරගන්න මම ලබන සෙනසුරාදා ගෙදර යනව....මම ගිහින් පහුවදා තමා එන්නෙ....දැන් ඔයාට ගැටලුවක් නෑනෙ.....නංගිත් ඉන්නව චිත්‍රාත් ඉන්නවනෙ.....ඔහු කිව්ව...
සෙනසුරාදා උදෙන්ම වික්‍රම ගෙදර ගියා......ඔහු ගෙදර ගියත් වරින් වර මෙහෙ තොරතුරු අහන්න ගත්ත....නංගිත් මේ දවස් දෙකේ ගෙදර ඉන්න හින්ද මට පාලුවක් නැතිවුනා.....රෑ දහයට විතර වික්‍රම මට කතාකලා....මම අම්මට කිව්ව....අම්ම කියනව හොද කෙනෙක් නම් කැමතිනම් කරගන්න කියල.....අම්ම කියනව වෙලාවක් දාගෙන ඔයව බලන්න එන්න ඕනැ කියල. ඉතින් අපි වෙලාවක් කියමුකො....මම කිව්ව....ඔහේට නෙවෙයි.....ලමයෝ....ඔයාගෙ ගෙදෙට්ට එන්න ඔනැ කියන්නෙ.....එතකොට මාව කොල්ලෙක් වෙලා හිටිය කියල දැනගනියිද....මම ඇහුව....බය වෙන්න එපා චාරුකා....මම ඒකට මොකක් හරි කරන්නම්.....ඔහු පොරොන්දුවුනා.
කවුද අක්කෙ වික්‍රම අයියද....නංගි ඇහුව.....අපේ කසාදෙට මාව බලන්න එන්න ඕනැ කියල එයාගෙ අම්ම කියනවලුනෙ.....මම බයෙන් වගේ කිව්වම.....ඉතින් ඕක ඒතරම් දෙයක්යෑ....ගෙදර ගිහින් අක්කව ලස්සනට අන්දල එයාලට පෙන්නමු.....ඇය ගනනකට නොගෙන කිව්ව.....ඒක නෙවෙයි නංගි ප්රස්නෙ......මම ඔයාගෙ අයිය කියල දැනගනියිද දන්නෙ නෑ......මම කිව්වම.....ඒකත් ඇත්තනෙ......නංගි කිව්ව. වික්‍රම අයියනම් කිව්ව ඒකට මොකක් හරි කරන්නම් කියල....මාත් අම්මට කියල බලන්න ඕනැ....මම කිව්ව.....
පහුවදා උදෙන්ම මම අම්මට කතා කරල මේ ගැටලුව ගැන කිව්ව.....මම අයියත් එක්ක කතා කරල මොකක් හරි හොද විදියක් හදාගන්න බලන්නම්.....අම්ම කිව්ව....වික්‍රම ඊයේ ගෙදර ආව අම්මෙ....මම එයාට කියන්නම් අම්මවයි අයියවයි හම්බවෙලා මේ ගැන කතා කරගන්න කියල.....මම අම්මට කිව්ව. ඊට පස්සෙ මේ පනිවිඩේ වික්‍රමට කිව්වම.....මම දැන්ම යන්නම්.....දැන්ම ගියොත් ඔයාගෙ අයියත් අල්ලගන්න පුලුවන්නෙ....ඔහු කිව්ව......
මොකද අක්කෙ අම්ම කියන්නෙ......නන්ගි ඇහුව.....දැන් වික්‍රම අයියත් අපේ ගෙදර යනව කිව්ව....එයාල සාකච්චා කරල මොකක් හරි කරයි......මම නංගිට කිව්ව.....මාත් ඔයා වගේ කෙල්ලෙක් වෙලාම උපන්නනම් මේවගෙ ගැටලුවක් වෙන්නෙ නෑනෙ......මම කිව්වම.....ඒකනෙ... දැන් තමයි අක්කටත් ගෑනුකමේ අගේ තේරිලා තියෙන්නෙ.....නංගී සිනාසෙමින් කිව්ව...
No comments:
Post a Comment