Sunday, August 5, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 45..........අපි දවල්ට කෑම කාල ටිකවෙලාවක් ගිහින් හැලප හදන්න ලෑස්තිවුනා....නංගි එකට උනන්දුවෙන් උදවුවෙනව දැක්කම.....මට තමයි උදවු කරන්න බැරි දැන් අක්ක ආව දවසෙ ඉදන් අක්ක කියන ඕනැ දෙයක් කරනව නේද.....අම්ම නංගිගෙන් ඇහුව.....මට දැන් පාලු නෑනෙ මටත් දැන් අක්කියෙක් ඉන්නව.....ඒකයි ඇය කිව්ව.
              නංගිගේ හුරතල් හැසිරීමත් ඇයගේ ආදරයත් නිසා දවස ගෙවීයනව තේරුනෙත් නෑ. ඇය ටිකක් දඟකාර වුවද අපි කියන දෙය අහන කීකරු තැනැත්තියක් බව පෙනීගියා.....මට මෙතරම් හොදින් ඇගේ ගතිගුණ ගැන තේරුම් ගියේ මාත් ඇය වැනිම ගැහැණු ලමයෙකු බවට පත්වූපසුය. ඉස්සර මා සිතා සිටියේ ඇය ආත්මාර්ථකාමී දඟකාර  තැනැත්තියක් ලෙසය. ඇයට වුවමනා වී ඇත්තේ අපේ ආදරයත් හුරතලයත් බව මට මේ දින කිහිපයට තේරුම්ගියා. ඇයට සහෝදරියක් නොමැති වීම නිසා තනිකමක් ඇතිවී තිබී ඇතිබව පෙනීගියා.
                මම ගැහැනියෙක් වෙලා ගෙදර එනකොට මෙතරම් සැහැලුවෙන් සතුටින් ගතකිරීමට ලැබේවිදැයි නිකමටවත් සිතුනෙ නෑ.. එහෙත් මා දුටුවේ මාව ගැහැනු ලමයෙකු බවට පත්වීම ගැන ගෙදර සියලු දෙනාම සතුටින් පසුවන බවය...අපරාදෙ මම මෙච්චර කල් වික්‍රමගෙ ගෙදරට වෙලා හැංගිලා හිටියෙ එක ....ඒ දවස්වලම ඇත්ත කිව්වනම් ඉවරයි...මම හිතුවෙ මාව කෙල්ලෙක් උනා කියල දැනගත්තම මට ගොඩක් ලැජ්ජ කරයි කියල......කෙල්ලොනම් කොල්ලොවගේ හිටියට කවුරුවත් මොකුත් කියන්නෙ නෑ...ඒ වුනාට කොල්ලෙක් කෙල්ලෙක් වගේ හිටියම කොච්චර අපහාස කරනවද කියල මම දැනගෙන හිටිය....එහෙම එකේ...කොල්ලෙක් ඇත්තටම කෙල්ලෙක් උනා කිව්වම කොච්චර අපහාස කරයිද කියල මට ඒ දවස්වල හිතුන....ඒත් ගෙදර හැමෝම මගේ ගැහැනු කමට කොච්චර කැමතිද කියල දැන් තමා මට තේරෙන්නේ.....
                මගේ ඇසුර නිසා නංගිගේ නරක පුරුදු කිහිපයක් වෙනස්වුන බව තේරුන මට සැහෙන සතුටක් ඇතිවුනා.....මම එයාගෙ අයිය වෙලා හිටියනම් නංගිව මේතරම් වෙනස් කරන්න ලැබෙන්නෙ නෑ කියල මට හිතුන. මම හැමදාම අම්මට උයන්න උදවු කරන හින්ද නංගිත් මාලඟ ඉදගෙන හුරතල් කතා කියමින් දඟකාර වැඩ කරකර උයන්න උදවුවෙනකොට අපිට උයන එක ගානක් නැතිවුනා.....මාත් එක්ක උදෙම්ම ඇහැරෙන නංගි ගෙදර වැඩකලේ හරිම උනන්දුවෙන් කියල මට තේරුනා.....මම හිතුව වගේ බදාද වෙනකොට මගේ මාසික ක්‍රියාවලිය පටන්ගත්ත......දුවට කෝපි එකක් හදල දෙන්නද.....මගේ වෙනස වටහාගත්ත අම්ම ඇහුව....ඕනෙ නෑ අම්මෙ මම කිව්ව......ඇයි අක්කට බඩ එහෙම රිදෙන්නෙ නැද්ද....ඒක අහල නංගි ඇහුව.....චුට්ටක්....ඒත් ඒක ගානක් නෑ නංගි ...මම කිව්ව......එහෙනම් මට වගේ.....ඒකනම් ඇත්ත....සමහර දාට නංගි දන්නෙත් නෑ....මමයි පෙන්නන්නෙ.....අම්මා සිනාසෙමින්  කිව්ව....ඒ වුනාට යාලුවො කියනව හරියට අමාරුවෙනව කියල.....ඒ අතින් බලන කොට අපි හරි වාසනාවන්තයි නේද අක්කෙ.....නංගි ඇහුව.
                 සිකුරාද රෑ වෙනකොට වික්‍රම එන හින්ද අපි එයාට වෙනම කාමරෙකුයි ඇදට අයිය ගෙනාපු අලුත්ම බෙඩ් සීට් එකක් දාල කොට්ට වලට අලුත් කොට්ට උර දාල ලෑස්ති කලා......මම ඔහුගේ ඇද ලස්සනට හදනකොට.....අක්කගෙ කොට්ටෙ කොයි පැත්තෙද තියන්නෙ කියල නංගි ඇහුව.....මේ ඕවට එන්න එපා හරිද මම ඇයට ගහන්න උලුක්කරගෙන කිව්ව.... ඔහොම කිව්වට අදරෑට දෙන්නගෙ මුකුලුව බලාගන්න පුලුවන් වෙයි....ඇය මාලගින් ඈතට දුවන්න බලාගෙන කියල ඉක්මනට එලියට දිව්ව.....ඒත් ඇගේ දගකාර කම් හින්ද මම මොකුත් කලේ නෑ.....  
Transgender body swap ගේ ඡායාරූපය

No comments: