වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 62........... ...නාගෙන ඇඳුන් මාරුකරගෙන හිටිය වික්‍රම මට කථාකලා....මොනවටද වික්‍රම මෙතරම් කෑමජාති ගෙනත් තියෙන්නෙ....ඔහු ළඟට ගිය මම ඇහුව.....කන්නනෙ ලමයෝ....කිව්ව ඔහු....පොඩ්ඩක් යමුද කාමරේ ඇතුලට...කිව්ව....මිට ඉස්සර ඔහු මට තනියම කාමරේ ඇතුලට කතාකරල තිබුනෙ නෑ. මම ඔහුත් එක්ක කාමරේ ඇතුලට ගියහම දොර වහල ඇතුලින් අඟුලු දැම්ම ඔහු ඇඳේ වාඩිවෙලා මටත් ඔහු ළඟින් වාඩිවෙන්න කිව්ව.....මම වාඩිවුනාම....මාදිහා බැලුව වික්‍රම ....ඔයාට අර බෙහෙත බොන්න අදහසක් නැද්ද.... ප්‍රශ්නකලා.....ම්හු...මම හිස දෙපත්තට වනමින් කිව්ව...ඔය ඇත්තමද කියන්නෙ....හ්ම්....මම හිස උඩ යට යවමින් කිව්ව...මම කොයිතරම් මහන්සි වුනාද ඔය බෙහෙත හොයාගන්න....ඒ දවස්වල ඔය තීරනේ ගත්තනම් ඉවරනෙ....ඔහු නෝක්කඩු ස්වරූපයෙන් කිව්ව ඔහු.....මොකද ඔයාට එකපාරටම එපා කියල හිතුනෙ....ඇහුව....මට මගේ නංගිත් ඕනැ ඒවගෙම ඔයාවත් ඕනැ....මම උදේ කිව්ව දේ ආයෙත් කිව්ව.....ඉතින් ඔයා අයෙත් ලසන්ත උනා කියල ඔය එකක්වත් නැතිවෙන්නෙ නෑනෙ....ඔහු කිව්ව....මාව ආයෙත් ලසන්ත උනොත් නංගි මගෙන් ඈත්වෙනව.....මම දන්නව එයා මාත් එක්ක තරහවෙනව කියල....ඒවගෙම ඔයාවත් මට නැතිවෙනව.....මම කිව්වම....මම නැතිවෙන්නෙ කොහොමද....කොහොමත් අපිදෙන්න යාලුවොනෙ.....ඔහු කිව්ව....අපි යාලුවො උනාට මේවගෙ ළඟින් ඉන්න බෑනෙ ... කිව්ව මම ....මට හැමදාම ඔයාගාවම ඉන්න ඕනැ වික්‍රම.....මම මෙහෙම කිව්වම ඔහු මාදිහා බලාගෙන කල්පනාවක නිරතවෙන ආකාරය දැක්ක.....ඇයි වික්‍රම ඔයා මට කැමති නැද්ද ....ඇහුව.....අපෝ නෑ වසන්ති.....ඔයා ගැහැණියෙක් උන මුල් කාලෙම මට ඔයාගැන පුදුම ආදරයක් හිතුන.....ඔයාගෙ රූපෙ ගමන බිමන කතාකරන ආකාරය දකින කොට වෙන ගැනුන්ට නැති අමුතු ලස්සනක් තියෙනව කියල තේරුනා....මම හිතාගෙන හිටියෙ කවදාවත් කසාද බදින්නෙ නෑ කියල.....ඒත් ඔයාව ආපහු ලසන්ත කරගන්න බැරිවුනොත් ඔයාව කසාද බදිනව කියල හිතාගෙන හිටියෙ.... ඔයාව හම්බවුනේ නැත්නම් මම කසාද බදින්නෙ නෑ...වසන්ති.....ඔහු හැගීම්බරව කිව්ව.....මට තාම හිතාගන්න බෑ ඔයා මේ තීරනේ ගත්තෙ ඇයි කියල....කිව්ව ඔහු....ඔයාට මේ විදියට සදහටම ගෑනියෙක් වෙලා ඉන්න එක කරදරයක් කියල හිතෙන්නෙ නැද....ප්‍රශ්නකලා......මටත් පිරිමියෙක් වෙලා ඉන්නකාලෙ එහෙම හිතුන.....ඒවුනාට....ගෑනියෙක් වෙලා ටික දවසක් ගියාට පස්සෙ....ඒක ගානක් නැතුව ගියා.....සමහර දාට මට හිතුන ගැහැනියෙක් උනාම අමුතු සුන්දරත්වයක් තියෙනව කියල.....මම කන්ණාඩිය ඉස්සරහට ගිහින් සෑහෙන වෙලාවක් හැඩබලන්න ගත්තෙ ඒ හින්ද්ද කියල මට හිතුන.....මම මෙහෙන්ම කිව්වම......ඉතින් ඔයා මේතරම් සතුටින් ඉඳලත් ඇයි ඔයා ආයෙත් ලසන්ත වෙන්නම ඕනැ කියල කිව්වෙ.....ඔහු ඇහුව.....අනේ මන්ද වික්‍රම මටත් හිතාගන්න බෑ ඒ ඇයිකියල.....මට හිතෙන්නෙ සමාජ සම්මතයක් තියෙනවනෙ පිරිමි කියන්නෙ උතුම් ජාතියක් කියල...මටත් ඒ මානසිකත්වය ඉහට ගහන්න ඇති.....මම කිව්වම.....ගෑනියෙකුට විතරනෙ වසන්ති අම්ම කෙනෙක් වෙන්න පුලුව.....ඔයාටත් දැන් ඒ මවුපදවිය ලබන්න පුලුවන්නෙ.....ඒක කොච්චර ලොකු දෙයක්ද....ඔහු කිව්ව......ඒක තමා වික්‍රම මටත් දැන් අම්ම කෙනෙක් වෙන්න පුලුවන් නේ....මම සතුටින් කිව්ව...ඒ බබාගෙ තාත්ත කවුද.....ඔහු ඇහුවා....වෙන කවුරුවත් නෙවෙයි.....මම වික්‍රම දිහා බලල කිව්ව.... මගේ අත උඩින් ඔහුගේ අත තියල වික්‍රම නේද ඇහුව.
ඒ වුනාට වික්‍රම අපිට ඒකටත් ප්‍රශ්නයක් තියෙනවනේද.....මම ඇහුවම......ඒ මොකක්ද ඔහු පුදුමයෙන් වගේ ඇහුව.....මාව බදිනවට ඔයාගෙ ගෙදර අය කැමති වෙයිද..... ඇහුව...ඒකට බයවෙන්න එපා අම්ම කියල තියෙන්නෙ එයාල බලන ඒවට කැමති නැත්නම් හොයාගෙන හරි බදින්න කියල....ඉතින් මට කියන්න තියෙන්නෙ ලස්සන කෙල්ලෙක් හොයාගත්ත කියල....කිව්ව ඔහු....ඊට ඉස්සෙල්ල විසදගන්න තවත් ගැටලුවක් තියෙනව වසන්ති....කිව්ව ඔහු ඔයාගෙ උපැන්න සහතිකයෙ ගැහැණු කියල වෙනස් කරන්න ඕනැ....ඒකෙ නමත් වෙනස්කරන්න ඕනැ....කිව්ව.... මේව ඔක්කොම කරන්න නම් ඔයා දිගටම ගෑනියෙක් වෙලා ඉන්නව කියල පොරොන්දු වෙන්න ඕනැ.....කිව්ව.....මම පොරොන්දු වෙනව වික්‍රම මට අයෙත් කවදාවත් පිරිමි කම ඕනැ නෑ.....මට ඊට වඩා මේ ජිවිතය හොඳයි වික්‍රම ......මම ස්ථීර ලෙස පැවසුවා.....
දැන් නංගිත් එන්න ලඟයි වික්‍රම පොඩ්ඩක් ගිහින් බලන්නද කියල ඇදෙන් නැගිටින්න හදන කොට ඔහු මෙගේ අතින් අල්ලගෙන ඔහු ගාවට ඇද්ද..ඇයි මේ.....ඔහු මෙතෙක් කල් නොකරපු දෙයක් නිසා මම ඔහු ගාවට කිට්ටුවෙලා ඇහුව.....එවිටම ඔහු මාව බදාගෙන සිපගන්න පටන්ගත්ත....මමත් ආශාවෙන් සහ ආදරයෙන් ඔහුට සිපගැනීමට ඉඩදුන්න.....මාත් දැන් ගැහැනියෙක් නියම ගැහැනියෙක් ....මට දැන් ගැහැනියෙක් විදියට පිරිමියෙකුට ආදරේ කරන්න පුලුවන්.....ඔහු මගේ තොල් පෙති තදින් සිපගන්නා අතරතුර....කල්පනා කලා....
No comments:
Post a Comment