වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 40.............මම උදෙම්ම නැගිටල මුහුන හොදගෙන නයිට් ගවුම ඇදගන්න එක පුරුද්දක් කරගෙන හිටිය. මම දැක්ක නංගි කුසියට ගිහින් තේ කෝප්පෙ අරගෙන සාලෙට ඇවිත් කකුල් දෙක පුටුව උඩ තියාගෙන තේ බොනව....මම එයාදිහා බලල....ඔහොමද ගෑනු ළමයි වාඩිවෙන්නෙ.....දාගනව කකුල්දෙක පල්ලෙහාට.....කිව්වම නංගි මොකුත් නොකිය කකුල් දෙක පහලට දාගත්ත.....ඔයා මුහුන හෝද ගත්තද.මම ඇහුව ...තාම නෑ....ඇය කිව්ව....එහෙනම් ඕක ඉක්මනට බීල මුහුන හෝදගෙන ඔය ඇදගෙන ඉන්න නයිට් ගවුම අයින් කරල ගවුමක් ඇදගන්න.....මම කිව්වම.....කොහේ යන්නද....ඇය ඇහුව....කොහේවත් යන්න නෙවෙයි......ගැහැණු ලමයෙක් උනාම නිතරම ලස්සනට පිරිසිදුව ඉන්න ඕනැ....මම කිව්ව....අම්මෝ මෙයා ගිහින් තියෙන දුර.....ගැහැනු ලමයි වෙලා උපන්න අපිවත් ඔයතරම් ඒව කල්පනා කරන්නෙ නෑනෙ.....අක්ක දැන් ගැහැනු කමේ ගැඹුරටම ගිහිල්ලනෙ.....නංගි කියන්න වුනා......මේ පන්ඩිතකම් කියවන්නෙ නැතුව මම කියන දේ කරනව.....මම කිව්ව. අයියත් නැගිටල ඉන්න හින්ද මම දැක්ක අම්ම අයිය ගාවට තේ එක හදාගෙන යනව....කෝ දෙන්න අම්මෙ මම ඕක අයියට ගිහින්දෙන්නම්...කිව්ව මම තේ කොප්පෙ ඉල්ලගෙන අයිය ගාවට ගියා .....ඔහු මාදිහා සතුටින් බලල තේ කෝප්පෙ අතට ගත්ත.
දුව උදෙම්ම කොහේ යන්නද හදන්නෙ....අම්මා නංගිගෙන් අහනව ඇහුන.....කොහේවත් යන්න නෙවෙයි අම්මෙ....ඇය කිව්ව......කවදාවත් නැතුව නයිටිය ගලවල උදෙම්ම ගවුමක් ඇදගෙන ඉන්නව දැක්ක හින්ද ඇහුවෙ....අම්ම කියන කොට මම එයාල ගාවට ගියා......මේ අක්කනෙ ගවුමක් ඇදගන්න කිව්වෙ.....නංගි කිව්වම ඇයි අම්මෙ වෙනදට නංගි දවල්ටත් නයිටිය පිටින්ද ඉන්නෙ.....ඇහුව....අපෝ කොහේවත් යන්නෙ නැත්නම් දවල් වෙනකම්ම ඒක ඇදගෙන ඉන්නෙ......අම්ම කිව්ව....මෙයා දැන් ගෑනියෙක් වෙලා ගෑනු අපිට උපදෙස් දෙන්නත් එනව.....නංගි කිව්ව.....අක්ක ඉතින් නරකක් කිව්වෙ නෑනෙ දුවේ..මාත් ඔයාට නිතරම කියන්නෙ ඕකනෙ...කිව්ව අම්ම.....මම කොච්චර කිව්වත් අහන්නෙ නැනෙ.....අද අක්ක කිව්ව එක අහල.....කිව්වම....නංගි සිනාසුනා......අපි උදේට කෑම කාල ටිකක් වෙලා ගියහම....අයිය සාප්පුවට ගියා.
අපේ තාත්තට එච්චර සල්ලි තිබුනෙ නෑ .....තාත්ත කලේ ආන්ඩුවෙ ලිපිකාර රස්සාවක්. ඔහු මියගියාට පස්සෙ තාත්තගෙ විශ්‍රාම වැටුප අම්මට ලැබුන හින්ද. අපිට යන්තම් ජීවත් වෙන්න පුලුවන් වුනා. අපේ ගේ තියෙන වත්තත් අක්කරයක් විතර ලොකුයි ඒකෙ පොල් වලින් ලැබුනු ආදායමෙනුත් තරමක සහනයක් ලැබුන....මේ අතරේ අම්ම සුලු සුලු බෝග ජාති වගාත් කලා.....අපේ ආර්ථික අපහසු කම් හින්ද.....අයිය වැඩි දුර ඉගෙන ගන්න යන්නෙ නැතුව පොඩියට රෙදි සාප්පුවක් පටන් ගත්ත. ඒකෙන් ලැබුනු ආදමෙන් අයියත් අපිට උදවු කලා.....අපේ තාත්ත නැතිවුනාට පස්සෙ අයිය තමා අපේ තාත්ත වගේ අපිව බලාගත්තෙ.....අද අයියගෙ රෙදි සාප්පුව තරමක් දුරට දියුනු වෙලා තිබුනත් ඒක දියුනු කරන්න බැංකුවලට නයවෙලා තියෙන හින්ද ආදායමෙන් කොටසක් නය ගෙවන්න වෙලා තියෙනව......ඒත් අයිය තාත්තගෙ අඩුව අපිට දැන්නෙන්න දෙන්නෙ නැතුව අපිට සලකනව.
නංගි උසස් පෙල කරල ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න හින්ද මම ඇහුව නිකන් ඉන්න එකේ මොකක් හරි කෝස් එකක්වත් කරන්න කියල ....මම ආසයි අක්කෙ කොම්පියුටර් කෝස් එකක් කරන්න....ඒකට සෑහෙන ගානක් යන හින්ද....අම්ම කියනව අයියට කියන්න බෑ කියල....නංගි දුකෙන් වගේ කිව්ව.....කීයක් විතර යනවද.....මම ඇහුව......පනස් දාහක් විතර යනව අක්කෙ ....තව කොම්පියුටර් එකකුත් ගන්න ඕනැනෙ....ඒකටත් වියදන් කරන්න ඕනැනෙ.....නංගි එහෙම කිව්වම මට ඇය ගැන ලොකු කනගාටුවක් ඇති උනා....මේවනකොට මගෙ ගාව සල්ලි ටිකක් එකතුවෙලා තියෙනව කියල මට මතක්වුනා...ඒත් ඒව මේකට වියදම් කලොත් ගැටලුවක් වෙයි කියල බය හිතුන....දැනට වික්‍රම මගෙ හැමදේම බලන හින්ද මට සල්ලි වලින් ගැටලුවක් නෑ ඒත් වික්‍රමට හැමදාම කරදර කරන්න හොදනෑ.....කොහොමහරි ආයෙත් පිරිමියෙක් වෙලා රස්සාවක් හොයාගන්න ඕනැ...එතකන් මොනවහරි කරගන්න මේ සල්ලි ටික තියාගන්න ඕනැ...මම කල්පනා කලා....අපි මෙහෙම කතාකරකර ඉන්නකොට අම්ම අපිගාවට ඇවිත් .....මොකක්ද අක්කගෙයි නංගිගෙයි ලොකු කතාව ....ඇහුව.....මේ නංගිට කොම්පියුටර් ක්ලාස් යන්න ඕනැලු....මම කිව්වම....නංගි මටත් ඔය ගැන කිව්ව තමයි....ඒත් පුතේ සල්ලි තමා ගැටලුව..ඔයාලගෙ අයියටත් නිතරම කරදර කරන්න බෑනෙ.....අම්මා දුක් බරව කිව්ව කිව්ව.....ඔකනෙ කියන්නෙ වික්‍රම අයිය අක්කට ඔයතරම් කැමති එකේ...වික්‍රම අයියව බැන්දනම් අපි ඔක්කොම ගොඩනෙ.....නංගි කිව්ව....ඕව කියන්න ලැජ්ජ නැද්ද නංගි එයා මගේ යාලුවෙක් විතරයි....මම නංගිට සැරකලාම නංගි මුහුන පුලුටු කරගෙන මාගාවින් ගියා......
No comments:
Post a Comment