Monday, August 6, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 49........... උදේ ආහාරයෙන් පස්සෙ මම යන්න ලෑස්ති වෙනකොට නංගි ඇද උඩට වෙලා මාදිහා කනගාටුවෙන් යුතුව බලා හිටිය.....මටත් ඇයව දාල යන්න හුගක් දුක හිතුන ඒත් මම දැන් ඉන්න තත්වෙ හැටියට වෙන කරන්න දෙයක් නැතිවුනා....එන කොට ගෙනාව වගේ ඇදුම් යනකොට තිබුනෙ නෑ මගේ යට ඇදුම් ටික විතරක් බැග් එකට දාගත්ත......ටිකවෙලවකින් නංගි නැගිටල යනව දැක්ක වැඩිවෙලාවක් ගියේ නෑ ...නංගි ගවුමක් අරන් ඇවිත් අක්ක ඉසෙල්ලම දවසෙ ලස්සනයි කියල මගෙන් ඉල්ලගත්ත ගවුම මේක....මේක වටින එකක් නෙවෙයි ඒත් මට අක්කට දෙන්න වෙනදෙයක් නෑ...අක්ක මේක තියාගන්න....ඇය ඒ ගවුම මට දෙන කොට ඇගේ ඇස්වලින් කදුලු බෙරෙනව දැක්ක.....මම ගවුම අතට අරගෙන මුහුනට කරල ඒක සිපගෙන බෑක් එකට දාල.....නංගිව තුරුලු කරගෙන සිපගන්න පටන්ගත්ත....මගේ ඇස්වලින් වැගිරුනු කදුලු ඇගේ මුහුනේ ගෑවුනා ඇගේ කදුලු මගේ මුහුනේ තැවරෙනව මට තේරුනා.....අපි දෙන්නම ටිකවෙලාවක් තුරුලු කරගෙන ඇඩුව......අක්කට යන්න දෙන්න දුවේ....වික්‍රම අයිය ඇදගෙන බලා ඉන්නව.....අම්ම කියනව ඇහුන.........මොනව කරන්නද දුවේ අක්ක යන්නත් ඕනැනෙ....අපේ ඇස්වල කදුලු දැකල අම්ම  කනගටුවෙන් වගේ කිව්ව.  මම බැග් එකත් අරගෙන ඉස්සරහට යන්න හදන කොට නංගි බෑක් එක අතට අරගෙන මගෙ පස්සෙන් ආව.  මම අම්මගෙ දෙපා වැන්ද අතර අයියගෙත් දෙපා වැන්ද.....නංගි අඩමින් මගෙ කකුල් දෙක ගාව දනගැහුව......අඩන්න එපා නංගි මම ආපහු එනවනෙ.....එනකොට ඔයාට කොම්පියුටර් එකකුත් අරගෙන එන්නම්.....මම ඇයව තුරුලු කරගෙන කිව්ව. අම්ම මගෙ නුහුන සිපගෙන මගෙ ඔලුව අතගාල සුබපැතුව.....අපි වහනයේ වාඩිවුනාමත් නංගි මාගවට ඇවිත් අක්ක ආයෙත් අක්ක විදියට එනව නේද මගේ අවසාන වතාවට මගෙ මුහුන සිපගනිමින් ඇහුව....බයවෙන්න එපා නංගි එනව කියල ඇගේ මුහුන සිපගත්ත..... අම්මත් මගෙ ලගට අවිල්ල මගෙ හිස අතගල තෙරුවන්සරනයි  කියල ආශිර්වාද කලා. අපි ඈතට යනකම්ම නංගි බලා ඉන්නව කියල පිටිපස්ස බැලුව මට දැකගන්න ලැබුන.....ඔයා ආවට නංගිට හරි දුකයි නේද.....වික්‍රම ඇහුව....මේ දවස් ටිකේම නංගි මා ළඟමයි හිටියෙ.....නිදාගත්තෙත් මගේ ඇදේ.....මම කිව්ව.....ඉස්සරත් එහෙමද....වික්‍රම ඇහුව...ඉස්සර මා ලඟටවත් එන්නෙ නෑ අනේ මම එයාගෙ අක්ක උනා කියල පුදුම සතුටකින් ඉන්නෙ.....මම කිව......ඔයා කෙල්ලෙක් උනා කියල කාගෙන්වත් ගැටලුවක් නෑ වගේ.....වික්‍රම සිනාසෙමින් කිව්ව....අපරාදෙනෙ මම මේක හංගගෙන හිටියෙ ඒදවස්වලම කියන්න තිබුන.....මම කිව්ව.....ඒක තමයි....මම ගෙදරට ඇත්ත කියමු කිව්වම ඔයානෙ එපා කිව්වෙ......ඔහු කිව්ව.....මේක කාටවත් කියන්න පුලුවන්ද දෙයක්ද වික්‍රම .....මම කිව්ව.
                     ඒක නෙවෙයි වසන්ති..... බෙහෙත හොයාගන්න පොඩි පොටක් පෑදුනා.....එහෙනන් හදන්න පුලුවන් වෙයිද.....මම සතුටින් ඇහුව......ඒක හරියටම කියන්න බෑ ඒත් මට හිතෙනව හරියයි කියල.....ඔහු කිව්ව.....කවද්ද පුලුවන් වෙන්නෙ මම ඇහුව.....දින වකවානුනම් කියන්න බෑ.....මෙහෙමවත් පොටක් පද ගන්න ලැබුන එක ලොකු දෙයක්.....ඔහු කිව්ව.....එහෙනම් වැඩේ හරියයි වගේ මම කිව්ව.....වැඩි බලා පොරොත්තු තියාගන්න එපා අපි බලමු.....ඔහු විශ්වාසයෙන් තොරව කියන බව තේරුනා. අපි දවල් ආහාරය හෝටලයකින් අරගෙන නැවත පිටත්වුනා.....ගෙදරට එනකොට සවස දෙක පමන වුනා......හෙට නේද චිත්‍රා එනව කිව්වෙ....ඔව් අනේ....එයාට කතාකරන්නවත් පෝන් එකක් වත් තියන එකක්යෑ.....මම කිව්ව.....මෙහාට හොයාගෙන එන්න පුලුවන් වෙයිද......වික්‍රම ඇහුව...... පුලුවන් කියලනම් කිව්ව.....චිත්‍රා කියන්නෙ මෝඩ ගෑනියෙකුත් නෙවෙයිනෙ කොහොම හරි එයි.....මම කිව්ව.
                     මම ඇදුන් මාරු කරගෙන තේ හදන්න කුස්සියට ගියා.....අපි හිටිය නැති හින්ද කුස්සිය අවුල් වෙලා තිබුන හින්ද වතුර රත්වෙන්න දාල කුස්සිය අස්කරන්න පටන් ගත්ත.....ඇදුම් මාරු කරගෙන හිටිය වික්‍රම කුස්සියට ඇවිත් .....මාත් අස්කරන්න හිතාගෙන හිටියෙ ඒත් බැරිවුනා....කිව්ව ඔහු අපි ආව කියල ගෙදෙට්ට කියන්නෙ නැද්ද ඇහුව......අයිය ගාවනෙ වික්‍රම පෝන් එක තියෙන්නෙ......අයිය ගෙදර ගියාම අම්මට කතාකරනව.... මම කිව්ව.....එහෙනම් මතක ඇතුව රෑවෙලා කතාකරන්න.....ඔහු කිව්ව......මම තේ හදල කන්න දෙයක් බැලුවම කඩපු නැති බිස්කට් පැකැට් එකක් තියෙනව දැකල ඒක කැඩුව....අපි දෙන්න එක්ක තේ බොන ගමන්....වික්‍රම මේ දවස් ටිකේ පාලුවෙන් ඉන්න ඇති නේද ඇහුව.....පාලුයි කියල මොනව කරන්නද වසන්ති ......කවද හරි මට දිගටම තනියම පාලුවෙන්නෙ ඉන්න වෙන්නෙ....ඔහු කිව්ව......ඒ මොකද....මම ඇහුව......ඔයා ආයෙත් හිටපු තත්වෙට පත්වුනාම ඔයාගෙ අයිය කිව්ව ඔයාට කඩයක් දාල දෙනව කියල.....මට මොනව උනත් ඔයාට හොදක් වෙනවනම් ඒ ඇති වසන්ති......වික්‍රම කනගාටුවෙන් යුතුව කිව්ව....
 Transgender body swap ගේ ඡායාරූපය

No comments: