Saturday, August 4, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 41............නංගි එහෙම යනකොට මට තවත් දුක හිතුන.....මම ඉස්සර වගේ නෙවෙයි මාව ගහැනියෙක් උනාට පස්සෙ හිත හරිම සංවේදී බව තේරිලා තිබුන... පොඩ්ඩ බැරිවෙන කොට ඇඬෙනවා එහෙම නැත්නම් දුක හිතෙනව. ...මම නංගි පස්සෙන් ගියා. එයා ඇදේ ඇලවෙලා කොට්ටෙ බදගෙන ඉන්නව දැක්ක මම එයා ලගින් වාඩිවෙලා....හිස අතගාමින් අඩන්න එපා නංගියේ මම මොකක් හරි මේවැඩේට කරන්නම්.....කිව්වම නංගිට අලුත් පනක් ආවවගේ එකපාරටම මගේ බෙල්ල බදාගෙන.....වික්‍රම අයියව බදිනවද අක්කේ....ඇහුව. එහෙම දෙයක් නෙවෙයි මම කිව්වෙ.....ඔයාගෙ කොම්පියුටර් පන්තිය ගැන....ඒක ඉතින් අහල වැඩක් නෑනෙ අක්කෙ....නංගි ආයෙත් දුක්බරිත වුනා.....මගෙ ගාවත් ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනව නංගි අයියත් එක්ක කතාකරල මොකක් හරි කරමු.....මම කිව්ව....අම්ම කැමති නෑ මේ ගැන අයියත් එක්ක කතාකරන්න....ඇය කිව්ව.....අද හවසට අයිය ආවහම මම කතාකරන්නම්කො....මම කිව්ව....ඒ සැරේ නංගිට සිහින් සිනවක් ආවබව මට පෙනුන.....
             දවල් වෙනකොට අම්ම කුස්සියෙ උයනව දැක්ක මම ඇයට උදවුවෙන්න ගියා......මම පොල්ටික ගාලදෙන්න හදනකොට....මා දිහා බැලුව අම්ම....ඔයා ඊයෙ පෙරෙයිද කෙල්ලෙක් වෙලා කුස්සියෙ වැඩ කරනව නංගි උප්පත්තියෙම කෙල්ලෙක් වෙලත් කුස්සිය පලාතෙ එන්නෙ නෑ......අම්ම නංගිට දොස් කියමින් හාල් හේදුව.....එතකොටම අක්කේ කියමින් නංගි මාගාවට ඇවිත් පොල් ටිකක් කටේ දාගත්ත......මම පොල් ගාන්නෙ නිකන් කන්න නෙවෙයි කිව්ව මම ඇගේ මුවට සෙමින් පහරක් ගැහුව.....ඔන්න ඕකට තමයි එයා කුස්සියට එන්නෙ....නැතුව වැඩකට උදවුවෙන්න එහෙම නෙවෙයි....කිව්ව අම්ම....දැන් වයස විස්සට කිට්ටුවෙලත් තාම බත්ටිකක් ලිපේ තියන්න තේරෙන්නෙ නෑ.....බලනවකො අක්ක කොච්චර හොදද කියල....ඔන්න ඔහොම තමයි ගෑනු ලමයෙක් උනාම හැදෙන්න ඕනැ.....කිව්ව.....අක්ක කෙල්ලෙක් උනාට පස්සෙ ගැහැණු කම හිතටම අරගෙනනෙ අම්මෙ.....මට එහෙම හිතට ගන්න ඕනැ නෑ..නන්ගි කිව්වම...මේ පුතේ... වික්‍රම අර බේත හොයාගත්තට පස්සෙ ඔයා ඒක බොන්න එපා... මෙන්න මේ නංගිට ගෙනත් දෙන්න...අම්ම කිව්ව...ඒ මොකටද.....නංගි ඇහුව .....ඔයාට කොල්ලෙක් වෙන්න......ඊයා ....මට කොල්ලෙක් වෙන්න ඕනැ නෑ....නංගි පිලිකුලෙන් වගේ කිව්ව.....එහෙනන් දැන් කිව්වෙ ගැහැනු කම හිතට ගන්නෙ ඕනෙ නෑ කියල......ඇහුව අම්ම ඊට පස්සෙ පිරිමි කම හිතට ගන්න පුලුවන්නෙ.....අම්ම හිනාවෙමින් කිව්ව....අනේ මේ අම්මේ මට ඕනැ ඇති පිරිමි කමක් නෑ.....කිව්ව නංගි අම්ම හෝදපු  හාල්වලින්ද ටිකක් කටේ දාගත්ත......දැන් පොලුත් කෑව හාලුත් කෑව ඔය එක්කම සීනි ටිකකුත් කාල ලුනු චුට්ටකුත් කෑවනම් අර අම්ම අපිට හදල දෙන ඇකිටි ගුලි කනව වගේ වෙයි.....මම කිව්ව.....ආ ඒකත් ඇත්තනෙ කිව්ව ඇය මා ලගට ඇවිත් තව පොල්ටිකක් කටේදාගෙන කුස්සියෙන් එලියට දිව්ව.....නංගි දැන් ලොකු ලමිස්සියෙක් උනත් තාම දගේනම් ඇරිල නෑ....හරියට පොඩි කෙල්ලෙක් වගේ....මම සිනසෙමින් කිව්ව.....නංගි දැන් පුදුම සතුටකින් ඉන්නෙ පුතේ එයාගෙ ඒ සතුට තව කී කාලයක් තියෙයිද කවුද දන්නෙ.....අම්ම දුකෙන් වගේ කිව්ව. ....ඒ මොකටද.... මම ඇහුව.....නංගිට අලුත් අක්ක කෙනෙක් ලැබුන කියල......ඒ වුනාට තව කී දවසකටද කියල කවුද දන්නෙ.... වික්‍රම පුතාගෙ අතේනෙ ඒක තියෙන්නෙ.....අම්ම කිව්ව.... අම්ම එහෙම කිව්වම නංගිට විතරක් නෙවෙයි මාව මේ විදියට තියාගන්න අම්මත් කැමැත්තෙන් ඉන්නෙ කියල තේරුනා......අපි උයල ඉවර වෙලා අයියගෙ කෑම එක අයිය එව්ව සේවකයෙක් අත යැව්ව...ඉස්සර ඉදන්ම දවල්ට කෑම එක ගෙනියන්න සේවකයෙක් එවන එක අයියගෙ පුරුද්දක් වෙලා තිබුනා.
             අපි කෑම කාල සාලයට වෙලා ඉන්නකොට. වික්‍රමගෙ වාහනය මිදුලෙ නවත්වනව දැක්ක.....මම වික්‍රම ගාවට ගියහම මම දැන් යනව වසන්ති....කිව්ව.....එන්න තේටිකක් බීල යන්න... මම ඔහුට ගෙට කතා කලා.....ඉක්මනට දෙන්නකො.....කියල ගේ ඇතුලට ආව.....ආපහු කොළඹ යන්නද ...අම්ම වික්‍රමගෙන් ඇහුව....ඔව් ඇන්ටි දැම්ම ගියොත් රෑවෙන්න ඉස්සෙල්ල යන්න පුලුවන් ....ඔහු පිලිතුරුදුන්නා....මම කුස්සියට ගිහින්  තේ හදනකොට මා ගාවට ආව අම්ම.....කෝ දෙන්න මම හදන්න ඔයා ගිහින් ඒ ලමය එක්ක කතාකරන්න....කිව්ව අම්ම මගේ අතින් තේ හැන්ද අරගෙන දුවේ කියල නංගිට කතාකලා.....මම වික්‍රම ගාවට යනකොට නංගි කුස්සිය ඇතුලට යනව දැක්ක.....මම ඔහු ගාවට ගියහම....මොකුත් ගැටලුවක් උනේ නැද්ද ඇහුව.....අපි බයෙ හිටියට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.....අම්මයි නංගියි අයියයි දැන් මාව කෙල්ලෙක් කියල පිලිඅරන් ඉවරයි.....මම කිව්ව.....එන කොට ලැජ්ජාවෙන් නේද ආවෙ දැන් කොහොමද.....වික්‍රම මගේ කනට කරල ඇහුව.....මම සිනාවෙන් කටතද කරගෙන ...දැන් මාත් කෙල්ලෙක් විදියට දැනෙන්නෙ..... ගානක්වත් නෑ....කියන කොට නංගි කෑම දීසිය අරගෙන මා ගාවට ඇවිත් හිටිය....මත් එක්ක අමුතු විදියට හිනාවුනු නංගි කෑම දීසිය තියල ආපහුගියා. දුව තේත් හදන්න ලෑස්තිකරගෙන පුතා දැන් එයි කියකියා මෙච්චර වෙලා මග බලබලා හිටියෙ......අම්ම තේ එක වික්‍රම ගාවින් තියල කිව්ව.....මම ලබන සිකුරාද හවස එනව එතකොට සෙනසුරාදා යන්න පුලුවන්නෙ.....හැබැයි මම ගෙදර යන්නෙ නෑ... ගෙදර ගියොත් පහුවදා යන්න වෙන්නෙ නෑ.... ඒ හින්ද.....කොහේ හරි නැවතිලා ඉදල සෙනසුරාද උදේ එනව...ඔහු කිව්ව.......කොහේවත් නව තින්නෙ මොකටද... පුතාට මෙහෙ නවතින්න පුලුවන්නෙ.....අම්ම කිව්ව......ඒක හරි නෑ නේද ඇන්ටි....ඔහු කිව්ව.....පිට ගෙයක් නෙවෙයිනෙ ඔයාගෙ යාලුවගෙ ගෙදරනෙ......අම්ම කිව්වම ඔහු නවතින්න එකඟවුනා...
.  Transgender body swap ගේ ඡායාරූපය

No comments: