වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 38...............ඒවුනාට නංන්ගිගෙ කිසිමදෙයක් අපිට අල්ලන්නවත් දුන්නෙ නෑනෙ.....මගෙ අක්කට ඕනැදෙයක් දෙනව.....ඇය මම දිහා බලල කිව්ව.....ඒවුනාට අයියට දුන්නෙ නෑහැනේ ....අම්ම ඇහුව.....කොල්ලන්ට මගෙන් කිසි දෙයක් නෑ.....ඇය කිව්වෙ.....කොල්ලොත් එක්ක තරහට වගේ....ඉතින් දුවේ අයියලානෙ....අයිය උනත් කොල්ලොනෙ....ඇය කිව්ව.
කැම කෑවට පස්සෙ මම කාමරේට ගිහින් ඇදේ පොඩ්ඩක් ඇලවුනා.....කවදාවත් මාගාව නිදා නොගත් නංගිත් ඇවිත් මාගාවින් ඇලවුනා....මොකද....මම ඇහුව.....ඔයා දැන් මගෙ අක්කනේ...ඇය මගේ මුහුන සිපගනිමින් කිව්ව. .....ඉතින්.....මම ඇහුව.....ඉතින් මට ගොඩාක් සතුටුයි.....ඇය මාව තුරුලුකර ගනිමින් කිව්ව....අක්කේ ඇත්තට අක්ක කොහොමද අක්ක කෙනෙක් උනේ.....ඇය ඇහුව.....වික්‍රම අයියගෙ පිස්සු වැඩක් හින්දනෙ නංගි .....මම කිව්ව.....ඒ මොකක්ද....ඇය ඇහුව.....මම විස්තරේ කිව්ව.....ඒකෙන් මටනම් හොදක් උනා.....නංගි සිනාසෙමින් කිව්ව.....ඒ මොකක්ද ඔයාට උන හොදේ....මම ඇහුව.....මට ලස්සනම ලස්සන අක්ක කෙනෙක් හම්බවුනා......ඇය කිව්ව......ඒවුනාට නංගි වික්‍රම අයිය අනිත් පැත්ත හරවන බේත හොයාගත්තොත් හැමදාම ඔයාගෙ අක්ක වෙලා ඉන්න බැරිවෙයි......මම කිව්ව......අනේ අක්කේ එහෙම කරන්න එපා කියන්න.....මගෙ අක්ක මට හැමදාම ඕනැ.....ඇය දුක්මුසුව කිව්ව. අපි මෙහෙම ඉන්න කොට අම්මත් කාමරේට ඇවිත් මෙයත් මෙහෙනෙ නංගිට කියල මාලඟින් වාඩිවුනා...අම්මත් පොඩ්ඩක් ඇලවෙන්න මම නංගි ගාවට කිට්ටුවෙලා අම්මට ඉඩදීල කිව්ව....ඒ සැරේ නංගි මගේ පපුව උඩින් හිසතියාගත්ත......වික්‍රම පුතා පුතාට හරි ආදරෙයි නේද අම්ම ඇහුව.......අම්ම මාගාවින් ඇලවෙලා ඇහුව......අම්මේ.....ඇයි අම්ම අක්කට පුතා පුතා කියන්නෙ....දැන් එයා අම්මගෙ පුතා නෙවෙයි දුව.....මම පොඩි දුව මගේ අක්ක ලොකු දුව......ඇය මගේ අත ඇගේ කම්මුල මත තබාගෙන කිව්ව......මට පුරුද්දට වගේ කියවෙන දේනෙ.....කිව්ව ඇය ....මම අක්කට ලොකු දුව කියන්නම්කො.....කිව්ව....ඔව් අම්මෙ වික්‍රම අයිය අක්කට ගොඩක් ආදරෙයි....ඒවගෙ තමයි අක්කත්.....නංගි කිව්ව.....අපි ඉතින් එදා ඉදම්ම යාලුවොනෙ.....යාලු කමට එහෙම තමා....මම කිව්ව.....මටනම් පේන්නෙ ඒක යාලුකමක්ම නෙවෙයි.....නංගි කිව්ව.....එහෙනම් මොකක්ද..... මම ඇහුව......ඔය දෙන්නගෙ ඇස් දෙකෙන්ම ඒක දැක්කනේ.....නංගි කිව්ව .....අනේ විකාර කියවන්න නැතුව යන්න නංගි....මගෙ එහෙම අදහසක් නෑ.....මම කිව්ව.
මමත් දැක්ක දුවේ වික්‍රම පුතා දුවට කොච්චර ආදරේද කියල. එදා වික්‍රම මාත් එක්ක කිව්වනෙ ඔයාව වෙනස් කරන බේත හොයාගන්න බැරිවුනොත් ඔයාව කසාද බදින්නත් ලෑස්තියි කියල.....අම්ම එහෙම කිව්වම.....වික්‍රම අයිය එහෙම කිව්වද .....අනේ කොච්චර ශෝක්ද..නංගී කියන්න වුනා....ඒ ඉතින් වෙනස් කරන්න බැරි වුනොත්නෙ....මම කිව්ව.....වික්‍රම අයියට කියන්න ඕනැ වෙනස් කරන්න එපා කියල.....මෙයා හදන්නෙ මාව මේ විදියට තියාගන්නද.....නංගිට බැන්න මම....මෙහෙම හිටියත් මම කොහොමද වික්‍රමව කස්සාද බදින්නෙ.....මම කිව්ව....ඇයි දුවේ එහෙම කියන්නෙ....වික්‍රම බැද ගත්තොත් මෙයාට නරකක් වෙලා තියෙයි.....මොනවැයෙන්ද අඩු උගත් කමින්ද සල්ලිවලින්ද ගතිගුනවලින්ද.....දැන් බලන්න කොළඹ තියෙන ගේම කොයිතරම් වටිනවද කියල.....අම්මා කියන්න වුනා.....ඒක තමයි....අනේ අක්කේ වික්‍රම අයියට කැමති වෙන්නකෝ.....නංගි කියන්න වුනා....මෙයාල හදන්නෙ මාව මේ විදියට තියාගෙන ඉන්නවගේ.....මට පුලුවන්ද හැමදාම කෙල්ලෙක් වෙලා ඉන්න....අනික වික්‍රම කියන්නෙ මගෙ යාලුව මිසක් පෙම්වතා නෙවෙයි.....මම කල්පනා කරන්න වුනා....
රෑ අට විතර වෙනකොට අයිය ගෙදර ආව. අයිය කඩේ වහල ගෙදර එන්නෙ මේ වෙලාවට කියල මම දැනගෙන හිටිය...ලොකු දුවේ පොඩ්ඩක් මෙහාට එන්න......අයිය ඇවිල්ල ටිකවෙලාවකට පස්සෙ අම්ම මට කතා කලා.....මම ලැජ්ජාවෙන් වගේ සාලයට යනකොට අයිය රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නව දැක්ක......මම එනව දැකල මා දිහා බැලුව අයිය...සිහින් සිනාවක් පලකරල.....මටනම් විශ්වාස නෑ....අම්මත් එක්ක කිව්ව.....මෙයාව වෙනස්වීගෙන එනකොට නංගියි මායි දැක්ක හින්ද විශ්වාස කරන්නෙ....නැත්නම් අපිටත් විස්වාස කරන්න බෑ.....අම්ම කිව්ව....අක්ක දවල් කිව්වෙ පොඩිකාලෙ කතාවක් .....නංගි මතක්කලඅ.....ඒකනෙ... වෙන කෙනෙක්නම් ඕව දන්නෙ කොහොමද . ....දැන් බලනකොට වික්‍රම කියන්නෙ පුදුම මනුස්සයෙක්නෙ....මෙහෙම කරන්න පුලුවන් කියල ලෝකෙට පෙන්නුවොත් මොනතරන් ප්‍රසිද්දියක් ලැබෙයිද....ඔය බෙහෙත හින්ද ඩොලර් වලින්ම කෝටිගානක් හොයන්න පුලුවන් වෙයි....අයියා ව්‍යාපාරිකයෙක් හින්ද එය ව්‍යාපාරයකට යොදවා පවසන්ට වුනා.අයිය ඔහොම කිව්වට වික්‍රම කියන්නෙ එහෙම සල්ලි පස්සෙම් දුවන එක්කෙනෙක් නෙවෙයි.....මම හිතුව.
No comments:
Post a Comment