Monday, August 20, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 74.....................මම තේබොන්න කියල වික්‍රම බලන්න යනකොට එයා අයියගෙ කාමරේ අයියත් එක්ක කතාකරනව ඇහිල කමරේ ඇතුලට හිසයොමුකලා එතකොට මම දැක්ක අයිය වික්‍රම  අරන් ඇවිත් තිබුන බියර් බෝතලේ කඩල වික්‍රමත් එක්ක බොන්න පටන් අරන් තියෙනව.....ඒ ළඟම විස්කි බෝතලයක් තිබුන ඒක කඩල තිබුනෙ නෑ වික්‍රම සමහර වෙලාවලට බියර් පානය කලාට සැර මත්පැන් පානයට අකමැතිබව මම අත්දැකීමෙන්ම දැනගෙන හිටියෙ අපි දෙන්න යාලුවො විදියට හිටිය කාලෙ ඉදලමයි. ඒ කාලෙ අපි දෙන්න එක්ක බියර් පානය කලා. ඒත් දැන් මම ගැහැනියෙක්.ගැහැනියෙක් වශයෙන්මට දැන් ඒව පානය කිරීම නොහොබිනා දෙයක් කියල මට දැනෙන්න පටන් අරන් තිබුන......බියර් නම් කමක් නෑ.....වික්‍රම විස්කි පොඩ්ඩක් හරි බොයිද දන්නෙ නෑ .....මට බයක් ඇතිවුනා. ආපහු කාමරේ ගාවට ගිය මම.....වික්‍රම.....කියල සෙමින් කතාකලා.....ඔහු කාමරෙන් පිටතට ආව.....බියර් පොඩ්ඩක් බිව්වට කමක් නෑ වික්‍රම සැර ජාතිනම් එපා හොදේ කිව්ව.....අනේ නෑ චරුකා....ඔයා දන්නවනෙ...මම ඒවට කැමති නෑ කියල.....මම විස්කි බෝතලයක් අරන් ආවට ඔයාගෙ අයියත් බොන්නෙ නැහැල්ලු.....ඔහු කිව්ව.
             මම අපහු කුස්සිය දිහාට ගියහම.....කෝ වික්‍රම පුතාට.....තේබොන්න කතා කලාද....අම්ම මගෙන් ඇහුව.....තේ එපාලු අම්ම....මම වෙනමොකුත් නොකිය එහෙම කිව්ව.....එහෙම කියල කොහොමද තේ ටිකක්වත් දෙන්න ඕනැනෙ.....කිව්ව අම්ම....වික්‍රම ඉන්න දිහාට යන්න හදනකොට....එයා අපේ අයියත් එක්ක බර සාකච්චාවක් අම්මෙ......පස්සෙ එයි.....මම ඇයව වැලැක්වීමේ අරමුනින් කිව්ව.....ඉන්නකො මම අඩගහගෙන එන්න ඇය මම කියන දේ අහන්නෙ නැතුව ගිහින් හිනාවෙවී ආපහු ආව.....එයාල පස්සෙ එයි දුවේ අපි තේබොමු......අම්ම කිව්ව....අම්මෙ මට ගෙදර යනකොට සරියක් ඇදගෙන යන්න හිතුන.....අම්මට පුලුවන් නේද මට අන්දන්න....මම තේ බොනගමන් ඇහුව....දැන්ම නෙවෙයිනෙ කාලනෙ යන්නෙ.....අම්ම ඇහුව...ඔව් අම්මෙ කෑවට පස්සෙ ඇදගන්න ඕනැනෙ......පොඩි දුවත් සාර් ඉයද ඇදන් යන්නෙ....අම්ම නංගිගෙන් ඇහුව....අම්ම හිතුවද මාත් කසාද බැන්ද ගෑනියෙක් කියල හැමදාම ඔසරි සාරි අදින්න.......නංගි ඇහුව......ඒව අදින්න කසාද බඳින්නම ඕනැ නෑ දුවේ..... කිව්ව අම්ම..... ඒව ඔයාල වගේ ගැහැණු ලමයින්ට ගැලපෙන ඇදුම්.....කිව්ව.
                කෑමෙන් පස්සෙ මම අම්මට කියල සාරිය අන්දගන්න පටන්ගත්ත.....ඔයත් සාරිය අදින හැටි මම මේ අන්දන හැටි බලාගෙන ඉගෙන ගන්න කියල එය අදින හැටි කියල දෙමින් සාරිය අන්දුවා.....මම මීට ඉස්සර දවස් දෙකක් ඔසරිය ඇදල තිබුනට සාරිය ඇදල තිබුනෙ නැ. ඔසරිය අදින කොට ඉස්සෙල්ලම කරට පොට දාල පටන් ගත්තට සාරිය ඇදෙව්වෙ. ඉස්සෙල්ල ඉනවටා අන්දවල අන්තිමට කරට පොට දාල.....ඔසරියට වඩා සාරිය අදින එක ලේසියි කියල මට තේරුනා. දවස් දෙක තුනක් අදිනකොට මටත් ඇදගන්න පුලුවන් වෙයි කියල හිතුන මට ගෙදර ගිහින් නංගිත් එක්ක උත්සාහ කරල බලන්න ඕනැ කියල හිතාගත්ත......මම සාරිය ඇදගත්තට පස්සෙ නංගිත් ගවුමක් ඇදගත්ත.
            .....අපි කසාද බැන්දට තාම වෙඩින් එක ගත්තෙ නෑ....මම සාරිය ඇදල ඉන්නව දැක්ක වික්‍රම කිව්ව.....ඒ වුනාට මම දැන් කසාද බැන්ද ගෑනියෙක්නේ.....මම ඔහුගේ අතේ එල්ලිලා කිව්ව......ඔයා ඔසරියට වගේම සාරියටත් ලස්සනයි කෙල්ලෙ.....වික්‍රම මගේ හැඩබලමින් කිව්ව......මමනම් ගවුමටයි ලස්සන නේද වික්‍රම අයියෙ.......මාව ලස්සනයි කියනව ඇහුන......නංගි ඇහුව....ඔයාගෙ හැඩ බලන්න එක්කෙනෙක් හම්බවුනාම එයා කියයි......මම සිනාසෙමින් කිව්ව......නංගිත් සාරියට ලස්සනට හිටියි.....වික්‍රම කිව්ව. අපි අම්මගෙයි අයියගෙයි දෙපා නැමද ගෙදරින් පිටත්වුනා.....චිත්‍රාත් වෙනද වගේ සාරිය ඇදගෙන වාහනයේ වාඩිවුනා.....
                    කොළඹට යනකොට ඇඳිරි වැටිල තිබුන.....මගින් කොත්තු පාර්සල් ගත්ත හින්ද රෑට උයන්න ඕනැවුනේ නෑ.....ගිය ගමන්ම මම සාරිය පිටින්ම වික්‍රමගෙ කමරේට ගියා.......අදත් ඇඳුන් මාරුකරගන්නෙ නැතුව ආව නේද....ඇහුව වික්‍රම මාව තුරුලුකරගෙන සිපගන්න පටන් ගත්ත......දැන් හොඳ ලමය වගේ ඕක මාරුකරගෙන එන්න.....ඔහු කිව්ව. මම කාමරේට යනකොට නංගි රාත්‍රී ඇදුම ඇදගෙන පරිඝණකය ලගට වෙලා හිටිය. සාරිය ගලවන කොටත් කටු ගහල තිබුන හින්ද නංගිට කියල ඒව අයින්කරගන්න සිද්දවුනා. රාත්‍රී ගවුම ඇදගත්ත මම මුහුන සොදගත්ත.
                     ටිකවෙලාවකින් අපි ගෙනා කොත්තු කාල නින්දට යන්න හදනකොට....නිදාගන්න ඉස්සෙල්ල පොඩ්ඩක් මගෙ කාමරෙට එන්න කියල වික්‍රම කිව්ව හින්ද කෙලින්ම ඔහුගෙ කාමරේට ගිහින් ඇදේ ඇලවුනා....ඔයා දැම්මම ආවද කිව්ව ඔහු මගේ මුහුන සෙමින් අතගාන්න පටන්ගත්ත.....දැන් ඉතින් ඔයා මගෙයි රත්තරන්.....ඔහු මගේ මුහුන සහ තොල්පෙති අතගාමින් කිව්ව....ඔයා කෙල්ලෙක් නොවුනනම් කවදාවත් මට ඔයාව මේ විදියට අයිතිකරගන්න හම්බවෙන්නෙ නෑ......ඔහු තව දුරටත් කිව්ව.....එහෙනම් ඔයා කවදාවත් කසාද බදින්නෙත් නැද්ද වික්‍රම....මම ඔහුගේ ගෙල බදාගෙන ඇහුව.....මට ඒ ගැන හිතාගන්න බෑ.... මට හිතෙන්නෙ........චාරුකා ....ඔයා කොල්ලෙක් වෙලා ඉන්නකම්ම...මට වෙනකෙනෙක්ව කසාද බදින්න හිත නොදුන්නෙ.....මගෙ හිමිකාරි ඔයා හින්ද වෙන්න ඇති කියල.....ඒකනෙ ඔයාව කෙල්ලෙක් කරල හරි මටම ලබා දුන්නෙ.....ඔහු මගෙ මුහුන සිපගනිමින් කිව්ව......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: