Monday, August 20, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 76.............නාන කාමරේට ගිය මම මුහුණ සහ තෙත්වෙලා තිබුන ස්ථාන සෝදගෙන නයිට් ගවුම ඇඳගෙන ආපහු යන්න හදනකොට..... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.....ඇදේ ඇලවෙලා හිටිය වික්‍රම මට ඔහු ගාවට කතාකලා....දැන් ගොඩක් වෙලා හිටියනෙ වික්‍රම.... නංගි බලාගෙන ඇති මෙච්චර වෙලා මොකද කරන්නෙ කියල.....මම ඔහුගාවින් වාඩිවෙලා කිව්ව.......නංගි පොඩි එකියක් නෙවෙයිනෙ චාරුකා.....එයා දන්නව අපි මොනවද කරන්නෙ කියල..... සිනාසෙමින් කිව්ව ඔහු මාව ආයෙත් ඔහුගේ ඇඟ උඩ ඇලකරගත්ත.....මෙයාට මේ ඉක්මනට අයෙත් ඕනැවෙලාද මන්ද.....මටනම් ඒදවස්වල සැහෙන වෙලාවකට එපාවෙනව...මාව කෙල්ලෙක්  උනාට පස්සෙ කොච්චර සනීප දැනුනත් එපාවුනේ නැති වුනාට...කොල්ල කාලෙ අරව පිටවුන ගමන් සෑහෙන වෙලාවකට එපාවෙනබවත් ඇගට තෙහෙට්ටු ගතියක් දැනෙන බවත් දන්නා මම කල්පනා කලා....මම අද කල දේවල් ගැන ඔයා මා ගැන වැරදි විදියට හිතනවද...චාරුකා.....ඔහු මගේ මුහුන අතගාමින් ඇහුව.....අනේ නෑ වික්‍රම මාව දැන් අයිති ඔයාටනෙ....මම ඔහුගේ අත අල්ලා සිපගෙන කිව්ව.....මට තේරුනා ඔයා අද ගොඩක් සතුටුවුනා කියල.....ඒ ගැන මම ගොඩක් සතුටුවෙනව කෙල්ලෙ....මම විතරක් නෙවෙයි ඔයත් ගොඩක් සතුටුවුනානෙ....මම කිව්ව.....මට පුලුවන් ඔයාව තව සතුටු කරන්න.....ඒටික අපි හනිමූන් එකට තියාගම්මු...දැනට මේ විදියට සතුටුවෙමු..... සිනාසෙමින් කිව්ව ඔහු.....මාව බදාගෙන මුහුන සිපගත්ත.....මට ආසයි කෙල්ලෙ ඔයාව තිරුලු කරගෙන නිදා ගන්න.....ඒත් තාම ඒක හරිනෑනෙ....ඔයා දැන් යන්න....ඔහු කිව්ව.
                 මම කාමරේට යනකොට....නංගි තාමත් නිදාගන්නෙ නැතුව පරිඝණකය ගාව ඉන්නව දැක්ක.....අක්ක ආවද....මාදිහා බලල ඇහුව නංගි... මම හිතුවෙ අයිය ගාවට වෙලා නිදා ගනියි කියල....දැන් ඒකට ගැටලුවක් නෑනේ.....ඇය අමුතුවිදියට කිව්ව.....පිස්සුද නංගි තාම අපේ වෙඩින් එක ගත්තෙත් නෑ.....මම තරහ ස්වරූපයෙන් කිව්ව මම ඇදේ ඇලවුනා.....පරිඝණකය වසා දැමූ නංගි මාගාවට ඇවිත් මට තුරුලු වෙලා නිදාගෙන.....තව කී දවසද අක්කෙ මට මේ විදියට අක්කට තුරුලුවෙලා නිදාගන්න පුලුවන් වෙන්නෙ.....ඇය දුකෙන් වගේ කිව්ව......දුක්වෙන්න එපා නංගි නංගිටත් කවද හරි තුරුලුවෙන්න කෙනෙක් හම්බවෙයි.....මම කිව්ව. අක්කෙ හෙට අනිද්ද නිවාඩු හින්ද මගෙ මග ඇරුනු ලෙක්චර් වල නෝට්ස් ටික ලියාගන්න යාලුවෙකුගෙ ගෙදර යනව.....යන්නද ඇහුව.....පිරිමි යාලුවෙක්ද ගෑණු යාලුවෙක්ද.....මම ඇහුවම .....ශික්.. මට තාම පිරිමි යාලුවො නැ.....අපේ හොස්ටල් එකට යන්නෙ......ඇය කිව්ව.....පරිස්සමින් ගිහින් එන්නකො.....මම කිව්ව.
              ඉරිද වික්‍රමට නිවාඩු හින්ද අපි නංගිත් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා.....අපි දෙන්නට දැන් තුරුලුවෙලා ඉන්න කාගෙන් තහනමක්ද.....අදුරේ ඔහුට තුරුලුවි කල්පනා කලා.....නංගි කඩල හපමින් චිත්‍රපටය නරබන අයුරු අඬ අදුර තුලින් දැකගන්න ලැබුන.සෑම ඉරිදා දිනයක පාහේ කොහේ හෝ යෑම විනෝදාසයක් කරගත්ත අතර.....සතියකට තුන් හතරවතාවක් වික්‍රම මාත් එක්ක සතුටුවුනා.
                අපේ විවාහ උත්සවයට තව මාස තුනක් විතර තියෙනව කියල කිව්ව වික්‍රම ඒ සදහා දැන්ම සුදානම් වියයුතු  බව තව දුරටත් කිව්ව. අපේ අයියා සහ අම්මා සමග සාකච්චාකල වික්‍රම අපේ විවාහ උතසව දෙකම කොළඹදී සිදුකලයුතු බව තීරනය කරල තිබුන......අපේ පැත්තෙ උත්සවයට නෑදායන්ට ආරාධනා  කිරීම ගැටලුවක් උනේ දැන් මාව ඔවුන් කිසිකෙනෙක් අදුනන්නේ නැති නිසාත් මගේ ඇත්ත තත්වය පහැදිලිකිරිමට නොහැකිවීමත් නිසාය.......මේ නිසා අයියාගේ යහලුවන් කිහිපදෙනෙකුට පමණක්  කීමට තීරණය කරගෙන තිබුන අතර එයට සාමාන්‍යය  උත්සව ශාලාවක් ප්‍රමානවත් බව වික්‍රම කිව්ව.
                  වික්‍රම සහ අපේ අයියා උත්සව සංවිධාන කටයුතු කරගෙන ගිය අතර මට පැවරුනේ මාව මනාලියක් වීමේ කටයුතු සොයා බැලීමට පමණයි..... මම නංගිත් එක්ක  නොයෙක් වර්ගයේ ඇල්බම් බලමින් ඒ සදහා සූදානම් වෙන්න වුනා....උත්සව දින කිට්ටුවෙන කොට කොළඹ අවටින් නිවසක් සොයා ගැනීම කාටත් පහසු බවත් අපේ පැත්තේ නෑදෑයන්ට නොදැනෙන්න මෙය කල හැකි බවත් අයියා පැවසූ නිසා උත්සවයට සති දෙකකට පෙර සිට අපි එම නිවසට යෑමට තිරනය කලා.....මගේ සියලු සැරසිලි කටයුතු වික්‍රම නුගේගොඩ කිට්ටුව සැලුන් එකක්ට බාරදුන්න....මගේ මල් කුමාරි සහ යෙහෙලියන්ට....නංගිගේ යෙහෙලියන් තුන්දෙනෙක් ලෑස්තිකර ගත්ත. වික්‍රමගේ පැත්තේ උත්සවය කොළඹ ප්‍රධානපෙලේ හෝටලයක ගතයුතුයයි වික්‍රමගේ තාත්තා කිව්වද....එයට වික්‍රම අකමැති වූනිසා සාමානය ශාලාවක පැවැත්වීමට තීරනය කල අතර අපේ මදුසමය සඳහා තායිලන්තයට යන්න ඕනැ විදියට මට විදෙස්ගමන් බලපත්‍රය  හදල දුන්න.
                  විවාහ උත්සවයට සති දෙකක් තියා අපි නුගේගොඩ පැත්තෙ කුලියට ගත්ත නිවසක නතර වුනා....අම්මත් අපිත් එක්ක නතරවුන අතර වික්‍රම නිතර අපිව බලන්න ඇවිත් අපිට උත්සවය ගැන උපදෙස් දුන්න අතර සමහර ඒව මාත් එක්ක සාකච්චා කරල තීරනය කලා.
                 අපේ විවාහ උත්සව දිනය උදාවුනා. වටිනා ඔසරියක් ඇන්දවූ මාව ලස්සන උඩරට මනාලියක් ලෙස සැරසන්න පටන්ගත්ත.....මගේ ජීවිතයේ ලස්සනම දිනය අද බව මාව ලස්සන කරනකොට කල්පනාකලා. මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල නිකමට හරි කල්පනාවුනාද මට මේ විදියට මනමාලියෙක් විදියට සැරසිලා මගේම හොදම යාලුවාගේ අතගන්න ලැබෙයි කියල....ඒත් කොහොමහරි අපේ දෛවය ඒකට අපිට පාරකපල දුන්න.....දැන් වික්‍රම කියන්නෙ මගේ යාලුව නෙවෙයි මගෙ ස්වාමිපුරුෂයා  මම එයාගෙ භාර්යාව......මම සතුටින් යුතුව කල්පනා කලා.... මගේ යෙහෙලියන් තිදෙනාත් මල්කුමරියන් තිදෙනාත් ලස්සනට සරසනව මම දැක්ක.....මගේ ලඟින්ම හිටිය නංගි මට ගොඩක් උදවුකරන්න වුනා.
                     Transgender body swap ගේ ඡායාරූපය

No comments: