Thursday, August 16, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 70.....................ඔවුන් සියලු දෙනාම තේ මේසය දිහාට ගියා. මම එහාට යන්නෙ නැතුව සාලයේ වාඩිවෙලා හිටිය.ඔවුන් ආපහු ආවට පස්සෙ අපේ මංගල්‍ය ගැන කතාකිරීමෙන් ඔවුන් මට කැමතිබව තේරුණා. මට හිතාගන්න බැරිවුනේ අපේ වික්‍රම පුතා බදින්නම බැහැ කිය කියා ඉඳලා  මේ දුවට කැමතිවුන එක....මම මේ ලඟදිත් කිව්ව අපි හොයල දෙන ඒව හොද නැත්තනම් කවුරු හරි හොයාගන්න කියල....වික්‍රමගෙ අම්ම කිව්ව.....අපේ පුතා ඉතින් නරක එක්කෙනෙක් හොයාගන්නෙ නෑනෙ.... සිනාසෙමින් කිව්ව ඔහුගේ තාත්තා දෙන්න කැමතිනම් අපේ අකමත්තක් නෑ....පැවසුවා.....එහෙනම් ඉතින් අපි මේ වැඩෙට දිනය බලමු නේද ඩොක්ටගෙ අම්මෙ.....අම්ම කිව්ව....ඒක තමා මාත් හිතාගෙන ඉන්නෙ....අපේ කසාදය තීරනය කරමින්.....වික්‍රමගෙ අම්ම පැවසුවා.....අපිට කිසිම දෙයක් ඔනැ නෑ....වික්‍රම පුතත් ඔය දෑවැදි වලට විරුද්ධයි ....අපිට හොද දුවෙක් දෙන්න ඒ ඇති....ඔහුගේ අම්මා වැඩිදුරටත් කිව්ව.....දුව ගැනනම් බයවෙන්න එපා ඩොක්ටගෙ අම්මෙ...අපි ඒ ගැන වගකියනව....අම්ම කිව්ව.
                ඊට පස්සෙ ඔවුන් වෙනත් දේවල් කතා කිරීමට පටන්ගත්තට පස්සෙ....වික්‍රම මට එලියට යන්න කතාකලා....ඔයා අද හරිම ලස්සනයි කෙල්ලෙ මට ඔයාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනව.......අපෝ ගෙදරදි කරන ඒව මෙහෙ බෑ.... කිව්ව මම...ඇයි මාව ලස්සනයි කිව්වෙ.....ඔයා අදනෙ ඔසරියක් ඇදල ඉන්නව දැක්කෙ....ඒක වෙන්න ඇති...ඔහු කිව්ව.....මාත් මේක ඇන්දෙ අද තමා මොකද මීට ඉස්සර සාරි ඔසරි අදින්න මම ගැහැනියෙක් වෙලා හිටියෙ නෑනෙ....මම සෙමින් කිව්ව.....ඒකත් ඇත්තනේ....ඔහු සිනාසෙමින් කිව්ව.....මම හිතුවෙ නෑ මම හොයාගත්ත ඒ පෝමියුලා එකට ඔයා මේතරම් හැඩකාර ලස්සන කෙල්ලෙක් වෙයි කියල.....තව කෙනෙක්ට දීල අත්හදා බලන්න පුලුවන්....ඒත් මගෙ හිත කියනව ඒක හරි නෑ කියල...ඔහු කිව්වම......ඒ මොකද...මම ඇහුව.....පිරිමියෙක්ව ගෑනියෙක් කරන එක මහ පවුකාර වැඩක් කියල මට එකවෙලාවකට හිතෙනව චාරුකා......ඔහු කනගාටුවෙන් වගේ කියන්නවුනා......මාව ගැනියෙක් කරපු එකත් පවුකාර වැඩක් කියල හිතෙනවද...මම ඇහුව..එහෙම හිතුන හින්දනෙ චාරුකා මම අනිත් පෝමියුලා එක හොයාගෙන ඔයාට දුන්නෙ...ඔහු කිව්ව....මටනම් දැන් එහෙම හිතෙන්නෙ නෑ වික්‍රම ....මම කිව්වම.....ඇයි මම කිව්ව එක වැරදිද.... ඔහු ඇහුව......මටනම් හිතෙන්නෙ ඒ බේත හදලා ඔයා කරගත්තෙ ලොකු පිනක් කියල...මම කිව්වම...පිරිමියෙක් වෙලා උපදින එක පිනක් කියනවනෙ.....ඒ පින නැතිකරන එක පිනක් වෙන්නෙ කොහොමද.....ඔහු ඇහුව....මටනම් හිතෙන්නෙ මාව අහම්බෙන් හරි ගැහැනියෙක් උනේ ලොකු පිනකට කියල.....මම කිව්වම.....අනේ මන්ද චාරුකා....මමනම් අහල තියෙන්නෙ පවු කරපු අයයි ගැහැනු වෙන්නෙ කියල....ඔහු කිව්ව.....මම දැන් ගැහැනියෙක් උනඑක පවක්ද....මට ඔයාවගේ හොද මහත්තයෙක් ලැබුනෙ පවක් හින්දද....මෙච්චර ලස්සන රූපයක් ලැබුනෙ පවක් හින්දද.....ඔයා මගේ හැම දෙයක්ම හොයල බලල කරල දෙන්නෙ....ගැහැනියෙක් උන එක පවක් හින්දද.....පවු කාර ගෑනු ඇති වික්‍රම..... ඒත් හැම ගෑනියෙක්ම පවුකරියො නෙවෙයි.....මම කිව්ව. ....එක අතකට ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනව.....ඒත් බුදුදහමෙ හැටියට මේ ගැන තවටිකක් හොයන්න ඕනැ.....ඔහු කිව්ව.
                 අපි කතාකරමින් ඉන්නකොට අම්ම මට කිව්ව වික්‍රමත් එක්ක කැම කන්න එන්න කියල........ඔවුන් කෑමකන්න වාඩිවුනාම.....මමත් ඔවුන්ට කෑම බෙදන්න උදවුවුනා.....ඇයි දුව කන්නෙ නැද්ද.....වික්‍රමගෙ අම්ම මගෙන් ඇහුව.....පස්සෙ කනව අම්මෙ ඉස්සෙල්ල ඔයාලට සලකන්න ඕනැනෙ..මම කිව්වම...එහෙම තමයි හැදිච්ච ගෑනුලමයි.....වික්‍රමගෙ තාත්ත කිව්ව....
                  වික්‍රමගෙ ගෙදර අය ආපහු යනකොට සවස දෙක විතර වුනා. මම ඔහුගේ අම්මගෙ සහ  තාත්තගෙ දෙපා වැඳල  සමුදුන්නා....අම්ම මාව තුරුලුකරගෙන මගෙ මුහුන කිපවරක් සිපගත්ත.....මම පහවිතර වෙනකොට ඔයාල එක්ක යන්න එනව ලෑස්තිවෙලා ඉන්න.....වික්‍රම කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න මට කිව්ව.
                  ඔවුන් ආපහුගියත් මම සරිය ගලවන්න උනන්දුවක් දැක්වුවේ නෑ.....මොකද දුවේ තාම සාරිය ඇදගෙන ඕක අයින් කරල ගවුමක් ඇදගෙන කෑමටික කන්නකො.....අම්ම කිව්ව......සාරිය ගලවන්න ඕනැ නෑ අම්මෙ....පහට විතර වික්‍රම එනව කිව්ව අපිව එක්ක යන්න...මෙහෙමම යනව....මම කිව්වම.....වික්‍රම අයිය කිව්වද දන්නෙ නෑනෙ අම්මෙ ඔසරිය ඇදගෙනම ඉන්න කියල.....නංගි හිනාවෙමින් කිව්ව.....මට එයා එහෙම එකක් කිව්වෙ නෑ.....මම පිගානට බත් බෙදාගනිමින් කිව්ව.....කවදාවත් ඔසරියක් ඇදල නැති අක්කට ආශ හිතෙන්න ඇති ඒක ඇදගෙන ඉන්න දුවේ.....අම්ම කිව්ව.....මාත් ඔසරියට ආසයි ඒත් ඒ වෙලවට අදිනව මිසක් මම කැමති නෑ දිගටම සාරිය පටලවගෙන ඉන්න......නංගි කිව්ව...මේක ඇදගෙන ඉන්න මොකක්ද තියෙන අමාරුව......ඔයාට බැරිවුනාට මමනම් ආශයි ඕනැ වෙලාවක් මෙහෙම ඉන්න.....මම කිව්වම.....ඔව් ඉතින් අක්ක ගෑනියෙක් උනාට පස්සෙ අපිටත් වැඩිය ගෑණුකම හිතට අරගෙනනෙ.....චිත්‍රා ලග නැති හින්ද හිමින් කිව්ව.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: