Thursday, August 2, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 35..................සිකුරාද හවස මායි චිත්‍රායි අපේ ඇදුම් බෑග්වලවලට අසුරගෙන හෙටගෙදරයන්න සූදානම්වුනා.....මම ඉරිදා ආපහු එනහින්ද වැඩිය ඇදුම් ගත්තෙ නැතත් පිරිමියෙක් වෙලා හිටිය කාලෙට වඩා ඇදුම් ගෙනියන්න වුනේ මම දැන් ගැහැණියෙක් හින්ද. පහුවදා උදෙම්ම පිටත්වුන අපි ඉස්සෙල්ලම පිටකොටුවෙ බස් නැවතුම් පලට ගිහින් චිත්‍රාව ඇඹිලිපිටිය යන බස් එකක නග්ගවලා. එහෙමම කුරුණෑගල බලා පිටත්වුනා.මම වගේ ගැහැනු ලමයෙක් එක්ක වික්‍රමගෙ ගෙදරට එකවරම යන එක ගැටලුවක් හින්ද ඉස්සෙල්ලම ගියේ අපේ ගෙදර.......අපි ගෙදරට ළඟාවෙනකොට දවල් එකොලහ විතරවුනා.....මට ඇතිවුනු ලැජ්ජාසහගත හැගීම නිසා වාහනයෙන් බහින්නෙ නැතුව ඉන්නකොට බහින්න මොකද කරන්නෙ...වික්‍රම කිව්ව.....ආ මම මේ ඔයාල එනකන් බලාගෙන හිටියෙ....අම්මා මිදුලට බැහැල  වික්‍රමට කියනව ඇහුන.....කෝ පුතා....අම්මා හිමින් ඇහුව.....බලන්නකො ඇන්ටි වාහනයෙන් බහින්නෙ නෑනෙ....ඔහු කිව්ව.....අයියලද අම්මේ ....කියාගෙන නංගී  අපේ වාහනය දිහාට දුවගෙන එනව දැක්ක.....මොකද කරන්න බහින්න පුතේ....අම්මා මම ඉන්න තැනට ඇවිත් කිව්ව.....මම ලැජ්ජාවෙන් වගේ වාහනයෙන් බැස්ස...ඕකට ඉතින් ලැජ්ජවෙන්න දෙයක් නෑ මොනව කරන්නද පුතේ....අම්ම සෙමින් කියනව ඇහුන.....මම දැක්ක නංගි පුදුමවෙලා වගේ මාදිහා බලා ඉන්නව.....මම බෑක් එකත් අරගෙන ගේ දිහාට යනකොට නංන්ගි හෙමින් අම්මට මොකක්ද කියනව දැක්ක....තරමක්....හයියෙන් හිනාවුනු අම්ම....ඔයාගෙ පොඩි අයියම තමයි දුවේ...අම්ම සෙමින් කියනව ඇහුන.....අපි ගේ ඇතුලට යනකොට වික්‍රමත් අපිත් එක්ක ඇතුලට ආව.....වික්‍රම සාලයේ වාඩිවෙන කොට මම බෑක් එකත් අරගෙන මගෙ කාමරේ ඇතුලට ගිහින් බෑක් එක ඇතුලෙන් තියල... දෙන්න ගෙනාව තෑගි පාර්සල් ටික එලියට අරන් මේසෙ උඩින්  තියල ආයෙත් සාලෙට ගියා......ඔයාල අදම යන්නෙ නෑ නේද ....දරුවනේ....අම්ම මගෙන් ඇහුව.....හෙට යනව අම්මෙ....මම කිව්ව.....මේ සතියෙ චිත්‍රාත් නැති එකේ මම කියන්නෙ මෙහෙට වෙලා ඉන්න කියල...අපෝ බෑ වික්‍රම... මට යන්න ඕනැ....එන්න ඉස්සෙල්ල එහෙම දෙයක් මාත් එක්ක කිව්වෙ නෑනෙ මම නහයෙන් අඩමින් කිව්ව.....එන්න ඉස්සෙල්ල කිව්වනම් ඔයා එන්නෙ නෑනෙ ඒකයි කිව්වෙ නැත්තෙ.....ඔහු සිනාසෙමින් කිව්ව.....වික්‍රම පුතා කියන එක ඇත්තනෙ පුතේ.....වික්‍රම පුතා වැඩට ගියහම ඔයාට තනියමනෙ ඉන්න වෙන්නෙ...ඔයාවගේ ඇහැට කනට පේන ලස්සන ගෑනු ලමයෙක් ඕවගෙ පලාතක තනියම ඉන්න එක ඒතරම් හොදනෑනෙ පුතේ.....අම්මා ඔහුගේ කීම අනුමත කරමින් කිව්ව. ....අනේ මන්ද ගැටලු සහගතව කිව්ව මම හැබැයි හැමදාමනම් ඉන්න බෑ ....මේ සතියෙ ඉන්නම්.....අන්තිමේදී මම කිව්ව.....ඒත් මම අදින්න ඇදුම් ගෙනාවෙත් නෑ... අදට හෙටට විතරයි ගෙනාවෙ....මම සෙමින් කියනව අහගෙන හිටිය නංගි....අදින්නනන් මගෙ ඇදුනුත් තියෙන්නෙ...කියනව ඇහුන.......ඒකනෙ නංගිගෙ ඇදුම් අදින්න පුලුවන්නෙ.....දෙන්නම එක සයිස් වගේ හින්ද ගැටලුවක් වෙන එකක් නෑ....අම්ම අපි දෙන්නම දිහා බලමින් කිව්ව. ඉස්සර නංගිගෙ දේවල් අපි නිකමට හරිවත් ගන්නවට නංගි කැමතිවුනේ නෑ ඒත් අද මොකද නංගිගෙ ඇදුන් මට දෙන්න හදන්නෙ.....මම කල්පනා කලා. ....මම දැන් අපේ ගෙදර ගිහින් එහෙ ඉදල හෙට යනව.....ලබන සෙනසුරාදා ඔයාව එක්ක යන්න එන්නම්.....වික්‍රම කිව්ව...ඒක හොදයි වික්‍රම පුතේ.... කිව්ව අම්මා.....පොඩ්ඩක් ඔහොම ඉන්න තේ ටිකක් බීල යන්න කියල කුස්සිය දිහාට ගියා....ඒත් නංගි අපි ලග හිටිය.....දැන් වික්‍රමගෙ කෑම ප්‍රශ්නෙට මොකද කරන්නෙ....චිත්‍රාත් නැති එකේ මම ගියොත් කෑම ටික හදල දෙන්න පුලුවන්නෙ.....මම කිව්ව......මම කොහෙන් හරි කන්නම් වසන්ති....ඔයා මේ සතියෙ මෙහෙ ඉන්න....ඔහු කිව්ව......දැන් පොඩි අයියගෙ නම වසන්තිද....නංගි ඇහුව.....පොඩි අයිය?.....ප්‍රශ්නාර්ථව ඇහුව වික්‍රම පොඩි අයිය නෙවෙයි දැන් ඔයාගෙ අක්ක.....වික්‍රම සිනාසෙමින් කිව්වම.....සොරි....වික්‍රම අයියෙ දැන් මගේ අක්කනෙ....ඇය සිනාසෙමින් වැරැද්ද හැදුව.....ටික වෙලාවකින් දුවේ යනුවෙන් අම්මා නංගිට කතාකරනු ඇසුන.....නංගි කැවිලි වගයක් වික්‍රම ලගට ගෙනත් තිබ්බ.....ඔයත් මොනව හරි කන්න.....වික්‍රම කේක් කෑල්ලක් අතට අරන් කිව්ව....මට ඕනැ වෙලාවක කන්න පුලුවන්නෙ වික්‍රම ඔයා කන්න....මම කිව්ව. අම්ම තේ ටිකත් අරන් අපිගාවට ආව......දැන් වික්‍රම පුතා හෙට උදෙම්ම යනවද....අම්ම ඇහුව.....නෑ ඇන්ටි හවස් වෙලා යනව.....යන්න ඉස්සෙල්ල මෙහාට එන්නම්.....ඔහු කිව්ව. තේ බීල ඉවර වුන ඔහු පිටත්වෙන්න ලෑස්ති වුනා.....හෙට මෙහෙට ඇවිත් නේද යන්නෙ මම ඔහුගෙන් නිකමට වගේ ඇහුව......එනව එනව ඇවිත් තමයි යන්නෙ.....ඔහු එහෙම කිව්වම නංගි මා දිහා බලල අමුතු විදියට හිනාවෙනව දැක්ක....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: