Wednesday, August 1, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 34...................සමහර ගැහැනු අය ඔහොම තමයි වසන්ති ...ඕව ගනන්ගන්න එපා.....වික්‍රම කිව්ව.....ගනන් ගන්නෙ නැතුව පුලුවන්ද....හැම කෙනාම අපි බැදලද අහනව.....මට පුලුවන්ද...වික්‍රමව බඳින්න එයා එදා ඉඳන් මගෙ යහලුව මිසක් පෙම්වතා නෙවෙයිනෙ....මම කල්පනා කලා.  අපි රෑකෑම හෝටලයෙන් කාල චිත්‍රා ටත් කෑම පාර්සලයක් අරගෙන ගෙදර යනකොට රෑ නවය විතරවුනා.
                දවස් දෙකක් විතර ගියාට පස්සෙ.......මැඩම් මම මෙහෙට ඇවිත් දැන් මාස තුනක් විතර ඇතිනෙ.....මම ගමේ ගිහින් පුතා බල එන්නම්.....චිත්‍රා ඇහුව.....කවද්ද යන්නෙ.....මම ඇහුව....මේ සති අන්තෙ යන්න හිතාගෙන ඉන්නෙ....චිත්‍රාට තනියම යන්න පුලුවන්ද.....මම ඇහුව......ඇඹිලිපිටිටිය යන බස් එකට නැග්ගුවොත් ඉතුරු ටික යන්න පුලුවන් මැඩම්....ඇය කිව්ව. .....එහෙනම් ලබන සෙනසුරාද උදෙම්ම යන්න.....කිව්ව මම...ආයෙත් එනව නේද.....ඇහුව....අනේ ඔව් මැඩම් මට මැඩම්ල හොඳට සලකනවනෙ......සතියක් විතර ඉදල එන්නම්.....ඇය කිව්ව. වික්‍රම ගෙදර ආවම මම මේගැන කිව්ව......ඒක හොඳයි  වසන්ති....ඒ ගෑනු කෙනාටත්නිවාඩුවක් ඕනැනෙ.....ඔහු කිව්ව.....පොඩි ගැටලුවක් වෙන්නෙ... ඒ දවස් ටිකේ ඔයාට ඉන්න වෙන්නෙ තනියම.....ඔහු කල්පනා කරමින් කිව්ව......කමක් නෑ වික්‍රම මම පරිස්සමින් ඉන්නම්.....මම කිව්ව.
                මෙදාට පසුවදා වික්‍රම වැඩට ගිහින් ඉන්නකොට මට අම්මගෙන් දුරකතන ඇමතුමක් ආව......මම ගෙදර ඇවිත් පුතා ගැන කිව්ව..... පුතා දැන් ලස්සන අක්ක කෙනෙක් වෙලා ඉන්නෙ කියල කිව්වම නංගිට ඔයාව බලන්න ඕනැලු......නංගිගෙන් බේරෙන්නෙ බෑ එන්න ඕනැ කියල......අම්ම කිව්ව....කොහොමද එන්නෙ... මම ඇහුව.....බස් එකේ නැගල එන්න පුලුවන්නෙ...ඇය කිව්ව.....අම්මට මෙහෙට එන්න දන්නෙ නෑනෙ......කොළඹට ඇවිත් කෝල් එකක් දෙන්නම්.....වික්‍රම පුතාට එකක එන්න එන්න පුලුවන්නෙ.....කවද්ද අම්මල එන්නෙ මම ඇහුව....ලබන සෙනසුරාද එන්න කියල හිතාගෙන ඉන්නෙ.....අම්ම කිව්ව.....සෙනසුරාද අපේ ගෙදර වැඩකරන චිත්‍රා ටත් ගෙදර යන්න ඕනැ කිව්ව....කමක් නෑ අම්මෙ අම්මල එනවනම් එන්න.....කිව්ව මම.....අයියත් එනවද ඇහුව.....අයියට ෂෝප් එක දාල එන්න බෑනෙ පුතේ.....ඇය කිව්ව. .....අයියටත් මම ගැන කිව්වද.....ඇහුව....කියන්නෙ නැතුව පුලුවන්ද පුතේ....පුදුම වැඩක් කියල අයිය හිනාවෙනව.....අයියට විශ්වාස නැහැලු....අපි බොරු කියනව කියල එයා හිතාගෙන ඉන්නෙ......අම්ම කිව්ව. වික්‍රම ගෙදර ආවම මම මේ ගැන කිව්ව.....දැන් චිත්‍රත් ගෙදර යන එකේ ඔයා පොඩ්ඩක් ගෙදර ගිහින් ආවොත් හොදයි නේද.....වික්‍රම ඇහුව.....අම්මෝ ඒකනම් කරන්න බෑ ......ලසන්ත කෙල්ලෙක් වෙලා කියල හැමෝම දැන ගනියි.....මට ලැජ්ජාවෙ බැරිවෙයි.....මම කිව්ව.....කවුද කියන්නෙ ඔයා ඒ හිටිය ලසන්ත කියල.....ඔයා වෙන කෙනෙක් විදියට යන්න.....ඔහු එහෙම කිව්වම ඒ වැඩේ නරක නෑ කියල මට තේරුනා....එහෙනන් අම්මට කියන්න ඕනැ මම කවුද කියල කාටවත් කියන්න එපා කියල....මම කිව්ව......දැන් චිත්‍ර උදෙම්ම ගෙදර යනවනෙ එයාව බස් එකට දාල ඒ එක්කම අපිත් කුරුණෑගල යමු.....ඔහු කිව්ව....එහෙනම් දැම්ම අම්මට කියන්න ඕනැ කිව්ව මම.....දුරකතන ඇමතුමක් ගත්ත.....මට දුරකතනයෙන් ඇහුනෙ නංගිගෙ කටහඬ .....අම්ම ඉන්නවද.....මම ඇහුව....කාගෙ අම්මද....ඇය ඇහුවෙ ....මාව හදුනගන්න බැරිවුන හින්ද කියල මට තේරුනා.....ඔයාගෙ අම්ම.....මම කිව්ව.....අම්මේ කවුද ගෑනු කෙනෙක් කතා කරනවා.....ඇගේ කටහඬ දුරකතනය තුලින් ඇහුන......කවුද දුවේ....අම්මාගේ කටහඬ ඇසුනු අතර....දන්නෙ නෑ අම්මෙ.....අම්ම අදුනන කෙනෙක්ද කොහේද....නංගි කියනව ඇහුන.....හලෝ කවුද.....අම්මා කතාකලා......අම්මෙ වික්‍රම කියනව අම්මලට මෙහෙ එන්න එපා කියන්න කියල.....මම කිව්වම....ඒ මොකද කලබලෙන් වගේ ඇහුව.....අපි ඔහේ එනව කියන්න කියල කිව්වෙ.....ඒකනම් කොච්චර දෙයක්ද....ඇය සතුටින් කිව්ව.....අනේ අම්මෙ මම ගැන පිට කාටවත් කියන්න එපා.....මාව වෙන කෙනෙක් කියල කියන්න......හරි පුතේ මම කාටවත් මේගැන කියල නෑ...දන්නෙ නංගියි  අයියයි විතරයි.....ඇය කිව්ව.....කවුද අම්මෙ පොඩි අයියද....නංගි අහනව ඇහුන.....අයිය නෙවෙයි දැන් ඔයාගෙ අක්ක.....අම්ම සෙමින් කියනව ඇහුන.
              දැන් ගෙදර යන කොට මොනව හරි අරන්යන්නත් ඕනැනෙ වික්‍රම..... මගෙ ලග තියෙන සල්ලි වලින් අම්මටයි නංගිටයි අයියටයි මොනව හරි ගෙනියන්න ඕනැ.....මම ඔහුට කිව්ව......අපි හෙට හවසට සාප්පුවට ගිහින් ගම්මු....වික්‍රම කිව්ව.....පහුවදා අපි සාප්පුගියා. අම්මට සාරියකුයි ආයියට කමිසයකුයි අරගෙන නංගිට වටිනා සැන්ට් කුප්පියකුයි ගත්ත මම මටත් ඇදුන් කිහිපය ගන්න ඕනැ කියල හිතිල ඒවත් අරගෙන සල්ලි ගෙවන්න ගියාම වික්‍රම බලෙන්ම ඒවට සල්ලි ගෙවුව....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: