වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 37................එතකොට මට වයස අවුරුදු දහයක් වගේ ඇති. අපේ ගෙවල් ළඟ හිටිය සිරිපාල කියල මගේ වයසෙම කොල්ලෙක් අපි දෙන්න එකට සෙල්ලම් කරනව.....සෙල්ලම් ගෙවල් හදාගෙන එහෙම සෙල්ලම් කලා.....දවසක් සිරිපාල යෝජනා කලා අපි අම්මයි තාත්තයි...සෙල්ලම කරමු කියල....මම ඇහුව කොහොමද එහෙම කරන්නෙ කියල . එයා කිව්ව උඹ අම්ම විදියට හිටහන් මම තාත්ත විදියට ඉන්නම් කියල.....මම කිව්ව මට බැ උඹ අම්ම විදියට හිටහන් කියල.....මේක බෙදාගන්න බැරුව අපි දෙන්න රන්ඩුවුනා....පස්සෙ මට කල්පනාවුනා වැඩක් ...මම කිව්ව අද උඹ අම්ම වෙයන් මම හෙට අම්ම වෙන්නම් කියල.....මෙයා ඒකට එකඟ උනා.....දැන් කෝ පුතෙක් එයා කිව්ව....මම කිව්ව නංගි ගාව බෝනික්කො තියෙනව ඒකක් අරන් එන්නම් කියල.....නංගි දැක්කොත් ලෙඩේ හින්ද හොරෙන් බෝනික්කෙක් පන්නගෙන ආව.....එදා සිරිපාල අම්ම විදියට බබා බලාගත්ත මම තාත්ත විදියට හිටිය..තාත්ත වැඩ ඇරිලා පදමට වෙරිවෙලා එනව වගේ ඇවිල්ල යෝදියේ මොනව හරි කන්න ගනින් කිව....සිරිපාලත් අම්ම වගේ මට බැන්න......අම්මල කොල්ලො වගේ කලිසන් ඇදගෙන ඉන්නවද කියල මම සිරිපාලට විහිලු කලා....හරි හරි උඹ හෙට හරියට අම්මවගේ ඉදල පෙන්නහන්කො.....සිරිපාල මට අභියෝග කලා ...මම මොකක්ද කරන්නෙ කියල කල්පනාකරල නංගිගෙ ගවුමක් අරන් ගිහින් ඇදගත්ත..ඒක ටිකක් හිරයි ඒත් කොහොම හරි ඇදගත්ත.....දැන්නන් උඹ අම්ම වගේ තමයි..ඒවුනාට..උඹ කලිසම උඩින්නෙ ගවුම ඇදල තියෙන්න...සිරිපාල හිනාවුනා....ඒ හින්ද මම ඒක ගලවලා පැත්තකින් තිබ්බ.....අපි සෙල්ලම් කරල ඉවරවුනාම කලිසම හෙව්ව ඒක තිබුනෙ නෑ....මට තේරුනා සිරිපාල කලිසම හංගල ගෙදර ගිහින් කියල.....මම ගෙදර යන්න විදියක් නැතුව මෙතැනම හිටිය...තාත්ත මට අඬගහල අඬගහල අපි ව හොයන්න අපි සෙල්ලම් කරන තැනට ආව.... මට මොකුත් කරකියාගන්න දෙයක් නැතුව හිටිය.....එතකොටම කලිසම අරගෙන සිරිපාලත් ආව....මොකක්ද උබල ඔතැනට වෙලා කරන්නෙ..ඔය නංගිගෙ ගවුමක් නේද ඇදගෙන ඉන්නෙ.....මම දිහා බලල සැර කලා......අපි අම්ම තාත්ත සෙල්ලම කලා අන්කල්..... සිරිපාල කිව්ව.....එත කොටම එතැන තිබුන ලොකු කුරුදු කෝටුවක් කඩාගෙන ඇටෙන් පොත්තෙන් ඉදෙන්නෙ ඉස්සෙල්ල තොපි අම්ම තාත්ත වෙන්න හදනවද බොලවු...කියල... වලත්තයො ...කිය කියා මට ගහන්න ගත්ත.....සිරිපාල කලිසමත් දාල පැනල ගියා....ඕක ගලවල ඇදගන්නව කලිසම....මීට පස්සෙ ඕවගෙ වල් වැඩ කරල අහුවෙන්න එහෙම නෑ.....ඔහු කිව්ව.... මම අඩ අඬා ගවුම ගලවලා කලිසම අදිනකොට අම්ම අපි ගාවට ඇවිත් මොකද වුනේ ඇහුව.....උනේ.... උනේ මොකක්ද කියල පුතන්ඩියගෙන් අහගන්නව.....මූ මේක ඇදගෙන හිටියෙ....තාත්ත ගවුම අම්ම ගාවට විසිකරල කිව්ව.....ඉතින් ඕකට ඔයතරම් ගහන්න දෙයක්යෑ.....යමු පුතේ. අම්ම කිව්වම ගහන්න නෙවෙයි මරන්න ඕනැ....වලත්තයො...තාත්ත තවත් බැන්න......අම්ම මාව එක්කගෙන ගෙට ගිහින් කෝටු පාරවල් වැදුනු තැන් වලට තෙල් ගගා අතගෑව...ඇයි පුතේ නංගිගෙ ගවුන් ඇන්දෙ ඕව කොල්ලො අදින ඒව නෙවෙයිනෙ....අම්ම ඇහුව...අපි සෙල්ලමටනෙ අම්මෙ ඒක ඇන්දෙ කොල්ලො ගවුන් අදින එක වල් වැඩක්ද ...මම කෙදිරි ගගා ඇහුව...සෙල්ලමට අදින එක වල් වැඩක් නෙවෙයි පුතේ...ඕක හොරෙන් අදින්න ඕනැ නෑනෙ.....ඔයාට ගවුමක් අදින්න ආසයි කිව්වනම්...මම ගවුමක් හොයල දෙනවනෙ.....අම්ම කිව්ව.......මොකක්ද අම්මෙ උනේ නංගි ඇහුවම....ඔයාගෙ මේ ගවුම අයිය ඇදගෙන හිටිය කියල.....තාත්ත අයියට ගහලනෙ දුවේ....හොද වැඩේ.... කොල්ලො කෙල්ලන්ගෙ ගවුන් අදිනවට....කිව්ව...ඒකෙන් කමක් නෑ මේ ගවුම ගිහින් තියනව...අම්ම නංගිට කිව්ව....අපෝ මට ඔය ගවුම එපා ඕක කොල්ලො ඇදපු එකක්නෙ....ඇය එය විසිකරමින් කිව්ව......කොල්ලො ඇන්දට ඕකෙ මොකුත් ගෑවිල නෑ ඕක හෝදල දෙන්නම්.....ඔයාගෙ අයියනෙ ඇන්දෙ පිට කොල්ලෙක්යෑ .....තාත්තත් එකයි දුවත් එකයි.....අම්ම ඇයටද බැන්න....එදා ඉදන් මායි සිරිපලයි අතර තිබුන යාලුකමත් නැතුවුනේ මට ඔහුව හමුවීමට තහනම් කල නිසයි.අපි අහිංසක විදියට ඒ සෙල්ලම කලත්.... එදා තාත්තා මට ගැහුවෙ ගවුම ඇන්දට නෙවෙයි මායි සිරිපාලයි ගැන වැරදි වැටහීමක් ඇතිවුන හින්දද කියල පස්සෙ කාලෙක හිතුන.
එදා මම නංගිගෙ ගවුමක් ඇන්ද කියල නංගි ඒ ගවුම විසි කලාට අද එයාගෙ ඕනැ ගවුමක් ඇදගන්න කියල මට කියනව. .....සිතුන මට එක වරම හිනාගියා....මොකද පුතේ බත් කනගමන් හිනාවෙන්නෙ.....අම්ම ඇහුව.....මට ඉස්සර සිද්දියක් අතක් වුනා අම්මෙ.....මොකක්ද... අම්ම ඇහුව..... අර මම නංගිගෙ ගවුමක් ඇදගෙන හිටිය කියල තාත්ත ගහපු එක.....මම මතක්කලා.......තාත්තට පිස්සුනෙ පුතේ ගවුමක් ඇන්ද කියල ඔය තරම් ගහන්න දෙයක්ද.....මෙයත් තත්තගෙ පැත්ත අරන් ඒ ගවුම අදින්නෙ නෑ කියල විසිකලානෙ...කොල්ලො ඇදපු එකක් කියල...අම්ම කිව්වම...මට මතක නෑ....නංගි කිව්ව......ඔයාට කොහොමද මතක එතකොට ඔයා ගොඩක් පොඩිනෙ.....මම කිව්ව.....
No comments:
Post a Comment