වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 80...............පහුවදා නංගි අම්මයි අයියයි එක්ක මෙහෙට ඇවිත් නංගිව මෙහෙ නවත්වලා අම්මලා ආපහුගියා....නංගිට මම හිටිය කාමරේම දුන්න.....ඇයට තනියට නිදාගන්න මම නැතිවිමගැන දුකෙන් ඉන්නව කියල තේරුණා....දුක් වෙන්න එපා නංගි අක්ක ඔයාගාවම ඉන්නෙ කියල හිතාගෙන නිදාගන්නකෝ.....මම ඇයව තුරුලුකරගෙන කිව්ව.....මට දැන් බෝනික්ක ඉන්නව....ඇය රෙදි බෝනික්කව තුරුලුකරගෙන කිව්ව.
ඊට පස්සෙ අපි ඉතාමත්ම සතුටින් හිටිය. අපි දෙන්න අතරෙ කිසිම ගැටලුවක් තිබුනෙ නෑ....මට හිතෙනව චාරුකා.....ඔයා මගේ හොදම යාලුව වෙලා කාලයක් ඉදල කෙල්ලෙක් උන එක හොදයි කියල....ඒ මොකද වික්‍රම ඔයාට එහෙම හිතුනෙ.....ඔහුගේ නග්න පපුවේ කෙස්රොදවල් ඇගිල්ලෙන් කරකවමින් ඇහුව..... උපත්තියෙන්ම කෙල්ලෙක් වෙලා ඉන්න අයට....පිරිමියෙක්ගෙ තියෙන ඕනැ එපාකම් තේරෙන්නෙ නෑතිවෙන්න පුලුවන්.....ඒත් ඔයා පිරිමියෙක් වෙලා මාත් එක්ක ලගින් ඇසුරු කල හින්ද ඒ දැනීම ඔයාගාව තියෙනව....ඒකනෙ ඔයාට මගෙ ඕනැ එපාකම් හොදට තේරෙන්නෙ.....හැම ගෑනියෙක්ම ඔයා වගේ හිතනවනම් පවුල්වල ගැටලු නෑ ..චාරුකා......ඔහු හැගීම්බරව කිව්ව.....එහෙනම් මම කියන්නද වැඩක්.....කොල්ලෙක් බදින්න යනකොට ඒ කොල්ලගෙ හොදම යාලුවට ඔයාගෙ බේත දෙන්න......එයා කෙල්ලෙක් උනාට පස්සෙ දෙන්න බන්දන්න.....මම සිනාසෙමින් කිව්වහම.....ඔයාගෙ මොලේ තමයි මොලේ කියල මගෙ ඔලුව අතගාල.....ඔයාගෙ අයිය තාම බැදල නෑනෙ.....අයියගෙ හොදම යාලුවට දෙමු....කිව්ව ඔහු සිනාසුනා.....ඔයාගෙ මල්ලිත් බැදල නෑනේ....මම කිව්ව. ඔයාට මේ වැඩේ අහම්බෙන් සිද්දවෙලා ඔයා පස්සෙ ගැහැනු කමට කැමතිවුනාට හැම කොල්ලම එහෙම නැතුව ඇති චාරුකා....ඔහු කිව්ව......ඒත් ගෑනු වෙන්න කැමැත්තෙන් ඉන්න කොල්ලෙක් හම්බවුනොත්නම් ගැටලුවක් නෑ......ඔහු තවදුරටත් කිව්ව......එහෙනම් මංගල යෝජනාවක් දාන කොට මෙහෙම දාමු.....මම කිව්වම.....කොහොමද වික්‍රම ඇහුව......දේපල හිමි ව්‍යාපාරික පුතුට රූමත් දියනියක් හෝ බෙහෙත් මගින් තරුනියක් බවට පත්වීමට කැමති තරුනයෙක් හොයයි....මම මෙහෙම කියනකොට...හයියෙන් සිනසුනු ඔහු.....කවද හරි මේවගෙ දැන්වීනුත් පලවෙයි.....කිව්ව.....ඒක නෙවෙයි චාරුකා මම අර කෙල්ලො කොල්ලො වෙන බේත ප්‍රසිද්ධ කලොත් කෙල්ලො ටික ඔක්කොම මාව හොයාගෙන එයි නේද.....ඔහු ඇහුව......මම නම් හිතන්නෙ නෑ වික්‍රම....මම කිව්ව.....ඇයි ඒ.....ඔහු ඇහුව.......ගොඩක් ගැහැනු පිරිමි වෙන්න කැමති නෑ අනේ.....බලන්නකො අපේ නංගි ......ඔයා ඒදවස්වල දුන්න අර පෙතිදෙක නංගිට ඔන්නම් බොන්න..... එතකොට ඔයා මෙගෙ මල්ලිවෙයි කිව්ව....මටත් බැනල දොට්ට විසිකරන්න කිව්වනෙ.....මම කිව්ව....ඒ මොකද එයාල පිරිමි වෙන්න අකමැති....ඔහු ඇහුව.....එක ගෑණු අපේ රහසක්.....මම කිව්ව......ඒකද මෙයත් මේ අවසාන මොහොතෙ ගෑණු කම ඕනැ කිව්වෙ..ඔහු ඇහුව...මටත් ඒක තෙරුනේ පස්සෙනේ වික්‍රම .....මම ඔහුට හුරතල් වෙමින් කිව්ව.
ටික කාලෙකට පස්සෙ වික්‍රමගේ නව සොයාගැනීමක් වන ජානවිකුර්තියට දෙන බෙහෙත ලොව පුරා ප්‍රසිද්ධ උනා ඔහු එයට පේටන්ට් බලපත්‍රය ගත්ත හින්ද විශාල මුදලක් ලැබෙන්නත් ඔහුව ලොව පුරා ප්‍රසිද්ධ වෙන්නත් ගත්ත.....ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වුනත් මට තියෙන ආදරේ බිදකින්වත් අඩුනොවුන බව තේරුනා.....ඔහු කොහේ ගියත් ඔහුට නිතරම ඕනැවුනේ මාව.....
අපී විවහයෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ මාව අම්ම කෙනෙක් වෙන ලකුනු පහල වුනා.....මට උදේට වමනෙ යනකොට චිත්‍රා ලග ඉන්න එක හොදට ගියා....මේක දැනගත්ත අපේ ගෙවල්වලින් මට ගොඩක් සලකන්න පටන්ගත්ත මම කැමතියි කියන හැම දෙයක්ම කොහෙන් හරි හොයල ගෙනත් දුන්න.....මගේ කුස එන්න එන්න ලොකුවෙනකොට අපහසු තාවය වැඩිවුනත් අම්මාකෙනෙක් වීමේ කැමත්ත සිතතුල වැඩිවෙන්න ගත්ත...... මටත් අම්ම කෙනෙක් වෙන්න පුලුවන් වුනානේ...... කියන ආඩම්බර කාරී හැඟීම සිතතුල හටගත්තා....නංගී තවමත් මගෙ ලග ඉන්න එක මට ලොකු හයියක් උනා.....හැම තිස්සෙම නංගි මා ගැන හොයා බලන්න වුනා...... දරුව ලැබෙන්න කිට්ටුවෙන කොට මට තියෙන විශාල උදරය බලමින් සතුටුවුනා......අනේ මම ලසන්ත විදියට හිටියනම් මට මේ වාසනාව ලැබෙයිද.....මම කල්පනා කලා.....
මාස ගාන සම්පූරන උනාම පුද්ගලික රෝහලකදී මම මේ ලෝකෙ විදින්න තියෙන ලොකුම වේදනාව විදගෙන දියනියක් ලබන්න වාසනාව ලැබුනා...ඇයගේ සුරතල් මුහුන දිහා අම්ම කෙනෙක් බලන විදියට බලනකොට ඒ වේදනාව කොහෙන් ගියාද කියල දැනුනෙ නෑ.....ඉස්සෙල්ලම දුවෙක් ලැබුන එක ගෙදරට වාසනාවක් කියල හැමොම කියන්න ගත්ත.....අක්ක වගේම ලස්සන දුවෙක්...ඇයව අතට අරගෙන නංගි සතුටින් කිව්ව. ඇය මෙගේ පියයුරු වලින් කිරිඋරන කොට දැනෙන ආදරනීය හැගීම වෙනත් අම්මලාටත් දැනෙනවද කියල හිතුන.
දුව ලැබුනට පස්සෙ මාස කීපයක් අපේ අම්ම අපේ ගෙදරට ඇවිත් මට උදවු කලා....විවික්රමගෙ අම්ම තාත්තත් නිතර මෙහෙ ආව......දුවට මාස හතරක් විතර උනාම මායි වික්‍රමයි වික්රමලගෙ ගෙදර ගියා.....නංගිගෙ නිවාඩුව හින්ද එයත් ගෙදර ගියා......අපි දුවත් එක්ක එහෙ දවස් කීපයක් නැවතුනා.....ඒ වෙනකොට චිත්‍රා ගමේ ගිහින් හිටියා.
දුව දන්නවද අපේ පුතාට ලසන්ත කියල යාලුවෙක් හිටිය කියල...මේ දෙන්න එකටමයි හිටියෙ.....මම කොල්ලො දැකල තියෙනව දුවේ ඒත් මේ ලසන්ත පුතා වගේ කෙනෙක් මම දකල නෑ.....ඒ තරන් හොද දරුවෙක්.....මම පුතාගෙන් කීප වාරයක් ඇහුව ඒ දරුව කෝ කියල....ඉන්නව කියල මග හරිනව මිසක් කියන්නෙ නෑනෙ.....මීට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල අපේ පුතාගෙ ගෙදරලු හිටියෙ......හැබැයි ඒ ලමය හිටියනම් පුතාගෙ හැම දේටම එනව....දෙන්න තරහ වෙලාද දන්නෙත් නෑ....තරහ වෙලාද ඇහුවම එහෙමත් නෑ කියනව......අනේ දුවේ දුවවත් අහන්න ඒ යාලුව ගැන....අම්ම ලසන්ත ගැන කියන්න උනා.....
No comments:
Post a Comment