Thursday, November 24, 2016

(බොක්සින් සමාදි 132) අවසන් කොටස.......................දුව එක දිගට ඇගේ අතීතය නොකීවද සමහර අවස්ථාවලදී මා සමග අතීතය මතක් කලාය....සාමානයයෙන් ඇය මට අම්මා යනුවෙන් ඇමතුවද අතීතය මතක් වෙනවිට ඇය මට කතාකලේ සමාදී යනුවෙනි........සමාදි මගෙ ඇදුම් ඇදගෙනනෙ ස්කෝලෙ ගියේ.....ඇය කීවාය......ඒ මොනවද ඇන්දේ.....මම ඇසුවෙමි.....ඇයි මතක නැද්ද මගෙ ගවුම ඇදගෙන යනව.... ඒ කාලෙ ඔයා මල්ලි කෙනෙක්නෙ ඉතින්ඒව ඔයාගෙ ගවුන් වෙන්නෙ කොහොමද.....මා ඇසුවෙමි..... පස්සෙනෙ මල්ලි කෙනෙක් උනේ..... අපේ ගෙදර අය අතරේ තිබුනු එම රහස දුව නොදන්නා කමට සුරන්ජිත්ට පවසයි යන බියක් මට ඇතිවිය.....එහෙත් ඇගේ කතාව ඇසීමට තිබුනු කැමැත්ත නිසා මා කිසිවක් නොකීවෙමි......ඔයා ඒ කාලෙ නංගි කෙනෙක් විදියට ඉන්න කැමතිවුනේ නෑ නේද......නෑ මම ඇන්දෙ ඔයාගෙ ඇදුම්නෙ.......ඇය කීවාය.....ඔයා දැනුත් මල්ලි කෙනෙක් විදියට ඉන්න ආශද......දැන් ඇයට ඇති මානසික තත්වය දැන ගැනීම සදහා ඇසුවෙමි......එපා....මම දැන් ලස්සන නංගි කෙනෙක්නේ.....පැවසූ ඇය සිනාසුනාය......ඇයි ඔයා ආයෙත් මල්ලි කෙනෙක් විදියට ඉන්න ආශා නැත්තෙ.....දන්නෙ නෑ.....ඇගේ කෙටි පිලිතුර විය.....ඒ දිනවල ජනිත් අයියා කොල්ලෙක් බවට පත්වීමට කෙතරම් ආශාවෙන් සිටියේද යන්න මට සිහිවිය.....මගේ දියනිය වසයෙන් ඉපදී සිටින ජනිත් අයියා දැන් කොල්ලෙක් වීම ප්‍රතික්ෂේප කිරීම මට විශාල ගැටලුවක් විය...... 
දියනියගේ කතාව ප්‍රසිද්ධ නොකිරීමට අපි වගබලා ගත්තෙමු.....මගේ පුතාට වඩා දියනිය මට වඩාත්ම සමීප විය....මට සුලුහෝ දුකක් කනගාටුවක් ඇතිවූ විට ඇයට එය දැනීම පුදුම සහගතවිය.....අම්ම මොකද අද දුකෙන් වගේ.....ඒ අව්ස්තාවලදී ඇය ඇසුවාය.....ඇය වයසින් වැඩෙන විට ඇගේ කොන්ඩය කපනවාට විරුද්ද විය......මට කොන්ඩෙ දිගට වවන්න ඕනෙ....සමාදිගෙ කොන්ඩෙ වගේ දිග වෙන්න ඕනෙ......ඇය මගේ කෙස් අතගාමින් පැවසුවාය......මෙසේ පවසනවිට එදා ජනිත් අයියා සමාදි ලෙස සිටිනවිට ඇගේ දිගු කෙස් ටික කපා දැමූ ආකාරය මතක්විය.....ඇයි ඔයා ඉස්සර කොන්ඩෙට ආස නෑනෙ......මම කීවෙමි......ටිකවෙලාවක් කල්පනා කල ඇය......අපරාදෙ නේද.....ඒ වුනාට මාව මල්ලි කෙනෙක් උනානෙ.....ඊට පස්සෙ කොන්ඩෙ වවන්නෙ කොහොමද....ඇය කීවාය......ඒක ඇත්ත මම සිනාසුනිමි.....
දියනිය ඉගෙනීමේ වැඩවලට අමතරව බොක්සින් ක්‍රීඩාවටද කැමැත්ත දැක්වූයේ පෙර ජන්මයේ පුරුද්ද පරිදිය.....ඇය කුඩා කල අත්වලට සිලි බෑක් දමා බොක්සින් ගසනවිට මා සිතා සිටියේ තාත්තා කියදුන් දෙයක් ලෙසය....එහෙත් ඔහු එසේ පැවසුවේවත් නැති බව ප්‍රකාශ කල නිසා ඇයට පෙර භවයේ සිට රැගෙන ආ පුරුද්දක් බව මා තේරුම් ගත්තෙමි......
දිනක් අපිට ධර්ම ධර භික්ෂූන් වහන්සේ කෙනෙකු මුන ගැසුනි.....අපි උන්වහන්සේට දියනියගේ විස්තර කීවෙමි..දොස්තර .නෝනා.....කෙනෙක් කෙනෙකුට දැඩිලෙස ආදරේ කරනවනම් හුගක් වෙලාවට එයාගෙ ඊලග භවය සකස් වෙන්නේ ඒ ආදරය කරන කෙනා සමීපයෙයි.....ඔයදොස්තර මහත්මියගේ අයිය ඔයාට ගොඩක් ආදරේ කලා ...එයා ඔයාගෙ දුව වෙලා උපන්න.....ඕවගෙ සතුරොත් ඔය විදියට එන්න පුලුවන් ඒ එන්නෙ සතුරුකම් කරන්න...දේවදත්ත තෙරුන් ඇයි බුදුහාමුදුරුවො ගාවම ආත්ම ගනන් උපන්නෙ....ඒ සතුරු කම් කරන්න......යසෝදරා දේවිය බුදුහාමුදුරුවන්ට ගොඩක් ආදරේ කල කෙනෙක් ඒ හින්ද ගොඩක් ආත්මවල ඒ දෙන්න අඹුසැමියො වුනා.....ඒක ඇත්ත අපේ හාමුඩුරුවනේ.....පැවසූ මම.....අයිය ඒ ආත්මෙ පිරිමියෙක් එයා මේ ආත්මෙ ගැහැනු ලමයෙක් නෙ ඒ මොකද හාමුදුරුවනේ.....මම ඇසුවෙමි......දොස්තර නෝනා......කෙනෙක් ගෙ ගැහැනු පිරිමි බව ස්තිර දෙයක් නෙවෙයි.....මේ සෑම දෙයක්ම වෙනස් වෙනව වගේ ඒකත් වෙනස් වෙන්න පුලුවන්......කෙනෙක් මේ ආත්මෙ පිරිමියෙක් උනාට ඊලග ආත්මෙ ගැහැනියෙක් වෙන්න පුලුවන් ඒ වගේම ගැහැනියෙක් ඊලග ආත්මෙ පිරිමියෙක් වෙන්නත් පුලුවන්......මේ කට බලපාන්නෙ ඩොස්තර නෝන...... සිතේ ස්වභාවය.... අභිධර්මය අනුව ගැහැනු සිත සහ පිරිමි සිත කියල සිත් පරන්පරාවෙ කොටස් දෙකක් තියෙනව......ගැහැනු සිත් කැමති ගැහැනුන්ට අවසය දේවල් වලට පිරිමි සිත් කැමති පිරිමින්ට අවසය දේවල් වලට.....ඒ හින්ද හුගක් වෙලාවට ගැහැනු ගැනු වෙලාම උපදිනව පිරිමි පිරිමි වෙලාම උපදිනව.....නමුත් යම් පාප කර්මයක් කලොත් ඒ පාපය පලදෙන්න ඕනැ හින්ද තමාට අවශ්‍යය ලිංගයේ උපදින්නෙ නැතුව අනිත් ලිංගයේ ඉපදිලා ඒ පව් ගෙවන්න වෙනව.....ඒ ව්ගේම තමා අනිත්ලිංගයේ උපදින්න ඕනැ කියල දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගෙන ඒඅධිෂ්ඨානයක් මැරුනොත් එයා කැමති ලිංගයේ උපදිනව......ඒ හින්ද දොස්තර නෝනා.....මේ අයිය ගැහැනු ලමයෙක් වෙලා උපදින්න හරිම හේතුව බුදු කෙනෙකුට හැර වෙන අයට කියන්න අමාරුයි.....ඒත් අයිය ගිය ආත්මෙ හැසිරුනු ආකරය බලල නෝනට අනුමාන කරන්න පුලුවන්......
මා සිතා සිටියේ දුවට තේරෙන වයසට එනවිට නැවත කොල්ලෙක් වීමේ ආශාව ඇතිවිය හැකි බවය....එහෙත් ඇය කිසිම දිනක එසේ ඉගියකින් වත් පල නොකල බව මට පෙනුනි......වයස වැඩිවෙනවත් සමග ඇගේ ගැහැනු පෙනුම ගැන ඇය ආදම්බර වෙන බව මා දුටුවෙමි......දුව කලිසම් අදින්න ආස නැද්ද...මා ඇගේ සිත පරීක්ෂා කිරීමට ඇසුවෙමි....අපෝ එපා....ඇය එකවිටම ප්‍රතික්ෂේප කලාය......
මේ අතර ලොකු අයියාගේ විවාහ කටවුතු සිදුවිය .....ඔහු කසාද බැන්දේ කැනඩාවේදී ඇතිකරගත් ප්‍රේම සම්භන්දතාවයක ප්‍රතිඵලයක් ලෙසය.....මනාලිය නුවර පලාතේ සින්හල කෙනෙක් විය.....ඔහුගේ මංගල උත්සවයට මගේ දියනිය මල් කුමාරිට සැරසීම විසේස දෙයක් විය......ගිය ආත්මයේ ජනිත් අයියා මෙලෙස සැරසීම ප්‍රතික්ෂේප කලත් දැන් ලස්සන ගැහැනු ලමා ඇදුමෙන් සැරසී සිටීම ඇයට සතුටක් බව මා දුටුවෙමි......අම්මේ මාව ලස්සනයි නේද.....එදා ඇය ඇසුවාය.....ඔව් දුව ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල.....මා මෙසේ පවසන විට ඇය සතුටින් සිනාසෙන ආකාරය මා දුටුවෙමි.......අයියාගේ කසාදයෙන් පසුව ඔව්න් නැවත කැනඩාවටම පිටත්විය......දැන් අපිව බලාගන්න දුව විතරයි ඉන්නෙ එදා අම්මා අඩමින් පැවසුවාය......මම විතරක් නෙවෙයි අම්මෙ ඔයාගෙ පොඩිපුතත් ඉන්නව .....මා දුවව පෙන්වමින් කීවෙමි.....ඒකනම් ඇත්ත.....ඇය කදුලු අතරින් සිනාසුනාය.....සුජානි එකවුන්ට් කෙනෙක් කසාද බැන්ද අතර ඔවුන් පදින්චි වුනේ අපේ ගෙවල් වලට කිට්ටුව වීම මට සතුටක් ඇතිවිය........
දියනිය ඉගෙනීම කටයුතු හොදින් කල අතර ..ඇගේ බොක්සින් ක්‍රීඩාව අත හරියේ නැත ..මේ වනවිට ...විශ්‍රාමගොස් සිටි අපේ තාත්තා ඇගේ පුහුනු කරු විය .....මේ නිසා ඇයට තරග වලින් ජයක්ග්‍රහන ලබා ගැනීම පහසු කරුනක් විය.....ඇය බොක්සින් ක්‍රීඩාව කලත් ඇය ඇගේ ගැහැනු ලමයෙකුට උචිත ලෙස ඇදීම ඒ ලෙස හැසිරීම මට මහත් සැනසීමක් විය.....
අවසානයේ ලොකු පුතත් දියනියත් වෛද්‍යවරු වරුන් වීම අපේ සැනසීමක් විය.....එහෙත් දුව බොක්සින් ක්‍රීඩාව අත හැරියේ නැත....පෙර ආත්මයේ ඇගේ බොක්සින් දිවිය මතක් වීම සදහා මා ඇයට කතා කලේ......බොක්සින් සමාදි......යන නමිනි........ එහෙත් මගේ ජනිත් අයියා ගැනු ලමයෙකු වී ඉපදී ඔහු ආශා කල පිරිමි ජීවිතය එපා වීම.... මට හිතාගැනීමටවත් බැරි ගැටලුවක් විය.......මා ඔබගෙන්ද ඒ ගටලුවට විසදුමක් අපේක්ශා කරමි.................අවසානයි................

No comments: