Wednesday, December 7, 2016

..........................................හා රී සූ යනු 1975 ෆෙබරවාරි මස 17 දින දකුනු කොරියාවේ සෝල් නගෙරයට අග්නදිගින් පිහිටි සොග්නම් නගරයේ උපන් පිරිමි ළමයෙකි.ඔහුගේ නම ඊ කුවුන් යප්ය(ලී කුවුන් යප් හෝ ලී සූ යනුවෙන්ද හදුන්වයි)
              ඔහු කිසිම දිනක තමා පිරිමි ලමයෙක් ලෙස හිතුවේ නැත.ඔහුගේ අම්මාද ඔහුට සැලකුවේ දියනියක ලෙසටය.සොග්නම් වල පිහිටි උසස් විදුහලේදී ගැහැනු ලමයෙකු ලෙස කල්පනා කල ඔහු පිරිමි කෙනෙක් සමග සම්භදතාවයක් ඇතිකරගත් අතර සමාජීය ගැටලු නිසා එම සම්භන්දය අතහැර දැමීමට සිදුවිය. 1995 දී අනිවර්ය හමුදා පුහුණුව සදහා ගිය ඔහු ඔහුගේ බර අඩුනිසා එම පුහුනුවෙන් ඉවත්විමට සිදුවිය.
                1997 දී ජපානයේ ටෝකියෝ මෝස්ත්ර නිර්මාන විද්‍යාඅලයේ  කොන්ඩා මෝස්තර සිල්පය ඉගෙනිමට ලැබීම ඔහුගේ පලදායික වෙනස්කමක් විය.වයස 23 දී ජපානයේ සිටින අතරතුර ඔහුට පියයුරු විශාල කර ගැනීමේ සහ ලිංගය  වෙනස්කරවා ගැනීමේ සැත්කම් කර ගැනීමට හැකිවිය. 1999 දී ඇය ජපාන රාත්‍රී  සමාජ ශාලාවල හා රී සූ නමින් ගායිකාවක් ලෙස ප්රසිද්දියට පත්වී සිටියය. 2000 දී නැවත කොරියාවට පැමිනි ඇය 2001 දී ඇගේ නම කාන්තා නමක් ලෙස ලී කිවුන් ඉයුන් යනුවෙන් නීතියානුකූලව වෙනස්කර ගත්තාය.
                 ඇගේ සැත්කමෙන් පසු දෙමවුපියන් සමග ඇයට නොයෙක් ගැටලු ඇතිවිය. ඇගේ පියා ඇයව දියනියක් වසයෙන් පිලිගැනීමට මැලිවූවේය.2000 පැවැත්වූ දෙමාපිය දිනයේදී පියා හමුවූ ඇයට..... හාරීසූ කියන්නෙ මහ කාලකනි පුද්ගලයෙක්... යනුවෙන් ඇයට දොස් කීවේය.ඇය දිගටම පවුලේ කියාකාරකම් වලට සහභාගී වීමනිසා පවුලේ සාමාජිකයන් ඇගේ ලිංගික  අනන්‍යතාවය  පිලිගැනීමට පටන්ගෙන ඇත.
                   2001 දී ඇය ප්‍රථම වරට මුහුනදුන් මුහුනට යොදන පියරු සම්භන්ද වෙලද දැන්වීමකට පෙනී සිටීම නිසා ඇගේ ගෙලේ ගැටය කැමරාවෙන් පෙනීම ගැටලුවක් ඇතිවිය .ඉන්පසු ඇයට එය සගවා ගැනීමට සුදුවිය. වෙලද දැන්වීම් වලට පෙනීසිටීමේදේ ඇගේ හැඩය වෙනත් කාන්තාවන්ට වඩා හොදින් ගැලපෙන බව එම දැන්වීම් නියෝජිතයන්ගේ පිලිගැනීම බවට පත්වී ඇත.ඇගේ මෙම හැඩය නිසා ඇය ලිංගය පරිවර්තන කරනොගත් කාන්තාවක් යනුවෙන් කට කතා පැතිරෙන්ට විය. මේ අනුව වෙනත් ලින්ගික විපර්යාස කාන්තාවන්ට වඩා ඇය විශේෂ විය.ඇය වෙනත් කාන්තාට වඩා ලස්සන කාන්තාවක් යන බව කොරියාවේ පිලිගැනීමක් වී ඇත.කොරියාවේ විනෝදාත්මක සේස්ත්රයේ පලමු ලිංගික  විපර්යාසයක්  කරගත් කාන්තාව බවට ප්‍රසිද්ධියට පත්විය.සගරා සදහා මගේ චායාරූප ගන්නාවිට මගෙන් කාමුකත්වය සිරුරේ හැඩය සමග සුරතල් බව සහ අහින්සකත්වය එකවර පෙන්නුම්කරන බව ඔවුන් කියන බව ඇය පවසයි.ඇයගේ ලින්ගික විපර්යසය තිබියදිත් ඇගේ අධිෂ්ඨානය හා දක්ෂතාවය නිසා සාර්ථකත්වයට පත්වී ඇත.
              2007 මැයි 19 වනදින එනම් හාරීසූගේ වයස 32 දී 27 හැවිරිදි ඇගේ පෙම්වතාවන මිකී ජන් සමග විවාහ දිවියට පත්විය

No comments: