Friday, November 4, 2016


(බොක්සින් සමාදි 89)..................................මේක පුරුෂ ලිංගයක් විදියට වර්ධනය උනාට පුරුෂ ලිංගයක් නෙවෙයි. මෙන්න මේ රූපෙ බලන්න....මේක තමා ගර්භාෂය ...ඒක හොදට වර්දනය වෙලා.....මේ තියෙන්නෙ ඩිම්බකෝශ කෝශ...මේ ඔක්කොම හොදට වර්ධනය වෙලා තිබුනත් පිටතට පෙනෙන අසාමාන්ය වධනය හින්ද පිටතට එන යෝනි මාරගය වැහිල තියෙන්නෙ.....දැන් තමා මෙයාගෙ ස්ත්‍රී හෝමෝන වැඩකරන්න පටන් අරන් තියෙන්නෙ.......සාමාන්යයෙන් ගැහැනු ලමයෙක් වයස දොලහ දහතුන විතර වෙනකොට කාන්තා ලක්ෂණ පහල වෙනව...ඒක තමා මෙයාටත් වෙලා තියෙන්නෙ.....වෙන බය වෙන්න දෙයක් නෑ... මෙහෙම වෙන්නෙ කොහොමද ඩොක්ට....තාත්තා ඇසුවේය...මෙයාගෙ ඇගේ පිරිමි හෝමෝන අසාමාන්ය විදියට වර්දනය වෙලා තියනව.....දැනටත් සාමාන්ය ගැහැනු ලම යෙකුට වඩා පිරිමි හෝමෝන වැඩිපුර නිපද වනව......වෛද්‍යවරයා මෙලෙස විස්තර කරන විට.....ඩොක්ට මෙයාව ආයෙත් පිරිමි ලමයෙක් කරන්න බැරිද.....අම්මා මෙලෙස ඇසූ විට මට අම්මා කෙරෙහි තරහක් ඇතිවිය.....අම්මට මොනව වෙලාද මන්ද...මම මේ කොයිවෙලාවෙ කෙල්ලෙක් වෙන්න පුලුවන්ද කියල ආශාවෙන් බල බලා ඉන්නව....අම්ම කියනව මාව ආයෙත් කොල්ලෙක් කරන්න කියල......මාව කෙල්ලෙක් වෙනවට අම්ම කීයටවත් කැමති නැ වගේ.......මා මෙසේ සිතනවිට.....අවස්ය නම් එහෙම කරන්න බැරිකමක් නෑ..මිසිස් දිසානායක.......අයියෝ අම්මා මගේ වැඩේ කන්නයි හදන්නෙ....මට අම්මා කෙරෙහි තිබුනු තරහ වැඩිවිය.....මාව ආයෙත් කොල්ලෙක් කලොත් මගේ ජීවිතෙත් ඉවරයි....එපා මට ආයෙත් පිරිමි කම... මාව ආයෙත් කොල්ලෙක් කරන්න කාටවත් ඉඩදෙන්නෙ නෑ.....මම සිතාගත්තෙමි.....මිසිස් දිසානායක....මෙයාට එහෙම කරනවනම්....ඇගේ නිපදවන ගැහැනු හෝමෝන නවත්වලා දැනට නිපදවන පිරිමි හෝමෝන ප්‍රමානය වැඩිකරන්න ඕනැ......හෝමෝන් ට්රීට්මන්ට් එක කලාම පුලුවන්....එහෙම කලොත් පුරුෂ ලින්ගය වගේ ලින්ගය වර්දනය වෙලා පිරිමි ලමයෙක් විදියට වැඩෙයි....හැබැයි එතකොට එක ගැටලුවක් තියෙනව.....වෛද්‍යවරයා කීවේය......ඒ මොකක්ද....අම්මා ඇසුවාය....එහෙම කලොත්....කවදාවත් මෙයාට දරුවො හදන්න බැරිවෙයි.....වෛද්‍යයවරයා පැවසුවේය....දැන් තියෙන තත්වෙ හැතියට මෙයාට දරුවො ලැබෙනවද.....තාත්තා මෙය ඉංග්‍රීසි භාශාවෙන් ඇසුවත් මා ඔහු ඇසූ දේ තේරුම් ගත්තෙමි....සර්ටන්ලි.....පැවසූ වෛද්‍යවරයා......ඒකට අවශ්‍ය සියලුම පහසුකම් මෙයාට පිහිටලා තියෙනව.......පොඩි ගැටලුවකට තියෙන්නෙ.....පිටතට ඔපන් වෙලා නැති එකයි......මට හිතෙනව ඒක ස්වභාවිකව ඔපන් වෙයි කියල......අපි තව අවුරුදු කිහිපයක් බලමු.....ඕපන් වෙන්නෙ නැත්නම් පොඩි ඔපරේසන් එකක් කරල හදමු.......මෙයා කැමති නැත්නම් ගැහැනු ලමයෙක් විදියට ජීවත් වෙන්න.....පිරිමි ලමයෙක් විදියට වෙනස් කරන්නත් පුලුවන්.....මෙයත් එක්ක කතා කරල කැමති දෙයක් කියන්න.....පිරිමි ලමයෙක් බවට පත්කලොත් විවාහ ජීවිතේ ගැන තමා ගැටලුව තියෙන්නෙ.....වෛද්‍යයවරයා ඉංග්‍රීසියෙන් පවසන්ට විය.....පිරිමි හෝමෝන් නැවැත්විමේ ට්රීට් මන්ට් එක පටන්ගන්න ඉස්සෙල්ල මට ඔයාලගෙ කැමැත්ත අක මැත්ත කියන්න.....මා දෙස බලා සිටි තාත්තා ....පස්ස්සෙ කියන්නම්.....කීවේය.....මගේ කැමැත්ත දැන්ම පැවසීමට සිතුනද....තාත්තාට තිබුනු බය නිසා කිසිවක් නොපැවසුවෙමි.....ආයෙත් පිරිමි ලමයෙක් වෙන්න ඕනැ නැත්නම්...මේ බෙහෙත් ටික ගන්න......ඕනැනම් ආයෙත් මාව හම්බවෙන්න......බෙහෙත් තුන්ඩුව ලියමින් පැවසීය.......අපි ගැදර ගිය පසු....මා අසලට පැමිනි සමාදි....වැඩේ අවුල් කියල උඹේ මුහුණ දැක්ක ගමන් පේනව....මොකද උනේ....ඇසුවාය.....වැඩක් නෑ බන් මේ අම්ම තමා... ඔක්කොම කන්නෙ.....අදම තීරනයක් දෙන්න තිබුන එකේ තව දවස් කීපයකට කල්ගියානෙ.....ඇයි අම්ම මොකද කලේ....සමාදි ඇසුවාය.....එයා කැමති නෑ බන් මාව කෙල්ලෙක් වෙනවට.....මා සමාදිට අම්මා මාගැන තිබුනු සුපුරුදු ආකල්පය කීවෙමි.....ඩොක්ට මොකද කිව්වෙ......ඇය ඇසුවාය.....එයානම් කියන්නෙ මව කෙල්ලෙක් වෙලා කියල තව පොඩ්ඩයිලු වෙනස් වෙන්න තියෙන්නෙ.....ඒත් අම්ම කියනව මාව ආයෙත් කොල්ලෙක් කරන්න කියල.....මම කීවෙමි.....අම්මගෙත් විකාරනෙ....ඔයා කැමතිනම් සමාදි වෙන්න අම්මට ගැටලුවක් නෑනෙ.....ඇය අම්මා කෙරෙහි තරහෙන් මෙන් පැවසූ ඇය.....දැන් උබව කොල්ලෙක් විදියට වෙනස් කරන්නද හදන්නෙ.....ඇසුවාය....අනේ මන්ද බන් කතාවෙලා බලල කියන්න...කිව්ව.....ඉතින් උඹට බෑ කියල තීරනේ දීපන්.....සමාදි කීවාය......ඒ උනාට අම්ම මම කියන එක පිලිගන්නෙ නෑ...බන්......මම කීවෙමි.....සමාදි දුක් මුසුව මා දෙස බලා සිටියාය......

No comments: