(බොක්සින් සමාදි 123)...............................සුරන්ජිත්ගේ ගෙදර අය අපේ නිවසට පැමින ගියපසු අපි දෙදෙනා සම්භන්දව කිසිම විරුද්ධත්වයත් නොමැතිබව.....සුජානි මා සමග පැවසුවාය.....ඔන්න අපේ යුතුකම් අපි කලා දැන් ඔය දෙන්නගෙ අතේ තමයි ඉතුරු වැඩටික තියෙන්නෙ.....ඇය කීවාය....අයිය දන්නෙ නැද්ද ගෙදරින් කැමති වුනා කියල...මම ඇගෙන් ඇසුවෙමි.....මොකද දන්නෙ නැත්තෙ........ එදාම අම්මයි තාත්තයි අයියට කිව්වනෙ එයා කැමැතිනම් ඒදෙන්න අකමැති වෙන්නෙ නෑ කියල.......හැබැයි උත්සවේ ගන්න අයියගෙ පත්වීම ගන්නකන් ඉන්න කිව්ව.......පැවසූ ඇය ......ඇයි එහෙම අහුවෙ.....මගෙන් ඇසුවාය.....සුරන්ජිත් මා එක්ක ඊට පස්සෙ කතාකලේවත් නෑ....මම කීවෙමි......ඒමොකද....ඉන්නකො මම අයියට කියන්න.....ඇය කලබලෙන් කීවාය......කලබල වෙන්න එපා කොයිවෙලාවෙ හරි කතාකරන්නෙ නැතෑ..... මම කීවෙමි.....එහෙම කියල හරියන්නෙ නෑනෙ එයාමයි ඇහුවෙ ....දැන් ගෙවල්වලින් කැමතිවුනාම ...මගාරිනව.....වෙන කොල්ලො ගෙවල්වලින් අහන්නෙත් නැතුව සම්භන්දකම් හදාගෙන පස්සෙන් යනව....මෙයාට ඔක්කොම හම්බවෙලත් නිකමටවත් කතාකරන්න බෑ.....ඇය අයියාට දොස්කියන්ට පටන්ගත්තාය........කමක් නෑ බන් එයාට පස්සෙ හිතුනද දන්නෙ නෑ ඕනෙ නෑකියල......උඹ මොකුත් කියන්න යන්න එපා.....මම පැවසුවෙමි.......නෑ මම අයියට කියනව....ඇය කීවාය......කවද්ද බන් වෙඩින් එක.....අපි අසලට පැමිනි.....අපි අසලට පැමිනි තිලිනි ඇසුවාය......මොන වෙඩින්ද බන් තාම එයාල බලල ගියාවිතරයි......තාම රිසාල්ට් එක ආවෙ නෑ.....මම කීවෙමි.....ඒමොකද උබලගෙ ගෙදර උත්තරේ බිංදුවද බන්.....තිලිනි සුජානිගෙන් ඇසුවාය....එයාල ඔක්කොම කැමතියි....තාමඅයියගෙන් උත්තරයක් නෑනෙ....පැවසූ සුජානී සුසුමක් පිටකලාය.....ඒ මොකද බන්....තිලිනි ඇසුවාය....අනේ කවුද බන් දන්නෙ.....අපේ අයියගෙ හැටි මම දන්නවනෙ එයාට පොඩ්ඩ අත්නම් තද වෙනවනෙ......එහෙම මොකක්හරි උනාද දන්නෙ නෑ.....පැවසූ සුජානී අයියාට දුරකතනයෙන් කතා කරනු දුටුවෙමි......මොකක්ද අයියෙ ගෙදර ඔක්කොම කැමතිවුනාට පස්සෙ අයිය පැත්තකට වෙලා ඉන්නව.....සමාදි කියනව අයිය එයාට කැමති නැත්නම් දැම්ම කියන්න කියල.....ටිකවෙලාවක් අයියා පවසනදේවල් අසාගෙන සිටි සුජානී.....මට ඕව කියන්න බෑ අයිය ඇවිත් කියාගන්න එකයි ඇත්තෙ......සුජානි කේන්තියෙන් මෙන් දුරකතනය විසන්දි කලාය.....මොකක්ද දන්නෙ නෑ සුරන්ජිත්ට උනේ.....අපේ ගෙදර ආවට පස්සෙ මොකක් හරි අඩුපාඩුවක් උනාද දන්නෙ නෑ.....එහෙම නැත්නම් පොඩිකාලෙ මම පිරිමියෙක් ලමයෙක් වෙලා හිටිය කියල දැනගත්තද. දන්නෙ නෑ......ඒත් එහෙම එකක් මේ කවුරුවත් දැනගන්න විදියක් නෑ......සමාදි පොඩිකාලෙ කොල්ලෙක් වගේනෙ හිටියෙ ......මෙයාට මේක ආරන්චිවුනාද දන්නෙ නෑ....මෙයා හිතන්නෙ නෑනේ එහෙම හැසිරුනේ ජනිත් කියල....ජනිත් සමාදි වගේ හිටිය කාලෙ කරපු දේවල් දැන් තමා මතුවෙන්නෙ.....ඒ දවස් වල සමාදිට අම්ම කිව්ව ඒව දැන් තමා වැටහෙන්නෙ.....සමාදි ඔයා ඔය විදියට ඉදල කවද හරි ඔයාට කසාදයක් බදින්න වුනාම තමා තේරෙන්නෙ......මට කොල්ලො කසාද බදින්න බෑ අම්මෙ.....ඇය එසේ කියමින් මගහරින බව මට මතක් විය......කොල්ලෙක් හොයල කසාද බදින්නෙ නැතුව කෙල්ලෙක්ව කසාද බැදගන්නද හදන්නෙ......අනේ පලයන් යන්න.....අම්මා අයිට එදා බැන්නාය.......එකත් එකටම සමාදිගේ හැසිරීම කවුරු හරි කියන්න ඇති.....එයා බොක්සින් ඉගෙනගත්ත එකත් කියන්න ඇති.....මම හිතන්නෙ නෑ සුරන්ජිත් මේව දැනගත්තොත් මට කීයටවත් කැමති වෙයි කියල.....කල්පනා කල මම...මගේ ජීවිතේ පලමු වරට ඇතිකරගත් ආදර ලෝකය බිමට කඩාවැටී දුවිලිබවට පත්වෙන ආකාරය දැනෙන්ට විය......මගේ ඇස්වලින් කදුලු පිටවීමට ආසන්න වුවත් අමාරුවෙන් එය වලක්වාගෙන.......අයිය මොකද කියන්නෙ ඇසුවෙමි...හම්බවෙලාම කතාකරන්නම් කිව්ව..එයාට මොනවද වැඩවගයක් තියෙනහින්ද ...අද හම්බවෙන්න බැරිලු......සුජානී කීවාය.....කමක් නෑ බන් එයාට ඕනැවෙලාවක හම්බවුනාවෙ.....මම පැවසුවෙමි......
සුරන්ජිත් ගෙ ගෙදරින් කතා කලා දුවේ එයාලටනම් ගැටලුවක් නැතිලු.....වෙඩින් එක ගන්නවෙන්නෙ පුතාගෙ පත්වීමෙන් පස්සෙ කියල කිව්ව.....මම කිව්ව ගැටලුවක් නෑ කියල....තාත්තා ගෙදර පැමින පැවසුවේය......මා කිසිත් නොකියා එය අසාගෙන සිටියෙමි...... එක අතකට සුරන්ජිත් හරි.....ඒවගෙ විසේකාර කෙල්ලෙකුට කොයි පිරිමියද කැමතිවෙන්නෙ.....අන්තිමට ඒ මනුස්සයට වෙන්නෙ ගෑනි කියන විදියට ජීවත් වෙන්න.....මට පේනව සුරන්ජිත් කියන්නෙ ඒවගේ ගෑනිට යටත්වෙන ජාතියෙ කොල්ලෙක් නෙවෙයි කියල.....මෙයාල මොනව කිව්වත් මම මේක හිතෙන් අත හරිනව.....කාමරයට ගිය මම ඇදේ දිගාවී එසේ කල්පනා කලෙමි......මම මීට පස්සෙ කවදාවත් කොල්ලො එක්ක යාලුවෙන්නෙ නෑ කොල්ලො එන්නෙ නැතෑ එක එක ඒව අහගෙන ඔක්කොටම බෑ කියනව ....මා සිතාගත්තෙමි.....ආයෙත් මම සුජානි එක්ක ඔය ගැන කතා කරන්නෙවත් නෑ.....ඒත් සුජානි එක්ක තරහවෙන්නෙ නෑ....ඒකි හොද කෙල්ල.....එයා මොනව කරන්නද මේවට.....මා තව දුරටත් කල්පනා කලෙමි......දුව බත් කන්නෙ නැද්ද.....මොකද ඇදේ ඇලවෙලා අසනීපයක්වත්ද.....අම්මා මගේ කාමරයට එබිකම්කර පැවසුවාය......අම්මට මේව කියන්නෙ කොහොමද.....මා කිසිවක් නොසිදුවූවාක් මෙන් ඇදෙන් නැගිට කුස්සිය දෙසට ගියෙමි.......
අපේ අයිය ඔයත් එක්ක කතාකලේ නැද්ද අනේ......සුජානි මගෙන් ඇසුවාය......එයාට ඔන්නම් කතාකරපුවාවෙ ඔයා සද්ද නැතුව ඉන්න මම කීවෙමි.......
No comments:
Post a Comment