Saturday, November 12, 2016

(බොක්සින් සමාදි 112).........................සමාදි මේ වෙසක් එකට සිල්ගන්න යමුකො.....ආච්චී දවසක් අපේ ගෙදර පැමිනි දිනයක යෝජනා කලාය.....අම්මත් එනවනම් මම එන්නම්.....මම පැවසුවෙමි.....මම ගියහම අයියල දෙන්නට වුයල දෙන්නෙ කවුද......අම්මා ඇසුවාය......ඉතින් එයලත් එක්ක යමුකො......මම කීවෙමි.....එහෙනම් අපි ඔක්කොම යමු......තාත්තත් එයි.....අම්මා කීවාය.....මෙය අසාසිටි ලොකු අයියා ......මට නම් බෑ අම්මෙ විභාගෙත් ලගයි......කීවේය.....එහෙනම් ජනිත් එනවද.....මටත් කම්මැලියි......සිල් ගන්න කොල්ලො කවුරුවත් නැනෙ.....උපාසක අම්මලයි වයසක සීයල තුන් හතර දෙනෙක් ඉන්නව එච්චරයි......ජනිත් කීවේය........ජනිත් පැවසුවේ ඇත්තකි.....පෝය දිනවල පන්සලේ සිල් ගන්නෙ උපාසක අම්මලා හැරුනුකොට වයසක සීයල කිහිප දෙනෙක් පනනක් බව මාද දැක තිබුනි.......වෙසක් පෝයට සිල්ගන්න සෙනග එනව ලමයො......ආච්චී කීවාය.....එතකොට ගෙදර වෙසක් සැරසිලි කරන්නෙ කවුද.....ජනිත්ට උවමනා වී ඇත්තේ සිල් ගැනීමෙන් වැලකීමට බව මෙම කතාවෙන් තේරුම් ගත්තෙමි......මේ දෙන්න එන්නෙ නැත්තම් මටත් පුලුවන්ද......අම්මාද පස්ස ගැසුවේය......කවුරුත් ඕනැනෑ සමාදි අපි දෙන්න යමු.....ආච්චි කීවාය.....හා මම එන්නම්.....ආච්චිට පොරොන්දු වුනෙමි.......
අපේ වත්තේ වැට අයිනේ තිබුනු බට ලී කිහිපයක් කපාගෙන ආ ජනිත් අයියා වෙසක් එකඩ කූඩු සෑදීමට සූදානම් විය.....අයිය හදල දෙන්න මම තමයි ලස්සනට කොල අලවන්නෙ.....මම පැවසූ විට ......උඹ කොහ්මද අලවන්නෙ සිල්ගන්න යනව නේද.....ඔහු ඇසුවේය.......සිල් ගන්නෙ පෝය දවසට විතරනෙ.....පෝයට ඉස්සෙල්ල අලවන්නම්.....මම කීවෙමි.......
වෙසක් පෝයට සිල් ගැනීමට ගිය මම ඉන්පසු අනිත් සෑම පෝයකටම ආච්චී සමග සිල්ගැනීමට යෑම පුරුද්ද කර ගත්තෙමි.......මගේ වයසේ සහ මඩා වැඩිමල් බාල ගැහැනු ලමුන් කන්ඩායමක් ද සෑම පෝයකටම සිල්ගැනීමට පැමිනි නිසා මට තනියක් නොතිබුනි......මා ඔව්න් සමග දහම් කරුනු සාකච්චා කලෙමි......අපේ සාකච්චා වලින් බුදු දහම සම්භන්දව සෑහෙන කරුනු දන ගැනීමට හැකිවිය......මේ අතර වැදගත් මාර්තුකාවක් මතුවිය......ගැහැනු වී උපදින්නෙ පවු කල අයද.....ගැහැනු ලමුන් කිහිපදෙනෙක් පවුකලා ම කෙල්ලො වෙලා ඉපදෙන බව පැවසුවාය.....මෙයාල කියන විදියට මම මහ පුදුම කෙනෙක් නෙ......මම කැමැත්තෙන්න්ම කෙල්ලෙක් උනේ මම කරපු පවුටික ගෙවාගන්නද.....මේ කත් හරියට පෙර පව් ගෙවාගන්න ඕනැ කියල අත පය කපාගත්ත වගේ වැඩක් නෙ.......මා කල්පනා කලෙමි.......මේ....... පව් නෙවෙයි ඕකට හේතුව......අභිධර්මයේ විදියට ඕක සිතේ ස්වභාවයක්.....හිත පුරුදු කරගෙන තියෙන්නෙ ගැහැනු ස්වභාවයකට නම් ගැහැනු වෙලා උපදිනව.....පිරිමි ස්වභාවයකට නම් පිරිමි වෙලා උපදිනව.......ඒත් ඔය අතරෙ කාම මිච්චාචාර වගේ අකුසල් කරල තිබුනොත් හිතේ ස්වභාවය බලන්නෙ නැතුව ඒ කල කරුම ගෙවාගන්න අනිත් ලිංගයේ උපදිනව.......අභිධර්මය ගැන හොදින් දන්නා එම අක්කා පැවසූ දේ සත්‍යය බව මටද වැටහුනි........මම කොයි තරම් ආශාවෙන්ද කෙල්ලෙක් උනේ.....කෙල්ලෙක් වෙන එක පවක්නම් මම මොකටද ඒ පවට කරගහන්නෙ.....මාව දිගටම කොල්ලෙක් විදියට හිටියනම් මට විදින්න වෙන්නෙ පිරිමියෙක් වීමේ පින නෙවෙයි පිරිමියෙක් වීමේ පව.......මා කල්පනා කලෙමි....අන්තිමේදී ඔවුන් සැමට එම අක්කා පැවසූ දේ පිලිගැනීමට සිදුවිය......
මාව වෛද්‍ය වරයාට පෙන්වා මාස තුනක් පසුවී ඇති නිසා අම්ම මාව වෛද්‍යවරයා අසලට එක්ක ගියාය....වෙනදා මෙන් මාව පරීක්ෂා කල ඔහු......දැන් ඔයාගෙ යෝනි මාර්ගය ටිකක් දුරට ඕපන් වෙල......ඒ හින්ද ඔයාගෙ වෙනස්වෙන්න තව වැඩි දවසක් යන එකක් නෑ.......වෛද්‍යාවරයා කීවේය......තව මාසතුනකින් එන්න අවසානයේ ඔහු කීවේය......අනේ මන්ද හැමදාම මාසාතුන්කින් එන්නලු කවද ඉවරයර වෙයිද දන්නෙ නෑ......මා කල්පනා කලෙමි......
අයියාගේ විභාග දිනවලදී මට වෛද්‍යවරයා මුන ගැසීමට යන්ටවිය.....එදින ඔහු වෙන දාට වඩා හොදින් යෝනිය ඇතුලත පරීක්ශා කරන අයුරු දැනුනි......ඔයාට මගේ සුබ පැතුම් ....පැවසූ ඔහු...දැන් ඔයාව සම්පූරනවෙලා.......තව සුලු දේවල් ටිකක් තියෙනව ඒවත් හිමින් හරියයි......පැවසුවේය......මේ සුභදායක පනිවිඩය තාත්තාටද කීවේය......ඔන්න දැන් බයවෙන්න දෙයක් නෑ ඔයාලගෙ දුව දැන් හන්ඩ්රඩ් ප්‍රසන්ට් ගැහැනු ලමයෙක්.....මෙය ඇසුනු අම්මාගේ මුවෙන් සතුටු සිනාවක් ඇතිවූ බව දුටුවෙමි........

No comments: