Thursday, November 10, 2016


(බොක්සින් සමාදි 107).............................කෝ දෙන්න දුවේ මම කරන්න .දැන් මහන්සිත් ඇතිනෙ.....අම්මා මගෙන් කැවුම් බැදීම ඉල්ලා ගත්තාය ....අහකට ගියමම.......මා අතින් වැරදුනු කැවුමක් කෑමට සිතුනු........මම කැවුමක් තෝරන විට......ඔය මොකක්ද කරන්නෙ ....අම්මා ඇසුවාය.....සවුත්තු උන එකක් හෙව්ව රසද කියල බලන්න......තෙල් තාච්චිය ලිපේ තියෙද්දි කන්න එපා.....අම්මා කීවාය......එහෙනම් ජනිත් කෑවෙ......මම ඇසුවෙමි......ජනිත් කොල්ලෙක්....කොල්ලො කෑවට කෙල්ලන්ට කන්න හොදනෑ......කොල්ලො වගේ නෙවෙයි ගැහැනුන්ට පොඩ්ඩ වැරදුනාම අමනුස්ය දෝස එනව......අම්මා පැරනි විස්වාසයක් අනුව කීවාය....අම්මා සමග කිසිවක් නොකී මම......එක අතකින් ඒකත් ඇත්ත වෙන්න පුලුවන්......ලස්සන කෙල්ලෙක් දැක්කම සමහර පිරිමි ගෙවලොයො වගේ ඒ කෙල්ල දිහා බලා ඉන්නව වගේ අපිට පේන්නෙ නැති යක්කු පෙරේතයොත් අපි වගේ ලස්සන කෙල්ලො දැක්කම බලා ඉන්නව ඇති.......තෙල් තාච්චිය ලග ඉදගෙන බැදපුව කෑවහම උන් ඇගට වැහෙනව ඇති.......කල්පනා කලෙමි......අම්මෙ කොකිස් හදන්නෙ කොයි වෙලාවටද මම ඇසුවෙමි......අවුරුද්දට ඉස්සෙල්ල දවසෙ හදමු නැත්නම් පොගනව......අපිට තව මුන් කැවුනුයි අතිරසයි හදන්න තියෙනවනෙ.......මේ කොන්ඩ කැවුන් වගේ නෙවෙයි ඒව හදන්න ලේසියි.......මම හරිගස්සල දෙන්නම් දුවට තියෙන්නෙ තෙලට දාල බදින්න......කවද්ද අම්මෙ ඒව හදන්නෙ....අද මහන්සියි බන් හෙට හදමු......අම්මා කීවාය..
පසුදින දහවල් උයා අවසන් වූ පසු අපි කැවුන් හැදීමට පටන් ගත්තෙමු......අම්මා මුන්කවුන් හරිගස්සා දුන් අතර මා තෙලට දමා බැද්දෙමි......අද දිනය තාත්තාට නිවාඩු දිනයක් බැවින් ඔහුද ගෙදර සිටියේය.....අපි කැවුන් සාදනු දුටු තාත්තා.....මේ සැරේ කැවුන් හදන්න අලුත් ගෝලයෙකුත් ඉන්නව වගේ.....අම්මාට කීවේය.....අද විතරක් නෙවෙයි ඊයෙ කොන්ඩ කැවුනුත් හැදුවෙ මෙයා තමයි.... අර වහල තියෙන්නෙ මෙයා හදපු කැවුන් තමා.....අම්මා ඔහුට කැවුන් අහුරන ලද භාජනය පෙන්නුවේය.....බලන්නකො මහත්තය මෙයා කෙල්ලෙක් උනාට පස්සෙ මට කොච්චර වැඩ කරල දෙනවද කියල.....මම කල්පනා කලේ මෙයා පොඩි කාලෙම ගැහැනු ලමයෙක් කියල කිසිම දොස්තර කෙනෙක් කිව්වෙ නෑනෙ......අපරාදෙ එහෙම කිව්වනම් මෙයාව මම ඒ කාලෙ ඉදම්ම ගැහැනු ලමයෙක් විදියට හදනව.....එදා අපි ඔක්කොටම වරදුනා නෝනා......ඒත් මේ දෙන්නට වැරදුනේ නෑනෙ......ජනිත් නම් එදා ඉදම්ම එයා කොල්ලෙක් කියලනෙ හිතාගෙන හිටියෙ.....මෙයත් ජනිත් ගෙ කීමට ටිකදවසකට හරි කෙල්ලෙක් වගේ හිටියනෙ.......ජනිත්ගෙ කීමටමත් නෙවෙයි මහත්තය.....මේක දැනුයි මට තේරෙන්නෙ.....අම්මා කීවාය.....ඒ මොකක්ද.....තාත්තා ඇසුවේය.....මෙයත් පොඩිකාලෙ ඉදම්ම කෙල්ලෙක් වෙන්න ආශාවෙන් ඉදල තියෙනව.....ලැජ්ජාව හින්ද අපිට කියල නෑ.....ඊට පස්සෙ තමා ජනිත් එක්ක කතාවෙලා ගවුන් ඇදගෙන ඉදල තියෙන්නෙ.....කෙල්ලෙක් කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්නකොට කවුරුත් මොකුත් නොකීවට කොල්ලෙක් කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නකොට ලැජ්ජව්වක් නෙ....අනිත් එක කොල්ලෙක් කොහොමද කට ඇරල මට කෙල්ලෙක් වෙන්න ආසයි කියල කියන්නෙ.....ඒක තමා මෙයාටත් වෙලා තිබුනෙ මහත්තය......අම්මා හැගුම්බරව තාත්තාට කීවේය.....එහෙනම් නෝනනෙ මෙයාව කෙල්ලෙක් කරනවට විරුද්ධ උනේ....තාත්තා කීවේය.......ඒ මම මේ විත්තියක් දන්නෙ නැතුවනෙ කිව්වෙ....මම හිතුවෙ කොල්ලෙක් වගේ සෑහෙන කලක් ජීවත් උන කෙනෙක් එක පාරට කෙල්ලෙක් වෙනව කිව්වොත් එයාගෙ මානසික තත්වෙ මොනවිදියෙ වෙයිද කියල.....බැරි වෙලාවත් කෙල්ලෙක් වෙන්න මෙයා අකමැති උනානම් ඒකත් ගැටලුවක්නෙ......හොද වෙලාවට මෙයත් කෙල්ලෙක් වෙන්න ආශාවෙන් ඉදල තියෙන්නෙ.....ඔයා දන්නවද.....මෙයා කෙල්ලෙක් උනා කියල සන්තෝසෙට එදා අනුරාධපුරේදි පොල් පැලේකුත් පූජකලා.....අම්මා කීවාය.....ආ ඒ පොල්පැලේ මෙයාගෙද...මම හිතුවෙ නෝන ගෙනිහිල්ල පූජකලා කියල.....තාත්තා කීවේය......මාත් මේ ඇහුවමයි.....කොල්ලෙක් වෙලා හිටිය කෙනෙක් කෙල්ලෙක් වෙන්න මේතරම් කැමැත්තෙන් හිටිය කියල.....කොයි එකටත් දෙන්නටම හොද දෙයක්නෙ උනේ.....තාත්තා කීවේය......කෙල්ලෙක් වෙලා ඉපදුනත් කොල්ලෙක් වෙලා ඉපදුනත් එයාගෙ ඇග ඇතුලෙ ඉන්නෙ එයාගෙ විරුද්ද ලින්ගිකයනම්.....එයාව එලියට ගන්න තමා එයාල උත්සාහ ගන්නෙ.....ඒක හුගදෙනෙකුට තේරෙන්නෙ නෑ....ඒ හින්ද තමා ඒ අයට ගොඩක් ගැටලුවලට මුහුන පාන්න සිද්දවෙලා වෙලා තියෙන්නෙ.....අම්මා කීවාය.....

No comments: