Tuesday, November 15, 2016


(බොක්සින් සමාදි 115).....................................................................අම්ම අසනීප හින්ද අම්මට උයන්න බෑනෙ ඒකයි ඇහුවෙ.....ඔහු පැවසූ විට මගේ සිතට යම් සැනසිල්ලක් ලැබුනි.....කෑම වල අවුලක් නෑ වගේ ඔහු කෑම ගන්නා ආකාරය බලා සිටි මා කල්පනා කලෙමි...අම්මගෙන් අහගෙන මමයි ඉව්වෙ......මම කීවෙමි....අම්ම බත් කෑවද ඔහු ඇසුවේය.......කන්න බෑ කිව්ව මම පොඩ්ඩක් කැව්ව.......උඹ කෑවද.....තාම නෑ....මම කීවෙමි......ඉතින් බලා ඉන්නෙ කාහන්කො....අයිය එනකොට තව පරක්කුනෙ.......ඔහු කීවේය.....මම කෑම බෙදාගත්තෙමි......මාව කෙල්ලෙක් නොවී උඹ කෙල්ලෙක් විච්ච එක ලොකු දෙයක් බන්.......ඔහු කෑම ගන්න අතරතුර පැවසුවේය.......මා කිසිත් නොකියා ඔහු දෙස බලා සිනාසුනිමි.......මම එදාවගේ කෙල්ලෙක් විදියට හිටියනම් මට මේවගේ උයන්න බෑ බන්......එහෙම උනානම් අද අපිට බඩගින්නෙ තමා ඉන්නවෙන්නෙ......ජනිත් අයියා කීවේය......එහෙනම් කඩෙන්නෙ ගෙනත් කන්න පුලුවන්නෙ.....මම කීවෙමි.....කඩේ බත් කන්න බෑ බන් .....ඔහු මෙසේ පැවසූවිට මා උයනලද කෑම කඩේ කෑම වලට වඩා රස බව වැටහුනි.......අම්මගෙ කෑම තරම් රස නොමැති වුවද කඩෙන් ගෙනෙන කෑම වලට වඩා හොද යයි ජනිත් අයියා පැවසීම නිසා කෑම රස නොමැති වේ යයි මගේ සිතේ තිබුනු සැකය අඩුවිය......කෑම ගත් අපි දෙදෙනා අම්මා අසලට ගියෙමු.....පුතේ ඔයා ආවද.....නින්දෙන් ඇහැරී සිටි අම්මා ජනිත් අයියා දෙස බලා කීවාය......පුතාල බත් කෑවද.......ඇය ඇසුවාය.....පුතාල කිව්වට තාම ලොකු අයිය ආවෙ නෑ අම්මෙ මම කීවෙමි......පුතාල කිව්වෙ ඔය දෙන්නට.....අම්මා සිනාසෙමින් කීවාය.......මම දැන් පුතෙක් නෙවෙයිනෙ අම්මෙ ..මම දුවෙක්....මම කීවෙමි.....ආදරේට දුවකුට උනත් පුතා කියල කියනව.....ඒවුනාට මම කැමති නෑ මට පුතා කියනවට.......මම කීවෙමි.....හරි හරි....මම මීටපස්සෙ කියන්නෙ නෑ.....අම්මා පොරොන්දුවූවාය.....අද ඉව්වෙ අලුත් එක්කෙනෙක් නෙ.....අම්මා ජනිත් අයියාට කීවාය......මම දන්නව අම්මෙ ....අම්ම උයනව වගේම රසයි.......ජනිත් අයියා පැවසූ විට මගේ සිතට සතුටක් දැනුනි....අම්මගෙන් අහගෙනනෙ ඉව්වෙ ඒක වෙන්න ඇති.....මම කීවෙමි.....නෑ ලමයිනේ දූලට අම්මගේ අත්ගුනේ පිහිටනව......මගේ අතින් ඇල්ලූ අම්මා මගේ අත අතගාමින් පැවසුවාය.......ටික වෙලාවකින් ගෙදර පැමිනි අයියාද මා උයනලද කෑම සතුටින් ගන්නා බව දුටුවෙමි.....අද කෑම රසයිද ලොකු පුතේ.....කෑම ගෙන අවසානයේ අම්මා අසලට ගිය ලොකු අයියාගෙන් ඇසුවාය....... වරදක් නෑ....ඔහු කිවේය.......ඔයා දන්නවද අද කෑම ඉව්වෙ කවුද කියල......අම්ම නෙවෙයිද.....අයියා ඇසුවේය.......මේ අසනීපෙන් ඉන්න ගමන් මට උයන්න පුලුවන්ද?.....ඇසූ අම්මා......නන්ගි ඉව්වෙ...පැවසුවාය...මා දෙස පුදුමයෙන් මෙන් බලාසිටි අයියා.....මෙච්චර හොදට උයන්න පුලුවන් කියල මම අදනෙ දන්නෙ......පැවසුවේය....
පසුදිනද මා පාසැල් නොගොස් අම්මාට සාත්තු කල අතර කුස්සියේ වැඩ ටිකද කලෙමි.......අම්මා කරන ලද සියලුම වැඩ මගේ කරපිට වැටුනත් මා ගැහැණු ලමයෙකු ලෙස එම වැඩ ඉතා සතුටින් ඉටුකලෙමි......මගෙ දුවට දැන් ගොඩක් මහන්සි ඇති....ඊයෙ ඉදම්ම ගෙදර වැඩයි මට සාත්තු කරන එකයි ඔක්කොම කරන්නෙ දුව අතින්නෙ...පිරිමි ලමයෙක් විදියට හිටිය දුව කෙල්ලෙක් උනේ අපරාදෙ කියල හිතෙනවද දන්නෙ නෑ....කොල්ලෙක් උනානම් මෙතරම් මහන්සිවෙන්න ඕනැ නෑනෙ........සවස තාත්තා ගෙදර පැමිනි පසු අම්මා තාත්තා සමග මෙසේ පවසනු ඇසුනු මා.....මට මහන්සි නෑ අම්මෙ.....ගැහැනු ලමයෙක් උනාම මේවගෙ ගෙදර වැඩ කරන්න ඕනැනෙ.........මම මොහොතකටවත් හිතන්නෙ නෑ මාව ගැහැනු ලමයෙක් උන එක කරදරයක් කියල.......මම මේ වැඩ ඔක්කොම කරන්නෙ ගොඩක් සතුටින් .....මට අම්මට මේවගෙ උදව් කරන්න පුලුවන්වුනේ මාව කෙල්ලෙක් උන හින්දනෙ.....මම ඒගැන ගොඩක් සතුටුවෙනව....... මම පැවසූ විට තාත්තා මාව තුරුලට ගෙන මගේ හිස අත ගෑවාය......දැන් දවස් දෙකක්ම දුව ස්කෝලෙ ගියෙ නෑ නේද.....හෙට වෙනකොට මට ටිකක් සනීප වෙයි.....හෙට දුව ස්කෝලෙ යන්න.....අම්මා කීවාය......අම්මට සනීප වෙනකන් ඉන්නම් අම්මෙ.....පන්තියෙ වැඩ පාඩුවෙන්නෙ නෑනෙ ජනිත් අයිය යනවනෙ.....මම කීවෙමි......
අම්මාගේ අසනීපය නිසා දවස් තුනක්ම මට පාසැල් යෑමට නොහැකිවිය.....මා පාසැල් නොගියත් ගැහැනු ලමයෙකු ලෙස ජිවත් වීම ඉගෙන ගත යුතු හුගක් දේවල් ඉගෙන ගත්තෙමි....මට අම්මාට මෙන් රසට කෑම සදීමට හැකි වේයැයි කවදාවත් හිතුවේ නැත......මට දැන් තනියම උවත් උයන්න හැකිවූවේ මේ දවස් තුනේ එම වැඩ ඉගෙන ගත් නිසාය......මා කුඩාකල සිටම පිරිමි ලමුන් කරන බර වැඩට කැමැත්තක් තිබුනේ නැත....මට අවස්ය වුනේ ගෙදරට වී ගෙදර වැඩ කරමින් සිටීමටය......එහෙත් එදා මට තිබුනු පිරිමි පෙනුම නිසා අම්මා මාව ඒවාට එතරම් යොදා ගත්තේ නැත...එහෙත් ජනිත්ට තිබුනු ගැහැනු පෙනුම නිසා අම්මාට උවමනාව තිබුනේ ඔහුව ගෙදර වැඩකිරීමට පොලභවා ගනීමටය.....ඇයගේ එම උත්සාහයන් අසාර්තක වනවිට ඇය ජනිත්ට බනින වාර අනන්තවිය......ඔහුට ගැහැනු පෙනුම තිබුනත් ඔහුගේ ශරීර අභයන්තරයේ තිබුනු පිරිමි අවයව නිසා ඔහුගේ ආකලප පිරිමි ආකල්ප බව කිසිවෙකුට තේරුම් ගනීමට නොහැකිවීම මෙම ගැටුමට හේතුවක් විය.......කුඩා කලම අපි දෙදෙනාගේ සරීර අභයන්තර ගැන වෛද්‍යවරුන්ට තේරුනානම් අපි දෙදෙනාගේ ජීවිත මීටවඩා වෙනස් වීමට ඉඩ තිබුනි.....එසේනම් මා කුඩාකල සිටම ජීවත් වන්නේ දැරියක් ලෙසය......එහෙම උනානම් මම කවදාවත් පිරිමි ඇදුම් අදින්නෙ නෑ.....එහෙනම්... කොයිතරම් හොදද.....කොයිතරම් සුන්දරද......මා කල්පනා කලෙමි......

No comments: