(බොක්සින් සමාදි 118)..............................දින කිහිපයක් ගතවනතුරු සුජානි මේගැන කතා කලේ නැතිවුවද මගේ සිත ඇතුලේ සුරන්ජිත් ගැන අමුතු හැගීමක් ඇතිවනබව තේරුනි.....එහෙත් එය සුජාමිට පැවසීමට තරම් ආත්ම ශක්තියක් නොතිබුනි......සුරන්ජිත් ගේ කඩවසම් රුව දකින විට ඔනැම කෙල්ලෙකුගේ හිත යනබව මට තේරුනි......මා කෙල්ලෙක් වූ පසු පිරිමි ලමයෙක් ගැන හැගීමක් ඇතිවූ පලමුවාරය මෙය විය....එහි අමුතු සුන්දර බවක් ඇති බව දැනුනත් කිසිවෙකුට පැවසීමට හිත නොනැමුනි.....අයිය නිතරම අහනව බන් උඹ ගැන......මොකක් හරි උත්තරයක් කියහන්කො......සුජානි කීවාය.....උඹලෑ අයියට මීට ඉස්සර කෙල්ලො යාලුවෙලා හිටියෙ නැද්ද....මම ඇසුවෙමි.......මම දන්න තරමින්නම් නෑ ....පැවසූ ඇය.....එයා ඉතින් එදා ඉදන් ඉගෙන ගත්ත මිසක් ඕව ගැන බැලුවෙ නෑනෙ.....මම ඒ දවස්වල කොලෙක් යාලුකරගත්ත කියල මටත් හොදටම බැන්න.....එයා නිතරම කිව්වෙ ඉගෙනගන්න කාලෙ ඉගෙන ගෙන ඊට පස්සෙ ඕව ගැන බලන්න කියල.....ඇය කීවාය......ඒක හරි .....ඕව කරන්න ගියානම් අපිට මෙතෙන්ට එන්න හම්බවෙන්නෙ නෑ.....මම කීවෙමි......අපේ අයිය පිලිවෙලට වැඩ කරන කෙනෙක් අපි වගේ නෙවෙයි.....එයා හැම දෙයක් ම කරන්නෙ හරි පිලිවෙලකට.......සුජානී අයියා ගැන පවසන්ට වූවාය.......අපෝ එහෙනම් අපිට එයාගෙ පිලිවෙලට වැඩකරන්න බැරිවෙයි......මම කීවෙමි......මම දන්නව ඔයාට පුලුවන් කියල නැත්මම් මම මේ යෝජනාව කරන්නෙත් නෑ.....අනිත් එක අයිය ලේසියෙන් කෙල්ලන්ට කැමති වෙන්නෙත් නෑ.....ඔයා ගැන මොකක් හරි වෙනසක් දැකල තමා අහන්නෙ.....සුජානි කීවාය.......අනේ මන්ද බන්.....පැවසූ මම ඉස්සෙල්ලම මේක අපේ අම්මට කියන්න ඕනැ....ජනිත් අයියට කියන්නත් ඕනැ......ජනිත් අයිය අපි අම්මගෙ බඩේ හිටිය කාලෙ ඉදන් එකට හිටිය.....අපේ අතරෙ කිසිම රහසක් තිබුනෙ නෑ.....අද එයා ආමිඑකේ හිටියත් නිතරම මට කතාකරනව......මම කීවෙමි......ඉතින් කිව්වනම් හරිනේ.....සුජානි කීවාය....කොහොමඩ බන් මේවගෙ දෙයක් කටක් ඇරල කියන්නෙ....මම කීවෙමි.....හරි ඕකට අපි මොකක් හරි කරමුකො....පැවසූ ඇය කල්පනා කරන්ට වූවාය....අපි අයියත් එක්ක කතාකරල මේකට විසදුමක් හොයමු.......අවසානයේ කීවාය......
දිනක් මා තනියම පාඩම් කරමින් සිටිනවිට මා අසලට පැමිනි සුරන්ජිත්.....කොහොමද සාමදි.... මොකද අද තනියම......කෝ යාලුව.....ඇසුවේය. එයා මොකද අමතක උනා කියල හොස්ටල් එකට ගියා.....දැන් එයි.......මම කීවෙමි......ඔය කෙල්ල ඔහොමම තමයි මෙලෝ සිහියක් නෑ....මොනව හරි අමතක වෙලා එන්න ඇති.......නන්ගිට අමතක වෙනවනම් අයියටත් ඒ ලෙඩේ ඇතිනෙ......මම සිනාසෙමින් කීවෙමි. නන්ගිට තියන හැම ලෙඩේම අයියට හැදෙන්න නෑනෙ.....පැවසූ ඔහු මා අසල පුටුවෙන් වාඩිවුනේය.....ඒක නෙවෙයි අපේ නන්ගි මොකක් හරි ඔයාගෙන් ඇහුවද.....ඔහු අසනවිට.....සුජානි අපි අසලට ආවාය...මොකද ආපහු හොස්ටල් එකට ගියා කියන්නෙ....සුරන්ජිත් ඇගෙන් ඇසුවේය.......පොඩි බඩුවක් අමතකවුනා අයියෙ.....ඇය උත්තර දුන්නාය........අනින්න ඕනැ හොද ටොක්කක් නිතරම එක එක ඒව අමතක වෙනවට......ඔහු පැවසුවේය.......අයියෙ සමාදිට ලොකු ප්‍රශ්නයක් වෙලානෙ.....ඒ මොකක්ද......සුරන්ජිත් ඇසුවේය......සමාදි.... අයියත් එක්ක යාලුවෙනවනම් එයාගෙ නෑ දෑ පරපුරටම කියන්න වෙනවලු......ඒ මොකටද අපි දෙන්න කසාද බදිනව නෙවෙයිනෙ.....කැමත්ත අක මැත්ත විතරනෙ ඇහුවෙ......ඔහු කිවේය......මෙයා කියන්නෙ බොරු සුරන්ජිත් ...මම කිව්වෙ අමටයි අයියටයි කියන්න වෙනව කියල.......මම පැවසූවිට කොලපනාවේ නිරතවූ ඔහු.....අන්න ඒක තමා හරි හැදිච්ච ගැහැනු ලමයි කොල්ලො යාලුවෙන්න කතා කරපුගමන් කැමතියි කියන්නෙ නෑ.......ඔයත් යාලුවන්ගෙන් ඒක ඉගෙන ගන්නව.......සුරන්ජිත් ඔහුගේ නංගී දෙස බලා කීවේය......මට ඉතින් කොල්ලොත් එක්ක යාලුවෙන එක අයිය තහනම් කරලනෙ තියෙන්නෙ......සුජානි අයියාට දොස් කීවාය.......ඒදවස්වල ඉගෙන ගන්න කාලෙ හින්ද තහනම් කලා....දැන් ඉතින් ඔයාට හොදට ඔලුව තියෙනවනෙ ඒ හින්ද හොදට හොයල යාලුවෙනව.....මට කමක් නෑ.....ඔහු කීවේය......දැන් අපි සමාදිගෙ වැඩේ කොහොමද කරන්නෙ......සමාදිගෙ අයියයි අම්මයි කැමති වුනොත් සමාදි අයියට කැමති වෙනව කියල මම දන්නව......සුජානි කීවාය......මම කියන්නද වැඩක්.....සුජානි එකවරම කීවාය......නිවාඩු දවසක උඹ තිලිනිත් එක්ක උඹලෑ ගෙදර පලයන්......තිලිනි උඹලෑ අම්මට කියන්න ඕනැ ඒව මම කියල දෙන්නම් ......තිලිනි ඒවැඩේට හොදයි ඒකි හරි අවංක කෙල්ල.....අපේ යෙහෙලියෙක් වූ තිලිනි ගැන ඇය කතාකලාය.......
තිලිනිට සියලු විස්තර පැවසූ සුජානි....තිලිනිව අපේ ගෙදර එක්ක යාම සඳහා සියලු උපදෙස් දුන්නාය..නිවාඩු දිනයේ මම තිලිනි සමග අපේ නිවසට ගියෙමි......අම්මෙ මේ තමයි මාත් එක්ක එකට ඉගෙන ගන්න තිලිනි.......මෙයා කිව්ව අපේ ගෙදර එම්න්න ඕනැ කියල මම එක්ක ආව......මා අම්මාට අයව අදුන්වාදුන්නෙමි......අම්මාද ඇයව ආදරයෙන් පිලිගත්තාය.........එදින රාත්රියේ ඇය නිදාගත්තේ මගේ ඇදේ මාත්සමගය.......පසුදින අපි කුස්සියට ගියේ දහවලට කෑම පිලියෙල කිරීමටය...සමාදිට මටත් වඩා හොදට උයන්න පුලුවන්.....අම්මා මගේ ඉවීමේ හැකියාව ගැන තිලිනිට කීවාය.....තිලිනිද අපිත් සමග උයන්න උදවුවුනාය......ඇත්තම කියනවනම් ඇන්ටි මමනම් උයන්න ටිකක් කම්මැලියි.......තිලිනි පැවසූවිට......ගැහැනු ලමයෙක් උනාම මේවට කම්මැලිවෙලා බෑනෙ දුවේ......අම්මා කීවාය......අපේ අම්මත් මට නිතරම බනිනව.....ඇය කීවාය......ඔයාල කවදහරි ඩොස්තර නෝනල වුනත් හදිස්සියෙ උයන්න පුලුවන් වෙන්න ඕනැ.......නැත්නම් මහත්තයට බඩගින්නෙ තමා ඉන්නවෙන්නෙ........අම්මා සිනාසෙමින් කීවාය......මම කසාද බදින්න අඩහසක් නෑනෙ අම්මෙ.......තිලිනි කීවාය.....ඒමොකද අප්පේ ඒ.....පැවසූ අම්මා.....ගැහැනු ලමයෙක් උනාම හැමදාම අම්මල තාත්තල ගාව ඉන්න බෑනෙ......ගැහැනු කෙනෙක්ට තනියම ඉන්න එකත් ගැටලුවක්නෙ.......අම්මා කීවාය. ....සමාදිත් මම වාගෙනෙ අම්මෙ එයත් කසාද බදින්නෙ නෑ කියනවනෙ.....මා කවදාවත් නොපැවසූ දෙයක් ඇය අම්මාට කීවාය......අපේ දුව එහෙම කියල නෑ.....අම්මා කීවාය.....අවසන් වසරෙ ඉගෙන ගන්න මම දන්න හොද කොල්ලෙක් සමාදිගෙන් ඇහුව......එයා කිව්වනෙ එයා කවදාවත් කසාද බදිනෙ නෑ කියල.......තිලිනි කීවාය.......ඒ කොල්ලගෙන් බේරෙන්න බැරුව කියන්න ඇති....අම්මා කීවාය. අපෝ ඒ ලමය එහෙම කරදර කරන කෙනෙක් නෙවෙයි....හරි අහිංසක හොද ලමයෙක් ලගදිම ඩොක්ටකෙනෙක්වෙනව.......ඒ ලමයගෙ නංගිත් අපිත් එක්ක ඉගෙන ගන්නව.....එයාගෙ නම සුජානි.....සුජානිත් කියන්නෙ අයිය කවදාවත් ගැහැනු ලමයි එක්ක යාලුවෙන්න කතා කරල නැහැල්ලු......එයාටත් පුදුමලු සමාදි ගෙන් මේක ඇහුව එක.......සමහර විට පෙර ආත්මෙක හම්බවුන කෙනෙක්ද දන්නෙ නෑනෙ....එහෙම උනාම හිත යනව කියනවනෙ......අම්මා කීවාය.....අපිත් සමාදිට ඕකම තමා කිව්වෙ ඒත් සමාදි බෑ කියනවනෙ........ඇය කීවාය........ලමය හොදනම් ගැටලුවක් නෑ .....ඔයාලට දැන් හොද නරක තේරෙනවනෙ.......අම්මා පැවසූවිට......තිලිනි මා දෙස බලා සතුටින් සිනාසුනාය....
No comments:
Post a Comment