(බොක්සින් සමාදි 121)......................
දින කිහිපයක් ගතවිය.....අයියලා දෙදෙනාත් තාත්තත් සුරන්ජිත් ගැන සොයා ඇතිබව මට ඔවුන්ගේ කතා බහින් තේරුනි......එයාල ටිකක් සල්ලිකාරයො අම්මෙ තේවතු එහෙම තියෙනව.......ටවුන් එකේ ලොකු රෙදි සාප්පුවකුත් තියෙනව.....මොනව නැතත් රෙදිසාප්පුවක් තියෙන එකනම් ලොකු දෙයක්.....මගෙ දුවට හොදට ඇදල ඉන්න පුලුවන්......අම්මා කීවාය......මේ ගෑනුන්ට ඉතින් රෙදිසාප්පු කිව්වම ඊට වඩා දෙයක් නෑනෙ......මම හිතන්නෙ සාප්පුවෙම ඇදුන් ගෙනාවත් හිතට මදි ඇති....තාත්තා කීවේය......ගැහැනු වුනාම එහෙම තමයි නේද දුවේ......දුවටත් දැන් ඒක තේරෙනවනෙ......අම්මා මා දෙස බලා සිනාසෙමින් කීවාය.......දුවේ දැනොයා එයාලට මෙහාට එන්න දිනයක් දාගෙන කියන්න....අපිට එතකිට කතාකරගන්න පුලුවන්නෙ.....තාත්තා කීවේය........තාත්තා පැවසූ පරිදි දිනයක් යොදාගන්නා ලෙස මා සුරන්ජිත්ට පැවසුවෙමි.......තව සති දෙකකින් පමන ඉරිදා දිනයක් යොදාගත හැකිබව ඔහු දැන්වීය......මටත් එන්න ඇත්නම් උබලගෙ ගෙදර......සුජානි කීවාය......මේවගෙ ගමන් වලට කෙල්ලො යන්නෙ නෑනෙ බන් මම කීවෙමි.....ඒකනෙ බන්.......මම උඹේ යාලුවනෙ එන දවසට ඉස්සෙල්ල දවසෙ මම උඹලගෙ ගෙදරට ඇවිත් ඉන්නම්. සුජානි කීවාය.....උඹේ අයිය කැමතිනම් මට කමක් නෑ....මම කීවෙමි......ඒත් ඕනෙ නෑ බන් ඒක හරිනෑ.....ඇය කීවාය......
සුරන්ජිත් මාව බැලීමට පැමිනෙන විට මට ඔසරිය අදින ලෙස අම්මා කීවාය......මෙතෙක් කල් සාරියක් හෝ ඔසරියක් ඇද නොපුරුදු මට ඇය එසේ පැවසූවිට.....දැඩි සතුටක් ඇතිවිය........මා කුඩා කල සිටම ගැහැනු ඇදුම් අතර ඔසරියට විශේෂ කැමත්තක් තිබුනි........මා පිරිමි ලමයෙකු ලෙස ජීවත්වූ කාලෙදී පවා.......ගවුම් ඇදීමට අමතරව ඔසරි ඇදීමටද දැඩි කැමත්තක් සිත තුල තිබුනි.......අනේ මටත් මේවගෙ ඇදගෙන ඉන්න ඇත්නම්....සිතුනු වාර අනන්ත විය......දැන් මගේ එම සිහිනය සැබෑ වී ඇත... දැන් මට එක් එක් වර්ගයේ හැඩයේ ගවුන් ඇදීමට හැකිවී ඇති අතර හෙට අනිද්දම ඔසරියක් ඇදීමටද හැකියාව ලැබීම මගේම වාසනාවකි.......අම්මා මාසමග සාරී තෙරීම සදහා සාප්පුවට ගියාය.....අම්මෙ කොලඹ මීට වඩා අඩුවට තියෙනව.....යන්න වෙලාවක් නෑනෙ මම කීවෙමි......කමක් නෑ මේකෙන් එකක් තෝරගන්නකො ඇය කීවාය......මා ලස්සනයයි හිතුනු සාරියක් තෝරා ගත්තෙමි....අම්මත් එකක් ගන්නකො......මම කීවෙමි.....මාව බලන්න නෙවෙයිනෙ එන්නෙ ඔයාව බලන්නනෙ.....පැවසූ අම්මා තවත් සාරියක් ඇගට තබා බැලුවාය......ඕනෙ නෑ දුවේ සාරි ගොඩක් තියෙනවනෙ.....ඇය එම සාරිය ආපසු තැබුවාය......සාරියට හැට්ටය මසා ගැනීම සදහා මා අම්මා සමග මහන නැන්දා හමුවීමට ගියෙමු......මාව දුටු ඇන්ටී......දුව දැන් ලොකුවෙලා ලසනවෙලා අදුනගන්නත් බෑනෙ.....ඇන්ටී පැවසුවාය......හැමදාම එක වගේ ඉන්නෙ නෑනෙ නේද දුවේ.....අම්මා කීවාය......ඇන්ටි මගේ පපුපෙදෙසේ මිනුම් ගෙන දින දෙකකින් දෙන බව පැවසුවාය.......ඇය පැවසූ දින ගියවිට එම බ්ලවුසය මසා තිබුනි.....මා එය ඇන්ද විට අමුතු හැගීමක් හිතට ආවේ මා මින් පෙර මෙවැනි සාරි ජැකට් එකක් ඇද නැති බැවිනි........ඉරු දින උදාවිය උදෙම්ම නාගත්මම ඔසරිය අන්දවාගැනීමට ඇගේ කාමරයට ගියෙමි......සාරියට අදින යට සාය ඇදගත් මට සාරිහැට්ටය මා ඇඳ සිටි බ්‍රෙසියරටඋඩින් ඇන්දුවාය.......සාරියේ කෙලවර පොට නැවූ අම්මා එය මගේ ඉනට තබා රෙදිපටියකින් ගැටගැසුවාය......සාරියේ ඉතුරු කොන මගේ ඉනවටා එතූ ඇය එහි ඉහල කෙලවර රැලිකර ඉනේ ගැට ගැසූ නූල තුලින් ගෙන ඉතුරු කොන නැවත ඉනවටේ ගෙන උඩු පැත්තේ කොනගැටයක් ගසා ඉනේ රැදෙව්වාය....අනතුරුව රැලි දැමූ කොටස ඉනවටේට දිගහැරියාය.....මා මෙය ආශාවෙන් බලා සිටියේ මට තනියම සාරියක් ඇදගෙනීමට ඉගෙන ගැනීමටය.....අවසානයේ ඔසරි පොටේ රැලි ගානකට හරිගස්සා සාරි පොටේ පිටුපස කර අසලින් හැට්ටයට කටුවක් ගැසුවාය.......ඔසරිය ඇන්දවූ ඇය මගේ හැඩ බලමින් සාරිය හැඩකරන්ට වූවාය......
No comments:
Post a Comment