Thursday, November 10, 2016

(බොක්සින් සමාදි 106)..............................අවුරුදු කිට්ටු වනවිට අම්මට වැඩ අධික විය....ගේ අස්කිරීම කෑමවර්ග පිලියෙල කිරීම ඒ අතරවිය.....ගිය අවුරුදු වලදී අම්මා මේ වඩටික තනියම කරගන්නා බව මට මතක් විය.....ඒ දින්වල ජනිත් කෙල්ලෙක් මෙන් සිටියත් ....මේ කිසිවකට උදව් නොවුනේ ඔහුගෙන් පිළිබිඹු වූ පිරිමි චරියාව නිසාබව අද මට වැටහෙන්ට විය.....ඉදහිටවත් මා අම්මාට උදවුවීමට ගියවිට.....උඹල කොල්ලො බලාපන් සමාදි කෙල්ලෙක් වෙලත් මේ එකකටවත් උදවුවෙන්නෙ නැති හැටි......ගැහැනු ලමයි උනාම ගෙදර අස්පස් කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕනැ....අනේ මන්ද මේ ලමය කවද හැදෙයිද කියල.....අම්මා ඒ දිනවල සමාදිට බනින අයුරු මට සිහිවිය.....ගැහැනු ලමයකු බවට පත්වී සමාදිගේ තැනගත් මම...සතුටින්ම අම්මාට උදවුවීමට පටන්ගත්තෙමි.....මේ අවුරුද්දෙ දුව ඉන්න හින්ද මට ලොකු දෙයක් නැත්නම් මේ ඔක්කොම මම තනියම කරගන්න ඕනැනෙ......මා පුටුවක් මත නැග සේදීම සදහා ජනෙල් රෙදි ගලවන විට කීවාය...... ඔයා පොඩි කාලෙම ඔයා ගැහැනු ලමයෙක් කියල දන්නවනම් ඔයාව එදාඉදම්ම ගැහැනු ලමයෙක් විදියට හදන්නෙ.....ඒත් කොහෙද ඒක කරන්නෙ ඔයාලව දැක්කම ඔයා කොල්ලෙක් කියල රැවටුනා ජනිත් කෙල්ලෙක් කියල රැවටුනා.....අම්මා සිනාසෙමින් කීවාය......අපරාදෙ අම්ම චුට්ටක් හරි මාව කෙල්ලෙක් කියල දැනගත්තනම් පොඩි කාලෙ ඉදම්ම මට අන්දන්නෙ ගවුන්නෙ.....එහෙනම් මට කවදාවත් පිරිමි ඇදුම් අදින්නෙ දෙන්නෙ නෑ....එහෙම උනානම් කොච්චර දෙයක්ද......මා කල්පනා කලෙමි......කමක් නෑ දැන් ඉදන් හරි කෙල්ලෙක් වෙන්න හම්බවුනානෙ.....මා සතුටින් කල්පනා කලෙමි......අම්මෙ දෙන්න එක්ක මේටික හෝදමු.....දැම්ම හෝදන්න බෑ පොගන්න දාන්න ඕනැ......අම්මා කීවාය......කැවුන් කොකිස් ටිකක් හදන්නත් ඕනැ.....අවුරුද්දට ඔයාගෙ ආච්චිල සීයල නෑදෑයො බලන්න යන්න ඕනැනෙ......ඒ හින්ද කෑමටිකක් වැඩියෙන් හදන්න ඕනැ....අම්මා පැවසූවිට.....හරි අම්මෙ හදමු.....මමදෙන්නම් ඕනැ සපෝට් එකක්......මා මෙසේ පැවසූවිට......ඒකනේ මම බය නැතුව කෑම හදන්න ලැස්ති වුනේ .....මම දන්නවා මේ අවුරුද්දෙ මට උදව්වට දුවෙක් ඉන්නව කියලා.....පැවසූ අම්මා මාව තුරුලටගෙන මගේ මුහුන සිපගත්තාය.......අම්ම කොයි තරම් කැමැත්තෙන් ඉදල තියෙනවද මම වගේ දුවෙකුට....ඇගේ තුරුලට වී කල්පනා කලෙමි.......
අපි කොන්ඩ කැවුන් හැදීමට ලැස්ති උනෙමි අමා මට පිටි අනන අයුරු කියාදුන්නාය.....එහිපදම ගන්නා ආකාරයද කියා දුන්නාය.......තාච්චිය ලිපතබා තෙල් රත්වූ පසු ඇනූ මිශ්‍රනය හැන්ද්ට ගෙන තාච්චිය වත්කලාය.....ඇය කූරකින් කරකවමින් කවුමේ කොන්ඩය ගන්නා ආකාරය මා ආශාවෙන් බලා සිටියෙමි.....කැවුම් කිහිපයක් සාදන අයුරු බලා සිටි මම.....අනේ අම්මෙ මටත් කියා දෙන්නකෝ.....කීවෙමි.....පුච්චගන්නෙ නැතුව පරිස්සමින් පැවසූ අම්මා ලිප ලගින් නැගිට්ටාය......තාච්චිය අසල වාඩිවූ මම අම්මා කලාක් මෙන්හැන්දට මිශ්‍රණය ගෙන තාච්චියට වත් කලෙමි....දැන් කූර මැද්දට තියෙල හිමින් සැරේ කරකව කරකව කොන්ඩෙ උඩට ගැනීමට උත්සාහ කලෙමි .....එහෙත් මට ඇය මෙන් එය කර ගැනීමට අපහසු විය......ඔයා හොදයි තැටි කැවුම් හදන්න මා සෑදූ කැවුමේ හැඩය දුටු අම්මා සිනාසෙමින් කීවාය.....පොඩ්ඩක් ඉන්නකො අම්මෙ ...මා තවත් හැන්දක් චාච්චියට වත් කලෙමි......මෙන්න මෙහෙම කූර අල්ලගෙන කොන්ඩෙ ගන්න ....එවර අම්මා කූර ඇල්ලා පෙන්නුවාය....මගේ උත්සාහය තරමක් සාර්ථක විය එහෙත් කොන්ඩය...එදා අනුරාධපුරයේදී දුටු අභයගිරිය චෛත්‍යයේ කොත් වහන්සේ මෙන් විය.....මගේ අත හුරු වනවිට කැවුම් කිහිපයකට කොන්ඩා කැවුම් යන නම වෙනස් කිරීමට සිදුවිය......උඩට කිසිදෙයක් නො ඇද දාඩිය පෙරාගෙන අපිදෙසට පැමිනි ජනිත් .......අද අම්මට කැවුන් උයන්න අලුත් එක්කෙනෙක් හම්බවෙලා තියෙන්නෙ..කීවේය .......ඔයාල වගේ නෙවෙයි මට දැන් මගේ උදව්වට දුවෙක් ඉන්නව....පැවසූ අම්ම මොකද මේ දාඩිය පෙරාගෙන....සෙල්ලම් කලා අම්මෙ.....පැවසූ ජනිත් කැවුන් භාජනයට එබිකන් කරන අයුරු බලා සිටි අම්මා.....මේ ඕව දැම්ම කන්නෙ එහෙම නෑ.......කොල්ලොත් එක්ක නටල නටල මෙතෙන්ට ආව මේ කෙල්ල මහන්සියෙන් හදන කැවුන් ටික කන්න......අම්මා ඔහුට සැරකලාය......පවු අම්මේ රස බලන්නත් එක්ක එකක් දෙන්න .....මම කීවෙමි......අම්මා මා අතින් විකුර්ති වූ කැවුමක් තෝරා දුන්නාය.......මේ මොකක්ද.....ජනිත් එය දෙස බලා පැවසුවේය......ඕකත් මම හැදුව කැවුමක් තමා....ඔන්නම් කාහන්.....මම කීවෙමි.......මේක කොන්ඩ කැවුමක් ද වෙන එකක්ද ඔහු කීවේය.....උඹට ඕනැ එකක් හිතාගෙන කාහන්.......මම පැවසුවෙමි......මේක මොකක් වගේද කියල හිතෙනව අම්ම ඉන්න හින්ද හයියෙන් කියන්න බෑ......ඔහු මගේ කනට කර කීවේය......ඉතින් රහසෙන් කියහන්කො.....මම කීවෙමි......උඹේ දැන් හැදීගෙන එන එක වගේ......කීවේය.....මා අසල තිබුනු දර කැබැල්ලක් අතට ගත් මම....ඔහුට ගහන්ට සැරසෙන විට ඔහු සිනාසෙමින් පැනදිව්වේය.......කොලන්ට එකතුවෙලා ජනිතුත් දැන් වලත්ත කතා කියන්න පුරුදුවෙලා......මා කල්පනා කලෙමි......

No comments: