Monday, November 21, 2016


(බොක්සින් සමාදි 126)............................අපේ කසාදයෙන් පසු අපේ ඇසුර තවත් වැඩිවිය. සුජානි ඒ දිනවල සුරන්ජිත් සම්භන්දව පැවසූ දේවල් නිසා මා ඔහු ගැන බයෙන් සිටියෙමි.....මා සිතාසිටියේ ඔහු දැඩි නීති කාරෙක් ලෙසය.....නමුත් ඔහු මට දැඩි නීති නොපැනවීම මගේ සතුටක් විය.....එහෙත් ඔහු පිලිවෙලට වලාවට වැඩ කර්න කෙනෙක් බව මට ටිකෙන් ටික වැටහෙන්ට විය....ඔහු මට යම්දෙයක් කීවිට මා එය ඉටු නොකලොත් එවිට ඔහු මට තදින් කතාකරන වාර තිබුනි....මා අතින් සිදුවන අතපසුවීම් නිසා මා ඔහු සමග වාදවලට නොගියෙමි.....සමාදී මම දවසෙ කාලසටහනකට අනුව තමා වැඩකරන්නෙ බැරිම වෙලාවක තමා ඒක වෙනස් කරන්නෙ.......ඔයත් ඒක දැනගෙන ඉන්න ඕනැ.....සුරන්ජිත් එසේ පැවසූබව මට මතක් විය......හරි හරි මට ඒ කලසටහන දෙන්නකො.....මම ඒවිදියට වෙනස්වෙන්නම්.....එදින මම පැවසුවෙමි......කොහොමද අපේ අයියගෙ නීතිත් එක්ක උඹට ඉන්න පුලුවන්ද.....දිනක් සුජානි ඇසුවාය....මොන නීතිද බන්.....එයාගෙ ඇති නීතියක් නෑ එයා කියන්නෙ හැමදෙයක්ම පිලිවෙලක් ඇතුව කරන්න කියල....ඒක තමා දියුනුවෙන කෙනාගෙ ලක්ශනය....අපි පිලිවෙලක් නැතුව ජිවත් වෙලා ඔක්කොම අනාගන්නව.....එයා ඒ කිසිදෙයක් අනාගන්නෙ නෑ ලස්සනට සැහැල්ලුවෙන් ඉන්නව......මම ඔහු ගැන කීවෙමි......උඹත් ඉතින් අපේ අයියටම තමා ගැලපෙන්නෙ.....ඇය සිනාසෙමින් කීවාය.....ඒක හින්ද වෙන්නැති අපිව මුනගැස්සුවෙ....මා කීවෙමි......
අපි නීතියෙන් විවාහවී අවුරුදු දෙකක් පමන ගතවිය ඔහු මට කෙතරම් ආදරය කලද මගෙන් අයුතු ප්‍රයෝජන නොගැනීමට ඔහු මහන්සිවෙන බව මට තේරුනි.....මට කොල්ලො කියනව බැන්දනම් නිකා ඉන්න එපා කියල.....ඒත් තාම ඔයාව මම ගෙදරට ගෙනිච්චෙ නෑ.....ගෙදරට ගිනිච්චට පස්සෙ තමා ඔයාව මට පූර්න වශයෙන් අයිතිවෙන්නෙ.....අතකන් අතගාල බලනව විතරයි.....එක් දිනක් මා සමග සිනාසෙමින් පැවසූ සුරන්ජිත්......කඩේකින් බඩුවක් ගත්තම ගත්තම ඒක ගෙනියන්න බැරිනම් ඒක වෙන්කරල තියන්න කියල......මුදලාලිට කියනව......ඒත් ඒක මගේ වෙන්නෙ නෑනෙ ඒ හින්ද ඒක මට අයිති නෑ......ඒකට සල්ලි ගෙවල බිල ගන්නව ඒත් ඒක ගෙදර ගෙනියන්න බෑ ....ගෙදර ගෙනියනකන් ඒක පාවිච්චි කරන්න පුලුවන්ද බෑනෙ......ඔන්නම් ඒක අතගාල බලල හොදට තියෙනවද කියල බැලුවැහැකි.....ගෙදර ගෙනිච්චට පස්සෙ තමා මට ඕනැවිදියට පවිච්චි කරන්න පුලුවන්......ඔහු මාව කඩේ බඩුවකට උපමාකර කතාකරනවිට......එහෙනම් මාවත් කඩෙන් ගන්න බඩුවක් උනානේද.....මා විහිලුවට මෙන් ඇසුවෙමි......මේක උදාහරනය විදියට කිව්ව විතරයි.....ඔයා ඉතින් මගේ අනිත් ඉන්ද්‍රියනෙ.......කෙනෙක් කසාද බදිනකන් එයාට තියෙන්නෙ එක් ඉන්ද්‍රියක් විතරයි.....කසාද බැන්දට පස්සෙ තමා ඉන්ද්‍රිය දෙකම සම්පූරනවෙන්නෙ.......ඔහු සිනාසෙමින් කීවේය.....
අපි කසාද බැද අවුරුදු දෙකක් පමන ගතවිය.....අපේ උත්සවය ඉක්මන්කරන ලෙස ගෙවල් දෙකෙන්ම ඉල්ලීම නිසා අපිට වුත්සවය ගැනීමට සිදුවිය.....අපි දෙදෙනා සිතා සිටියේ මගේ අධයාපන කටයුතු අවසන් කර උත්සවය ගැනීමටය......මොනව කරන්නද සමාදි ඔයා මන් ලගට ආවකියල ඔයගෙ ඉගෙනීමෙ වැඩවලට මම භාද කරන්නෙ නෑ......මම ඒක පොරොන්දුවෙනව.....ඔහු කියන දේ කරන කෙනෙක් බැවින් මා ඔහුව විශ්වාස කලෙමි......අපේ උත්සවය සදහා නැකැත් දින බලූ අම්මා එම දිනය සුරන්ජිත්ට දැන්වූවෙමි.......මාව මනමාලිට ඇන්දීමේ කටයුතු සෙනුරි අක්කට භාරදුන්නෙමු......
මගේ මන්ගල උතසව කටවුතු ඉහලින් කිරීමට ගෙදර සැවොම වෙහෙසවෙන බව දුටුවෙමි.....ඒ අතර ජනිත් අයියා කැපී පෙනුනි.....කුඩා කල සිට එකටම සිටි අපි දෙන්නගේ එම සහෝදර බැදීම එලෙසම තිබුනි......අපේ උතසවය හෝටලයක ලෑස්තිකල බව තාත්තා කීවේය.......මන්ගල දිනයෙන් පසු අපිට නැවතීමට හෝටල් දෙකක කාමර වෙන්කලබව සුරන්ජිත් කීවේය.....මේ අතර සුජනි මට වුදව් කලේ මගේම සහෝදරියක් ලෙසය..ඇයත් තිලිනිත් මගේ යෙහෙලියන් වසයෙන් ගැනීමට මට හැකිවිය..අපේ ගෙදරට පැමින අපිට උදවු දුන් ඇය ට අපේ ගෙදර කවුරුත් ඇය කෙරෙහි ආදරයක් ඇතිවී තිබෙන බව තේරුනි.....
අපේ මංගල දිනය උදාවිය මා උඩරට පිලිවෙලට සැරසුනු අතර අපි පොටෝ ගන්න ස්තානයට ගියවිට....... සුරන්ජිත් නිලමේ ඇදුම ඇද සිටින ආකරය දුටුවෙමි.......මේ දර්ශනය දුටු විට මා නොදැනුවත්වම මගේ සිත අතීතයට ඇදී යන්ට විය........

No comments: