(බොක්සින් සමාදි 120)...........................කලබල වෙන්න එපා අයියෙ සුරන්ජිත් කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි එයා අවසාන බැජ් එකේ එක්කෙනෙක් ලගදි ඩොක්ට කෙනෙක් වෙන්න ඉන්න එක්කෙනෙක්....මම කීවෙමි....එහෙනම් මෙයාටත් හිත ගිහින් වගේ.....මේ හිත ගියාට කමක් නෑ මොන ජාතියෙ අයද කියල ටිකක් හොයල බලල වැඩ කරනව......ඔහු මට අවවාද දුන්නේය......ඒක තමයි මම අයියට කියන්න ආවෙ.. එයා රත්නපුරේ මාගාව විස්තර තියෙනව අයිය ටිකක් හොයල බලන්න.......මම කීවෙමි.....මේක ගැන අම්ම දන්නවද....අම්මට කිව්ව අම්ම කිව්ව එයාගෙ කේන්දරේ බලල ගැලපෙනවනම් විතරක් අයියටයි තාත්තටයි කියන්න කියල.....මම පැවසූවිට.....එහෙනම් මෙයා මටත් නොකිය හොරෙන්ම ගොඩක් දුර ගිහින් වගේ....ඔහු මට දොස් කියන්ට විය.....අනේ නෑ අයියෙ අයියට නොකියන දෙයක් මාගාව තියෙනවද.....කේන්දර ගැලපුනේ නැත්නම් කියල වැඩක් නැති හින්ද කිව්වෙ නැත්තෙ....අනික එයා මගෙන් අහල තාම සතියක්වත් නෑ.....මම තාම උත්තරයක් දුන්නෙත් නෑ....අයියලගෙ තීරනය මත තමයි උත්තරයක් දෙනවනම් දෙන්නෙ.....මම කීවෙමි....මට එයාව හම්බවෙන්න ඕනැ.....පුලුවන්නන් මට මුනගස්සවහන්.....අයියා කීවේය.....අයිය ඉන්න වෙලාවක් කියන්න මම එයාට කියන්නම්.....මම කීවෙමි.......මම කොලඹට එන්නම් එහෙදි මුනගැහෙමු.......ඔහු කීවේය..
මා සුජානිට මේ පනිවිඩය කීවෙමි......සුරන්ජිත්ට විවේක වෙලාවත් අයියට නිවාඩු ඇති වෙලාවත් සොයා ගැනීමට අපහසු වුනත් ......බොහෝ මහන්සියෙන් දිනයක් සහ වෙලාවක් යොදාගත්තෙමු......අපි ඒ සදහා බත්තරමුල්ල යොදාගත්තෙමු.......එදින සෙනසුරාදා දිනයක් විය මා සුජානි සහ තිලිනි සමග බත්තරමුල්ල පාක් එකට ගියෙමු.....ජනිත් අයියාද ඔහුගේ නිල වාහනයෙන් පැමින සිටියේය.......මා ඔහුට මගේ යෙහෙලියන් දෙදෙනා හදුන්වා දුන්නෙමි......සුරන්ජිත්ගේ නන්ගිව හදුනාගත් ඔහු......ඔවුන්ගේ විස්තර අහන්ට විය......කෝ අයිය තාම නෑනෙ......ජනිත් අයියා ඇසුවේය.....වෙලාව බැලූ සුජානී......තව විනාඩි පහක් තියෙනව එයා වෙලාවට එයි.....එසේ පවසා සුලුවෙලාවකින් සුරන්ජිත් අපි අසලට පැමිනියේය...සුජානි ඔහුට ජනිත් අයියාව හදුන්වා දුන්නාය......ඉන්පසු ඔවුන් දෙදෙනා කතාවට වැටුනු අතර මා යෙහෙලියන් දෙදෙනා සමග එතැනින් ඉවත් උනෙමි.....මට බයයි බන් ජනිත් අයිය ඔහොම හිටියට හරි සැරයි......උඹල දෙන්න නිවුන්නු කිව්වට.....මුහුනුවර විතරනෙ ටිකක් සමාන....උබට වැඩිය එයා කොච්චර උස මහතද......අනික එයා සැර වුනාට උඹේ එහෙම සැරගතියක් නෑනෙ......සුජානි කීවාය..දැන් ඔහොමවුනාට.....පොඩිකලෙ අපි දෙන්න එක වගේමයි......මම කීවෙමි. සුලු වෙආවකින් සුරන්ජිත් ඔවුන් සිටින ස්තානයට අපිට කතාකලේය......ඔහු අපිවෙනුවෙන් සිසිල් බීම ගෙනත් තිබුනු අතර අපිට ඒවාගන්නා ලෙස දැන්වූවේය........අපි බීමබොන අතරතුර......නන්ගි අපි මේගැන අම්මටයි තාත්තටයි කියමු......එතකොට මෙයාලටත් පුලුවන්නෙ මෙයාලගෙ අම්ම තාත්ත එක්ක අපේ ගෙදරට එන්න දිනයක් දාගන්න......ඔහු එසේ පවසන විට......ජනිත් අයියාට සුරන්ජිත් ගැන යම් පැහැදීමක් ඇතිවී ඇති බව තේරුනි...... වැඩේ හොද විදියට සිද්ද වෙන්නයි යන්නෙ......සුජානී මගේ කනට කර කීවාය.......මම කිසිත් නොකියා සිනාසුනෙමි......මා අයියාගේ වාහනයෙන් ගෙදර පැමිනි අතර යෙහෙලියන් දෙදෙනා සුරන්ජිත් සමග හොස්ටල් එකට යෑමට පිටත් විය.......
අම්මයි නන්ගියි මගුල් කතාකරගෙන මම දන්නෙත් නෑ.....අයියා දොස්කියන විලාසයෙන් අම්මාට කීවේය......තාම කතාකල මගුලක් නෑ බන් නන්ගි නිකමට කිව්ව..... මම කිව්ව කලබල නොවී හදහන එහෙම බලවල පොඩ්ඩක් හොයල බලන්න කියල.......මම එයාව අද හම්බවුනා........කොල්ලනනම් හොදයි වගේ.....එයාලගේ ගෙවල් පැත්ත පොඩ්ඩක් බලල තිරනයක් ගම්මු නේද අම්මෙ......ඔහු කීවේය......ඒක හොදයි.....අම්මා කීවාය....
ඔන්න මගේ පැත්තෙන් හරි ඔයාලගේ ගෙදරට කිව්වද.....පසුදින මා සුජානිගෙන් ඇසුවෙමි.......ඒකත් හරි යයි වගේ......උඹ එක පාරටම කොහොමද දන්නෙ.......මම ඇසුවෙමි.....ඊයෙ අයිය අම්මට කෝල්කරල කෙලින්ම කිව්වනෙ.....ඇය කීවාය....බය නැතුව කෙලින්ම කිව්ව.....මා පුදුමයෙන් ඇසුවෙමි......අපේ අයිය එහෙම තමා....කියන්න ඕනැදේ කෙලින්ම කියනව.......මම අහගෙන හිටිය අයිය කිව්ව විදිය.....ඒ කොහොමද......මා ඇසුවෙමි.....අම්මෙ මම මෙඩිකල්කොලේජ් එකේ පස්ට් ඉයර් කෙල්ලෙක් එක්ක දැන් දවස් දෙකකට ඉස්සෙල්ල යාලුවුනා......අම්ම මොකද කියන්නෙ.......ඔන්න ඔහොමයි ඇහුවෙ......ඉතින් අම්ම මොකද කිව්වෙ.....මම ඇසුවෙමි......කිව්ව දේනම් මට ඇහුනෙ නෑ......හොද වෙලාවට අපේ අම්මට ප්රෙසර් නෑ .....ඒ හින්ද ගැටලුවක් වෙලා නැතුව ඇති.....ඇය සිනාසෙමින් කීවාය......දැන් අපි වීක් එන්ඩ් එකේ ගමේ යනවනෙ......අවසන් ප්රතිපලය එදාට හම්බවෙයි.......ඇය කීවාය....
No comments:
Post a Comment