නෝනා කට්ටිය ආව වගේ.....තාත්තාගේ කටහඬ ඇසුනි.....නන්ගි ලෑස්තිද ...ජනිත් අයියා මාසිටි කාමරයට එබිකම්කර ඇසුවේය.......ඔහොම ඉන්න... කතාකරනකන් එන්න එපා පැවසූ අම්මා ඔවුන්ව පිලිගැනීමට ගියාය......සුලු වෙලාවකින් අම්මා කාමරයට ආවය......කෝඅම්මෙ බුලත් හෙප්පුව......මම ඇසුවේ මනමාලයා ට බුලත් හෙප්පුවක් පිලිගැන්වීම සිරිතක් බව මතක් වූ නිසාය.....දන් කාලෙ ඒව නෑ බන් මම කැවිලි බන්දේසිය ගෙනත් දෙන්නම් ඒක අල්ලන්න.....මට පැවසුවාය.....කවුද අම්මෙ ඇවිත් ඉන්නෙ ...මම ඇසුවෙමි....එයාගෙ අම්මයිතාත්තයි.....තව කවුද එක්කෙනෙකුත් ඉන්නව මනමාලයගෙ බාප්පද කොහෙද කිව්ව........අම්මා කීවාය.....අම්මා ගෙනත් දුන් කැවිලි බන්දේසිය අතට ගත්මා හිනින් සීරුවේ ඉදිරියට ගියෙමි.......ඔසරිය ඇද පලමුවරට ඇවිදීම නිසා මට යම් අපහසු බවක් ඇතිවිය......ඉදිරියට ගිය මා පලමුව සුරන්ජිත් ගේ අම්මාටත් තාතාටත් කෑම බන්දේසිය අල්ලා සුරන්ජිත් අසලට පැමිනියෙමි.....මා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඔහුට කෑම ඇල්ලුවෙමි......මොකද බිමබලාගෙන.....ඔහු කේක් එකක් ගනිමින් ඇසුවේය.....මා බිමබලාගෙන සිනාසී ඔහු අසලින් ඉවත්වුනිමි....පැත්තක සිටි ඔහුගේ බාප්පාටද කැවිලි බන්දේසිය පිලිගන්වා එතැන තිබුනු ටීපෝවෙන් එය තැබුවෙමි......දුව පොඩ්ඩක් මෙහෙ එන්න සුරන්ජිත්ගේ අම්මා මට අඩගැසුවාය......අපේ අම්මට වඩා වයස පෙනුමක් තිබුනු ඇගේ මුහුනේ නපුරුබවක් දිස්විය.......මා බයෙන් මෙන් ඇය අසලට ගියෙමි.......මෙතැනින් වාඩිවෙන්නකො පැවසූ ඇය......මගේ නම ඇසුවාය......සමාදි.....මම පැවසුවෙමි......එච්චර වයසත් නෑ වගේ පොඩි කෙල්ලෙක් වගේ......මාදෙස බැලූ ඇය කීවාය......පොඩිවුනාට ගෙදර ඕනැවැඩක් කරනව....හොදට උයන්නත් පුලුවන්......අම්මා මාගැන විස්තර කීමට පටන්ගත්තාය.........
අම්මෙ.... එයාගෙ තාත්තනම් හොදයි වගේ අම්මනම් සැරපාටයි......ඔවුන් ගියපසු මා අම්මාට කීවෙමි......යන්නත් ඉස්සෙල්ල නැන්දම්මගෙ ඇද පේන්න ගත්තද..... මා අම්මාට පැවසූ දේ ඇසුනු ජනිත් අයියා කිවේය......නැන්දම්ම හින්ද නෙවෙයි....එයා සැරවගේ හින්ද එහෙම කිව්වෙ......මම කීවෙමි.....දුවේ මේලෝකෙ හොද අය ඉන්න පුලුවන් නරක අය ඉන්න පුලුවන් ඒහින්ද එයාලත් එක්ක ඇසුරුකරන කොට කල්පනාවෙන් හිටියහම ගැටලුවක් නෑ.....මට හිතෙන්නෙ මගෙ දුව නිවුනු කෙනෙක් හින්ද එයා දුවට සැරවෙන එකක් නෑ.....අම්මා කීවාය......

No comments:
Post a Comment