Wednesday, November 23, 2016

(බොක්සින් සමාදි 131) ..............................................ඇය ඒවා අතේ දමාගැනීමට උත්සාහකලත් නොහැකිවිය.......මේක දල දීපන්කො සමාදි..........අම්මට නම කියල කතාකරන්නෙ නෑ....... ඇය මගේ නමින් කතාකිරීම ගැන මා ඇයට සැර කලෙමි......මා ඇගේ අත් වලට ඒවා සවිකලේය ....ඔයාට මේව ලොකු වැඩියි දුවේ.....මා කීවෙමි.....කමක් නෑ....ඇය කීවාය.....ග්ලවුස් පැලදගත් ඇය කොට්ටයට තදින් පහර දෙන අයුරු මා බලා සිටියෙමි......තාත්තා මෙයාට කොයිවෙලාවෙ කියාදුන්නද මන්ද......ඇය නිවැරදිව බොක්සින් ක්‍රීඩාවේ යෙදෙන අයිරු බලා සිටි මම කල්පනා කලෙමි....... බලන්නකො අම්මෙ තාත්ත මෙයාටත් බොක්සින් කියල දීලනෙ..ය්.........අම්මා අපි අසලට පැමිනි විට මා පැවසුවෙමි.......සීය මට ඕව කියාදුන්නෙ නෑනෙ......අම්මා සමග කාමරයට පැමිනි පුතා කීවේය....ඓය දන්නෙ නැතිවුනාට මම දන්නව නේද අම්මෙ......මගේ අම්මා දෙස බලා ගෙන කීවාය......ඒ අම්ම නෙවෙයි ඔයාගෙ ආච්චි...මම කීවෙමි..ආච්චි උනාට ඒ මගෙ අම්ම .......එයා අම්ම නම් මම කවුද මා ඇගෙන් ඇසුවෙමි......ඔයා සමාදිනේ...ඇය පැවසුවාය...මේ කෙල්ල පැහිච්ච ආච්චි කෙනෙක් වෙලානෙ.....අම්මා ඇගේ මුව සෙමින් මිරිකා ...කීවාය. මට සමාදි නමින් කතාකරනවිට සුරන්ජිත්ගේ අම්මා ඇයට බනින වාර මා අසා තිබුනි......මොකද මෙයා අම්මට නම කියල කතා කරන්නෙ...ඔය පුරුද්ද දැම්ම නැතිකර ගත්තොතොත් හොදයි....ඇය මටද දොස්කීවාය......කෙතරම් බැන්නත් ඇය සමහර අව්ස්තාවල මට සමාදි නමින් කතාකලාය..... 
දියනිය නිතර රතිඤ්ඤා සබ්ද වලට බියවීම ඇගේ විසේසත්වයක් විය......ඔන්න අරුන් වෙඩිතියනව.....කියන ඇය කිසිවකට මුවාවී බලා සිටින බව මා දුටුවෙමි......වෙනත් කිසිවෙක් ඇය අසල සිටිවිට වෙඩි කන්නෙ නැතුව මෙතැනට එනව.....ඇය ඔව්න්ටද කීවේය......ඇගේ මෙම අසා මාන්ය හැසිරී මට ප්‍රෙහෙලිකාවක් විය.....මා සුරන්ජිත් සමග මේ සම්භන්දව කතා කලෙමි......ඔයා කොහොමද දන්නෙ මේ ජනිත් අයියමද කියල.....අපි ඒතව ටිකක් බලමු.....ඔයා කොහොම කිව්වත් මටනම් හිතෙන්නෙ මේ ජනිත් අයිය කියල.......එහෙත් මා ඇගේ හැසිරීම් රටාව තව දුරටත් අධ්‍යනය කිරීමට සිතා ගත්තෙමි......ඇය නිතර මෙවැනි දේවල් නොකීවත් ......අපේ අම්මගේ ගෙදර ගියවිට හොදින් කියනබව මට වැටහුනි......මේ නිසාම මා නිවාඩු තිබෙනවිට දරු දෙදෙනා සමග ගෙදර ගියෙමි.......සමාදි....මතකද මම අර අඹ ගහට නැගල අඹ කඩනව..ඇය අපේ වත්ත උඩහ තිබුනු අඹගස පෙන්වා ඇසුවාය...ඔයා කවද්ද දුවේ අඹ කැඩුවෙ ඔයා තාම චූටිනෙ...මම කීවිට...ඔයාට මොකුත් මතක නෑනේ..... මුහුන ඇබුල් කරගෙන පැවසූ ඇය .....මට යන්න ඕනැ එතැනට.....කීවාය.....මා ඇය සමග අඹගස අසලට ගියෙමි.......ඔයා ගැහැනු ලමයෙක් නෙ ඔයා කොහොමද මේකට නැග්ගෙ....මම ඇඋවෙමි......ඒවුනාට මම නැග්ගනේ......ඇය කීවාය......සමාදී අරක මතකද.....ඇය යමක් පෙන්වා මගෙන් ඇසුවාය......මොකක්ද ....මම ඇසුවෙමි.....මාව බිනින් තියන්නකො පෙන්නන්න......බිම හප්පො ඉන්නව දුවේ.....හප්පො නෑ මම මෙහෙ ගිහින් තියනව.....ඇය පැවසූ විට මා ඇයව බිමින් තැබුවෙමි......මේක.....පොල් පැලයක් අසට පැමිනි ඇය කීවාය....මේක තමා මම ඔයාට හොයල දුන්නෙ.....ඇය කීවාය.....ඕක පොල්පැලයක්නේ.....ඕක මොකටද මට .....මා කීවෙමි....ඔයා මේක තමා අනුරාජෙ ගෙනිච්චෙ.....මමනෙ හොයල දුන්නෙ.....ඇය කීවාය......මාව ගැහැනු ලමයෙක් බවට පත්කරන ලෙස එදා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අසල මා උනු භාරය මතක් විය.....ඒ භාරය ඔප්පුකිරීම සදහා ජනිත් අයියා පොල්පැලයක් සොයාදුන් බව මට සිහිවිය........මා දුව ආදරයෙන් තුරුලුකර ගත්තෙමි......අනේ මගේ දුවේ ඔයා මගේ ජනිත් අයියම තමයි.....අනේ ජනිත් අයියේ ඔයා ආයෙත් මගේ ලගටම ආවද මගෙ ජනිත් අයියේ.....මා ඇයව සිපගනිමින් කදුලු සැලුවෙමි......
දුවව වඩාගත් මම ඉක්මනින් අම්මා අසලට ගියෙමි.....අනේ අම්මෙ මේ මගේ ජනිත් අයියම තමයි.....මා පිස්සියක මෙන් කීවෙමි.......උබට ඇත්තටම පිස්සු හැදිලද.... ඇය මාදෙස බලා කීවාය.....නෑ අම්මෙ මෙය අපේ පොල්පලේ භාරය ගැන කිව්වනෙ......මම කීවෙමි....ඇත්තද දුවේ ....මා අතින් දුවව ගෙන වඩාගත් අම්මා ඇසුවාය......ඒකනෙ මෙයාට කිසි දෙයක් මතක නෑනෙ.....මා දෙසට අත දික්රමින් දුව පැවසුවාය.....මගෙ පුතා ආයෙත් අපි ගාවටම ආවද .....අම්මාද ඇයව තුරුලු කරගෙන සිපගැනීමට පටන්ගත්තාය.
සුරන්ජිත් මගේ දුව මගේ මැරුන ජිනිත් අයියම තමයි ....මා සුරන්ජිත්ට මේ සිදුවීම කීවෙමි.....අපි තවටිකක් එයා කියන ඒව ගැන බලමු.........සුරන්ජිත් යම්දෙයක් එකවර පිලිනොගන්නා චරිතයක් බැවින් එසේ පැවසුවේය.........එදින සිට ඔහුද විටින් විට දුවගෙන් නොයෙක් ප්‍රස්න ඇසුවත් ....දුව කැමති වූවේ මා සමග හෝ අම්මා සමග මේවා කතා කිරීමටය....බලන්නකො සමාදි... මට උන් ඩෝන් ඩෝන් ගාල තිබ්බනෙ ....මගෙ වෙලාවට පැනගන්න බැරිවුනානෙ.....ඇය මට කීවාය....ඊට පස්සෙ මොකද වුනේ මම ඇසුවෙමි...... ඉපිලිතාලෙ ගෙනිච්චනෙ.....මට දොයිය ගියා.....ඇය කීවාය.....ඊට පස්සෙ ඇහැරුනේ නැද්ද ...මම ඇසුවෙමි....මොකද නැත්තේ.....පැවසූ ඇය.....මම ඇහැරුනාට පස්සෙ නංගි එනකන් බලාගෙන හිටිය.....නන්ගි කිව්වෙ කවුද දුවේ ....මම ඇසුවෙමි.....නන්ගි කිව්වෙ ඔයාටනෙ......ඇය මා දෙසට අත දිගුකලාය......නන්ගි ආවට පස්සෙ මොකද වුනේ .....මා ඇසුවෙමි.....මට ලොකූ සතුටක් ආවා ....ඊට පස්සෙ මාව පාවුනා.....ඊට පස්සෙ.....ඊට පස්සෙ මම ඔයාලත් එක්ක කතාකලා ඔයාල මා එක්ක කතාකලේ නෑ......මම ඔයා ගාවටම වෙලා හිටිය.......ඇය කීවාය.....ඊටපස්සෙ දුව මගෙ බඩට ආව.....මම ඇගෙන් ඇසුවෙමි....ටික වෙලාවක් කල්පනාකල ඇය.....දන්නෙ නෑ ඊට පස්සෙ මෙහාට ආව.....ඇය කීවාය......
මේ ශාක්ශි අනුව මේ මගේ ජනිත් අයියා යනුවෙන් හොදින් තහයුරුවිය.....දුවේ ඔයා ඒදවස් වල මල්ලි කෙනෙක්නේ......ඔයා දැන් නංගි කෙනෙක් නේ ඇයි එහෙම උනේ.....මා ඇසුවෙමි.......නංගි කෙනෙක් වෙන එක හොදයිනේ......ඇය සතුටින් පැවසීම මගේ සිතට ගැටලුවක් ඇතිවිය.....ජනිත් අයියා ඒ දවස්වල කොච්චර ආශාවෙන්ද හිටියෙ කොල්ලෙක් වෙන්න..එයාට පොඩිකාලෙ තිබුන ගැහැනුකම එපාවෙලා හිටියෙ.....ඒත් දැන් ඇයි මෙයාව ගැහැනු ලමයෙක් වුනාට පස්සෙ ගැහැනු ලමයෙක් උනාට සතුටුවෙන්නෙ.....

No comments: